අහස සෙවූ සමනළියක්
- Details
- Super User
- කෙටිකතා
- Hits: 1138
" මගේ සුදු මහත්තයෝ.."
එක වරම කෑ ගැසූ නිම්නා වටපිට බැලුවේ තමා දුටු දේ සත්‍ය වශයෙන්ම සිහිනයක් දැයි සැක හැර දැන ගැනීමටය.
වසර දෙකක පමණ තමාගේ පළමු පෙමෙහි අතීත සිහින සේයාවල් හදවත තුළ ගුලි කරමින් නිම්නා ගත කරන මේ ජීවිතය ඇත්තටම කටුකය. සහස් ඇයගේ ආදරණීය සුදු මහත්තයා නැතහොත් ඇයගේ පළමු පෙම විය..ඔහු මේ වන විට ඇයගේ ජීවිතයෙන් ඈත් වෙමින් සිටියද නිම්නා තවමත් ඔහුට පණ සේ අදරය කරමින් සිටී..
ඇය තම දුරකතන ගෙන ඒ දෙස බැලුවේ හරියටම වේලාව කීයදැයි සැක හැර බලා ගැනීමටය..අලුයම වීමට තවත් බොහෝ වේලා තිබේ..
'' අනේ දෙවියනේ මගේ සුදු මහත්තයට කිසි කරදරයක් වෙන්න එපා. එයාව දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ.. ඔයා මට දැන් ඉස්සර වගේ අදරේ නැති වුණත් තාමත් මම බලන් ඉන්නවා මගේ රත්තරන් මට ඉස්සර වගේ මට එක පාරක් හරි ආදරෙන් කතා කරයි කියලා..'' නිම්නාගේ මෙම වදන් සහස්ගේ කනට ඇසුණානම් ඔහු කෙදිනකවත් ඇයට මේ ලෙසට නොසලකනු ඇත.. දෛවය යනු මහා අරුම පුදුම දෙයකි.. දෛවය සරදම් කරන්නේ හිත හොද මිනිස්සුන්ටමය..
නිම්නා කෙසේ උත්සාහ කළද නින්ද ඇය අසලට නොආවේ සෑම දිනකම මෙන් තව තවත් ඇයගේ හදවත දුකින් පුරවාලමිනි..ඔහේ බලාගත් අත බලා සිටින ඇය වසර ගණනාවකට පෙර අතීතයට ඇදී ගියේ සුපුරුදු පරිදිය..
සෙනස්යා නිම්නාදි හැමෝම අදරේට කිවුවේ නිම්නා කියලා.. වයස අවුරුදු විසි දෙකක් වන ඇයට උපතින්ම හිමිව තිබුනේ සිත් ගන්නා සුලු රූපයකි..තලෙලු සමකට හිමිකම් කීවත් කෙනෙකුගේ දෑස් වශී කර ගන්නාවූ හිනාවක් ඇය සතුව තිබුනා. මව ද පියා ද අහිමිව සිටින මේ අහිංසකි හැදුණේ වැඩුණේ ඇයගේ මහලු අත්තම්මා සමගයි..මේ ලෝකේ ඇයට කියා සිටින එකම වස්තුව වූයේ ඇගේ අත්තම්මා පමණි..ඉතා උසස් ලෙස විභාගය සමත් වුවද සරසවි වරම් ඇයට ඇස් ඉදිරිපිට අහිමිව ගියේ දුප්පත්කම නැමැති මාරයා ඇයට සරදම් කළ නිසාවෙනි..
'' අනේ මගේ සුදු නෝනේ, උඹේ මහ එකා උඹවයි අම්මවයි දාලා ගිය දවසේ ඉදන් නොවිදිනා දුක් වින්දා උඹව උස් මහත් කරන්න. ඒකිගේ එකම බලාපොරොත්තුව වුණේ උඹ කවදා හරි ඉස්කෝලේ නෝනා කෙනෙක් වෙනව බලන්න බන්..ඒත් මොන කරුමයක්ද මන්ද සුදු නෝනේ ඒකි මගේ කරපිට ඔක්කොම බර පටවලා නිදහසේ ඇස් දෙක පියා ගත්තනේ..'' බුලත් විටක් හපමින් වුන් අත්තම්මා ඒ කිවූ වචන වලට නිම්නගේ දෑස් තෙත් වුණේ ඉබේටමය. ඇයට ඇයගේ අම්මාගේ රුව මැවි මැවී පෙනෙන්න පටන් ගත්තේ හදවත තව තවත් දුකින් පිරවමිනි..
