ඔහු ශිවා ..
අපේ ගමේ දෙමළ ලයිමේ පිරිමි ළමයෙක් ..
හැමෝටම ශිවාව ඒ විදියට පෙනුනත් ,,
මට හැමදාම ඔහුව පෙනුනේ මගේ ජීවිතේ ලස්සන කරන්න ආපු කුමාරයෙක් වගේ.
අත්තම්මා කියපු හැම සුරංගනා කතාවකම
ප්රධාන චරිතෙට මන් මවා ගත්තේ ශිවාගේ මුහුණ..
මම මගේ සිංහල යාළුවෝ එක්ක සෙල්ලම් ගෙවල් දාද්දි ,,
මට හැමදාම ඕනි උනේ මන් අම්මා වෙලා ශිවාව තාත්තා වෙන්න..
ඒත් කවදාවත් සෙල්ලම් ගෙවල් දාන්න අපිට වෙලාවක් තිබ්බේ නෑ..
ඔහුට තිබුණේ මට වගේම රවුම් මූණක්..
ඒ මූණටම ගැළපෙන ලොකු ඇස් දෙකක් ඔහුට තිබුණා..
ලොකු ඇහි බැමි..
කූරු කූරු කොණ්ඩේ...
ඔහු ගාව හැමදාම මට අමුතු සුවඳක් ආවා..
හැමෝම කීවත් ලැයිමේ උන් අපිරිසිදුයි කියලා මට ශිවා තරම් සුද්දෙක් වෙන හිටියේ නෑ..
සුද්දෙක් කීවට ඔහුට තිබ්බෙත් ආවේණික කළු හමක්..
ඒ උනාට ඉස්සරහට ආව දත් සේරම පෙන්නලා මූණ පුරා හිනාවෙද්දි ඔහු සීනක්කාගේ අලුතෙන් ඉපදිච්චි එළු පැටියටත් වඩා අහිංසකයි කියලා මට හැමදාම හිතුණා ..
මම ගමේ ඉස්කෝලෙට යද්දි ශිවා ගියේ ලැයිමේ ඉස්කෝලෙට..
එක දවසක් සෙනසුරාදා දවසක ඔහු මාවත් ඒ ඉස්කෝලෙට එක්ක ගියා මට මතකයි ..
එදා තමයි මන් ශිවා එක්ක සතුටින් හිනාවුණ අන්තිම දවස..
ඒ ලැයිම් ඉස්කෝලේ තිබ්බේ අපේ ගමේ.ඉඳන් හුඟක් උඩින් කන්දක..
ඒක පැයක පැය එකහමාරක විතර ගමනක්..
එදා අපි දෙන්නා තරඟෙට දුවගෙන ඉස්කෝලෙටම ගියා..
යනකන් එනකන් මට තිබ්බ එකම අභියෝගය ශිවා මගේ කොණ්ඩේ රඳවපු බෝවිටියා මල රැක ගන්න එක..
ශිවා මාව බලන්න එන හැමවෙලාවකම එයාගේ අම්මාගේ ගැටපිච්ච ගහෙන් මලක් කඩන් ආවා..
අක්කගේ පොට්ටු බෝතලෙන් කළුපාට පුංචි පොට්ටුවක් හැම දවසකම මගේ නළලතෙත් තියනවා දකින්න ශිවා ආස කළා..
ඉතින් ඔහුට ගෙදරින් බැනුම් අහන්න වෙන නිසාම මන් අපේ අම්මට කියලා අලුත් පොට්ටු බෝතලයක් ගත්තේ ශිවාව බලන්න යද්දි තියාන යන්න..
කොටින්ම මට හැමදාම ඕනි උනේ දෙමළ ගෑණු ළමයෙක් වගේ ඉන්න..
ඉතින් මන් ලොකු අම්මට කියලා දිග සායවල් මහ ගත්තා එක එක පාටින්..
ඒවගේ වාටියට රත්තරන් පාට රිබන් එකක් අල්ලගත්තේ ශිවාගේ අක්කගේ ඇඳුම් මෝස්තර වල විදියටම එන්න ඕනි නිසයි..
ඒ කාලේ මගේ කොණ්ඩෙ දිගට තිබුණා ..
මගේ කොණ්ඩෙට ශිවා තරම් කවුරුත්ම ආදරේ උනේ නෑ..
හැමදාම ඔය අයිනේ තියන බෝවිටියා මල් ශිවා මගේ ඔළුවේ ගහලා හැඩ බැලුවා මට මතකයි..
අපිට හැමදාම කතාකරන්න දේවල් වෙලාවට වැඩියෙන් තිබුණා ..
ඒත් හැමදාම භාගයකටත් වැඩිය දේවල් ඉතුරු කරන් අපි ගෙදර ආවා..
අපි දෙන්නගේ යාළුකම ගැන හැමෝම දැනන් හිටියත් අපේ අත්තම්මා තරම් ඒ යාළුකමට ආදරේ කරපු වෙන කවුරුත්ම හිටියේ නෑ..
හැමදාම මන් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ශිවාව බලන්න යන්න..
අපි දෙන්නටම වෙන්වෙච්ච තැන් අපේ ගමේ ඕනි තරම් තිබ්බා..
පෙළක් දවස්වලට මන් ඉස්කෝලේ වැඩ කරෙත් ශිවා එක්ක
ඔය අයිනේ ,,
නැත්තම් ලැයිමේ කැඩුණු කෝවිල අයිනේ..
මුලින් මුලින් මන් මට තියෙන කෑම පංගුවෙන් භාගයක් ශිවාට ඉතුරු කරන් අරන් ගියා..
පස්සේ පස්සේ අත්තම්මාට ශිවත් අපේ ගෙදරම කෙනෙක් උනු නිසාම මට වගේම පංගුවක් ශිවාටත් හම්බුණ..
ශිවාට හිටියේ අම්මා විතරයි..
අප්පා මැරිලා කියලා විතරයි මන් දන්නේ..
නෑ ශිවයි මායි දෙන්නම දන්නේ එහෙම තමයි.
ශිවාගේ අම්මත් ගෙදර හදන හැම රස කෑමක්ම මට එවන්න පුරුදු වෙලා හිටියා..
මන් වැඩියක්ම ආස කළේ ශිවාලගේ ගෙදර හදන රොටී කන්න..
ඒවා අපේ අම්මා හදන ඒවට වඩා රසයි කියලා මට හැමදාම හිතුණා ..
....................................................................................
ඉවර නෑ තාම ..
(සූSuuuu )🖤🙂