ආත්ම.
- Details
- පුෂ්පිකා විජේරත්න
- කෙටිකතා
- Hits: 2001
වේලාව පාන්දර පහ පසු වී විනාඩි තිහක් විය. සදීකාගේ ජංගම දුරකතනය නාද වූයේ සුවබර නින්දෙන් ඇයව මුදවමිනි. ඈනුමක් යවමින් ඇස් පොඩි කරමින් නැගී සිටි සදීකා දුරකතනය ගෙන
කවුරුන්දැයි නොබලාම කනේ තබා ගත්තේ මහත් නොරිස්සුමෙනි.
"හෙල්ලෝව්.. . ! කවුද අනේ ..... "
අනෙක් පසින් නැගුනේ සිනා හඬකි...සදීකා වහා දුරකතනයෙහි වැටී ඇති නම දෙස බැලුවාය.
"විහාර..! විහාර ඇ..ඇයි ඇයි මේ උදේ පාන්දර. හදිසියක්ද .. "
සදීකා කලබලයෙනි.
"පිස්සුද ළමයෝ...! නිදිමතේ මොනවා කියවනවද දන්නෑ.. හදිස්සියක් නම් මෙහෙම හිනා වෙවී කතා කරනවද. !"
සදීකා හරි බරි ගැසී ඇදෙහි හිඳ ගත්තාය.
"ආ... !එහෙනම් මොකටද මේ මහ පාන්දර කෝල් කරේ. මගෙ නින්දත් කැඩුනා.අපරාදෙ හ්ම්.."
සදීකාගේ ස්වරයෙහි වූයේ නොරිස්සුමකි.
නැවතත් විහාරගේ සිනා හඬ දුරකතනය ඔස්සෙ ගලා ආවේය.
" අක්කට බබා හම්බෙලා සදී .... ඒක කියන්න ගත්තේ.."
විහාරගේ හඬ ප්රීතිම්ත්ය.
" අන්නේ... එහෙමද .. රෑද හම්බෙලා තියෙන්නේ? ම්ම්ම්.. බාප්ප කෙනක් උනා නේද එහෙනම්.."
එවර සදීකාද ප්‍රීතියෙන් කීවාය.
"ඇයි මම විතරක්! ඔයත් දැන් පුන්චි කෙනෙක්.. පාන්දර එකයි ගානකට හම්බෙලා තියෙන්නෙ. අයියට දැන් අක්ක කෝල් කරලා කීවේ. මම ඉතින් එතකොටම
ඔයාට ගත්තා..ම්ම් උදේට හොස්පිට්ල් යන්න එනවද ඉතින්.."
"අනේ ඔව්ව්.. මම එනවා ... මට ආසයි බලන්න ."
" ඉන්නකෝ සදී මම ආයෙ කෝල් එකක් දෙන්නම්. එතකොට යන වෙලාව කියන්නම් හරිද. දැන් නැගිටලා මූන සෝදගන්නකෝ.. ම්ම් .. මම තියන්නද එහෙනම්. .?"
"හා හා කෝල් එකක් දෙන්න එහෙනම් මම තියනෝ. බුදුසරනයී!
"බුදුසරනයි මැණික.! "
සංවාදය නිමා කල සදීකා වහා නැගිට කුස්සියට ගියේ අම්මාටත් සුභ ආරංචිය දැනුම් දීමටයි...