ඇයට යන්තම් අවුරුදු හතර ලබන විටම ඇයගේ පියා ගමේ වෙනත් ගැහැණියක් සමග හොර රහසේ පැන ගියේ නිම්නාගේ අනගතයම අදුරු කරවමිනි. එතැන් සිට ඇයගේ මව නිම්නාව හදා වඩා ගැනීමට නොවිදිනා දුක් විද ඇත.තැන තැන ගොස් කුලී වැඩ කර එදා වේල සොයා තම දියණියගේ අනාගතය සරු කිරීමට වෙර දැරුවද හදිසි රිය අනතුරකින් ඇය සදහටම දෑස් පියා ගත්තාය. කෙසේ හෝ උසස් පෙළ දක්වා අමාරුකම් මැද අධ්‍යාපය හැදෑරු නිම්නාට තවත් අත්තම්මට බරක් විය නොහැකි බව වැටහිණි.. ඇය අත්තම්මගේ අකමැත්ත පිටම නගරයේ ඇගලුම් හලක රැකියාවට ගියේ ඒ ගමන තමාගේ ජීවිතය මෙතරම් බලපෑමක් කරයි යන්න නොසිතා වන්නට ඇත..
සහස් - '' හලෝ මගේ මැණික කොහේද රත්තරන් ඔයා ඉන්නේ....''
නිම්නා - '' අනේ සහස් අයියේ මම මේ එන ගමන් මම ඔන්න ඔයා කන්න ආසයි කියපු නිසා බත් එකකුත් බදගෙනම ආවා..ඔයාලගේ කෑම තරම් නම් රස නැති වෙයි මැණික ඒත් මෙකේ මගේ ආදරේ ගොඩක් තියනවා..සොරි හොදද අයියේ පරක්කු වුණාට..''
සහස් - '' මොකද්ද සුදු නෝනා මම ඔයාට කියලා තියනවා ඔය වගේ කතා කියන්න එපා කියලා. සල්ලි වලට නෙවෙයි මම අදරේ කරන්නේ ඔය අහිංසක කමට..අනික මම දන්නවා මගේ රත්තරන් මට කවදාවත් වැරැද්දක් කරන්නෑ කියලා..''
නිම්නා - '' මගේ අයියට මම හීනෙකින්වත් වැරැද්දක් කරන්නෑ. මම අද මෙහෙම හිනා වෙලා ඉන්නේ ඔයා නිසයි. මේ අසරණීට මෙච්චර ආදරේ කරන පිනම ඇති මහත්තයෝ..මට මේ ලෝකේ ඉස්සර හිටියේ මගේ රත්තරන් අත්තම්මා විතරයි දැන් මට ඔයත් ඉන්නවා මගේ මැණික...''
සහස් - '' පිස්සු කෙල්ල.. කෝ ඉක්මනට එන්න මට ඔෆිස් එකට යන්න කලින් ඔය හිනාව බලන්න ඕනේ..''
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සහස් පන්සිලු අධිකාරි ව්‍යාපාරික ලෝකයේ දීප්තිමත් නමක් දිනා ගත් වික්‍රම අධිකාරිගේ එකම පුතු..නිම්නා හමු වූ පලමු මාස කිහිපය තුළ ඔහු ඇයට ඇත්තටම ආදරය කළ මුත් ටික කාලයක් යන විය ඇයගේ හැසීරීම ඇයගේ ආදරය ඔහුට වදයක් විය..ඔහුට අවශ්‍ය වූයේ නිදහසේ සිටිමින් විනෝදයෙන් කාලය ගත කිරීමටයි..ආදරයෙහි ඇති වටිනාකම ඔහු කිසි දිනෙක වටහා නොගත්තේය..නිම්නා සමග පෙමින් බැදී ටික කාලයකට පසුව ඔහු තවත් බොහෝ කෙල්ලන් ඇසුරු කරමින් විනෝදයෙන් කාලය ගත කලේය..මේ කිසි දෙයක් නොදත් අර අසරණී ඔහුට පණ මෙන් ආදරය කරමින් අහස උසට හීන මාලිගා තැනීය..
