- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 513
24............................ .............................. .............
කිසිදා එළිය වැටෙන තුරු නිදා නොගන්නා සිරියාටද එදින පොළවට හිරු එළිය වැටෙන තුරුම නින්ද ගොස් තිබුණි. ජනේලයෙන් කාමරයට වැටුන හිරු එලියත් කුරුල්ලන්ගේ නාදයත් නිසා සිරියා එකවරම අවදි වූවාය. දරුවන් දෙදෙනා තවමත් සුවසේ නින්දට වැටී උන්හ. සිරියා කලබලයෙන් වහා නැඟී සිටියේ මුළුතැන්ගෙයි වැඩ ආරම්භ කිරීමටයි. සෑම දිනකම පාන්දර පහට පමණ අවදි වන සිරියා මුළුතැන්ගෙයි වැඩකටයුතු අඩකටත් වඩා නිම කල පසු පැමිනෙන දිලිනි කුඩා අත් උදව්වක් හෝ ලබා දීමෙන් සිරියාට සහය වූවාය. එහෙත් මේ ප්‍රශ්න ඇති වූ දා පටන් දිලිනිගෙන් සිරියාට ලැබෙන උදව් තබා දරුවන් දෙදෙනාට හෝ සැමියාට විය යුතු යුතුකම් පවා මඟ හැරීනි.. සිරියා ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගත්තාය. සිතිවිල්ලෙන්ම උදේ ආහරය සූදානම් කරන අතරතුරම කේතලය ලිප තැබූ සිරියා තේ සෑදීමට සූදානම් වූවාය. සාලය දෙසින් රූපවාහිනියේ ශබ්දය ඇසුන බැවින් සෙටියේ උන් කවීශ පිබිදී ඇති බව සිරියා වටහා ගත්තාය. ඉරිදා දිනයක් බැවින් පමා වී අවදිවීම ගැන සිරියාට එතරම් කනගාටුවක් නොවූයේ කවීශ නිවසේ රැඳෙන බැවිනි.. කේතලයෙහි ජලය උතුරන විට කල්පනාවෙන් ම්දුනු සිරියා කවීශටත් දිලිනිටත් තමාටත් තේ කෝපප තුනක් සෑදුවාය. තමාගේ තේ කෝප්පය පීරිසියකින් වසා එතැනම් තැබූ සිරියා කවීශගේත් දිලිනිගේත් තේ කෝප්ප දෙක රැගෙන සාලයට ගියාය. යන අතරතුර දිලිනි උන් නිදන කාමරය දෙස බැලූවද එය තවමත් විවර කර නැති බව සිරියාගේ දෑසට හසුවිය.
"ආ..මෙන්න කවීශ මහත්තය තේ එක...ආ වතුර එක ගේන්න අමතක උනා..ඉන්න මං අරන් එන්නම්.."
සිරියා විගසින් මුළුතැන්ගෙට ගොස් වතුර වීදුරුවක් රැගෙන විත් කවීශට දුන්නාය.
"ලොකු බේබි නැඟිටල නැද්ද තාම .දොරත් වහගෙන. රෑ ලයිටුත් දාල.මම නැගිටල ඕෆ් කරල නිදාගත්තෙ.."
සිරියා දිලිනිගේ තේ කෝප්පයද අතට රැගෙන විමසුවාය. කිසිවක් නොකී කවීශ සාලයේ දොර හැර එලියට ගොස් කට සෝදා පැමිනියේය.
"තව නිදි ඇති... කතා කරල බලන්න.."
ඔහු කිවේ එපමණකි. සිරියා තේ කෝප්පයද රැගෙන දිලිනිගේ කාමරයේ දොර අසලට ගියාය.
" ලොකු බේබි.... ලොකු බේබි... නැඟිටල නැද්ද තාම තේ එකත් ගෙනාව ..දොර අරින්ඩකෝ.."
සිරියා කිහිපවිටක් දොරට ගසා කතා කලද පිළිතුරක් ලැබුනේ නැත. තේ කෝප්පය තොල ගාමින් සිටි කවීශ ගේ සිතට එකවර යම් වෙනසක් දැනුනි. සිරියාද ප්‍රශ්නාර්ථයකින් මෙන් කවීශ දෙස බලා උන්නාය. කවිශ වහා නැඟිට දොර අසලට පැමිනියේය.
" දිලිනි....!දිලිනි....!දොර අරිනව...මොකද මෙච්චර වෙලා කරන්නෙ..දිලිනි...."
එවරත් පිළිතුරක් නොලැබුනෙන් සිරියා තුල මහත් තැතිගැන්මක් ඇති විය. ඈ වහා තේ කෝප්පය අසල තිබූ කෑම මේසය මත තැබුවාය.
" අනේ කවිශ මහත්තය.... මට බයයි...මෙච්චර වෙලා කතා නොකර මොකද... දොර කඩල බලන්ඩ ඉක්මනට..."
එවදන් ඇසිමෙන් කවීශද කලබලයට පත් විය.. වහා සිරියාට කියා අලවංගුව ගෙන්වා ගත් ඔහු දොර අගුල කඩා දැම්මේය..
දොර අගුල කැඩෙන විටම කොහෙදෝ සිටි හූනෙක් වහලයේ සිට "චික් චික්"හඬ ගෑවේය. සිරියාට හුස්ම ගැනිමට අපහසු වූවාක් මෙනි. කවීශ වහා අලවංගුව පැත්තකට දමා පයින් පහරක් ගසා දොර විවර කලේය.
දුටු දසුනෙන් සිරියාගේ මුව්න් නික්මුනේ මහා අඳොනාවකි. කවීශ පපුවෙහි අත ගසා ගෙන එතැනම බ්ම වාඩි ව්ය.
සියලු දෙනාගේ දෝශාරෝපනයට කොන් කිරීමට අපහාසයට ලක් වූ ඈ අන් අය තමා තනි කරන්නට ප්‍රතම අන් අය හැර දමා යන්නට තීරනය කර තිබුනාය. ඇගේ නිසල දේහය ඇඳට ඉහලින් බාල්කයේ සාරියකින් එල්ලී තිබිණි. .. සියලු කරදර ප්‍රශ්න වලින් මිදී ඈ සියලු දෙනාගෙන් වෙන්වී වෙනම ලෝකයකට ගොස් සිටියාය.
.............................. .......
දිලිනිගේ සහ කවිශගේ පවුලේ සියලු දෙනා එක්ව අවමංගල්‍ය කටයුතු සියල්ල සූදානම් කලහ. කවීශ මේ මුලු කාලය තුලම උන්නේ පසෙකට වී කල්පනා සහගතවය. අවමංගල්‍යයට සහභාගී වූ කවිශ ගේ මිතුරා වූ කාවිංග සිදු වූ සියල්ල දැන ගත්තේ කවීශගේ දෙමව්පියන් මඟිනි. මේ සියල්ලට තමාගේත් දායකත්වය සිදුවුන බව සිහිවීමෙන් කාවිංගද බොහෝ සේ පසුතැවීමට පත් විය. ඔහු තම මිතුරා මේ මානසික වියවුලෙන් ගලවා ගැනීමට කල හැකි සියල්ල කිරීමට ඉටා ගත්තේය. දරුවන් දෙදෙනා නොතේරුම් වයසේ පසු වුවත් සාලයෙහි පෙට්ටිය මත වැතිර සිටින මව යලි කිසිදා නොනැඟිටින බව හැඟුනාක් මෙන් සිරියා අසලට වී කඳුලු සැලූහ. ජයවර්ධන දෙපල කලබල වී උන්නේ දරුවන්ගේ අසනීපයට මෙයත් වක්‍රාකාරව අයහපත් බලපෑමක් ගෙන දේව්දැයි සැකයෙනි..අවමඟුල් කටයුතු අවසන් කර හැකි ඉක්මනින් දරුවන් දෙදෙනා සමඟ කවීශ විදේශගත කල යුතුමැයි යන සිතිවිල්ලෙන් ජයවර්ධන මහතා කටයුතු කලේය. දිලිනි තවදුරටත් දුරදිග නොබලා ගත් මේ තීරනය හේතුවෙන් කවීශගේ දෙමව්පියන්ටද සත්‍ය පැවසීමට කවීශට සිදු විය. වික්‍රමරත්න දෙපලට එය අදහාගත නොහැකි ප්‍රබන්ධ කතාවක් මෙන් හැඟී ගියේය.. කිසිවකුට වත් චෝදනා කිරිමට ඔවුන් හට නොහැකි වූයේ කවීශගේ අතද වරදක් ඇති බැවිනි.
මළ හිරු බැස යන සැන්දෑවක දිලිනිගේ නිසල දේහය පවුලේ සුසාන භූමිය තුල මිහිදන් කෙරුනේ කඳුලු සුසුම් මැදය. අන් කාටත් වඩා තම උකුලේ හැදූ වැඩූ දරුවන් දෙදෙනාම ජීවිතයෙන් සමුගෙන ගිය දුක දරාගත නොහැකිව වැළපුනේ සිරියා ය. දේවිකා තම සැමියා සමඟ කුඩා දරුවන් දෙදෙනා දිලිනිගේ දේහය තැන්පත් කෙරුන වල අසලට ගෙන ගොස් පස් මිටක් අතට ගෙන වලට දමන ලෙස පැවසූයේ හැඬූ කඳුලිනි. මදක් වල තුල වූ වසන ලද මිනී පෙට්ටිය දෙස බලා උන් දරුවන් දෙදෙනා පස් මිටක් ගෙන පෙට්ට්ය මතට දැමීය.
