ආත්ම බන්ධන 18
- Details
- පුෂ්පිකා විජේරත්න
- Athmabandhana
- Hits: 544
18............................ .............................. .........
වික්‍රමරත්න නිවස තුල වූයේ මහා නිහැඬියාවකි. තවත් දින කිහිපයකින් මංගල්‍යයක අසිරිය විඳින්නට සූදානමින් සිටි නිවස මේ වන විට මලගෙදරක ස්භාවය ගෙන තිබිණි. මොහොතකට කලින් ව්‍යාපාරික ස්ථානයේ සිට කලබලයෙන් නිවසට පැම්ණි වික්‍රමරත්න කියූ අසුභ ආරංච්ය තුෂාරිගේ සිත මහත් කම්පනයට පත් කර තිබිණි. ගැහැණු දරුවෙකුටත් වඩා ගුණයහපත් කම් වලින් හෙබි තම පුතුට මෙවැන්නක් කෙසේ දරාගත හැකි වේ දැයි තුෂාරිට සිතා ගත නොහැකි විය. පුතු දැනටමත් මේ ගැන දන්නා බව ජයවර්ධන තම සැමියාට පවසා ඇත්තේ හැඬූ කඳුලිනි.
" වික්‍රම , අපි මොනවද දැන් නෑදෑයොන්ට කියන්නේ..! අනිද්ද නැන්දල එන්ව කිව්ව අපෙ අක්කලත් එනව කිව්ව... මොකද කරන්නෙ වික්‍රම මට තේරෙන්නෙ නෑ..!"
" කලබල කරන්නෙපා තුශාරි. පුතා එක්ක කතා කරල බලන්න.. පව් කොල්ලා.. එහෙ ගිහින් ඇවිත් තමා ඔය දොර වහගෙන කාමරේට වෙලා ඉන්නෙ..."
" ඔයා කොහොමද වික්‍රම ඔහොම ඉන්නෙ. ඒ අපෙ දරුවා. එයා කාගෙන්වත් ඔහොම රැවටෙන්න ඕන කෙනෙක්ද...! ඔයා ඔයාගෙ යාළුවා ඔලුව උඩට ගත්ත වැඩියි.. ඒකයි මේ හැමදේම..!
"එහෙම කියන්නෙපා තුෂාරි ..! දරුවන්ගෙ වැරදි වලට ජයේ මොනව කරන්නද. ජයේ කියන්නෙ කොච්චර හොඳ මනුස්සයෙක්ද කියල ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. අපිට කොච්‍චර නම් උදව් කරල තියනවද...!දරුවන්ගේ වැඩ නිසා ඒ දේවල් අමතක කරගන්නෙපා තුෂාරි..."
"හරි..හරි.. එත් දැන් අපිට මේ උන ලැජ්ජාව... කී දෙනෙක් නම් මේක දැන ගනියිද. පුතා බිස්නස් ෆීල්ඩ් එකට ආව විතරයි. කී දෙනෙක් නම් ඕකට හිනා වෙයිද..!"
තුෂාරි කියා සිටියේ තම වැඩිමල් පුතු ගැන ඇති වූ අපමණ වේදනාවෙනි.
"ඒක තමයි තුෂාරි කලබල වෙන්නෙපා කියන්නෙ.. කලබල වෙල අඬල දොඩල මේව ලෝකෙටම ලීක් කරගන්න හදන්නෙපා. අපි හෙමිහිට හිතමු. "
"මොනව හිතන්නද..!අඬන්න දොඩන්න ඕන නෑ. වෙඩින් එක කැන්සල් කරා කීවම හැමෝම හැමදේම දැනගයි ...බලන් ඉන්නකො.."
" ඒක එහෙම වෙන්නෙ නෑ තුෂාරි. ඔයා ගිහින් පුතා එක්ක කතා කරන්නකෝ.."
වික්‍රම පැවසුවේ කල්පනාකාරී හඬකිනි. සැමියා ලඟ කුමක් හෝ විසඳුමක් ඇත්දැයි තුෂාරිට සිතිනි. තුෂාරි බලා සිටියදීම තම කාමරයට වැදුනු වික්‍රමරත්න දොර වසා දැම්මේය.. තුෂාරි සෙම්න් සෙමින් පඩිපෙල නැඟ ඉහල මාලයට ගියේ පුතු සමඟ මේ පිළිබඳව කතා කිරීමටයි.
"පුතා ..., පුතා... දොර අරින්නකෝ.."
" ලොක් කරල නෑ අම්මෙ ඇතුලට එන්න.."
දොර ඇරගෙන කවීෂගේ කාමරයට පිවිසි තුෂාරි දුටුවේ කාමරයේ ජනේලය අසලට වී දුර ඈත බලාගෙන කල්පනාවේ යෙදී සිටින කවීෂවයි. තුෂාරිගේ පපුව දැවී ගියේය. හෙට දිනයේ දසතින් නැගෙන සම්ච්චල් සිනා හඬවල් ඔහු කෙසේ නම් දරා ගන්නද..!