ඔහොම ටික කාලයක් යන කොට සහස්ගේ සැබෑ මූණ එලියට එන්න පටන් ගත්තේ නිම්නාට හිතා ගන්නවත් බැරි විදිහට..
'' සුදු මහත්තයෝ මම ඔයාට cl කීයක් ගත්තද ඇයි එකක්වත් answer කරේ නැත්තෙ.. අනේ මම ගොඩක් බය වෙලා ඉදියේ මගේ රත්තරන්. වෙනදා msg කීයක් නම් මේ 4n එකේ තියනවද. ඒත් අද ඒ හැම දේම වෙනස් වෙලා. මාව ඔයාට වදයක් වෙලාද මගේ මහත්තයෝ..''
'' මොන රෙද්දක්ද ඕයි උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉදන් තමුසෙගේ මේ මගුල හැමදාම අහලා මට දැන් එපා වෙලා තියෙන්නේ. මටත් කියලා ජීවිතයක් තියනවා යකෝ මට වද නොදී ඉදපන්. දැන් තමුසෙගෙ ඔය වැඩ මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ..ගොඩේ කෙල්ලෙක් නොවී අලුත් විදිහට හිතනවා හලෝ තැනක් නොතැනක් නෑ මම ඇවිත් යනකොට මට වදිනවා. තමුසෙ හිතුවද මම උබේ තාත්තා කියලා..ලැජ්ජයි ඕයි කවුරු හරි මගේ යලුවෙක්වත් දැක්කොත්..බලනවා තමුසෙගේ අදුම් වල හැටි දැක්කම අප්පිරියයි. ''
'' අනේ මගේ අයියේ මොනාද ඔයා මේ කියවන්නේ මගේ අඩුපාඩු ඔයාට පෙන්නේ දැන්ද මගේ දෙයියෝ..මෙච්චරකල් මට නේද ආදරේ කරේ ඇයි මේ එක පාරටම වෙනස් වෙලා..ඔහොම කරන්න එපා මගේ අයියේ මට ඒක දරා ගන්න බෑ..😥 ''
'' අනේ මේ මට තමුසෙව නලවන්න වෙලාවක් නෑ..'' සහස් මේ අන්දමට පවසමින් දුරකතනය විසන්ධි කරේ හිතක් පපුවක් නැති මිනිසෙකු ලෙසටය..ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ නිම්නාව මග හැරීමටයි..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
'' Happ b day මගේ සුදු මහත්තයෝ..හරියටම ඔරලෝසුවේ වේලාව 12 ලෙස සටහන් වෙනකොට නිම්නා සහස්ට cl එකක් ගත්තේ ඔහුගේ විසි පස් වෙනි උපන් දිනයට සුභ පැතීමටයි..'' ඔහු කොච්චර එපා කිවුවද ඇය වෙනදා මෙන් ඔහුට ආදරේ කරේ ඔහුගේ අපමණ කුරිරුකම් මැද්දේය..
'' අපෝ කරුමේ නිදා ගන්න දෙනවකෝ ඇත්තමයි තමුසෙනම් පුදුම කරුමයක්..හරි හරි wish කරාට thanx.. දැන්වත් මට සැනසිල්ලේ නිදා ගන්න දෙනවද . මේකත් මතක තියා ගන්නවා තමුසේ මට wish කරේ නෑ කියලා මට කිසි පාඩුවක් වෙන්නෑ..ඔය මූසල කට හඩ අහන්න වුණානේ අද වගේ දවසකත් මට..''