" දිලී ආපහු අපිව තනි කලා නන්නී..."
පුතුගේ මුව්න් නික්මුනු වචන ඇසුනේ ජයවර්ධන දෙපලට පමනි. ජයවර්ධන මහතා දරුවන් දෙදෙන තුරුලු කර ගනිමින් දේවිකා සමඟ වල දෙසින් මෑතට පැම්නියේය.
.............................. ..................
අවමංගල්‍යයෙන් මසකට පසු සියලු ව්‍යාපාරික කටයුතු එකලාසයක් කර දිලිනිගේ පියාටත් තම පියාටත් භාර දුන් කවීශ තවත් පස් අවුරුද්දකින් නැවත මව් බිමට පැම්නෙන බලාපොරොත්තුව සහිතව දරුවන් දෙදෙනා සමඟ විදේශ ගත විය.
අවසන් වරට ගුවන් තොටුපලේදී සමුගන්නා විට. .. මඳක් දුර ගොස් ආපසු හැරුනු කුඩා දියනිය සිරියාට අතවැනුවාය..
" සිරිය නැන්නේ චූටි බේබි ඉක්මනට එනවා....පරිස්සමින් ඉන්න.."
නිම්..
ReplyForward
|
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 515
23............................ .............................. ..................
දිලිනි සාගරගේ නිවසට කිසි දින ගොස් තිබුනේ නැත. සාගර එක් දිනක නිවසට යන මඟ සලකුනු කීවා පමනි. සාගරගේ නිවසේ කිසිවෙක්ද සාගරට පෙම්වතියක් සිටින බව විනා කාගෙ කවුරුද කොහි කෙනෙක්දැයි දැන උන්නේ නැත. සාගර තම පෙම්වතිය සමඟ පැන ගිය දා නිවසට දුන් දුරකතන ඇමතුම හැරෙන්නට මෙතරම් කාලයක් ගත වී තිබියදීත් කිසිදු ආරන්චියක් නොලැබීම එම නිවසේ සියලු දෙනාගේ කලකිරීමට හේතු වී තිබිනි.. කලින් කලට ඔවුන් නොයෙකුත් උපකල්පන සාදා හිත සනසාගන්නට උත්සහ කලහ. රැකියා ස්ථානයට හෝ හිත මිතුරෙක් වත් මේ පිලිබඳව දැනුවත් කර නොතිබීම නිසා නිවැරදි තොරතුරක් සොයා ගැනීම අතිශය දුශ්කර කටයුත්තක් විය.
සාගර පවසා තිබූ මං සලකුනු ඔස්සේ ගොස් නිවස සොයා ගැනීමට කවීශටත් දිලිනිටත් අපහසු වූයේ නැත... කවීශත් දිලිනිත් නිවැසියන්ට තමන් හඳුන්වා දුන්නේ දිලිනිගේත් සාගරගේත් නැගනිය සහ මස්සිනා ලෙසය.. නමුත් දිලිනි ඇතුලතින් දැවෙමින් උන්නාය .තමාගේ එක් තීරණයක් අහිංසකයන් කී දෙනෙකුගේ ජීවිත විනාස කර ඇත්දැයි සිතීම ඇගේ මනසට මහත් වදයක් විය..විවාහයෙන් සති දෙකකට පමන පසු දිලිනිත් සාගරත් ජීවිතයෙන් සමුගෙන ඇති බවත් තමන් දෙදෙනා ඒ වන විටත් රටින් පිට සිටි බැවින් කිසිවක් කල නොහැකි වූ බවත් කවීශ පවසා සිටියේය.. තම දෙමව්පියන්ද තරහින් සිටි බැවින් මෘත දේහ භාර ගැනීමට කිසිවකුත් නොමැතිව රෝහල මඟින් ඒ කටයුතු සිදු කර ඇති බවත් කවීශ තව දුරටත් පවසා සිටියේ තමාගේ මිතුරෙකුගෙන් තොරතුරු සොයා ගත් බව පවසමිනි..මේ මුළු කාලය තුලම දිලිනි සිටියේ බිමට නෙත් යොමා හැඬූ කඳුලිනි.
සාගරගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන්ගෙ හැඬුම් වැලපුම් ඇගේ සිතට පිහියකින් අනින්නාක් මෙන් දැනෙන්නට විය. මේ සියලුම දුක් අඳෝනා වලට එකම හේතුව තමාගේ ආත්මාර්තකාමී ක්‍රියාවන් බව ඇගේ යටි සිත නිතර නිතර ඈට සිහිපත් කරන්නට විය..
" අනේ මගෙ දරුව...අනේ මගෙ දරුව විහින් විනාස උනා දෙයියනේ. ... මලකඳ වත් දැක්කේ නෑ මගෙ රත්තරං කොල්ලගේ....දැන්ද මේව කියන්නෙ අපට අයියෝ..."
මවකගේ සිතට නැඟෙන වේදනාව දරු දුක දිලිනි මේ වන විට අත්දැකීමෙන්ම දැන උන්නාය.. සාගරගේ මව සන්සුන් කිරීමට කිව හැකි සෑම දෙයක්ම කියූ ඔවුන් දෙදෙනා නිවැසියන්ගෙන් සමුගෙන ආපසු පිටත් වූයේ හිතේ තිබූ බර නිදහස් වූවාට වඩා තවත් බරක් එකතු වූවාක් මෙන් තෝන්තුවාවෙනි.
ජයවර්ධන මහතාගේ එකම අරමුණ වූයේ දරුවන් දෙදෙනා සුවපත් කර ගැනීමයි.. ඔහු ඒ වෙනුවෙන් කල හැකි සෑම දෙයක් පිළිබඳවම සොයා බැලුවේය. කවීශගේ දෙමව්පියන්ට හෝ මේ කිසිවක් නොදන්වා සාමාන්‍ය පරිදි සිටීමට ඔහු ප්‍රවේසම් විය..
" කවීශ ..,දරුවො දෙන්නත් එක්ක ටික කාලෙකට වත් පිටරටකට යන එක හොඳයි මම කියන්නෙ...ඩොක්ට උනත් කීවනෙ පරිසරය වෙනස් කරන එකත් මනසට හොඳයි කියල.."
" ඔ..ඔව් අප්පච්චි ඒත් මේ හදිසියේ...බිස්නස් වැඩ.."
" ඒව ගැන මම බලාගන්නම් මනුස්සයෝ ඉස්සෙල්ල දරුවො ගැන හිතල වැඩ කරන්න ඕන.."
" අප්පච්චි දිලිනි එක්ක තරහින්ද...!"
එය කතාවට අදාල නොවූ බැවින් කවීශ එය විමසුවේ ජයවර්ධන මහතා දෙස යටැසින් බලමිනි.
" දිලිනි ගැන අපි කතා නොකර ඉමු.. කවීශ ඕන හැටියකට එයා ලඟ තියාගන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ...ඒත් මගෙ දුවෙක් කියල පිළිගන්නෙ නෑ මම තවත් ඕකිව...!"
කවීශ නිහඬවම උන්නේය. ඔවුන් දෙදෙනා නොදැන උන්නත් දිලිනි උන්නේ කාමරයේ සිට සියල්ල සවන් දෙමිනි. ඇයට ඇති වූයේ මහත් ආත්මානුකම්පාවකි. තමාට කියා කිසිවකුත් නොමැති තරම්ය. සෑමදෙනාම තමා දෙස බලන්නේ මහා සැතිරියක දෙස බලන අයුරිනි. මව ලඟට යන විට නැඟනිය ගැන පවසමින් තමාට සාප කරනු ඇසේ... සිරියාගේ දෑසේ තිබූ සෙනෙහෙබර ගතිය පහව ගොසිනි.. සාගරගේ දෙමව්පියන්ද තමාට තවමත් සාප කරනු ඇත. කවීශගේ සිතෙහිද යලි කිසිදා තමා ගැන පැහැදීමක් ඇති නොවනු ඇත..සියලු දෙනා එකතුව දරුවනුත් තමාගෙන් ඈත් කල හොත් ...! ඇයට ඉන් එහා සිතීමට පවා අපහසුය.
විදේශගත වන ලෙස පියා කවීශට කල ඉල්ලීමද ඇයට ඇසුනි. එහෙත් ඒ කිසි විටකදී තමා ගැන සඳහනක් වූයේ නැත. කවීශට තමා අනවශ්‍ය යැයි සිතුනොත් තමා තනි කර දරුවන් රැගෙන විදේශ ගත වේද...! ඔහු එවන් තීරණයක් ගත හොත් ඊට කිසිවකුත් විරුද්ධ නොවනු ඇති.
ජයවර්ධන දෙපල පිටවී ගිය පසුත් දිලිනිගේ කල්පනාවෙහි වෙනසක් නොවීය. තනිවීමට බයෙන් සියල්ල තමාට ඕනෑ ලෙස හැසිරවූ ඈ දැන් සැබවින් තනි වීමට පටන් ගෙන ඇත.විදේශ ගමන පිළිබඳව වදනක් හෝ කවීශගේ මුවින් දිලිනි සමඟ කතා බහට ලක් වූයේ නැත. .සිතේ ඇති බය නිසාම සිඟිති දරුවන් දෙදෙනාද තමන් මඟහරිනවාක් මෙන් දිලිනිට දැනෙයි.