සදීකා සහ විහාර පෙම්වතුන් වූයේ නිවසින් ගෙන ආ යෝජනාවකට අනුවය. ඒ මීට අවුරුද්දකට පමණ පෙරදීය. සදීකා බලන්නට අම්මාත් අයියාත් අයියාගේ
බිරිඳත් කපු මහත්තයා සමගින් ගිය දිනයේ ඔවුනොවුන් දුටු පමනින්ම දෙදෙනාගේ සිත් බැඳී ගියේය. විහාරගේ පවුලට එදින මහත් වාසනාවන්ත දිනයක් විය. විහාරගේ විවාහය තීන්දු වූයේත් අයියාගේ බිරිඳ විශාකා ගැබ් ගෙන ඇති බව දැන ගත්තේත් එකම දිනයේ වීම එයට හේතුවයි. විශාකාත් විහාරගේ අයියා වන තුෂාරත් විවාහ වී අවුරුදු දෙකහමාරක් ගෙවී ගියද දරු සුරතල් බැලීමට වාසනාවක් නොලැබුනි. මේ කාලය තුල විහාරගේ පවුලේ අය නොගිය දේවාලයක් නොකල ප්‍රතිකර්මයක් නොවුණු තරම්ය. විශාකා බොහෝ විට උන්නෙද හැඬූ කඳුලිනි. එහෙත් විහාරගේත් තුෂාරගේත් අම්මා විශාකා කෙරෙහි කිසිදු අමනාපයක් නොපෙන්නුවාය. විශාකාගේ හිත හදන්නට ඇය බොහෝ දේ කලාය. දන්නා සෑම දේවාලයක් අනුහස් සහිත බෝධියක් වේද විශාකා කැටුව යන්නට
ඇය සැදී පැහැදී සිටියාය. කෙසේ හෝ අවසානයේදී විශාකාගේ සිහින සැබෑ කරමින් කුස තුලට දරුවකු පැමිණ තිබිණි.
විහාරගේත් සදීකාගෙත් ප්‍රේමයද දලු ලා වැඩෙමින් තිබිණි. සදීකා නිතරම තම නෑනන්ඩිය බැලීමට විහාරගේ නිවසට පැමිනියාය. .. ඇය මහත් ආදරයෙන් විශාකාට සැලකුවාය. තුෂාරත් විහාරත් උදේම රැකියාවට පිටත්ව ගිය පසු පාලුවෙන් කල් ගෙවන අම්මාගේත් විශාකාගේත් පාලුව මැකුනේ සදීකා නිතර එහි පැමිනීම නිසාය. සියල්ලන්ටම වඩා දරුවා ලැබෙන තුරු බලා සිටියේ ඇයයි. විශාකාගේද මවත් පියාත් ඒ වන විටත් මිය ගොස් සිටි නිසා දරුවා ලැබෙන තුරුම ඇය උන්නේ සිය සැමියාගේ නිවසේයි. තමාට මව මෙන්ම සලකන නැන්දම්මාත් අලුත්
නෑනන්ඩියගේ ආදරයත් නිසා විශාකා උන්නේ බොහෝ සතුටිනි.සදීකා පැමිණ ගිය පසු බොහෝ වෙලාවට විශාකා අම්මා සමඟ ඇයගේ ගුණ කිවාය.
"මල්ලි හරිම වාසනාවන්තයි නේද අම්මේ? මෙහෙම කෙල්ලක් ලේසියකට හොයාගන්න බෑනේ. ."
"අනේ ඔව් විශාකා ! හරි හොඳ දරුවෙක්. මගෙ හිතට දැන් හරි සැනසීමයි. අපේ කරදර සේරම ඉවරයි කියල මට හිතෙනවා. "
විශාකා ද හිස සලමින් සිනාසී එය අනුමත කලාය.
කෙමෙන් කෙමෙන් කාලය ගත විය. විශාකාට දරුවා ලැබෙන්නට ආසන්න දින වන විට තුෂාර ඇයව රෝහල් ගත කොට පැමිනියේය. එදිනම පාන්දර තුෂාරගේ දුරකතනයට ඇමතුමක් ගත් විශාකා තමාට
පුතෙකු ලැබුනු බව මහත් සතුටින් දැනුම් දුන්නාය. ..
දරුවා බැලීමට යන ගමනට සදීකා සහභාගි වූයේ මහත් ප්‍රීතියෙනි. රෝහලට යන විට විශාකා උන්නෙ දරුවා ලඟ තබා ගෙන තද නින්දකය. ඇය අසලට ගිය තුෂාර මහත් සෙනෙහසින් විශාකාගේ ඔලුව අතගෑවේය. එකෙනෙහිම විශාකා අවදි වූවාය.
"අනේ ... ආවද ඔයාලා.. මට නින්ද ගියා තුෂාර ! ඊයෙ පාන්දර ඉදලම හරියට නින්දක් ගියේ නෑනෙ. පැටියා අතට දෙනකන් බලා හිටියෙ. උදේ තමා ලගට දුන්නේ."
විශාකා කිවේ අහින්සක ලෙස සිනා සෙමිනි.