"පුතා... මොනවද කල්පනා කරන්නෙ.. ?
ඇසීමට යමක් නොවූ කල එසේ අසමින් තුෂාරි කවීශගේ ඇඳෙහි වාඩි ගත්තාය.. පසෙක වූ පුටුව මත වූයේ කවීෂගේ මංගල ඇඳුම් කට්ටල තුනයි. ඊයේ රාත්‍රියේ ඔහු කුඩා දරුවකු මෙන් ඇඳුම් කට්ටල තුනම මාරුවෙන් මාරුවට ඇඳ තමාට පෙන්වූ හැටි තුෂාරිට සිහිවිය. ඇගේ දෑසට කඳුලක් නැගිනි. පුතු තවමත් ඉවත බලා ගත් ලෙසමය. නිහැඬියාව බිඳිමින් කතාව ආරම්භ කලේ කවීෂමය.
"අම්මා..., තාත්ත ආවා නේද..?"
"හ්ම්ම්..., ඔව්"
"තාත්ත හැමදේම කියන්න ඇතිනෙ.."
" හ්ම්ම්.."
තවත් යමක් කියාගත නොහැකිව තුෂාරිට ඉකිගසා හැඬිනි. කවීෂ ජනේලය අසලින් මෑත් වූයේ මවගේ ඉකිගැසීම නිසාවෙනි.
" අම්මේ....අනේ අම්මේ...අඬන්නෙපා...ඇඬුව කියල වැඩක් නෑනෙ... "
" අනේ පුතේ..... ඔයාට මිනිස්සු හිනාවෙයි දැරුවෝ.... මං කොහොමද මේව බලාගෙන ඉන්නෙ...!"
"මිනිස්සු මොකටද මට හිනාවෙන්නෙ අම්මෙ....මංද වැරැද්ද කරේ. මංද පවුලේ නම්බුව නැති කරේ...! ඇයි මට හිනාවෙන්නෙ...ඇරත් මිනිස්සු කියන හිතන දේවල් වලින් මට වැඩක් නැ අම්මේ.... ඉතින් අඬන්නෙපා..."
කවීෂ නොයෙකුත් දෑ කියමින් මව සනසන්නට විය.. ටික වේලාවකට පසු පුතුට නිදහසේ ඉන්නට සලස්වා තුෂාරි කාමරයෙන් පිට වූවාය.
එදින නිවසේ කිසිවකුත් දිවා ආහාරය ගත්තේ නැත. තිදෙනා තැන් තුනකට වී කල්පනා කරා පමණි..මංගල්‍යය වෙනුවෙන් නිවසේ පිරිසිදු කිරීම් අස් පස් කිරීම් මෙහෙකරුවන් විසින් තව දුරටත් කරගෙන ගියේ ඔවුන් මේ කිසි දෙයක් නොදත් බැවිනි. ඒවා නවත්වන ලෙස කීමට හෝ උනන්දුවක් කිසිවකු තුල නොවීය. එහෙත් රාත්‍රී 7 පමණ වන විට මුළුතැන්ගෙයි මෙහෙකරුවන් විසින් ආහාර පිළියෙල කර මේසයට ඇර වික්‍රමටත් තුෂාරිටත් ඒ බව දන්වා සිටියහ. මහා කල්පනාවක සිට මිදුනු වික්‍රම තුෂාරිට කතා කලේය.
තුෂාරි ..., ගිහින් පුතාව එක්කරගෙන එන්න. මේ ගැන අපි කන ගමන් කතා කරමු. තව කල් ඇරල වැඩක් නෑ.අපි ඉක්මනින් හොඳ තීරණයක් ගන්න ඕන.."
වික්‍රම දෙස තුෂාරි බලා උන්නේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසිනි. එහෙත් කිසිවක් විමසීමට ඉක්මන් නොවූ තුෂාරි වහා පුතුගේ කාමරය වෙත ගියාය. පියා යම් තීරණයක් ගෙන ඇති බවත් ඒ ගැන කතා කිරීමට පහලට පැමිණෙන ලෙසත් තුෂාරි කවීෂට පැවසීය. මවට කීකරු වූ කවීෂ මව සමගින්ම පහලට පැමින කෑම මේසයේ වාඩ් වූයේය .
නිහඬ මිනිත්තු කිහිපයක් ගෙවී ගිය අතර තුෂාරි නිහඬවම තිදෙනාට කෑම බෙදුවාය. ආහාර ගන්නා අතරතුර වික්‍රමරත්න තම හඬ අවදි කලේය.
"පුතා...ඔයා මොකුත් හිතුවද කරන්න දෙයක්..!"