කන්තෝරු කාමරයට ඇතුලු වූ කවීශ තවමත් ඉන් එළියට පැමිනියේ නැත. රාත්‍රී එකොලහට පමණ දිලිනි කන්තෝරු කාමරයේ දොර අසලට ගොස් යන්තමින් ඇරී තිබූ දොරින් ඇසක් යොමා ඇතුලත බැලුවාය. පුටුවක වාඩි වී උන් කවීශ උන්නේ දැඩි කල්පනාවකය..ඒ තමා හැර විදේශගත වීම පිළිබඳව වත්ද...! දිලිනිගේ සිත දැවී ගියේය.... ඈ සුසුමක් හෙලා ආපසු භැරුනේ සිහිනයෙන් මෙනි.. ඈ සෙමෙන් පියවර තබමින් ගොස් සිරියාගෙ කාමරයට එබුනාය. තමාගේ මේ මානසික වියවුල නිසා දරුවන්ගේ වැඩ කටයුතු මඟහැරෙන බව තේරුම් ගැනීමට ඇයට මේ මොහොතේ ශක්තියක් තිබුනේ නැත. අම්මාගේ අවධානය නොලැබුන කල කුඩා දරුවන් දෙදෙනා සිරියාගේ යහනට වී සුව නින්දක වැටී සිටියහ. එහෙත් දිලිනි මෙය තේරුම් ගත්තේ වෙනත් ලෙසකිනි. තම මව්පියන් කවීශ මෙන්ම සිරියාද එකතු වී දරුවන් තමාගෙන් ඈත් කරන්නට සූදානම් වන බව ඇගේ සිතට හැඟුනි. තමා කිසිවක් කර කියාගත නොහැකි තරමට අසරණ වන බව සිතමින්ම කාමරයට වැදුනු ඈ දොර වසා අගුලු දා ගත්තාය..
මැදියම් රැය වන විට හදිසියේ අවදිවූ සිරියා දුටුවේ නිවසේ විදුලි පහන් තවමත් දල්වා ඇති අන්දමයි. ඈ සෙමෙන් සෙමෙන් පියවර තබමින් සාලයට පැමිණියාය. කන්තෝරු කාමරයේ විදුලි පහන නිවා දමා විත් කවිශ සාලයේ වූ සෙටියේ නිදා උන්නේය. සුසුමක් හෙලූ සිරියා සාලයේ විදුලි පහන් නිවා දැම්මාය. වෙනදා දරුවනුත් කවීශත් දිලිනිත් එක්ව නිදන කාමරයේද විදුලි පහන දැල්වෙන බව දොර යටින් වැටෙන එලියෙන් හඳුනා ගැනීමට සිරියාට හැකිවිය. එහෙත් ඒ අසලට ගිය විට දොර අගුලු ලා ඇති බව ඇයට වැටහිනි. කවීශ සෙටියේ නිදන්නේද දොර අගුල ලා ඇති බැවින් යැයි සිතූ සිරියා තම කාමරයට යාමට හැරුනාය..
"අනේ දෙයියනේ ...ලස්සන පවුලකට වෙච්ච දෙයක්..!"
සිරියා සිතුවේ එපමනකි.
තම කාමරයට ගොස් ඇඳ මත සුවෙන් නිදන සිඟිත්තන් දෙදෙනාගෙ හිස ආදරයෙන් අතගෑ සිරියා කාමරයේ විදුලි පහනද නිවා දරුවන් තුරුලු කරගෙන නින්දට වැටුනාය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 534
21............................ .............................. ..................
" කාවිංග අනේ කාවිංග මං කියන දේ තේරුම් ගන්න.... කවීශට අපි පස්සෙ තේරුම් කරමු .එයා තේරුම් ගනී... අනේ දිල්කා ඔයාට තේරෙනව නේද...! ඔයත් ගෑනුකෙනෙක්නේ. .මාව ආයමත් ගෙදරින් බාර ගන්නෙ නෑ දෙයියනේ... මට කවුරුත් නෑ දැන් අනේ මට උදව් කරන්න....!"
දිලිනි කාවිංගත් ඔහුගේ පෙම්වතියත් ඉදිරිපිට මහා අසරණකමකින් බැගෑපත්ව හඬා වැටුනාය..කාවිංගට මේ ඉල්ලීම ඉටු කිරීම අපහසුවක් නැතත් තම මිතුරාගෙන් නොවිමසා එය කිරීමට සිදු වීම හිතට බරක් ගෙන එන්නට විය.. එක අතකින් ඔහුට දිලිනි ගැන පිළිකුලක්ද තවත් විටෙක අනුකම්පාවක්ද දැනුනි. මේ කුමන ආකාරයේ සහෝදරියක්ද ..මේ කුමන ආකාරයේ බිරිඳක්ද...පෙවතියක්ද ... කාව්ංගට මෙය අදහාගන්නට නොහැකි තරම්ය.මිනිසුන්ගේ හිත් වෙනස් වන ඉක්මන....!
"කාවිංග..තාත්තට කියල බැලුවද ඔයා..?"
කාවිංගගේ පෙම්වතිය විමසුවේ දිලිනි ගැන ඇතිවූ අනුකම්පාවෙනි..."
" හ්ම්ම්...වාහනේ කේස් එක ශේප් කර ගත්තහැකි. මීඩියා වලට යන්න දෙන්නෙත් නෑ කිව්ව.... ඒත් මේක කියන්නෙ කොහොමද දිල්කා.... කවීශ මොනව හිතයිද...මට තේරෙන්නෙ නෑ..."
" දැන් හිත හිත ඉන්න වෙලාවක් නෑ කාවිංග... දිලිනි දැනටමත් නම් මරුකරල හොස්පිටල් එකට විස්තර දීල ඉවරයි. කේස් එකක් ඇදෙන්න කලින් තාත්තට කියන්න මේක ශේප් කරන්න කියල.."
"හ්ම්ම් ඉන්න එහෙනම් මං කෝල් කරල කියන්නම්.."
කාවිංග දුරකතනය ඔබමින් මඳක් ඈතට ගියේය.. දිලිනි මඳක් එහායින් වූ බංකුවක වාඩි වී අඬමින් කල්පනා කරමින් උන්නාය.. මානසික වියවුල හැරෙන්නට ඇයට බාහිරින් සුළු සීරිම් හැර කිසිදු ආපදාවක් සිදු වී තිබුනේ නැත. දිල්කා හෙමින් සීරුවේ ඇයට ලං වී හිස අතගා ඇය සැනසුවාය.
" කලබල නොවී ඉන්න. කාවිංග තාත්තට කතා කරනව. අපි කවීශට තේරුම් කරමු මේ ගැන..ම්ම්..සිහිය ඇවිත් තිබ්බට තාම බලන්න දුන්නෙ නෑනෙ... හෙමිට කියමු අපි...ම්ම්.අඬන්නැතිව ඉන්න..ඔයාට තනි වෙන්න දෙන්නෙ නෑ අපි.."
කාවිංගගේ ඉල්ලීම මත ඔහුගේ පියා සියළු කටයුතු සූදානම් කලේය. ප්‍රබල දේශපාලනඥයෙක් වූ ඔහුට එක ඇමතුමකින් සියල්ල තම මතයට කර ගැනීමේ හැකියාව තිබිනි...තිළිනිගේත් සාගරගේත් මෘත ශරිර මෝචරියෙහි තැන්පත් කර තිබිනි.. කවීශ පසු දින වන ව්ට යතා තත්වයට පත්ව සිටියේය.. නමුත් ඔහුට මේ සිදුවීම විස්තර කර දීමට කාව්ංග ඉදිරිපත් වූයේ තදබල අකමැත්තකිනි.. සියල්ල අසා සිටි කවීශට උන් හිටි තැන් අමතක විය.
"කාවිංග....කාවිංග මොනවද යකෝ මේ කියන්නේ... මගෙ තිළිනි... දෙයියනේ දවස් කීයද අපි සතුටින් හිටියෙ... ඒ මදිවට ....ඒ මදිවට උබල ඒකිගෙ හැමදේම වෙනස් කරල... උබ මොකටද අරකි කියන දේවල් අහන්න ගියේ.... කියපන්... උඹ මට දැන් කියන්නෙ ඒකි එක්ක පවුල් කන්න කියලද.... කියපන්...මාත් මැරුනනම් උඹ ඒකි බාරගන්නවද....!"
කවීශ ආවේගශීලිව කියවාගෙන යන අයුරු කාවිංග බලා සිටියේ අසරණ ලෙසිනි. එවිටම එතැනට දිලිනි පැමිණියේ හඬා වැලපෙමිනි..
" අනේ කවීශ මට.... සමාවෙන්න...සමාවෙන්න දෙයියනේ...මං වෙන මොනා කරන්නද. මට පාරක් පාරක් ගානෙ හිඟා කන්නද කියන්නෙ.... මට බ්බැ කවීශ...හ්හ්..."
පිළිතුරු වෙනුවට කවීශගෙන් දිලිනිට ලැබුනේ තදබල කම්මුල් පහරකි. කාවිංග වහා නැඟී සිටියේය.