"කමක් නෑ ඔහොම ඉන්න . අමාරුනෙ තාම . මට නම් වඩාගන්න බයයි තාම මෙයාව .
අම්මා, අම්මා ගන්නකෝ අතට. මට නම් බෑ චූට්යිනෙ ගොඩක්. "
අම්මා සිනාසෙමින් දරුවා තම අතට ගත්තාය. ඔහු සුව නින්දකය. විහාරත් තුෂාරත් අම්මාට පිටුපසින් සිට හා පැටියෙක් සේ ගුලි වී නිදන දරුවා දෙස ආදරයෙන් බලා උන්හ.
ඒ අතරතුර අත සෝදාගෙන පැමිනි සදීකා විශාකාට කෑම කවන්නට වූවාය .
" අම්මේ.. හරියට ඇඬුවා ඇහැරිලා ඉන්න වෙලාවෙ. හරියට කිරි ටික වත් බිවේ නෑ. මිස් කෙනෙක් ඇවිත් වඩාගත්තා. එතකොටම ඇඬිල්ල නැවැත්තුවා. ආයෙ මගෙ අතට දුන්නම ආයෙ අඬනවා. නිදි කරගත්තෙත් හරි අමාරුවෙන්."
"අම්මා සිනාසුනාය.
ඔයා නුහුරට වඩාගන්න ඇති පුතේ .එකයි.. කොහොමත් පොඩි එවුන් අඬන එක තමා වැඩේ. ටික දවසක් යනකොට හරියයි පුරුදු උනාම."
සදීකා විශාකාට බත් කවන අතරතුර කුඩා පුතු පිබිදුනේය. පූස් පැටවකු මෙන් ඇස් හැර ඇඟ මෑලි කඩමින් සිටින පුතු දෙස සදීකා බත් කවමින්ම එබි එබී බැලුවාය.
"අනේ... පව් නේද අම්මා .බඩගිනිත් ඇති.කිරි බිව්වෙත් නෑ කිවනෙ හරියට.ඈනුම් යවනවා හෝ ගාලා."
සදීකා මහත් සෙනෙහසින් කිවාය.
"නංගි ඇති මට. වතුර එක දෙන්නකෝ. වතුර ටිකක් බිලා කිරි දෙන්න ඕන බබාට."
"ආ මෙන්න අක්කෙ. මම අත හෝදන් එන්නම්. ."
සදීකා අත සෝදා ගැනීමට ගිය අතර විශාකා අම්මා අතින් දරුවා වඩාගත්තාය. මොහොතක් ගත වන්නට පෙර දරුවා හඬන්නට පටන් ගත්තේය. කොතරම් උත්සහ කරත් දරුවා නලවන්නට විශාකාට නොහැකි විය. අම්මා විසින් විශාකා දරුවා වඩාගෙන උන් ආකාරය සකස් කලද දරුවා තව තවත් හැඬුවා මිසක නැලවුනේ නම් නැත. සදීකාද පැමින දරුවා හඬන දෙස මහත් දුකින් බලා සිටියාය.
"අනේ අක්කෙ! නවත්තන්නෙම නැතිව
අඬනවනේ. චුට්ටක් මම වඩාගෙන බලන්නද."
සදීකා දරුවා ගන්නට දෑත දිගු කලාය.
"ඔයා ගත්තම ඊට වඩා අඬයි ඔන්න. කවදාවත් බබෙක් වඩාගෙන නෑනේ. අපෙ අම්මට විතරයි අඬවන්නෙ නැතිව වඩාගන්න පුලුවන්."
විහාර සිනාසෙමින් සදීකාට විහිලු කලේය.
"අනේ ගන්න නංගී... ඔයත් ඔව්ව පුරුදු වෙන්නෙපායැ" කියමින් විශාකා දරුවා සදීකා අතට දුන්නාය.
සදීකා මහත් ආදරයෙන් දරුවා අතට ගත්තාය. පුදුමයකට මෙන් දරුවා එකවරම හැඬීම නතර කර දැම්මෙය. සදීකාගෙ මුවේ මතු වූයේ ජයග්රාහි සිනහවකි. පෙර නොහැඩූ ලෙස දරුවා නැලවෙමින් උන්නේය.
"දැක්කනෙ... ! මට පුලුවන් නලවන්න."