" තාත්තට මොකුත් විසඳුමක් තියනවද.."
කවීෂ විමසුවේ පිඟාන දෙසටම නෙත් යොමා ගනිමිනි. තුෂාරි කෑම කෑවා නොවේ අතගෑවා පමණි.
" තුෂාරි ..., මං තීරණයක් ගත්තා. ඒත් මේකට ඔයලාත් කැමතිනම් විතරක්.."
" මොකද්ද වික්‍රම...?"
" තුෂාරි ...., අපි මේ කසාදෙ කරන්න හැදුවෙ යාලුකම් විතරක් නෙවේ බිස්නස් පැත්තත් බලලනෙ. මේ බිස්නස් දෙක එකට වෙනව කියන්නෙ අපිට ලොකු ගමනක් යන්න පුළුවන්.."
"හ්ම්ම් ...ඉතින්.."
" ඉතින්..... අපි....ජයේගෙ පොඩි දුව ගැන කතා කරමු..!"
කවීෂ එක් වරම තම පියා දෙස බැලුවේ අදහාගත නොහැකි ලෙසිනි.. තුෂාරිද එසේමය..එහෙත් වික්‍රමරත්න තුල කිසිදු කලබලයක් නොවීය.
" මොනවද වික්‍රම මේ කියන්නෙ..! එක පාරක් රවට්ටපු තැනට ආපහු මඟුල් කතා කරන්න..! "
" හෙමීට හෙමීට...! මේ ගෙදර තව මිනිස්සු ඉන්නවනෙ.. තුෂාරි කියන දේ තේරුම් ගන්න. අපිට ඇතිවෙලා තියෙන ලැජ්ජාව ටිකක් හරි අඩු කරගන්න ඕන නේද අපි..මඟුල කැන්සල් කරන්න දෙයක් නෑ.. මේ විදිහටම කරගෙන යන්න තියෙන්නෙ.."
එවර තුෂාරි කල්පනා සහගත ලෙස නිහඬව උන්නාය. එවර වික්‍රමරත්නගේ දෑස යොමු වූයේ පුතු දෙසටයි.
" පුතා මොකද කියන්නෙ.. ? මං දන්න තරමින් ලොකු දරුවට වඩා පොඩි කෙනා ටිකක් නිවුනු ගති ඇති කෙනෙක්.."
" තාත්තෙ...මං දන්නෑ ...ඇත්තටම වෙන විසඳුමකුත් නෑ... ලැජ්ජ වෙනවට වඩා එහෙම හොඳයි කියලත් හිතෙනව.ඒත්..."
" ඇයි ඒත්..?"
ජයවර්ධන අංකල්ලා කැමති වෙයිද. ඊටත් තිලිනි නංගි...? ගෑනු ලමයෙක් එහෙම හදිසි කසාදයකට කැමති වෙයිද. .?"
එවර වික්‍රමරත්නගේ මුවට් නැඟුනේ සිනහවකි..
" පුතේ... ඔයා හිතනවද ජයවර්ධන අංකල් අකමැති වෙයි කියල..? එයා උඩින්ම කැම්ති වෙනව.මොකද එයාටත් ඕන මේ ලැජ්ජාවෙන් ගැලවෙන්න.. දරුව නම් දෙමව්පියො කියන දේකට පිටින් යන්නෑ ..."
" එහෙම කියන්නෙ කොහොමද වික්‍රම.. දැන් ලොකු දරුව ගැනත් එහෙම හිතන් ඉඳලනෙ යස අගේට පිටින් ගියේ අම්මලට...!"
එවර තුෂාරිගේ හඬෙහි වූයේ නොරිස්සුමකි.
"තුෂාරි මේ වෙලාව් ඔය විදිහට හිතල තීරන ගත්තොත් මුළු ජීවිතකාලෙම පසු තැවෙන්න වෙයි. ටිකක් කල්පනා කරල කතා කරන්න.."
"හරි හරි... තාත්තල පුතාල ඕන දෙයක් කතා කරල කරගන්න .මං දන්නෙ නෑ ඕව.."
තුෂාරි කෑම පිඟාන පසෙකට කර අත සෝදා ගෙන කෑම මේසයෙන් ඉවත්ව ගියේ හිත හොඳකින් නම් නොවේ .
"පුතා මොකද කියන්නෙ මම දැන්ම කතා කරන්නද ජයේට..? මොකද මේක කල් දදා ඉන්න කාලයක් නෑනෙ.."
"හ්ම්ම්..තාත්ත හිතල හොඳ දෙයක් කරන්න.. මං මොකුත් කියන්නෙ නෑ .මට මේ වෙලාව් මොකුත් හිතාගන්න බෑ තාත්තෙ.."
"හරි පුතා මං කතා කරන්නම් කලබල නොවී ඉන්න."
ඉන්පසු ඔවුන් දෙදෙනා නිහඬවම ආහාර ගැනීම අවසන් කලහ..