"ප්ලීස් මචං මෙතන රණ්ඩු කරන්නෙපා..! මිනිස්සු ඉන්නව වටේ ..කතා කරල බේරගනිං මම ඉන්නව අරහේ..ම්ම්.."
කාවිංග එතැනින් ඉවත් වී ඔවුන් පේන මානයේ බලා සිටියේය.
"කවීශ.. මට දුකයි මං දන්නව මේක වැරදියි...මට් අනුකම්පා කරන්න... මට ..මට වෙන කිසිම දෙයක් එපා... ලෝකෙට පේන්න මම නංගි වගේ ලඟින් තියාගන්න... මට යන්න එන්න තැනක් නෑ කවීශ....ප්ලීස්...ප්ලීස්..."
දිලිනි කවීශගෙන් අයැදුවේ දෑත එක් කොට වඳිමිනි.. කවීශට කිසිත් නොකියා හිස මත දෑත රඳවා හඬන්නට විය..
" උඹ ....උඹ පුදුම ජරා ගෑනියෙක් දිලිනි... උඹම හොයාගත්ත මිනිහා..., තමන්ගෙම නංගි....., දෙයියනේහ්...හ්.හ් ඒ ඔක්කොම තමුසෙ එක මොහොතින් අමතක කරා... තමුසෙ මගෙ ලඟ හිටියත් ඔය ටිකමයි...ඔය ටිකමයි කරන්නෙ...."
දිලිනිට හඬනු වැලපෙනු හැර කිසිත් සිතා ගැන්මට නොහැකි විය. ඈ කවීශ ඉදිරියේ දනින් වැටුනාය.
" අනේ කවීශ... අනේ..ඕන තරම් බනින්න.. මුලු ජීවිත කාලෙම උනත්... මං...මං...අහන් ඉන්නම්. ...මං පොරොන්දු වෙන්ව...මං ඔයාට ..වෑරැද්දක් කරන්නෙ නෑ කියල... ප්ලීස් ...ප්ලීස්..."
දිලිනි හැඬුම් අතරින් අමාරුවෙන් කියාගත්තාය.
කෙතරම් පෙරැත්ත කලද කවීශ මෙම තීරණයට සිය කැමැත්තෙන් එකඟ නොවීය. නමුත් තමා පියවි සිහියට පැමිණෙන විටත් සියල්ල සිදුවී හමාරව ඇත. ඉඳින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙයට මුහුණ දීමට සිදුවී ඇත. කවීශ උන්නේ මහා මානසික පසුබෑමකය. දිලිනිද එසේමය. සියලු කටයුතු සොයා බලා සිදු කිරීමේ වගකීම අතට ගත් කාවිංග ඒ සියල්ල මනා ලෙස කලමනාකරනය කලේ පියාගේ දේශපාලන බලපුළුවන්කාරකම නිසාමය.. කවීශගේ සිරුරේ තැන් තැන් වල තැලුම් පහරවල් තිබීම නිසා තවදුරටත් පෞද්ගලික වෛද්‍යවරයකු යටතේ පරික්ෂණ සිදු කිරීමට තීරනය කරන ලදි.. මේ අතර කිසිවකුත් නොමැති අනාතයන් දෙපලක් මෙන් තිළිනි සහ සාගර රෝහල භාරයේ මිහිදන් කරන ලදි... ඒ සඳහා කවීශත් දිලිනිත් කාවිංග සහ ඔහුගේ පෙම්වතියත් සහභාගී වූ අතර කවීශ ඒ මුළු කාලය තුලම වදනකුදු නොදොඩා බලා ගත් අත බලා උන්නේය. ශරීරයේ තැනින් තැන රිදුම් දෙන වේදනාවන්ට වඩා හිතේ ඇතිවූ මේ තුවාලය ඔහුට වේදනාවක් ගෙන එන්නට සමත් විය..
කවීශගේ මෝටර් රථයේ කාර්මික දෝශයක් බැවින් කාව්ංගගේ රථයක් තම කටයුතු සඳහා ලබා ගත් බව නිවෙස් වලට පවසන්නට සියලු දෙනා තීරනය කලහ. සති දෙකක කාලයක් සඳහා නුවර එලියට පැමිනි මොවුන්ට සතුටින් ගත කිරීමට හැකි වූයේ දින තුනක පමණ කාලයක් පමණි.. ඉතිරි මුලු කාලයම මේ රහස සඟවා තබා ගැනීමට කල යුතු සියල්ල සැලසුම් කිරීමට සිදුව තිබුනි. කවීශ මේ කිසිවක් සඳහා වදනකින් හෝ දායක වූයේ නැත. නමුත් මෙතැනින් පිටවී යන මොහොතේ පටන් සියල්ල මේ සැලසුම් වලට අනුව සිදු කල යුතු බව ඔහු දැන උන්නේය.
දිලිනි විසින් නවාතැන්පලෙහි තිබූ තිළිනිගේ ලියකියවිලි හැඳුනුම්පත මෙන්ම ඇගේ පසුම්බිය හා ඇඳුම් පැලදුම් පවා තමා සතු කර ගත්තාය . තමාගේත් නැඟනියගේත් ඇඳුම් පැලඳුම් විලාසිතා කතාබහ ගතිගුන සියල්ල පරස්පර වෙත්දී රුව පමණක් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි ලෙස සමාන වීම පුදුමයැක් බැව් දිලිනිට පලමු වතාවට හැඟිනි. කෙසේ උවද දැන් තමා සම්පූර්ණයෙන් තිළිනි බවට පත් විය යුතු බව ඈ තේරුම් ගත්තාය. එකම ගැටලුව වූයේ තිළිනිට කඩා හැලෙන දිගු කෙස් කළඹක් තිබුනත් දිලිනිට උරහිස අසලට වූ කෙටි කොන්ඩයක් තිබීමත් පමණි. එයට හේතු ලෙස කවීශගේ කැමැත්ත මත කොන්ඩය කපා දැමූ බව පවසන්නට දිලිනි තීරනය කලාය. නමුත් ඇයට තිබූ එකම සැකය නම් තමාත් නැඟනියත් කුඩාම අවධියේ සිට හදා වඩා ගත් සිරියා විසින් තමාව කෙසේ හෝ හඳුනා ගනී දැයි යන්න පමණි. ඒ පිළිබඳව සිහිවන විටත් දිලිනිගේ ගත වෙව්ලා යන්නට විය. කෙසේ වුවද මේ තත්වයට මුහුණ දීමට ඈ තරයේ අධිශ්ඨාන කර ගත්තාය.
ඉදිරි දින කිහිපය තුල නුවර එලියේ දීම දිලිනි තම නැඟනිය ලෙස හැඩගැසෙන්නට උත්සාහ කලාය. නමුත් කවීශගේ බැල්මක් හෝ ඈ වෙත ලැබුනේ නැත..කවීෂ තවත් දෙවරක් පමණ පෞද්ගලික වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගන්නට ගියද කිසි විටක කාවිංග මිස දිලිනි කැඳවා ගෙන ගියේ නැත..
සති දෙකක කාලය අවසනදී කාවිංගගේ වාහනය ලබා ගත් කවීශත් දිලිනිත් නුවර එලියෙන් පිට වූයේ ගැහෙන හදිනි. කවීශ ගේ මුවින් පිටවන වචන ඉතා අල්ප විය. එක් දිනක විවාහ මංගල්‍යයක් සූදානම් කර නිමා කිරීම ගැන කවීශට වූයේ සැනසුමකි. එසේ නොවී නම් ව්වාහයට එක් මනාලියකුත් දෙවැනි ගමනට ඇගේ අක්කාත් රැගෙන යන්නට ඔහුට සිදුවන්නට තිබුනි.
පැය කිහිපයක ගමනකින් පසුව ජයවර්ධන මහතාගේ නිවසට ලඟා වීමට ඔවුන් දෙදෙනාට හැකි විය... ගැහෙන හදින් යුතුව දෙදෙනා නිවසට ඇතුල් වූහ. වාහනය පිළිබඳව කල් තබාම නිවෙස් වලට දැනුම් දුන් නිසා කිසිවකුටත් ඒ පිළිබඳව ගැටළුවක් ඇති නොවීය. එහෙත් නිවසේ සියලු දෙනාගෙ ඇස් උඩ ඉන්ඳවන්නට සමත් වූයේ දිලිනිගේ පෙනුමයි. ආදරයෙන් රැක බලාගත් කොන්ඩය කෙසේ කපා දැම්මාදැයි සිරියාට නම් ඇති වූයේ මහත් පුදුමයකි. ඇය මොහොතකට මේ තිළිනි නොවේ දිලිනි යැයිද සිතුවාය. තිළිනිගේ කොන්ඩයට බෙහෙවින් ආදරය කල සිරියා ඇගේ ලඟට පවා පැමින කොන්ඩය අතගාමින් දුක් වූවාය. ආගිය කතා බහේදී බොහෝ ප්‍රවේසම් වීමට දෙදෙනාටම සිදුවිය. කවීශට නම් මේ වන විටත් මේ රඟපෑම තිත්ත වී තිබුනි. නමුත් ඔහුට කල හැකි යමක් නොවීය..තමා දිලිනිගේ බසට නටන රූකඩයක් වී ඇති බව කවිශට දැනුනි.