'' මොකද්ද දෙයියනේ මම ඔයාට කරපු වරද..අනේ ඇයි මගේ රත්තරනේ මට මෙහෙම කතා කරන්නේ..කෝ ඉස්සර ඉදපු මගේ සුදු මහත්තයා..මතකද අපි යාලු වුණ මුල් දවස් වල ඔයා මගේ b day එකට හරියටම මේ වෙලාවට wish කරපු විදිහ..ඔයා ඒ දවස් වල මට කොච්චර ආදරෙයිද..මට ඉන්නේ ඔයා විතරයි මගේ රත්තරනේ..මාව දාලා යන්න එපා මහත්තයෝ මාව පිස්සියෙක් වෙයි..මම දුප්පත් තමයි ඒත් මට පුලුවන් මගේ අයියට ගොඩක් ආදරේ දීලා ඔයාගේ ලගින්ම ඉන්න..😥 ''
'' තියා ගන්නවා තමුසෙගේ මහ ලොකු ආදරේ..පරිස්සමට තියා ගන්නවා..තමුසෙ වගේම හිගන්නෙක් ඇවිත් අරන් යනකන්..සහස් මහා හඩින් හිනා වෙමින් එලෙස පැවසූවේ නිම්නාගේ කදුලු ගණනකටවත් නොගෙනය..මම ඇත්තටම තමුසෙගේ පස්සෙන් කොච්චර ආවද එත් ඒ දවස් වල තිබුණු අඩුම ගානේ මගේ මූණවත් බැලුවෙ නෑ..අන්න ඒක නිසා තමයි මම එච්චර පස්සෙන් ඇවිත් උබව කොහොම හරි යාලු කර ගත්තේ..මොකද මේ සහස් කිසි කෙනෙක්ට පැරදෙන මිනිහෙක් නෙවෙයි..මුල් කාලේ මට තමුසෙ ගැන පොඩ්ඩක් විතර ආදරේ හිතුනා තමයි..ඒත් තමුසෙ මට මළ ඇනයක් වෙන්න ගත්තනේ..ඔය ආදරේ හොඳයි පරණ කාලේ film එකක් හදන්න. ඒකට නම් සුපිරී හොදේ..🤣🤣 '' මේ වචන ඇහනකොට අර අහිංසකි නොමැරී මැරුණා..නිම්නට හිතා ගන්නවත් බෑ මේ ඇත්තටම කතා කරන්නේ ඇත්තටම සහස්මද කියලා..'' තමුසෙ වගේ අම්මෙක් තාත්තෙක් නැති හිගන්නියක් කර ගහ ගන්න තරම් මට පිස්සු කියල හිතුවද උබ..මම මේ සෙල්ලම අදින් ඉවර කරනවා. ඔන්න මම තමුසෙට ඇත්තම කිවුවා.. අනේ පින් සිද්ද වෙයි මේ අන්තිම පාරට කියන්නේ මට තවත් වදනම් දෙන්න එපා. මට උබට වැඩිය සිය දහස් ගුනේකින් හොද කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්..ඒක මතක තියා ගන්නවා.''
ඒ දවස නිම්නාගේ ජීවිතේ තිබුණු සතුට, බලාපොරොත්තු සේරම එක තත්පරයකින් හොරු අරන් ගියේය..නමුත් සහස් කෙසේ කීවද ඇයට ඔහුව අමතක කීරීම කෙසේවත් කළ නොහැකි දෙයකි. තමා යන්නේ මිරිගුවක් පසු පස යැයි දැන දැනත් ඇය සහස්ගේ ආදරය සොයා ගියේ කෙදිනක හෝ ඔහු තමාගේ ආදරය තේරුම් ගෙන ඇය වෙතට පැමිණෙති යන බලාපොරොත්තුව හිතේ තබා ගෙනය..
ඇය කෙසේ හෝ මේ සියලු දුක් සගවාගෙන අත්තම්මා ඉදිරියේ සිනාසීමට වෙර දෙරුවේ මේ ලෝකේ තමාට කියා සිටින එකම තැනැත්තියට දුකක් දිය නොහැක නිසාවෙනි..