එදින රාත්‍රීයේම වික්‍රමරත්න තම සගයා ඇමතීය. ඔහු අනුමාන කල ලෙසම ජයවර්ධන තුල ඒ පිළිබඳව අකමැත්තක් නොවීය. එසේ නොවුනහොත් ව්‍යාපාරික ලෝකය තුල තමන් දෙදෙනා පත් වන අපහසුතාව ගැන කතා නොකලද දෙදෙනාගේම සිතෙහි ඒ පිළිබඳව මහත් බරක් විය. පසුදා උදෑසනම දියණියත් දේවිකා සමඟත් මේ පිළිබඳව කතා කර පිළිතුරක් ලබා දෙන බව පැවසූ ජයවර්ධන යම් සැනසීමකින් යුතුව දුරකතනයට සමු දුන්නේය.
එදින පවුල් දෙකටම නිදි වර්ජිත දිනයක් විය. එහෙත් මේ හදිසි තීරණය තවදුරටත් කල් දැමීමට නොසිතූ ජයවර්ධන වහා දේවිකාත් තිලිනිත් සිරියාත් සාලයට කැඳවීය.
" මං කතා කරේ වැදගත් තීරණයකට. ඇත්තටම මේක මුලින්ම කිවෙ කවීෂ ගෙ ගෙදරින්. සිරියා...තමුන්වත් මම මෙතෙන්ට කැඳෙව්වෙ අපිට වගේම අයිතියක් මේ දරුවො ගැන සිරියටත් තියනව කියල අපි හිතන නිසා. ..ඒ හින්ද කරුණාකරල හැමෝම මේ දේ අහල කලබල නොකර හොඳට හිතල තීරණයක් ගන්න ඕන...තේරුණාද.."
එහෙත් තිදෙනාගෙන් එක් අයෙක් වත් වචනයක් හෝ කීවේ නැත. ඒ වෙනුවට දෑස් විදහා බලා උන්නා පමණි.
"දේවිකා...වික්‍රමගෙ ගෙදරින් කැමති මේ කසදේ මේ විදිහටම චූට් එක්ක කරන්න..."
තිලිනි එම බලාපොරොත්තු නොවූ යෝජනාවෙන් කම්පිතව ගියාය. ඈ තම අතින් දෙපස උන් සිරියාගෙත් මවගේත් අත් තදින් අල්ලාගත්තාය.
" අප්පච්චී....."
" චූටි මං කිව නේද කලබල වෙන්නෙපා කියල..."
තිලිනිගේ දැසින් කඳුලු කඩා වැටීම නැවත්වීමට ජයවර්ධනගේ වචන වලට නොහැකි විය. සිරියාද උන්නේ කම්පිතවය. තමාට මෙතනට කතා කලත් අදහස් දක්වන්නට කිසිදු අයිතියක් නැති බව ඈ දනී.. දේවිකා පුදුමයට පත් වුවද ඇගේ නෙත් කාන්තිමත් වන අයුරු ජයවර්ධන දුටුවේය.
" ජයේ... ඇත්තමද..., අනේ චූටි... අඬන්නෙපා දරුවෝ... අක්කට නැති පින ඔයාට තියෙනව. කවීෂ කොච්චර හොඳ දරුවෙක්ද.. අනික...අනික..පුතේ අපි මේ පත්වෙලා ඉන්න ලැජ්ජාවෙන් ටිකක් හරි ගැලවෙන්න පුළුවන් අපිට.. මගෙ පුතාට වැරැද්දක් වෙන්නෙත් නෑනෙ ඒ පවුලෙන්....!"
"අම්මා ...!ඔයාල ලැජ්ජාවෙන් ගැලවෙන්න මාව බිල්ලට දෙන්නද හදන්නෙ...!
තවත් එහි රැඳී නොසිටි තිලිනි වේගයෙන් නැගිට උඩු මහලට දිව ගියාය.
" සද්දෙ අඩු කරල කසාදෙට ලෑස්ති වෙයන් චූටි ආය කියන්නෙ නෑ මං ..."
ජයවර්ධනගේ ස්වරයෙහි වූයේ තර්ජනාත්මක බවකි.
" අනේ ජයේ ඔහොම කෑගහන්නෙපා.හෙමිහිට තේරුම් කරමු අපි.."
" හෙමිහිට හුරතල් කර කර තේරුම් කරන්න වෙලාවක් නෑනෙ දේවිකා. හෙට අර මිනිස්සුන්ට අපේ තීරනේ කියන්න ඕන. ඒ තුන් දෙනා ඉන් පස්සෙ මෙහෙ ඒවි.."
" හරි හරි. .. සිරියා.. අනේ චූටිව බලන්න.. අනේ එයාට තේරුම් කරන්න. සිරිය කියන දේ චූටි අහනවනෙ.."