කෙතරම් පෙරැත්ත කලද දිනක් හෝ එම නිවසේ රැඳී සිටිමට පවා කවීශ සහ දිලිනි අකමැති වූහ. එක් අංශු මාත්‍රයක සැකයකට සියල්ල විනාශ කල හැකි බව දිලිනි දැන උන්නාය. නමුත් ඒ වන විටත් කුහුලින් යුතු සිරියාගේ දෑස දිලිනි වටා කැරෙකෙමින් තිබුනි. දිලිනි තව දිනක් හෝ එහි පමා වීමට නොසිතූයේ ඒ බව දැනීමෙනි.
කවීශගේ නිවසෙහි දින කිහිපයක් රැඳී සිටි දෙදෙනා කවීශ නමින් ඇති වෙනම නිවසකට පදිංචියට පැමිනියේ සියලු සම්බන්ධතා හැකි තාක් දුරට මඟහරවා ගනිමිනි. එහෙත් මුල් කාලයේ විටින් විට දෙමව්පියන් පැමිණ සැප දුක් බලා යාම සිදුවිය .එය නිරන්තරයෙන් කල හැක්කක් නොවූයේ දෙපාර්ශවයම ව්‍යාපාරික ලෝකය තුල බෙහෙවින් කාර්යබහුල පවුල් වීම නිසාය . එය එක් අතකින් කවිශටත් දිලිනිටත් වෙස් වලාගත් ආශිර්වාදයක් විය.
ඒ වන විටත් තිළිනිත් සාගරත් මෙලොවින් සමුගෙන මසක පමන කාලයක් ගතවී තිබිනි. කවීශත් දිලිනිත් වෙන කල හැකි යමක් නොවූයෙන් මේ ජීව්තයට අපහසුවෙන් වුව හුරු වෙමින් සිටියහ. දෙදෙනාගේ තීරණය මත මියගිය තිළිනිත් සාගරත් වෙනුවෙන් ආරාමයකට දානයක් පූජා කර පින් පැමිණවීම සිදු කෙරිනි. ඉන් පසු සෑම වසරකම ලබන විවාහ සංවත්සර දිනයට එම දානමය පුණ්‍ය කර්මය මිය ගිය දෙදෙනා වෙනුවෙන් ඉටු කිරීමට ඔවුන් අමතක නොකලහ.
මාස දෙකක ඇවෑමෙන් දිලිනිත් කවීශත් මේ ජීවිතය අසතුටින් වුව එක්ව ගත කරන්නට හුරු වූහ. කවීශගේ රැවුම් ගෙරවුම් දිලිනි උපේක්ෂාවෙන් යුතුව දරා ගත්තාය. යහනේදී වුව තම අවශ්‍යතා සපුරා ගන්නා ඔහු කිසිදු ආදරයක් කරුණාවක් නොමැතිවම අනෙක් පස හැරී නිදාගත්තේය.. දිලිනි දහවලෙහි නිවසේ තනි වන විට නිතරම හැඬූ කඳුලින් පසු වූවාය. ඇය කෙතෙක් තිළිනි මෙන් හැසිරෙන්නට අඳින්නට පලඳින්නට ගති ගුණ වෙනස් කරගන්නට උත්සාහ කලත් කවීශගෙන් ඇයට හිමිවූයේ සෝපාහාස සිනහවක් පමනි.
මේ තත්වය මෙසේ පවතිද්දී මසක් ඇවෑමෙන් දිලිනිගේ කුසට දරුවෙක් පැමිණ ඇති බව දැන ගැනීම පවුලේ අසමඟිකම් දුරු කරන්නට හේතුවක් විය. කල් ගත වී පරීක්ෂණ තුලින් ඒ එක් දරුවෙක් නොව දරුවන් දෙදෙනෙක් බව දැන ගත්දී කවීශගේ මෙන්ම දිලිනිගේ ජීවිතය සතුටින් පිරී යන්නට විය.
තම ජීවිතයේ කරදර සියල්ල නිම වී ගියේ යැයි සිතූ දිලිනි කුසට පැමිනි දරුවන්ට පින් දුන්නාය. එහෙත් කල පව් පසු පස ඉක්මනින්ම හඹා එන බව ඇය මොහොතකට වත් සිතුවේ නැත.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 4533
22............................ .............................. .................
දේවිකා උන්නේ හැඬුම පාලනය කර ගත නොහැකිවය. ඈ සිරියා බදාගෙන හඬමින් උන්නාය. සැබවින්ම මෙය සත්‍යක් ලෙස පිලිගන්නේ කෙසේද....!
එතරම් ලොකු අනතුරක් වීත් තම දියණිය අනාතයකු ලෙස වල පල්ලට ගොස් තිබියදීත් මෙතරම් වසර ගනනක් ගත වන තුරුත් නොදැන සිටීම කෙසේ නම් වාවනු හැකිද..
" සිරියා ...සිරියා... අනේ සිරිය කියපු දේ එදා මටත් හිතන්න තිබ්බ... සිරියට සැකයක් තිබ්බ නේද මේකි දකිද්දිම...අනේ දෙයියනේ...."
"අනේ නෝනෙ....සැකයක් තිබ්බයි කියල ඔහොම දේවල් හිතන්නෙ කවුද දෙයියනේ.... මඟුලක් කාල ගිය නංගි වෙනුවට හිතුමතේට ගෙදරින් ගිය අක්ක ගෙදර ඒව්ය කියල..."
" උඹල කරපු අසමජ්ජාති වැඩේ අපිට පෙන්නන්නම තමා උන් දෙන්න උඹලගෙම දරුවො වෙලා ඇවිත් තියෙන්නේ..."
ජයවර්ධන මහතාගේ හඬින් දිලිනි මෙන්ම කවීශද තිගැස්සී ගියහ...
"අප්පච්චි...."
දිලිනි යමක් කීමට උත්සහ කලද ඊට අවස්තාවක් ලැබුනේ නැත..
" දරුවො දෙන්නත් මරා ගනින් පුළුවන් නම්... අපිට එවත් හැංගුවෙ ඒකටනෙ..."
"අනේ අප්පච්චි...එහෙම නෑ...අපි මේ හැමදේම කොහොමත් එලි කරනව කියල හිතාගෙනම තමා දරුවො දෙන්න ඩොක්ට ලඟට අරන් ගියේ... අපිට දරුවො මරාගන්න ඕන උනේ නෑ....!"
දිලිනි එසේ පවසන විට කවීශද තම හඬ අවදි කලේය.
"ඔ..ඔව් අප්පච්චි...ඩොක්ට පුතයි දුවයි චෙක් කලා.... ඒ දෙන්න වෙනම තියල ගොඩක් දේවල් ඇහුව...අපිට වෙනම කාමරේක ඉඳන් ඒ දේවල් එයාලට නොපෙනෙන්න අහන්න බලන්න හදල තියෙන්නෙ එතන...."
" ඒක ඇත්තක් අප්පච්චි ... ඒ සාගරයි තිළිනියිම තමා ...."
" ඒත් ඩොක්ට කියනවා දරුවො පුංචි නිසා ලොකු ප්‍රතිකර්ම වලට යන්න බෑ කියල.. ඩොක්ට කියන විදිහට ටිකෙන් ටික ලොකු වෙද්දි මේ දේවල් අමතක වෙන්න ඉඩ තියෙනව....ඉන්න පරිසරය ඒ මතක අවුස්සන දේවල් වලින් ටිකක් ඈත් වෙන්න කියල තමා කීවේ..."
කවීශ බැරෑරුම් ලෙස කිවේය.
" උන් දෙන්නට තියන අවලස්සනම මතකෙ උබල දෙන්න.. වෙන මොකුත් නෙවේ... උඹල දෙන්න දකින දකින වාරයක් ගානේ ඒ හය හතර නොතේරෙන පොඩි එවුන් ලෙඩ්ඩු වෙනව ..."
ජයවර්ධන මහතා පැව්සුවේ දැඩි බවකින් මෙන්ම කලකිරීමෙනි.. හදිසියේ යමක් මතක් වූ ජයවර්ධන මහතා වහ වහා තවමත් ඉකිබිඳිමින් සිටින දේවිකා දෙස බැලුවාය..
" දේවිකා...!"
" ම්ම්...හ් ඇයි...?"
"තාම මෙ ප්‍රශ්නෙ ඉවර නෑනෙ... කොයි අර රිපෝට් එක දෙන්න.."
දේවිකාට එය සිහිවූයේ එවිටයි. මේ කියන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට නොහැකි වූ කවීශත් දිලිනිත් දෑස් අයා පියා දෙස බලා උන්හ.
"කවීශ.....මේ මොකද්ද...?"
කවීශ ඉදිරියේ වෛද්‍ය වාර්තාව දමා ගසමින් ජයවර්ධන මහතා දැඩිව විමසීය..කවීශට එය එක්වර හඳුනා ගන්නට නොහැකි වූයෙන් අතට ගෙන පෙරලා බැලීය...
ඔහුගේ සියොලඟ දහදියෙන් තෙත්ව ගියේය. හිස ඔසවා කිසිවකු දෙස බැලීමට වත් ශක්තියක් ඔහු වෙත නොවීය. දිලිනි දැල්වූ දෑසින් කවීශ දෙස බලා උන්නේ මේ කුමක්දැයි දැන ගැනීම පිණිසය..
" කවීශ ඔය මොකද්ද... මොන මෙඩිකල් රිපෝට් එකක්ද...කෝ දෙන්න..."