සදීකා කිවේ සතුටිනි.
අම්මාගෙ මුවේ වූයෙද ආදරනීය සිනහවකි. සදීකා කෙදිනක හෝ තම නිවසට පැමිනි පසු තමාට ඉතාමත් හොඳ දියනියක මෙන්ම හොඳ සහෝදරියක් හොඳ මවක්ද වනු ඇතැයි ඈ තනිව සිතුවාය.
දරුවා ලැබී දිනකට පසු විශාකා රෝහලේ සිට නිවසට පැමිනියාය. දරුවා ඒ වන විටත් හරි හැටි කුසගිනි නිවාගත්තේ නැත. විශාකා වඩාගන්නා සෑම විටම දරුවා හඬන්නට පටන් ගත්තේය. කිරි දෙන්නට තන පුඬුව ලන් කරද ඔහු කිරි බීවේ නැත. බලෙන් මෙන් කිරි ටිකක් පොවා ගත්තේ අම්මාගෙද උදව් ඇතිව මහත් පරිශ්‍රමයකිනි.
දරුවා තමා ප්‍රතික්ෂේප කරනවා යැයි දැනීම විශාකාගෙ හිතට මහත් දුකක් ගෙන දෙන්නට විය. තමා අතට ගත් සෑම මොහොතකම දරුවා හඬන්නට පටන් ගනී
එහෙත් තුෂාර හෝ අම්මා හෝ එසේත් නොවේ නම් විහාර හෝ සදීකා අතට ගත් විට ඔහු කිසි දිනක හැඬුවේ නැත.
දිගින් දිගටම විශාකාගෙන් කිරි බීම ප්‍රතික්ෂේප කල බැවින් විශාකාට අකමැත්තෙන් වුව දරුවාට බෝතලයෙන් කිරි දෙන්නට සිදු විය. විශාකා තම තන පුඬු වලින් කිරි දොවන්නට වූයේ හැඬූ කදුලිනි. හයක් හතරක් නොතේරෙන තම සිඟිත්තා, අවුරුදු ගනනක් බලා සිට තමා ලගට පැමිනි තම දරුවා නොතේරුම් කමින් හෝ තමා ප්‍රතික්ෂේප කිරිම විශාකාට දරාගත හැකි වූයේ නැත.
කිරි ටික දොවා බෝතලයට දමා පෙවිමට වත් දරුවා ඇයට ඉඩක් නොදෙයි. දරුවා නැලවීම පිරිසිදු කිරීම මෙන්ම කිරි දීමද අම්මා හෝ නිවසට පැමිනි විටෙක සදීකා අතින්ද සිදු විය. කල් යත්ම දරුවා බෝතලයෙන් කිරි බීමත් ප්‍රතික්ෂේප
කිරීම විශාකාට මහත් මානසික පීඩනයක් විය. සදීකාගේ අදහස අනුව අකමැත්තෙන් වුවද දරුවාට පිටි කිරි දෙන්නට පටන් ගත් විට කිසිදු කරදරයක් නොමැතිව දරුවා කිරි බිවේය. .
විශාකාගෙ ඔලුව යකාගේ කම්මල මෙන් අවුල් විය. තම දෙතනෙහි එරෙන කිරි දොවා ඉවත් කලද එසැනින්ම නැවත පිරී යනු ඇයට දැනෙයි. ඉවසන්නට බැරිම තැන ඇය ඉකිබිඳිමින් හඬ්න්නට වූවාය.
"විශාකා විශාකා! මොකද දරුවෝ මේ .ඇයි අඬන්නේ. අසනීපයක්ද ..? කෝ නැඟිටින්න ඉතින්. "
"අනේ අම්මා... ! මට මේ ජීවිතේ එපා වෙලා දෙයියනේ. මෙච්චර කිරි එරෙද්දිත් මේ දරුවට පිටි කිරි දෙන්න වෙලා මට.ඇයි අම්මා එහෙම උනේ. මම කොහොමද මේවා ඉවසන්නේ හ් හ්.."
කාමරයට පැමිනි සදීකාට ඇයගේ විලාපය ඉවසන්නට බැරිම තැන කාමරයෙන් ඉවත්ව ගියාය . අම්මා හැම විටම උත්සාහ කලේ විශාකාගේ සිත සැනසීමටයි . එහෙත් මවක් ලෙස ඇයට දැනෙන වේදනාව එලෙස පහසුවෙන් අමතක කල නොහැකි බව ඇය හොදින්ම දැන සිටියාය.
