20.............................................................................
" මේ හැමදේම පටන් ගත්තේ දිලිනිට මාව ප්‍රොපෝස් කරපු දා ඉඳල  ...." 
 
කවීශ සුසුමක් හෙලා මොහොතක් නිහඬව උන්නේය. 
 
"සිරිය මට වතුර එකක් ගේනවද.." 
 
අසරණ ලෙස කවීශ සිරියාගෙන් ඉල්ලා සිටියේය. සිරියා වහා කුස්සියට දිව ගියාය. සියලු දෙනා උන්නේ නොඉවසිලිමත් දෑසින් කවිශ දෙස බලාගෙනය . සිරියා ගෙන ආ වතුර වීදුරුව  කවීශ එක හුස්මට බීවේ දැඩි පිපාසයකින් උන් අයෙක් මෙනි. තවත් මොහොතක් නිහඬව සිටි කවීශ කතාව ආරම්භ කිරීමට පෙර ජයවර්ධන මහතා දෙස බැලීය. 
 
" මට කියනවද අප්පච්චි ලඟ තියෙන සාක්ෂි මොනවද කියල..." 
 
කවීශගෙ ප්‍රශ්නයට ජයවර්ධන මහතාගේ මුහුනට නැඟුනේ දරුණු සෝපාහාස සිනහවකි.
" අයිසෙ...තමුන් හිතුවද අපි මේ බොරුවට කිව්වෙ කියල. ඇයි සාක්කි අහන්නෙ කතාව එහෙ මෙහෙ කරන්න ඕනවටද...! 
 
ජයවර්ධන මහතාගේ දැඩි හඬට කවීශ තවත් අසරන විය.. 
 
" න්..නෑ.නෑ අප්පච්චි...මට හිතාගන්න බෑ ඒ මොනවගේ සාක්ශිද කියල...ඒ..ඒකයි...." 
 
මෙතෙක් නිහඬව උන් දේවිකා තම බෑගය විවුර්ත කර ජායාරූප දෙක පමණක් ඉවතට ගත්තේ තම සැමියා දෙස යටැසින් බලමිනි. ජයවර්ධන මහතා හිස සෙමින් සලා එය අනුමත කලේය. දේවිකා ජායාරු දෙක මේසය මත දැමුවේ කෝපයෙනි.  
 
" ජෝඩු දාල ගිය ඒවනෙ ඔය. කොහොම රඟපෑමක්ද කලේ හ්හ්..ඒ නැතත් පොඩි දරුවො දෙන්නගෙ කතා මදිද අපට යමක් හිතාගන්න. උන් දෙන්න ඇවිත් තියෙන්නෙ මේ අපරාද අපිට පෙන්නල දෙන්නම තමා..." 
දේවිකාගේ තියුනු වදන් හමුවේ කව්ශගේ දෑස් එක් වරම යොමු වූයේ සිරියා දෙසටය..සිරියා නොසැලෙන දෑසින් ඔහු දෙස බලා උන්නේය. නමුත් මේ අතරතුර තිළිනිගේ නෙත් පුදුමයෙන් මෙන් යොමුව තිබුනේ ජායාරූප දෙසටයි.ඈ සැලෙන දෑතින් ජායාරූප  අතට ගත්තාය. 
 
"ක්..ක..වීශ.... ඔයා කිව්ව නේද මේ හැම පොටෝ එකක්ම ගිනි තිබ්බ කියල..එත්..තකොට...මේවා..." 
 
කවීශ අසරන දෑසින් සමාව අයදින බැල්මක් ඈ දෙස හෙලුවේය. 
 
තවත් මේ කතා දිග්ගැස්සෙන්නට ප්‍රතම ජයවර්ධන මහතා තම හැඬ අවදි කලේය. 
 
" තමුන් දෙන්නගෙ ප්‍රශ්න පස්සෙ බලාගන්නව අනික..ලොකූ...!තමුසෙ චූටි වගේ කරන රඟපෑම අපි හොඳට දන්නව. ..."
තිළිනි ලෙසින් මෙතෙක් තමා ලෝකයාට හඳුන්වා දුන් දිලිනිගේ දෑස අසරන ලෙස බිමට යොමු විය . 
 
"හ්ම් කියනව ඉතින් කතාව ." 
 