සිරියා උඩුමහලට නැග්ගේ දෙගිඩියාවෙනි. ලොකු දරුවාට වඩා මේ පොඩි දරුවා අහිංසකය. පවුලේ නම්බුව පිළිබඳ වගකීම දෙමව්පියන් ඈ මත පටවා ඇත. කවීෂ හොඳ දරුවෙක් බව සැබෑය. එහෙත් තම අක්කා බඳින්නට සිටි මනාලයා සමඟ පෝරුවක නඟින්නට තරුන දරුවෙක් හිටි හැටියේ හිත හදාගන්නේ කෙසේද...!
සිරියා සෙමින් තිලිනිගේ කුටියට ඇතුලු වූවාය.. තිලිනි උන්නේ කොට්ටය බදාගෙන හඬමිනි. සිරියාට මහත් වේදනාවක් දැනිනි.
" චූට් බේබි ...නැඟිටින්නකෝ... කෝ ඉතින් අඬන්න එපා..."
" අනේ සිරිය නැන්දේ.. .. මොනවද මේ කරන්නෙ අපෙ අම්මලා. චුට්ටක් වත් අපෙන් අහන්නෙ නැතිව..."
තිලිනි නැඟිට සිරියාගෙ උරහිසෙහි හිස තබා හැඩුවාය.
සිරියා ඒ රාත්‍රියෙහි තිලිනිගේ සිත සැනසීමට බොහෝ දේ කීවාය.. මධ්‍යම රාත්‍රියේදී තිලිනි නින්දට වැටුනේ සිරියාගේ බස් වලින් බොහෝ දුරට හිත ශක්තිමත් කර ගනිමිනි. තිලිනිට නින්ද යන තුරුත් ළඟ රැදී සිටි සිරියා පොරවනය සෙමින් පොරවා පහල මාලයට පැමිනියාය.
පසු දින උදෑසන වික්‍රමරත්න නිවසේ තිදෙනාම ජයවර්ධන නිවසට පැමිණියේ අවසන් තීන්දුව ගැනීම සඳහාය. තුෂාරිගේ සිතේ නම් මේ පිළිබඳව වැඩි කැමැත්තක් තිබුනේම නැත. එහෙත් දැන් පත්ව තිබෙන තත්වය අනුව මේ විරුද්ධත්වය ප්‍රකාශ කල හැකි අවස්ථාවක් නොවේ. අවමානයෙන් ගැලවීම පිළිබඳව සිතිය යුතු වේලාවයි. පවුල් දෙක අතර කතා බහ ඇති වූවත් එය වෙනදා මෙන් සතුටු සාමිචියක් නොවේ. දෙපසම සියලු දෙනා උන්නෙ අවිනිශ්චිත ස්භාවයෙනි. තිලිනි පිරිස අතරට පැමිණියේ නැත. ඇයට තවමත් මේ සිහිනයක් මෙන් විය. වැඩිහිටි කතා බහ අතරතුර කවිශ දෙතුන් වතාවක් ඉහළ මාලය දෙස බලනු ජයවර්ධනගේ දෑසට හසු ව්ය.
"දේවිකා ..., චූටිට එන්න කියන්න..පරන දේවල් අමතක කරල වෙන්න ඕන දේවල් ගැන මේ දරුව එක්ක කතා කරන්න කියන්න.."
වික්‍රමරත්න එය අනුමත කරමින් හිස සැලුවේය. දේවිකා ඉහල මාලයට ගියේ තිළිනි කැඳවාගෙන ඒමටයි. මේ වන විටත් සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට තිළිනි හිත හදාගෙන උන්නාය. ඈ සෙමින් සෙමින් මව සමඟ උඩුමහලේ සිට පහලට පැමිණියේ මැලවුනු මුහුනින් යුතුවය. වික්‍රමරත්න මහතා තුෂාරි දෙස බලා තිළිනි පෙන්වමින් ඉඟියක් කලේය. එය තේරුම් ගත් තුෂාරි අකමැත්තෙන් වූව ඉදිරියට ගොස් තිළිනි කැඳවාගෙන පැමිණ තමා අසලින් වාඩිකරගත්තාය.
" දෝනි අපෙත් එක්ක තරහින්ද..?"
තුෂාරි විමසුවේ ඇගේ හිස අතගාම්නි. කවීෂ ඈ දෙස යටැසින් බලා උන්නේය.
"න්...නෑ ආන්ටි.."
" අක්ක වෙනුවට ඔයා බිල්ලට දුන්න කියල හිතන්නෙපා පුතේ... අපේ අතින් ඔයාට කිසිම වැරැද්දක් වෙනස්කමක් වෙන්නෙ නෑ. අනික මුලින් අපි අක්කව යෝජනා කලෙත් ඔයාගෙ අඩුවක් තියෙන නිසා නෙවෙයි..එයා වැඩිමල් දරුව නිසයි. ඒ නිසා ඒ ගැන හිතන්නෙපා.."