කාලය ගත විය. වීහාර හා සදීකා විවාහ වී මහගෙදර අසලම විහාර විසින් ගොඩනැඟූ නීවසෙහි පදිංචි වූහ. විශාකාගෙත් තුෂාරගෙත් පුතු විහඟ අවුරුදු අටක් වයසැති දඟයෙකි. විහාර හා සදීකාටත් අවුරුදු දෙකක පුන්චි දියනියක් විය. විහඟ වයසින් වැඩෙත්ම තව තවත් විශාකාගෙන් ඈත් වන්නට විය. එහෙත් ඔහු පියාට ඇලුම් කලේය. විශාකාට අම්මා කියා ඇමතිම පවා විහඟ විසින් ප්‍රතික්ශේප කලේය. එනමුත් විහාරත් සදීකාත් ඔවුන්ගේ දියනියත් ගැන
විහඟ තුල වුයේ අසීමිත ප්‍රේමයකි. එයම විශාකාගේ හිත දවාලන්නට හේතුවක් විය.
"ඔයා මගෙ අම්මා නෙවෙයි. නෙවෙයි නෙවෙයි !"
විහඟ විටෙක ඉතා රෞද්‍ර ලෙස කෑ ගසමින් විශාකාට පවසයි. විශකාට කදුලු සැලීම හැර කල හැකි අන් කිසිවක් නොවීය. තුෂාරගේ චෝදනාව එල්ල වන්නේද විශාකා වෙතයි.
"මොනවද විශාකා! තමුසෙට ලමයට හරියට ආදරේ කරන්න බැරි කමට අපි මොනව කරන්නද. බොරුවට මෙතන නහයෙන් අඬනවා ! "
"අනේ තුෂාර ඔයත් ඇයි එහෙම කතා කරන්නේ .මම කොච්චර ආදරෙයිද මේ දරුවට."
"කෙහෙම්මල ආදරේ. .! බලනවකො සදීකා ලස්සනට අපෙ ලමයට තමන්ගේ වගේ සලකන හැටි . තමුසෙ අම්මා උනාට මේ ගෙදරට එන්නත් කලින් ඉදන් සදීකනෙ
ලමයා හැදුවේ . "
"සදීකා ! සදීකා ! සදීකා මේ ගෙදර ඊට වඩා කෙනෙක් නෑ කාටවත් දැන් ! ඔය ගෑනිම තමා මගෙ දරුවා මගෙන් ඈත් කරේ. දැන් දරුවට කියල අම්මා කියවගන්නවා කාටවත් එවා පේන් නෑ..."
විශාකා මහත් ආවේගයෙන් කියා ගෙන ගියාය.
"කටවහපන් විශාකා ! තව මොනවත් උඹ කිවොත් කට කඩනව දැනගනින්. කිරි සප්පයා කාලේ ඉදන් උඹට දරුවා හදල වඩල දුන්න ගෑනිට නම්බු දීල කතා කරන හැටි වෙන්න ඔය. .! "
තුෂාර වේගයෙන් අසල වූ පුටුවකට පා පහරක් දී කාමරයෙන් එලියට ගියේය. විශාකා කෝපයෙන් වුව තවත් වදනකුදු නොදෙඩුවේ තුෂාර කී දෙය සත්‍යක්ම බැවිනි.
ඒ වන විට තම නිවසේ සිට මහගෙදර දෙසට පැමිනෙමින් සිටි සදීකාට සියල්ල හොදින්ම ඇසුනි. තමා මේ
මොහොතේ එහි යාම නොසුදුසු යැයි සිතූ සදීකා ආපසු තම නිවස දෙසට පියමැන්නාය. විහඟ ඉඳ හිට තමාට පවසන දේවල් ගැන සදීකාටද ඇත්තේ කුකුසකි. ඔහු පුන පුනාම පවසන්නේ තමා ඔහුගෙ මව බවත් විහාර ඔහුගේ පියා බවත්ය. තවද විශාකා තම මව නොවන බවත් ඇය නපුරු බවත් පවසමින් විටෙක හඬා වැටෙයි. විහඟ මේ පවසන්නේ පෙර භවයක් ගැන විය යුතු යැයි පෙර දිනෙක විහාර පැවසූ අන්දම සදීකාගෙ සිහියට නැගිනි. තුෂාර අයියාගෙත් විශාකා අක්කාගෙත් පවුල කැඩී යාමට පෙර කුමක් හෝ කල යුතුම බව සදීකාට සිතුනි. හවස විහාර පැමිනි පසු මේ පිලිබඳව කතා කල යුතුමැයි සදීකා සිතුවේ තම දියනිය අසල සුව සේ නිදන විහඟ දෙස බලමිනි.