ඒ ප්‍රොපෝසල් එක ගේන්නත් කලින් ඒ කීවෙ...රට යන්නත් කලින් ඉඳලම...මගෙ හිතේ අදහසක් තිබුනෙ දිලිනි ගැන නෙවෙයි තිළිනි ගැන..මම කවදාවත් කාටවත් ඒක කියල තිබුනෙ නෑ.
ඒත්....ගෙවල් වලින් මේක තීරණය කරාම මට කරන්න දෙයක් නැති උනා...
මං දිලිනි එක්ක කතා කරේ උවමනාවකින් නෙවෙ...ඒ නිසාම මෙයාටත් ඒක තේරිලා සාගර එක්ක තිබ්බ සම්බන්දෙ ගැන මට කිව්ව..." 
 
" ආ... තමුසෙල එහෙනම් ඒකයි මේ ගෑනු මාරු කරන් නටපු නාඩගම..." 
 
" හ්ම්ම්ම්... ඒ උනත් අන්තිමට මගෙ ලඟ නතර උනේ මෙයානෙ.." 
 
කවීශ පැවසුවේ දිලිනි දෙස නෙත් යොමු කරමිනි. ඈ අසරනව කඳුලු පිරි දෑසින් ඔහු දෙස බල උන්නාය..කවීශ නැවතත් කතාව ආරම්භ කලේය. 
 
" හැබැයි තිළිනි අන්තිම මොහොත වෙනකන් මේ දේවල් දැනන් හිටියෙ නෑ..." 
 
සිරියා තමා සිතූ දෙය නිවැරදි වීමෙන් තනිවම හිස සලා එය අනුමත කරගත්තාය. 
 
" දිලිනියි මායි දෙන්න සාගර හම්බෙලා මේව තීරණය කලා.නංගිව අපි යන කිසි තැනකට එක්ක නොගියෙත් ඒකයි. මොකද නංගි මේක දැනගත්තනම් මොනම වෙලාවක හරි එයාගෙ කටින් මේක පිටවෙයි කියල අපිට බයක් තිබ්බ.  අන්තිමට... එදා මේ දෙන්න පැනල ගියා... මෙයාලට යන්න මම තැනක් ලෑස්ති කරා නුවර එළියෙ...මගෙ යාලුවෙක්ගෙ තැනක්.. හ්ම්ම්" 
 
" පාලිත රත්නසේකර ඇමති තුමාගෙ පුතා කාවිංග... එයාලගෙ බංග්ලො එකක් තියනව එහෙ.. එතන තමා ලෑස්ති කරේ... එතකොට එහෙදිම මේ දෙන්න කසාද බැඳලා ඒවත් ඉවර කරා.. තිළිනිට මේ දෙවල් කිවේ එදා එයා මැරි කරන්න කැමති කියල අපි එහෙ ආව දවසෙ....එයා.... එයා...තේරුම් ගත්තා මං එයාට ආදරේ නිසයි මේව කලේ කියල...අක්ක ගැන එයා ගොඩක් දුක් වුනා. ." 
 
එවදන් පවසන විට කවීශගේ දෑස් තෙත්ව ගියේය...මධුසමය සඳහා සොයුරිය සිටින තැනටම යන බව දැනගත් පසු තිළිනි  සොයුරියට රෙදි පිලි පවා අලුතින් ගෙන සූදානම් කර ගත්තේ මහත් සෙනෙහසිනි. 
 
"අයියෙ ...,අක්කි පොඩි රෙදි බෑග් එකක් නෙ අරන් ගියේ. මං අලුත්ම එයා ආස විදිහෙ ඇඳුම් ටිකක් ගත්ත. අපි පස්සෙ තව උදව් කරමු එයාලට..."
තිළිනිගේ ඒ ආදරණීය වදන් තවමත් කව්ශට ඇසෙන්නාක් මෙන් දැනුනි. ඔහු සෙමින් දෑස පිසදා යලිත් කතාව ආරම්භ කලේය.. 
 
"කොහොම හරි අපෙ වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නත් ගියේ එහෙට... ඒ උනත් අපි ගෙදරට කිවෙ නුවරෙලියෙ හොටෙල් එක්ක නමක්.... සාගරට අපි කියල තිබුනට දිලිනි දැනගෙන හිටියෙ නෑ අපිත් එහෙ එයි කියල.. " කවිශ යන්තම් දිලිනි දෙස බැල්මක් හෙලමින් කීවාය.
ඈ නිහඬවම බිම බලා උන්නාය. තවමත් කිසිවකුටත් මේ කතාවේ අග මුල පැහැදිලි නැති බැවින් සියලු දෙනා දෑස් යොමා කවීශ දෙස බලා උන්හ. 
 