බිම බලා උන් තිළිනි වදනක් හෝ දෙඩුවේ නැත.
"පුතා චූටි එක්ක ගිහින් ටිකක් කතා කරල විසඳගන්නකෝ. අපි කියනවට වඩා දෙන්න එක්ක කතා කරල මේව විසඳගන්න ලේසිනෙ..."
ජයවර්ධනගේ අදහස සියලු දෙනා අනුමත කලහ. කවීෂ නැගී සිටිනවාත් සමග නැගී සිටි තිළිනි ඔහු පසු පසින් ගෙමිදුල වෙත ගියේ රොබෝ කෙනෙක් මෙනි. ගෙමිදුල
කෙලවර බංකුවක වාඩ් වූ කවීෂ තිළිනිට අනෙක් පසින් වාඩි වන ලෙස පැවසීය.
'චූටි නංගි ... ඉඳගන්නකෝ.."
තිළිනි යාන්ත්‍රානුසාරිකව මෙන් කවීෂ අසල හිඳ ගත්තාය.
"ඔයා මගෙත් එක්ක තරහින්ද නංගි..? "
"ම්හ්..මං මොකටද අයිය එක්ක තරහ වෙන්නෙ..!ඒ උනාට..."
"ඒ උනාට කිව්වෙ..."
" ඔයත් කොහොමද මෙහෙම දේකට හිත හදාගත්තෙ... අක්කිට ඇත්තටම ආදරෙ කරානම්.."
තිළිනි නොසිතූ ලෙස කවීෂගේ මුහුනේ ඇඳී ගියේ සිනහවකි. මෙතරම් දෙයක් සිදුව තිබ්යදී ඔහු සිනාසෙන්නේ කෙසේදැයි තිළිනිට ගැටළුවක් විය. මේ තමා සිතාගෙන සිටි තැනැත්තා නොවේ... පිටින් පෙන්වන ගුණ යහපත්කම් සැබැවින්ම ඔහු තුළ නැතිද... ඔහු චපල මිනිසෙක්ද... නැතිනම් මෙතරම් ඉක්මනින් තම ආදරය අමතක කොට සිනාසෙන්නේ කෙසේද..!
" ඔයාට හැමදේම කියන්න තමයි මං මෙතෙන්ට එක්ක ආවේ...හැබැයි ඔයා කලබල නොකර අහන් ඉන්නවනම් විතරක්.."
"කලබල කරන්න..! මේ මම..? මොකටද..?"
"ඔව්...ඔව්...මං මේ ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න යන්නෙ. හැබැයි ඒක ඔයා හීනෙකින් වත් හිතපු නැති උත්තරයක්...ඒකයි එහෙම කිවෙ..."
"කවීෂ අයියෙ..,මාව බය කරන්නද හදන්නෙ..? මොනවද ඔයා මේ කියන්නෙ..?"
"බයවෙන්න දෙයක් නෑ... ඒත්.. ඒත් මේක ලොකු රහසක්... ඔයාගෙයි අක්කගෙයි මගෙයි තේරුනාද...?"
"අක්කා..?"
තිලිනි විමසුවේ පුදුමයෙනි. එහෙත් කලබල නොවූ කවීෂ වට පිට බැලුවේ අසලක කවුරුන් හෝ සිටීදැයි බැලීමටය. තිලිනිට පෙනුනේ ඔහු හොර වැඩකට සූදානම් වන අයෙක් මෙනි."
"සුදු නංගි හොඳට අහගන්න...මේ හැම දෙයක්ම උනේ නිකන් නෙවේ... ඒ කිවේ... ඒ කිවේ අක්කා ඔය විදිහට යන එක මං දැනන් හිටියා..!"
කන ලඟ අකුනක් පුපුරා ගිය කලෙක මෙන් තිලිනි භීතියට පත් වූවාය. කවිශ වහා ඇගේ අතින් තද කොට අල්ලා ගත්තේ ඇය සන්සුන් කිරීම පිණිසය.
"ඔය ඉතිං කලබල නොවී කතාව අහගෙන ඉන්න. නැත්තං හැමදේම අවුල් වෙයි .."
එවිට තිළිනි මවාගත් සන්සුන් කමකින් නිහඬ වූයේ කවීශ කියනා දේ පැහැදිලිව දැන ගත යුතු නිසාවෙනි. මේ කියනා දේ කෙසේ නම් විශ්වාස කරන්නද...
"මේ අහන්න...අක්කවයි මාවයි බන්දන්න ඕන කියල තීරණය කලේ අපේ දෙපැත්තෙම අම්මලා තාත්තලා කියල ඔයා දන්නවනෙ. ඉතිං ...ඔයාලගෙ අක්කගෙ වගේම මගෙ හිතෙත් එහෙම අදහසක් තිබුනෙ නෑ... හැබැයි..!"