විහාරත් සදීකාත් කතිකා කර ගත් පරිදි විහාරගේ යහලුවකුගේ මාර්ගයෙන්
හඳුනා ගත් මනෝ වෛද්‍යවරයකු වෙත කිසිවකුටත් නොදන්වා විහාරත් සදීකාත් පමනක් ගියේ මුලින්ම මෙය තමා සිතන ආකාරයේ තත්වයක්දැයි දැන ගැනීමටය.
" මිස්ටර් විහාර කියන විදිහට නම් බොහෝ දුරට මේක පෙර ආත්මයක් ගැන කියනවා වෙන්නත් පුලුවන්. ඒත් අපිට ඒ දරුවා එක්කත් අම්මා එක්කත් කතා කරන්නම වෙනවා."
" අනික අවශ්‍ය උනොත් දරුවට මෝහන ප්‍රතිකර්මයක් කරන්නත් වේවි. ඒකට අනිවාර්යෙන් දරුවගෙ දෙමව්පියන්ගෙ අවසරය ඕන. ඔයගොල්ලො හිතල බලලා තීරනය කරන්න."
"හරි ඩොක්ටර් , අපි පුලුවන් තරම් උත්සහ කරන්වා දරුවගෙ අම්මට මේක තේරුම් කරවලා මෙතෙන්ට ගේන්න. "
විහාරත් සදීකාත් එතැනින් පිට වුනේ විශාකා කෙසේ හෝ
මෙතැනට රැගෙන ආ යුතුමැයි සිතමිනි.
එදින හවස තුෂාරත් පැමිනි පසු දරුවන් දෙදෙන නිදි කල සදීකා විහාරත් සමඟ මහ ගෙදරට ගියේ මේ පිලිබදව කතා කිරීමටයි. එහෙත් එය කී පමනින්ම විශාකා මහත් ලෙස කෝප ගත්තාය.
"විහාර උඹට පිස්සුද! මගෙ දරුවට පිස්සු කියලද කියන්නෙ ! මගෙ දරුවට ඇති පිස්සුවක් නෑ දෙයියනේ..! සදීකා උඹ තමා මට මගෙ දරුව නැති කරේ මගෙ දරුවට පිස්සු නෑ දෙයියනේ.. !"
"විශාකා කට වහගෙන හිටපන්! මම ඉවසන හින්දද උඹ මෙහෙම හැසිරෙන්නෙ. කවුද දැන් දරුවට පිස්සු කිවේ. පිස්සු නම් තියනවා දරුවට නෙවේ උඹට..!"
විශාකා බයෙන් ඉකිබිදිමින් උන්නාය.
"මල්ලි, පුලුවන් දෙයක් කරපන්. මට ඔවා තේරෙන්නේ නෑ. අම්මා මොකද කියන්නේ.?
"මට උඹලට තරම් වත් ඔවා තෙරුමක් නෑනේ... පොඩි පුතා බලලා හොද දෙයක් කරන්න. මටත් මෙවගෙ ඉවරයක් දකින්න ඔන මැරෙන්න කලින්.. "
විශාකාගෙ එතරම් කැමැත්තක් නොතිබුනත් අවසානයේදී සියලු දෙනාගේ එකඟතාව මත දරුවාත් රෑගෙන වෛද්‍යවරයා හමුවට යන්නට ඔවුන්ට හැකි විය. විශාකා සමගත් දරුවා සමගත් තනි තනිව කතා කල වෛද්‍යවරයා බොහෝ වේලාවකින් පසුව තම කරුනු සටහන් කර ගන්නා පොත දෙස බලමින් දරුවා මෝහන ප්‍රතිකර්මයකට ලක් කල යුතු යෑයි කීවේය. එම ප්රතිකරමය තුලින්ම තම මව කෙරෙහි ඈති වෛරය ඉවත් කල හැකි බව පැවසූ පසු විශාකාද එයට අකමැත්තක් නොදැක්විය.