දිලිනි එය උදුරා පෙරලා බලන්නට විය.. සැනෙකින් ඇගේ අත මුව දෙසට ගියේ අදහාගත නොහැකි යමක් දුටු ලෙසිනි...ඈ දෑස ලොකු කර එම බැල්මෙන්ම කවීශ දෙස බැලුවාය...
"
කවීශ.....කවී..ශ...අපෙ දරුවෝ එතකොට.....එහෙම උනේ...කොහොමද....ඇයි...ඇයි මට කිවේ නැත්තේ...දෙයියනේ..." දිලිනි ඇතුලාන්තයෙන් තව තවත් දැවී ගියාය. තම කුස පිළිසිඳගෙන ඇත්තේ සාගරගේම දරුවන් බව ඇයට වහා තේරුම් ගන්නට හැකි විය. නමුත්....නමුත් ... සාගරගම ලෙයින් ඔහුගේ ඊළඟ ආත්මය තම කුස තුළ පිළිසිඳගත හැකිද... මෙය අදහන්නේ කෙසේද...
" මට ...මට සමාවෙන්න දිලිනි...මට ඒක කියන්න ශක්තියක් තිබ්බෙ නෑ...ඒක උනේ ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ... ටෙස්ට් වලින් හොයාගත්තෙ. ...මං...මං හිතුවා නොකිය හිටියත් දවසක මේක දැනගනියි කියල....ඒත්...හිතුවෙ නැති විදිහට ඔයා ප්‍රෙග්නන්ට් උනේ..... මට ...මට විශ්වාස කරන්න බැරි උනා...මම ආපහුත් ටෙස්ට් එකක් කරා...ඒත් ඒකම තමා කිවේ...මං දැනගත්තා... ඒ වෙනකොට ඔයා සාගර මැරි කරලත්...මාස දෙකයි...ඔයා සාගරව මැරි කරල සතියකින් වගේනෙ ඇක්සිඩන්ට් එක උනේ....ඒ සාගරගෙ දරුවො කියල මං දැනන් හිටිය දිලිනි... මට සමාවෙන්න....මං මගෙ දරුවො ...මගේ ලේ වලින් හැදුන දරුවො වගේ තාමත් ආදරෙයි ඒ දෙන්නට...."
" ඒත් මට මුලදිම හිතාගන්න බැරි උනේ...සාගරගෙම දරුවෙක් වෙලා සාගර මැරිලත් ආය ආත්මෙකින් එන්න පුලුවන්ද කියල...එහෙම දේවල් මං...කවදාවත් අහල දැකල තිබුනෙ නෑ....! ඒත්...ඒත්....ඒක එහෙම වෙලා තියෙනව ...ඔයා දන්නෙ නැති උනාට මම ඩොක්ටර්ව මීට් වෙන්න තනියමත් ගියා. මං ඒ වෙලාවෙ ඩොක්ටර්ගෙන් ඔය ගැනත් ඇහුවා. ඩොකටත් ලොකූ විස්තරයක් කලා ඒ දේවල් ගැන. එහෙම වෙන්න පුළුවන් කියල තමා කීවෙ... "
මෙතෙක් වෙලාවක් මෙයට සවන් දී සිටි සිරියාට මෙය තේරුම් ගැනීමට අපහසුවක් නොවීය..
" සංසාරෙක හැටි . ...!"
ඇගේ මුවින් නිතැතින්ම එය පිටවිය.
දරුවන් නිදන කාමරය දෙසින් කතා හඬ ඇසුනෙන් සියලු දෙනාම නිශ්ශබ්ද වූහ. වෙහෙසකර ගමනකින් පසු සුව නින්දකට පත් සිඟිත්තන් දෙදෙනා අවදි වීමට කල් ගත වීමද වාසියක් වූයේ ඔවුන් සිටින තැන මේ දේවල් කතා කිරීමට අපහසු බැවිනි...
සිරියා ඉක්මන් ගමනින් කාමරය වෙත ගියාය. දිලිනි උන් තැනින් නැඟිට්ම්දෝ නැත්දෝයි සිතමින් කල් මැරුවාය.. සිරියා කාමරයෙන් පිටතට පැමිනියේ දරුවන් දෙදෙනාගෙ දෑතින් අල්ලාගෙනයි.. තම මිත්තණිය දුටු දියණිය සිනහ නඟමින් ගොස් දේවිකාගෙ ඇකයට පැන්නාය.. දේවිකාට හැඬුම් පාලනය කරගැනීම ඉතා අපහසු විය.. ඈ සිඟිති දියණිය තම සිරුරට තද කරගෙන හිස සිම්බාය. පුතු තවමත් උන්නේ සිරියාගේ අතේ එල්ලී වට පිට බලමිනි.. කුඩාම කාලයේ සිටම පුතු තමාටත් බිරිඳටත් අමුතු බයකින් මෙන් පසු වූයේ මන්දැයි තේරුම් ගැනීමට ජයවර්ධන මහතාට අපහසු වූයේ නැත.. ඔහු සෙමින් නැඟිට විත් කුඩා පුතු වඩා ගත්තේය.. තම සීයාගේ මුහුණ දෙස බලා සිටි පුතු එක් වරම දෑසේ කඳුලු පුරවා ගත්තේය.
" අනේ මගෙ චූටි පුතා මොකද අඬන්න හදන්නෙ.. සීයට බයද...? " ජයවර්ධන මහතා සෙනෙහසින් විමසීය..
"දිලීගෙ අප්පත්ති මාත් එක්ක තලහද...?"
එක් වරම පුතු අහිංසක ලෙස ජයවර්ධන මහතාගේ මුහුණ දෙස බලා විමසීය. එවදන් ඇසුනු දිලිනිගේ හැඬුම යලිත් අලුත් විය. ජයවර්ධන මහතා මහත් අනුකම්පාවෙන් දරුවා දෙස බලා උන්නේය..
" මගෙ පුතා එක්ක ආච්චම්ම වත් සීය වත් කවුරුවත් තරහ නෑ.. පුතාට අපි හැමෝම ආදරෙයි..තේරුනාද.."
ජයවර්ධන මහතා දරුවාගේ හිස සිඹිමින් පැවසීය.. අතීතය කුමක් වුවත් මේ දරුවන් දෙදෙනාගේ අනාගතය සුරක්ෂිත කල යුතු බැව් ජයවර්ධන මහතාගේ සිතට තදබල ලෙස දැනුනි.
මේ අතර සිඟිති දියනිය තම මිත්තනිය සමඟ සුරතල් වෙමින් සිටියාය..
අතීතය වමාරා අවසන් වී ඇතත් ඒ මඟින් අනාගතයට සිදුවන හානිය වලකා ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කල යුතු බව ජයවර්ධන මහතාට වැටහෙමින් පැවතිනි.. මේ ඒ පිලිබඳව කතා කල යුතු වේලාවද නොවේ..
"සිරියා මේ දරුවන්ට කෑම හදල දෙන්න.. මහන්සිත් ඇති.. අපි දැන් යනව. දේවිකා අපි යමු.."
ජයවර්ධන මහතා හදිසියේම කියා සිටියේ තවදුරටත් ඒ මොහොතේ මේ ගැටලුවට පිළියම් සෙවීම සිදුකල නොහැකි බැවිනි.. සිරියාට වුව කීමට යමක් නොවීය. කවිශ ගෙන් සහ දිලිනිගෙන් සමු නොගෙනම ජයවර්ධන දෙපල නිවසින් පිටව ගියහ..එහෙත් වාහනයට නඟින අතරතුර කවීශත් දිලිනිත් ඔවුන් දෙදෙන පසුපසම සමාව අයදින ස්වරූපයෙන් පැමින සිටිනු දුටු ජයවර්ධන මහතා රිය පන ගන්වා කතාව ඇරබීය.
" පොඩ් උන් දෙන්න සනීප කරගන්න මං ඕන දෙයක් කරනවා. හැබැයි උඹල දෙන්න නිසා නෙවෙයි. මගෙ පොඩි කෙල්ල නිසා.. අපි අකමැත්තෙන් හිටියත් අර දරුවත් කාගෙ හරි අම්මෙක් තාත්තෙක්ගෙ දරුවෙක්.. උන් දෙන්න වෙනුවෙන් මං ඕන දෙයක් කරනව..සාගරගෙ ගෙදරට මේ දරුව නැති වෙලා තියන බව දැනුම් දෙන්න ඕන. ඒක තමුන්ල දෙන්න මොන විදිහෙන් හරි කරන්න ඕන.. මට කමක් නෑ ඒ මිනිස්සුන්ට තමුන් අක්කද නංගිද කොහොම පෙනී හිටියත්. මට ඕන ඒ දෙමව්පියන්ට ඒ දරුවට වෙච්ච දේ දන්වන්න .. තමුන්ලා ඒ දේ කරන්න ඕන...හැකි ඉක්මනින්.."
කවීශට හෝ දිලිනිට යමක් කීමට වත් ඉඩ නොතබා ජයවර්ධන මහතා රිය ඉදිරියට ධාවනය කලේය..
"අනේ කවීශ ...අපි මොකද කරන්නෙ.. අපි කොහොමද මේ දේවල් සාගරගෙ ගෙදරට කියන්නෙ දෙයියනේ... මෙච්චර කල් නොකිය ඉඳල..."
කවීශට ඇති වූයේ නොරිස්සුමකි..