" ඇයි හැබැයි..."
වහා කලබල වූ තිළිනි විමසුවාය. කවීශට සිනාවක් නැඟුනේ තිළිනිගේ කලබලය දැකීමෙනි.
"මෙයාට පුදුම කලබලයක්නෙ තියෙන්නෙ. ඉන්න කියනකන් .හැබැයි අදහසක් නොතිබුනේ අක්ක ගැන කියල මං කීවෙ..!
"තිළිනි දෑස් ලොකු කර කවීශ දෙස බැලුවාය. කවීශ තවමත් සිනා මුසු මුහුනෙන් බලා හිඳී.
"ඔව් නංගි. ..මට පොඩි කාලෙ ඉඳන්ම අදහසක් තිබුනෙ ඔයා ගැන. ඇත්තටම අක්කගෙ විදිහට මං ආස කරේ නෑ... ඔයාගෙ චාම් ගති ගුණ වලට මම ආස උනේ... එත්... අම්මලා අක්කට මාව ප්‍රපෝස් කරද්දි මට කරගන්න දේයක් නැති උනා...
ඉතින් කොහොම හරි අක්ක එක්ක කතා කලෙත් මං උනන්දුවකින් නෙවේ. ඒක තේරුන නිසාම අක්ක එයාගෙ කතාවත් මට බය නැතිව කීවා... අන්න ඊට පස්සෙ තමා අක්කට මමත් ඇත්ත කිව්වෙ. ..ඔයා දන්නවද අක්ක ගොඩක් සතුටු උනා මම ඔයාට ආදරෙයි කිව්වම. අපි සාගරත් එකතු කරගෙන මේ වැඩේ ප්ලෑන් කරේ... ඔයා දැනගයි කියල බයටමයි අක්ක ඔයාව මඟහැරියෙ...අපි එලියට ගිය හැමවෙලේම සාගරත් එකතු කරන් මේ වැඩේ ටික ටික ප්ලෑන් කරා...වෙඩ්න් එක ඉක්මන් කරේ ඒකයි...ඔයා දන්නවද අක්ක ටිකක් නපුරු උනාට ඔයා තරහවෙලා කියල එයා හරියට ඇඬුවා.මේ දේවල් කියන්න විදිහක් නැති එක ගැන එයා ගොඩක් දුකෙන් හිටියෙ..."
කතාව මොහොතකට නතර කල කවීශ තිළිනි දෙස බැලුවාය. ඇයට මේ සියල්ල සිහිනයක් මෙනි.
"ඉතින් අයියෙ ...අක්කි කෝ..?"
"ඉන්න කියන්නම්.. නුවරඑලියෙ මගෙ බෙස්ට් ෆ්‍රෙරෙන්ඩ් කෙනෙක් ඉන්නව.. ඔයා දන්නවද පාලිත රත්නසේකර ඇමතිතුමා..?"
"හ්ම්ම් අහල තියනව..."
" අන්න එයාගෙ පුතා. මාත් එක්ක ඔස්ට්‍රේලියා වල ඉගෙන ගෙන මේ සැරේ මං එද්දිමයි ආවෙ. එයාලගෙ බංග්ලො එකක් තියනව . දිලිනියි සාගරයි දෙන්න එහෙ යැව්වෙ. දෙන්න අද බඳිනව. මගෙ යාලුව හැමදේම ලෑස්ති කරල තියෙන්නෙ..."
"ඔයාට කතා කරාද එයාල.."
"හ්ම්ම් . .ඊයෙ ගිහින් කතා කරා. සිම් දෙකම අයින් කරලා. අලුත්ව ගත්තම කතා කරයි ආපහු..."
"සුදු නංගි මට කැමති නැද්ද . ..?
කවීශ විමසුවේ සිනහසෙමිනි. තිළිනි පත් වූයේ දැඩි අපහසුතාවයකටය. කැමැත්තක් නැතැයි කීමට පුළුවන් කමක් නැත. තමා කවීශ ගැන සිතුවා නොවේද. එහෙත් ඒ අක්කාට අයිති වස්තුවකැයි සිතා සිතිවිලි යටපත් කරගත්තා නොවේද...! කවීෂ ගැන සිතින් දුක් වූවා නොවේද. පෙර දින රාත්‍රියේ වුව එතරම් හැඬූයේ දෙමව්පියන් තමා බිල්ලට දී ලැජ්ජාවෙන් ගැලවෙන්නට උත්සාහ කරන බව හැඟීමෙන් මිස කවීශට ඇති අකමැත්තකට නොවේ..!
"ඇයි කල්පනා කරන්නෙ...?"
තිළිනි විලියෙන් රතු වූ මුනුනෙන් ඉවත බලා ගත්තාය.