එම ප්රතිකර්මයේදී වෛද්‍යවරයා විහඟව මෝහනයෙන්
තම කුඩා අවදියටත් ඉන් පසු ඉන් එහාටත් ගෙන ගියේය.
"දැන් කොහෙද ඉන්නෙ ඔයා..? "
"මම ඉන්නේ අහසේ .මම පාවෙනවා... හුඟක් කල් මෙහෙම පා වෙනවා. ..." විහඟ පිලිතුරු දුන්නේය.
වෛද්‍යවරයා විහඟව ඊටත් එහාට ගෙන ගියේය.
" මම හිට්යේ අම්මගෙ බඩේ .අම්මා මට ගොඩාක් ආදරේ කලා. තාත්තත් එහෙමයි. තාත්තා රෑට අම්මගෙ බඩට ලන් වෙලා මට ඇහෙන්න ලස්සන කතා කිවා.මම අහගෙනයි හිටියෙ එවා. මම එයලා දකින්න හරී ආසාවෙන් හිටියේ. ඒ උනාට .......
අම්මා බලන්න ගෑනු කෙනෙක් නිතර ආවා. තාත්තයි අම්මයි කතා උන විදිහට එයා ඉස්සර අම්මයි තාත්තයි එක්ක තරහින් හිටියලු. ඒත් මම අම්මගෙ බඩට ආවට පස්සේ ඒ දේවල් අමතක කරලා එයා
හොඳ කෙනෙක් උනාලු. ඒත්... එහෙම නෑ. ඒ ගෑනු කෙනා අම්මව බලන්න එන වෙලාවට මට ඒක දැනුනා. එයා හොඳ කෙනෙක් නෙවේ කියලා මම කොච්චර නම් අම්මට කියන්න හැදුවද.! මම දඟලව්වා.අම්මගෙ බඩට පයින් ගැහුවා අනේ ! එත් අම්මට ඒක තේරුනේම නෑ. දවසක් ඒ ගෑනු කෙනා තාත්තා නැති වෙලේ ඇවිත් අම්මට කිරි එකක් හදලා දුන්නා .ඒකට වස දාලයි තිබුනේ .අම්මා ඒක බිව්වා .ඒ ගෑනු කෙනා ටිකකින් යන්න ගියා."
"අනේ අම්මේ !! මම කොච්චර ඇඬුවද අම්ම දාල යන්න බෑ කියලා. මාව පිච්චුනා ඒ වසට. අම්මටත් ගොඩක් අමාරු උනා. ඒත් උදව් ඉල්ලන්නවත් විදිහක් තිබ්බෙ නෑ. අම්මා හරිම පින්වන්තයි. අම්මට තේරුනා මේක කරේ අර ගෑනු කෙනා කියලා. ඒත් අම්මා වෛර කලේ නෑ. අම්මා ගොඩාක්
අමාරුවෙන් ඇඩුවා .මගෙන් සමාව ඉල්ලුවා. අනේ එත් මගෙ අහින්සක අම්මා මොනවා කරන්නද. මට ගොඩාක් තරහා ගියා. කවදාහරි පලිගන්නවාමයි කියලා හිතුවා..මට පුදුම වේදනාවක් දැනුනේ. යන්තමට හැදිලා තිබ්බ මගෙ අත් පය කෑලි කෑලි වලට ගැලවිලා ගියා. .....තවත් ටික වෙලාවකින් මට දැනුනා මම අහසේ පා වෙනවා කියලා. මගෙ අම්මා දිහා මම අහසේ පා වෙවී බලා හිටියා. එයා හරිම ලස්සනයි. එත් දැන් මට අම්මව අල්ලලා බලන්නවත් බැහැ.