💛💛💛💛💛💛💛💛💛💛💛💛
'' මගේ සුදු දුවේ මොකෝ උඹ මේ මහ රෑ ඇහැරගෙන . උඹට නින්ද යන්නේ නැතැයි'' . අත්තම්මාගේ ඒ හඩට නිම්නා අතීත මතක ලොවෙන් එළියට පැමිණියාය. තම දෑසෙහි පිරී තිබූ කදුලු හොරෙන් පිසලමින් ඇය අත්තම්මා දෙස බැලුවේ මහත් වූ සෙනෙහසකිනි..
'' මම තීරණයක් ගත්තා අත්තම්මේ මට බෑ තවත් මෙහෙම දුක් විදින්න..මටත් හිතක් කියලා දෙයක් තියනවා දෙයියනේ..''
'' මොකක් බන් උබ ඔය කිවුවේ..මට හරියට ඇහුන්නෑ කෙල්ලේ..''
'' නෑ නෑ අත්තම්මේ මම මේ කිවුවේ මගේ හිස ටිකක් කකියනවා කියලා..''
'' කෝ වරෙන් මම තෙල් ටිකක් ගාන්න හැමදාම කියනවා නාලා කොන්ඩේ හොදට පිහද ගන්න කියලා..කෝ උඹ අහන එකක් ඇයි..''
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
නිම්නා තමාගේ ජීවිතේ ගන්න පුළුවන් නිවැරැදිම තීරණය ගත්තේ තමාට මෙන්ම සහස්ටත් එයින් හොදක් වේ යැයි සිතාය..නමුත් මෙයට අත්තම්මා කැමති කරවා ගන්නේ කෙසේදැයි ඇය දස අතේ කල්පනා කලේය..
'' මගේ සුදු මහත්තයෝ මම ආයිත් ඔයාට වදයක් වෙන්නෑ කවදාවත. එකම එකපාරක් ඇවිත් යන්න එන්න මගේ මැණික..මට මගේ රත්තරන්ව අන්තිම පාරට බලා ගන්න ඕනේ..'' දුරකතනයෙන් කෙටි පණිවිඩයක් සටහන් කර නිම්නා බලා සිටියේ මහත් ආශාවකිනි..නමුත් සහස්ගෙන් ඇයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණේ ඇය ගත් තීරණයට තව තවත් මාර්ගය විවර කරවමිනි..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
මාස දෙකකට පසුව.....
'' ගෙදර කවුද..ගෙදර කවුද..? ''
'' ආ මේ මහත්තයා කවුද..'' මැදි වයසේ කාන්තාවක් පැමිණ සහස්ගෙන් මෙසේ විමසන විට ඔහු සිටියේ කිසිවක් සිතා ගත නොහැකි මොහොතකය..
'' මේ.....මේ..... ගෙදර හිටපු අත්තම්මයි නිම්නයි කොහෙද...'' සහස් මෙසේ විමසුවේ ගරා වැටුණු නිම්නාගේ පොල් අතු පැල දෙස බලමිනි..
'' ආ...ඒ ගෙදර දැන් කවුරුත් නෑ මහත්තයා..''
'' මොකක්..අනේ එයාලට මොකද වුණේ..එයාලා දැන් කොහෙද ඉන්නේ.මට ඉක්මනට කියන්නකෝ ඇන්ටි..ප්ලීස්...''සහස් එසේ පැවසූවේ කදුලු පිරි දෑසකිනි.. ''අනේ මගේ සුදු නෝනෝ කොහෙද මාව දාලා ගියේ කවදාවත් යන්නෑ කිවුවා නේදා..මම ඔයාට ඇත්තටම ආදරේ කරන දවසක් එනකන් බලන් ඉන්නවා කිවුවා නේද..අනේ මම වගේ පවු කාරයෙක් ඔයාගේ ආදරේ තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා මගේ මැණික..ඔන්න ඔයාගේ සුදු මහත්තයා හැමදාම ඔයත් එක්ක ඉන්නම ආවා අනේ එන්නකෝ මන් ලගට..මෙච්චර වටින ආදරක් මම නැති කරගෙන වෙන කෙල්ලෝ පස්සෙ යන්න තරම් මම කොච්චර ජරා තිරිසන් මිනිහෙක් වුණාද දෙවියනේ මට හැම දේම තේරුම් කරලා දීලා ඔයා අද මාව දාලා ගිහින්..මට ඔයාගේ කකුල් දෙක අල්ලලා වැදලා සමාව ගන්න ඕනේ මගේ රත්තරනේ මම එනවා ඔයා හොයාගෙන ඔයා කොහේ ඉදියත්...ඔයාට මම නොකියපු දෙයක් නෑ මගේ දෙයියෝ ඒ හැම දේකටම මම ඔයාගෙන් සමාව ගන්න ඕනේ...ඔය අහිංසක ඇස් දෙක අඩවපු තරමටම මම උබව සතුටින් තියනවා මගේ මැණික...''