"මෙච්චර කල් නොකිය හිටපු හැමදේම එලි උනෙ දැන් ඔය...ඕකත් කියල දාන එකයි ඇත්තෙ..තවත් වෙන්ඩ දෙයක් තියනවද.. ඒ මිනිස්සුත් අපට සාප කරයි..එච්චර තමා.."
අනේ කවීශ....මේ හැමදේම එයාලට කියන්න ඕන නෑ. .. අනෙ අපෙ දරුව සාගර කියල දැනගත්තොත්.....! එයාල දරුව පස්සෙ වැටෙයි දෙයියනේ. ."
දිලිනි එකරුණ මතක් කරන තුරු කවීශට ඒ පිළිබඳ සිහි වූයේ නැත. නැති වූ පුතුගේ සෙනෙහස නැවත ඉපදුනු පුතුගෙන් සෙවීමට සාගරගේ දෙමව්පියන් උත්සහ කලහොත් එය මහා ගැටළුවක් වනු ඇත.. දිලිනිගේ පියා නොකියා කියන්නට ඇත්තේද මෙය වන්නට ඇතැයි කවීශ සිතුවේය. ඔහු පැවසුවේ අක්කා ලෙස හෝ නංගි ලෙස පෙනි සිටියත් තමාට කම් නැති බවයි.. සත්‍ය ඉදිරිපත් කලහොත් ඇතිවන ගැටළුව ඔහුටද දැනෙන්නට ඇතැයි කවීශ සිතුවේය. කෙසේ වුවත් දැන් සියල්ල හෙලි වී හමාරය. සාගරගේ දෙමව්පියන් හමුව සුදුසු ආකාරයකින් හැකි ඉක්මනින් ඔවුන්ගේ දරුවාට සිදුවූ දෙය පවසා සිත නිදහස් කර ගත යුතු බව කවීශ ඉටා ගත්තේය.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 4746
20............................ .............................. ...................
" මේ හැමදේම පටන් ගත්තේ දිලිනිට මාව ප්‍රොපෝස් කරපු දා ඉඳල ...."
කවීශ සුසුමක් හෙලා මොහොතක් නිහඬව උන්නේය.
"සිරිය මට වතුර එකක් ගේනවද.."
අසරණ ලෙස කවීශ සිරියාගෙන් ඉල්ලා සිටියේය. සිරියා වහා කුස්සියට දිව ගියාය. සියලු දෙනා උන්නේ නොඉවසිලිමත් දෑසින් කවිශ දෙස බලාගෙනය . සිරියා ගෙන ආ වතුර වීදුරුව කවීශ එක හුස්මට බීවේ දැඩි පිපාසයකින් උන් අයෙක් මෙනි. තවත් මොහොතක් නිහඬව සිටි කවීශ කතාව ආරම්භ කිරීමට පෙර ජයවර්ධන මහතා දෙස බැලීය.
" මට කියනවද අප්පච්චි ලඟ තියෙන සාක්ෂි මොනවද කියල..."
කවීශගෙ ප්‍රශ්නයට ජයවර්ධන මහතාගේ මුහුනට නැඟුනේ දරුණු සෝපාහාස සිනහවකි.
" අයිසෙ...තමුන් හිතුවද අපි මේ බොරුවට කිව්වෙ කියල. ඇයි සාක්කි අහන්නෙ කතාව එහෙ මෙහෙ කරන්න ඕනවටද...!
ජයවර්ධන මහතාගේ දැඩි හඬට කවීශ තවත් අසරන විය..
" න්..නෑ.නෑ අප්පච්චි...මට හිතාගන්න බෑ ඒ මොනවගේ සාක්ශිද කියල...ඒ..ඒකයි...."
මෙතෙක් නිහඬව උන් දේවිකා තම බෑගය විවුර්ත කර ජායාරූප දෙක පමණක් ඉවතට ගත්තේ තම සැමියා දෙස යටැසින් බලමිනි. ජයවර්ධන මහතා හිස සෙමින් සලා එය අනුමත කලේය. දේවිකා ජායාරු දෙක මේසය මත දැමුවේ කෝපයෙනි.
" ජෝඩු දාල ගිය ඒවනෙ ඔය. කොහොම රඟපෑමක්ද කලේ හ්හ්..ඒ නැතත් පොඩි දරුවො දෙන්නගෙ කතා මදිද අපට යමක් හිතාගන්න. උන් දෙන්න ඇවිත් තියෙන්නෙ මේ අපරාද අපිට පෙන්නල දෙන්නම තමා..."
දේවිකාගේ තියුනු වදන් හමුවේ කව්ශගේ දෑස් එක් වරම යොමු වූයේ සිරියා දෙසටය..සිරියා නොසැලෙන දෑසින් ඔහු දෙස බලා උන්නේය. නමුත් මේ අතරතුර තිළිනිගේ නෙත් පුදුමයෙන් මෙන් යොමුව තිබුනේ ජායාරූප දෙසටයි.ඈ සැලෙන දෑතින් ජායාරූප අතට ගත්තාය.
"ක්..ක..වීශ.... ඔයා කිව්ව නේද මේ හැම පොටෝ එකක්ම ගිනි තිබ්බ කියල..එත්..තකොට...මේවා..."
කවීශ අසරන දෑසින් සමාව අයදින බැල්මක් ඈ දෙස හෙලුවේය.
තවත් මේ කතා දිග්ගැස්සෙන්නට ප්‍රතම ජයවර්ධන මහතා තම හැඬ අවදි කලේය.
" තමුන් දෙන්නගෙ ප්‍රශ්න පස්සෙ බලාගන්නව අනික..ලොකූ...!තමුසෙ චූටි වගේ කරන රඟපෑම අපි හොඳට දන්නව. ..."
තිළිනි ලෙසින් මෙතෙක් තමා ලෝකයාට හඳුන්වා දුන් දිලිනිගේ දෑස අසරන ලෙස බිමට යොමු විය .
"හ්ම් කියනව ඉතින් කතාව ."
ඒ ප්‍රොපෝසල් එක ගේන්නත් කලින් ඒ කීවෙ...රට යන්නත් කලින් ඉඳලම...මගෙ හිතේ අදහසක් තිබුනෙ දිලිනි ගැන නෙවෙයි තිළිනි ගැන..මම කවදාවත් කාටවත් ඒක කියල තිබුනෙ නෑ.
ඒත්....ගෙවල් වලින් මේක තීරණය කරාම මට කරන්න දෙයක් නැති උනා...
මං දිලිනි එක්ක කතා කරේ උවමනාවකින් නෙවෙ...ඒ නිසාම මෙයාටත් ඒක තේරිලා සාගර එක්ක තිබ්බ සම්බන්දෙ ගැන මට කිව්ව..."
" ආ... තමුසෙල එහෙනම් ඒකයි මේ ගෑනු මාරු කරන් නටපු නාඩගම..."
" හ්ම්ම්ම්... ඒ උනත් අන්තිමට මගෙ ලඟ නතර උනේ මෙයානෙ.."
කවීශ පැවසුවේ දිලිනි දෙස නෙත් යොමු කරමිනි. ඈ අසරනව කඳුලු පිරි දෑසින් ඔහු දෙස බල උන්නාය..කවීශ නැවතත් කතාව ආරම්භ කලේය.
" හැබැයි තිළිනි අන්තිම මොහොත වෙනකන් මේ දේවල් දැනන් හිටියෙ නෑ..."
සිරියා තමා සිතූ දෙය නිවැරදි වීමෙන් තනිවම හිස සලා එය අනුමත කරගත්තාය.
" දිලිනියි මායි දෙන්න සාගර හම්බෙලා මේව තීරණය කලා.නංගිව අපි යන කිසි තැනකට එක්ක නොගියෙත් ඒකයි. මොකද නංගි මේක දැනගත්තනම් මොනම වෙලාවක හරි එයාගෙ කටින් මේක පිටවෙයි කියල අපිට බයක් තිබ්බ. අන්තිමට... එදා මේ දෙන්න පැනල ගියා... මෙයාලට යන්න මම තැනක් ලෑස්ති කරා නුවර එළියෙ...මගෙ යාලුවෙක්ගෙ තැනක්.. හ්ම්ම්"
" පාලිත රත්නසේකර ඇමති තුමාගෙ පුතා කාවිංග... එයාලගෙ බංග්ලො එකක් තියනව එහෙ.. එතන තමා ලෑස්ති කරේ... එතකොට එහෙදිම මේ දෙන්න කසාද බැඳලා ඒවත් ඉවර කරා.. තිළිනිට මේ දෙවල් කිවේ එදා එයා මැරි කරන්න කැමති කියල අපි එහෙ ආව දවසෙ....එයා.... එයා...තේරුම් ගත්තා මං එයාට ආදරේ නිසයි මේව කලේ කියල...අක්ක ගැන එයා ගොඩක් දුක් වුනා. ."
එවදන් පවසන විට කවීශගේ දෑස් තෙත්ව ගියේය...මධුසමය සඳහා සොයුරිය සිටින තැනටම යන බව දැනගත් පසු තිළිනි සොයුරියට රෙදි පිලි පවා අලුතින් ගෙන සූදානම් කර ගත්තේ මහත් සෙනෙහසිනි.