මම දැක්කා අර ගෑනිවත්.මම හැමදේම බලන් හිටියේ.ටික කාලෙකින්ම මගෙ තාත්තත් අපිට උන දේ දැකල පිස්සුවෙන් වගේ ඉදලා මැරිලා ගියා. මම බලාගෙනයි හිටියෙ.හැමදේකම පලිය ගන්නයි මම බලන් හිටියේ. "
හුඟාක් කාලයක් මම අහසේ පා උනා. මට වෙන තැනක
ඉපදෙන්න බැරි උනා.ඒ මම පලිගන්න බලන් හිටපු නිසා. ඒක සම්පුර්න කරන්න පුලුවන් වෙනකන් මට බලන් ඉන්න උනා.
ගොඩාක් කාලයකට පස්සෙ මම දැක්කා අර ගෑනු කෙනා මැරිලා ආයෙම ඉපදිලා ඉන්නවා. විශාකා..! එ ගෑනිගෙ නම...මම දැක්කා මගෙ තාත්තත් ඒ ගෙදරම ඉන්නවා. තාත්තගෙ නම විහාර. මට බය හිතුනා තාත්තට අර ගෑනිගෙන් ආපහු කරදර වෙයි කියලා.
මම අම්මාව හෙව්වා එත් අම්මා දැක්කේ නෑ. ඒත් දවසක් අම්මයි තාත්තයි හම්බුනා. මට සතුටු හිතුනා.. ඒත්... අර ගෑනි එයාල ලඟමයි හිටියේ. ඒ ගෑනී දරුවෙක් ඉල්ලලා ගොඩක් පින් දහම් කරා. ඒ පිනෙන් කවුරු හරි දරුවෙක් ඒ කුසට යන්න ලගයි කියලා මට දැනුනා. එහෙම ගියොත් මට පලිගන්න වෙන්නෙ නෑ... මට
කවදාවත් මගේ අම්මාගෙ කුසට යන්නත් පින් නෑ. අම්මයි තාත්තයි ගොඩක් පින්වන්තයි. මම ඉක්මන් උනා. කරන්න දෙයක් නැති උනත් මගෙ පව්කාරකම නිසාම අර ගෑනිගේ කුසටම යන්න උනා.
විහඟ කල දීර්ඝ විස්තරය සියල්ලෝම අසා සිටියේ මහත් භිතියට පත්වය. තවත් බොහෝ විස්තර විහඟ විසින් පවසන ලදි. එයට අනුව එකල විශාකා විහඟගේ පියා පිලිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි,විහඟගේ පියාගේ ඇවැස්ස නෑනන්ඩිය යි. එහෙත් ඒ හැම විස්තරයකදීම විහඟගෙන් මතුව ආයේ විශාකා පිලිබඳ අසීමිත වෛරයයි. ඒ වෛරය නිසාම ඔහුද දුක් විදිමින් අන් අයටද දුක් දුන් අයුරු සැමදෙනාටම වැටහිනි. වෛද්‍යවරයා විසින් මෝහන ප්රතිකර්මය තුලින්ම ඔහුගේ සිතෙහි ඇති වූ වෛරය ඉවත් කරන ලදි.
විශාකාගේ මානසික පීඩනයටත් මානසික ප්‍රතිකර්ම කිහිපයක් කිරීමෙන් පසු ඇය සාමාන්‍ය තත්වයට ගැනීමට හැකිවිය.
ඉන් පසු කිහිප විටෙක සාමාන්‍ය ප්‍රතිකර්ම කිරිමෙන් පසු විහඟ විශාකාට සමීප වන්නටත් පටන් ගත්තේය . බොහෝ කලකට පසූ පවුලේ සතුට නැවත ලැබීම සියල්ලන්ගේ සැනසීමට හේතු විය. විහාරත් සදීකාගෙත් අනුදැනුම මත පවුලම වඩ වඩාත් පිනට දහමට ලැදි විය. තවත් ආත්ම ගනනක් ගෙන යන්නට ඉඩ තිබූ වෛරය එතැනින් නිමා විය.
කිසි කලෙක වෛරයෙන් වෛරය නොසන්සිදේ. අප සැම ආත්මයෙන් ආත්මයේ පතා එන්නන් වෙමු. නමුත් ඒ ආදරයෙන්ද වෛරයෙන්දැයි තීරනය කිරීම තමා සතුය. විදීමත් විදවීමත් එයින් තීරනය වනු ඇත. !
නිමි!
පුෂ්පිකා විජේරත්න.