'' මහත්තයා..ඒ ළමයාගේ අත්තම්මා නැති වුණා මීට මාසයකට කලින්..ඉතින් ඒ කෙලීට මේ ගෙදර තනියම ඉන්න පුලුවනැ..ඒකි මට ලිවුම් කඩදාහියකුත් දීලා ගියා මහත්තයෝ එකීගේ දුර පළාතම නෑයෙක් ඉන්නවා කියලා..සහස් ද මොකද්ද නමක් තමයි කිවුවේ එහෙම කෙනෙක් ආවොත් දෙන්න කිවුවා..අද වෙනකන් කවුරුත් අවේ නෑ මහත්තයෝ..මම ඒක අපේ කෙලීට දුන්නා අරන් තියන්න කියලා..ඔය මහත්තයාගේ නම මොකද්ද..''
😊 '' අනේ ඇන්ටි මම තමයි සහස් කියන්නෙ..එයා ඒ ලිවුම දීල තියෙන්නෙ මට දෙන්න කියල තමයි..සහස් එසේ කීවේ ඉතා සතුටිනි..''
'' ඉන්න මහත්තයා මම ඒක ගෙනත් දෙන්නම්...''
මගේ සුදු මහත්තයෝ...
ඔයා මේක කියවනකොට මම ඔයාගේ ලෝකේ නැති වෙයි මගේ මැණික..ඒත් මගේ රත්තරන් කවදාවත් දුක් වෙන්න එපා මොකද මම ඔයාට වරදක් වෙන කිසි දෙයක් කරන්නෑ..හැමදාම ඕන වුණේ මගේ මැණික ළග ඉන්න විතරයි..අම්මා තාත්තා නැති මේ අනාත කෙල්ලට බොරුවට හරි ආදරේ දුන්නට මගේ මහත්තයාට ගොඩක් පින්..මම දන්නවා මම වගේ හිගන්නියෙක් ඔයාට ගැලපෙන්නෑ කියලා මගේ මහත්තයෝ..හිත හදා ගන්න ගොඩක් අමාරුයි මගේ සුදු අයියේ..ඒත් ඔයා මට කොච්චර බැන්නත් කොච්චර නපුරුකම් කරත් මගේ අයියට මම කවදාවත් වරදක් කරන්නෑ...කිසිම තරහක් මගේ හිතේ නෑ මගේ රත්තරනේ...අන්තිම පාරට මගේ මැණිකට එන්න කිවුවේ ආයිත් නොයෙන්නම ඔයාගේ ජීවිතෙන් ඈතට යන්න අන්තිම පාරට මගේ මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වදින්න..ඒත් මට ඒකට පිනක් නැති වුණා..මම මහ පවු කාරියක් තමයි මගේ මැණික මම මහ මූසල කෙල්ලෙක් තමයි ඔයා කිවුවා හරි..මම හැසිරුණු විදිහ මම ඇදපු විදිහ නිසා ඔයා ගොඩක් ලැජ්ජ වුණා නේද මගේ රත්තරන්..ඒකට මේ කෙල්ලට සමාව දෙන්න ඔයාට පුලුවන් නේද මගේ අයියේ..කට පුරම මගේ සුදු මහත්තයෝ කියලා කතා කරලා කකුල් දෙක අල්ලලා වැන්දෙ ඔයාට මම ගොඩක් ආදරේ නිසයි මගේ දෙයියෝ..මම ඔයාට ගොඩක් ගරු කරන නිසයි මොකද මට කියලා මේ ලෝකේ ඉන්නේ ඔයයි අත්තම්මයි විතරයි නිසා..