"අයියෙ ...,අක්කි පොඩි රෙදි බෑග් එකක් නෙ අරන් ගියේ. මං අලුත්ම එයා ආස විදිහෙ ඇඳුම් ටිකක් ගත්ත. අපි පස්සෙ තව උදව් කරමු එයාලට..."
තිළිනිගේ ඒ ආදරණීය වදන් තවමත් කව්ශට ඇසෙන්නාක් මෙන් දැනුනි. ඔහු සෙමින් දෑස පිසදා යලිත් කතාව ආරම්භ කලේය..
"කොහොම හරි අපෙ වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නත් ගියේ එහෙට... ඒ උනත් අපි ගෙදරට කිවෙ නුවරෙලියෙ හොටෙල් එක්ක නමක්.... සාගරට අපි කියල තිබුනට දිලිනි දැනගෙන හිටියෙ නෑ අපිත් එහෙ එයි කියල.. " කවිශ යන්තම් දිලිනි දෙස බැල්මක් හෙලමින් කීවාය.
ඈ නිහඬවම බිම බලා උන්නාය. තවමත් කිසිවකුටත් මේ කතාවේ අග මුල පැහැදිලි නැති බැවින් සියලු දෙනා දෑස් යොමා කවීශ දෙස බලා උන්හ.
"හැබැයි අපිට එහෙ එකට සතුට්න් වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නෑ.....අපි සති දෙකක් එහෙ හිටියට වෙන්න තියන හැමදේම උනේ ඒ සති දෙකේ තමා...."
කවීශ සුසුමක් හෙලමින් පවසන විට දිලිනි සෙමින් කඳුලු පිසදා ගත්තාය. මේසය මත වූ සාගරත් දිලිනිත් කවීශත් තිළිනිත් එකට සිටින ජායාරූපය අතට ගත් කවීශ ඒ දෙස බලාගෙනම කතාව ඇරඹීය.
"මෙ ෆොටෝ එක ගත්ත දවසෙම තමා මේක උනෙත්...හ්ම්ම්. මේක ගත්තේ කාවිංග ,මගෙ යාළුවා...එදා අපි උදේම ලෑස්ති වෙලා ටිකක් ඇවිදින්න යන්න ගියේ. මගෙ කාර් එකේ අපි හතර දෙනා ගියේ. කාවිංග එයාගෙ වාහනෙත් අරන් ආව එයාගෙ ගර්ල් ෆ්‍රෙරෙන්ඩ් එක්ක..හ්ම්ම්... අපි...අපි එදා ගොඩක් ඇවිද්ද... කෑව බීව...සතුටු උනා...ඒත් එත්...මෙහෙම දෙයක් වෙයි කියල අපි හීනෙන් වත් හිතුවෙ නෑ... "
කවීශ ආවේගයෙන් කියාගෙන ගියේය. ජයවර්ධන මහතා බලා උන්නේ නොඉවසිලිමත් දෑසිනි..
අපිට ....අපිට මොකුත් හිතන්නවත් වෙලාවක් තිබුනෙ නෑ දෙයියනේ.....අපෙ වැරැද්දක් නිසා එයාල නැති උනා නෙවෙයි..."
දේව්කා පපුවේ අත ගසා ගත්තාය. සිරියාගෙ දෑසින් කඳුලු කඩා වැටෙමින් තිබුනි..
"අනෙ මගෙ අහිංසක දරුව....ඇයි දෙය්යනේ අපට මේව කීවෙ නැත්තෙ මිනිහෝ...!මගෙ දරුව....මගෙ දරුවගෙ මිනියවත් අපි දැක්කෙ නෑ.... උඹල එකතු වෙලා මොකද්ද කරේ කියපන්...මරාගත්තෙ නැත්තං මොකද උනේ මගේ දරුවට.. මගෙ අහිංසක දරුව මරාගෙන උඹ කොහොමද ඒකිගෙ අක්කත් එක්කම පවුල් කෑවෙ දෙයියනේ. .. දිලිනි.... ! උඹ මොන වගේ හැතිරියක්ද.. ..! උඹ කොහොමද මේ වගේ දෝහි උනේ. එක පාරක් නෙවේ දෙපාරක්ම. අවුරුදු ගානක්ම....දෙයියනේ..."
දේවිකා මහා කම්පනයකින් හඬම්න් පැවසුවේ ඉවසුම් නැතිවය. ජයවර්ධන මහතා දෑත හිසෙහි රුවා ගෙන කිසිවක් ඇදහිය නොහැකි ලෙස කල්පනා කරමින් උන්නේය. සිරියා දේවිකා අසලට ගොස් ඈ සන්සුන් කරන්නට වූවාය ..
මෙතෙක් වේලාවක් නිහඬව සිටි දිලිනි තවත් එසේ නොසිටිය යුතු බව තීරණය කලාය. ඉන් පසු සිදුවූ සෑම දෙයක්ම තමාගේ තනි තීරණයට සිදු වූ බව ඈ දන්නීය. කවීශ මේ වරදින් මුදා ගත යුතු බව ඈ තීරනය කලාය.
"අනේ අම්මේ....කවිශට බනින්නෙපා දෙයියනේ ....ඒ හැම දේම උනේ මගෙ උවමනාවට....කවීශට එහෙම ඕන කමක් තිබුනෙ නෑ..... කවීශ ආදරේ කරේ නංගිට. මං...මං...දන්න තරමින්....අදට උනත් ...කවීශ ආදරේ නංගිට විතරයි..!"
අපිට ....අපිට ඒ දෙන්නම බේරගන්න බැරි උනා දෙයියනේ...අපෙ වැරැද්දක් නෙවේ....ඒක ඇක්සිඩන්ට් එකක් අම්මේ..! ඇක්සිඩන්ට් එකක්.. අපි ඒ දෙන්න මරාගත්තේ නෑ...කවීශට පවා අමාරු උනා සිහි තිබ්බෙ නෑ...මට විතරයි....යන්තම් කෑ ගහගන්නවත් පන තිබුනෙ දෙයියනේ.... "
"කාවිංගල පස්සෙන් ආව නිසා ඉක්මනටම කට්ටිය එකතු කරගෙන අපිව ගොඩගත්තෙ.....හ්හ්.. කවීශටත් සිහිය නෑ ....මං මං ගොඩාක් බය උනා...මං තනිවෙයි කියල.. "
දිලිනි හඬමින් වුව සියල්ල එක දිගට කියා ගෙන ගියාය.
" කාර් එකත් ගොඩක් ඩැමේජ්.... ඒ දේවල් මෙහෙ කාටවත් දැනගන්න බැරි වෙන්න වැඩ කරන්න අපිට හැමදේටම උදව් කරේ කාවිංග...හැබැයි...හැබැයි එහෙම කරන්න කියල මම තමයි එයාට බල කලේ...කාවිංගගෙ තාත්ත නිසා ගොඩක් දේවල් කරගන්න පුලුවන් උනේ අපිට.. මීඩියා වලට වත් නිව්ස් එක යන්නෙ නැති වෙන්න කාවිංග තාත්තට කියල ගොඩක් දේවල් කරා..
අපිව හොස්පිට්ල් ගෙනියද්දිත් කවීශට සිහිය තිබ්බෙ නෑ... මට පොඩි සීරිම් වෙලා තිබ්බෙ.. ඒවට බෙහෙත් කලා... මං ..මං... කවීශට සිහිය එන්නත් කලින් මගෙ ජීවිතේ බේර ගන්න පුළුවන් හැම දේම කරා.... මට තනි වෙන්න බෑ.... මං... මං දැනන් හිටිය මට කාත් කවුරුත් නෑ කියල... මං වෙන මොනව කරන්නද...මං නංගිව මරා ගත්තේ නෑ දෙය්යනේ.. මං මොකටද එහෙම කරන්නෙ මගෙ නංගිට. ..හ්හ්..."
" කාවිංගට මම කිව්ව මේ දේවල් පිට යන්න නොදී වහල දාන්න කියල.. එයයි එයාගෙ ගර්ලුයි දෙන්නම මම කියන දේවල් හිතාගන්න බැරිව හිටියෙ... මං ...මං කිව්ව හොස්පිට්ල් එකට මැරිල තියෙන්නෙ මං කියල මගෙ විස්තර දෙන්න කියල... මං ... වෙන මොනව කරන්නද..... ඒත් ඒව ලේසි දේවල් නෙවේ... කාවිංගගෙ තාත්තගේ දේශපාලන බලෙන් හැම දේම කරගත්තෙ.....අනේ මට සමාවෙන්න අප්ප්ච්චී....."
එවදන් වලින් අතිශය කෝපයට පත් වූ ජයවර්ධන මහතා සැනෙකින් දිලිනි වෙත පැමිණ පහර පිට පහර දෙන්නට පටන් ගත්තේය...
"පර බැල්ලි.... තෝ කොහොමද තමංගෙ නංගිට එහෙම කරේ යකො... හිඟන්නියක් වගේ ....කාත් කවුරුත් නැතිව ඒකිගෙ මිනිය වලදැම්මෙ කොහොමද උබලා....කියපං හැතිරි..කියපං...."
"අනේ....අප්පච්චී.....ගහන්නෙපා. ..."
දේවිකා මහ හඬින් වැලපෙමින් සිටියා මිස දිලිනි බේරා ගැනීමට කිසිවක් නොකලාය. එහෙත් සිරියා සහ කවීශ මැදිහත් වී ඔවුන් දෙදෙනා දෙපසට කලහ.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න