" මං දන්නව චූටි නංගි මට කැමතියි කියල.අක්ක නිසා ඒක හිතේ හංගන් හිටියෙ... අක්කයි මායි තනියම ඇවිදින්න යනකොට උනත් ඔයා දුකෙන් බලන් ඉන්නව මම ඕන තරම් දැකල තියෙනව.මං දන්නව අක්ක මාව රවට්ටනව කියල ඔයා අක්ක එක්ක තරහින් හිටියෙ කියලත්... ඒ ආදරේ හින්ද නෙවෙයිද..?"
කවීශගේ සිනහව තිළිනිව තවත් ලැජ්ජාවට පත් කරන්නට විය.
ඔහු කියන සියල්ලක්ම සැබෑවක් නොවේද. අතීතයේ පටන් යටි සිතින් ඔහුට පෙම් කලා නොවේද...එහෙත් තම සහෝදරියටම ඔහු තීන්දු වූයේ කොතරම් අවාසනාවන්ත ලෙසද.. නමුත් යළිත් ඔහු තමා වෙත පැමිණ තිබේ. දෙවන තෝරාගැනීම ලෙස... නමුත් ඔහු පවසන ලෙස සහෝදරියට ඔහු කිසිදින පෙම් කර නැත. එය සත්‍යක් විය හැකිද...
"එත් අයියෙ... මට පොඩි ප්‍රෂ්නයක් තියෙනව. හොඳයි මේව උනාට පස්සෙ මාව බඳින්න කියල ගෙදරින් නොකීවනම්..!
එවිට කවීශ හඬ නගමින් සිනාසෙන්නට විය..
" ඒක මෙහෙමයි නංගි. ඒක වෙනවමයි කියල මම දැනන් හිටිය.මොකද අපේ ෆැමිලි දෙකම බිස්නස් ෆීල්ඩ් එකේ හොද නමක් තියන අය. ඉතින් මේ වගේ දෙයක් උනාම ගන්න තියන හොඳම තීරනේ මේක තමා .. ඔයාට ඕව තෙරෙන්නෙ නෑ ... එකම දේ අපෙ තාත්ත ඉස්සර වෙලා මේ ගැන මගෙන් ඇහුව එක.එහෙම නොවුන නම් මං තාත්තට මේ යෝජනාව ගේන්න හිටියෙ.. "
" හැබැයි ඔයා මතක තියාගන්න බිස්නස් ගැන හිතල නෙවේ මම මේක කරේ ඔයාට ආදරේ නිසා. ඒකට තාත්තලගෙ බිස්නස් පිට දාල මම ප්‍රයෝජනයක් ගත්ත විතරයි..."
" ඔයා හරි කපටි අයියෙ .ඔයා විතරක් නෙවේ අපෙ අක්කිත්. පව් අක්කි මං එයා එක්ක ගොඩක් තරහින් හිටියෙ.." තිළිනිගේ ස්වරයෙහි වූයේ සහෝදරිය පිළිබඳ වූ දුකයි.
" මං දන්නව. මේව අම්මලට කොහොමට වත් දැනගන්න තියන්න එපා. අපි අක්කලට උදව් කරමු.. අනික අපි වෙඩ්න් එකෙන් පස්සෙ හනිමූන් යන්නෙ අක්කල ඉන්න දිහාටම. හැබැයි අක්ක ඒක දන්නෙ නෑ. එයාට අපි දෙමු පොඩි සප්‍රයිස් එකක්..."
මෙතෙක් වේලා බය භිරාන්තව සිටි තිළිනිගේ මුහුනට එලියක් වැටුනේ ඒ කතාවෙනි.
" ඇත්තමද අයියේ... අනෙ ඒත් මට බයයි. මේව අප්පච්චිට කොහෙන් හරි ආරංචි උනොත්..!"
" එහෙම නොවෙන්න අපි පරිස්සම් වෙමු.. දැන් ඔයා ගිහින් මාව මැරි කරන්න ලෑස්ති වෙන්න. අක්ක හැම ඇඳුමක්ම ඔයාට මැච් වෙන්න සිලෙක්ට් කරල තියෙන්නෙ.."
කවීශ සිනාසෙමින් කියන විට තිළිනිටද සිනහවක් නැඟිනි. තමා සිතා සිටි අන්දම කොතරම් වැරදිදැයි ඇයට අවබෝධ විය. තමා සොහොයුරියට හරි හැටි මුහුණ දෙන්නට වත් නොගියා නොවේද... එහෙත් ඇය... සියල්ල දරා ගනිමින් තමා වෙනුවෙන් සියල්ල සැලසුම් කර ඇත.නිවසින් එලියට පැමිනි දේවිකා තමන් දෙදෙනා දෙස බලනු දුටු කවීශත් තිළිනිත් බංකුවෙන් නැඟිට නිවස දෙසට ගියහ.
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න