හම්බ කරන සොච්චම් පඩියෙන් කීය කීය හරි එකතු කරලා මම ඔයාට අරන් දුන්න අර පෙන්ඩන්ට් එක දැකලා ඔයා මට කොච්චර නම් හිනා වුණා ද මේක ඔයාගේ ගෙදර ඉන්න සර්වන්ටවත් දෙන්න පුළුවන් දෙයක්ද අහලා ඔයා මගේ හිත ගොඩක් රිද්දුවා මගේ අයියේ..ඒත් මම ඒ හැම දේම ඉවසන් ඉදියා ඔයාට ගොඩක් අදරේ නිසා..ඒත් ඒ වචන වලට මම ගොඩක් පිච්චුනා මගේ මහත්තයෝ...එදා ඔයා හිනා වුනේ මගේ අසරණකමට මගේ අහිංසක ආදරේට..😥😥😥😥
ඔයාගේ වැරදි දැන දැනත් හැමදාම මම කරේ ඔයාගෙයි මගෙයි ආදරේ රැක ගන්න..ඔයා වෙන girls ලා එක්ක තුරුල් වෙලා ඉන්නවා මම ඇස් දෙකටම දැකල තියනවා මගේ අයියේ මේ කෙල්ල ඒව දැක දැක නොමැරී මැරුණා මැණික..ඒ වගේ දුකක් කවදාවත් ඔයාට දැනෙන්න නම් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ රත්තරන්..තවත් මට මේව ඉවසන් ඉන්න බෑ මගේ අයියේ මම තීරණයක් ගත්තා..මගේ රත්තරනේ ඔයලා කාටවත් බරක් නොවී මම ගොඩක් දුරකට යනවා..
මම ඔයාට ගොඩක් අදරෙයි..මොකද මම මෙච්චර කල් ජීවත් වුණේ ඔයාලගේ අදරේ නිසයි..මගේ අත්තම්මත් දැන් මන් ළග නෑ එයත් මාව මේ ලොකේ තනිකරලා යන්නම ගියා..මට දැන් කවුරුත් නෑ..ඉතින් දැන් මේ ගමන යන්න මට ගොඩක් ලේසියි..මගේ මහත්තයා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ..ඔයාගේ සුදු නෝනාට බැරි වුණා මේ ආත්මෙදි ඔයාගේ ලගට එන්න..ඒත් ලබන ආත්මෙදි මම ගොඩක් ලස්සන වෙලා ගොඩක් පෝසත් වෙලා ඔයා ලගට එනව හොදද මගේ අයියේ..එතකොටවත් මට ආදරේ කරනවා නේද මගේ මැණික..මම නවතින්නම් මගේ දෙයියෝ..මම යනවා මෙහෙණි ආරාමෙට..එතන විතරයි මගේ සැනසීම තියෙන්නේ...මාව හොයන් එන්න එපා ඔයා ආවත් මට ආයිත් කවදාවත් ඔයාගේ ලෝකෙට එන්න බැරි වෙයි මගේ සුදු මහත්තයෝ .........බුදු සරණයි..පරිස්සමට ඉන්න හැමදාම මගේ මැණික...
සහස්ට දැනුණේ කියා ගත නොහැකි වේදනාවකි..තමා මේ අසරණ කෙල්ලට කොතරම්නම් වේදනාවක් ලබා දී ඇතිදැයි ඔහුටවත් සිතා ගත් නොහැකිය..
අතේ ගිලි වී තිබූ ලිවුම ඔහේ බිමට ඇද වැටුණේ සහස්ගේ මුළු ජීවිතයම අපායක් කරමිනි.. 'අනේ මගේ සුදු නෝනෝ මට සමාව දෙනවාදැයිෑ අසමින් සහස් අද වන විටත් මානසික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී....
💛🖤❤️💛🖤...නිමි...🖤💛🖤❤️💛