"හැබැයි අපිට එහෙ එකට සතුට්න් වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නෑ.....අපි සති දෙකක් එහෙ හිටියට වෙන්න තියන හැමදේම උනේ ඒ සති දෙකේ තමා...." 
 
කවීශ සුසුමක් හෙලමින් පවසන විට දිලිනි සෙමින් කඳුලු පිසදා ගත්තාය. මේසය මත වූ සාගරත් දිලිනිත් කවීශත් තිළිනිත් එකට සිටින ජායාරූපය අතට ගත් කවීශ ඒ දෙස බලාගෙනම කතාව ඇරඹීය. 
 
"මෙ ෆොටෝ එක ගත්ත දවසෙම තමා මේක උනෙත්...හ්ම්ම්. මේක ගත්තේ කාවිංග ,මගෙ යාළුවා...එදා අපි උදේම ලෑස්ති වෙලා ටිකක් ඇවිදින්න යන්න ගියේ. මගෙ කාර් එකේ අපි හතර දෙනා ගියේ. කාවිංග එයාගෙ වාහනෙත් අරන් ආව එයාගෙ ගර්ල් ෆ්‍රෙරෙන්ඩ් එක්ක..හ්ම්ම්... අපි...අපි එදා ගොඩක් ඇවිද්ද... කෑව බීව...සතුටු උනා...ඒත් එත්...මෙහෙම දෙයක් වෙයි කියල අපි හීනෙන් වත් හිතුවෙ නෑ... " 
 
කවීශ ආවේගයෙන් කියාගෙන ගියේය. ජයවර්ධන මහතා බලා උන්නේ නොඉවසිලිමත් දෑසිනි.. 
 
අපිට ....අපිට මොකුත් හිතන්නවත් වෙලාවක් තිබුනෙ නෑ දෙයියනේ.....අපෙ වැරැද්දක් නිසා එයාල නැති උනා නෙවෙයි..." 
 
දේව්කා පපුවේ අත ගසා ගත්තාය. සිරියාගෙ දෑසින් කඳුලු කඩා වැටෙමින් තිබුනි.. 
 
"අනෙ මගෙ අහිංසක දරුව....ඇයි දෙය්යනේ අපට මේව කීවෙ නැත්තෙ මිනිහෝ...!මගෙ දරුව....මගෙ දරුවගෙ මිනියවත් අපි දැක්කෙ නෑ.... උඹල එකතු වෙලා මොකද්ද කරේ කියපන්...මරාගත්තෙ නැත්තං මොකද උනේ මගේ දරුවට.. මගෙ අහිංසක දරුව මරාගෙන උඹ කොහොමද ඒකිගෙ අක්කත් එක්කම පවුල් කෑවෙ දෙයියනේ. .. දිලිනි.... ! උඹ මොන වගේ හැතිරියක්ද.. ..! උඹ කොහොමද මේ වගේ දෝහි උනේ. එක පාරක් නෙවේ දෙපාරක්ම. අවුරුදු ගානක්ම....දෙයියනේ..."
දේවිකා මහා කම්පනයකින් හඬම්න් පැවසුවේ ඉවසුම් නැතිවය. ජයවර්ධන මහතා දෑත හිසෙහි රුවා ගෙන කිසිවක් ඇදහිය නොහැකි ලෙස කල්පනා කරමින් උන්නේය. සිරියා දේවිකා අසලට ගොස් ඈ සන්සුන් කරන්නට වූවාය .. 
 
මෙතෙක් වේලාවක් නිහඬව සිටි දිලිනි තවත් එසේ නොසිටිය යුතු බව තීරණය කලාය.  ඉන් පසු සිදුවූ සෑම දෙයක්ම තමාගේ තනි තීරණයට සිදු වූ බව ඈ දන්නීය. කවීශ මේ වරදින් මුදා ගත යුතු බව ඈ තීරනය කලාය. 
 
"අනේ අම්මේ....කවිශට බනින්නෙපා දෙයියනේ ....ඒ හැම දේම උනේ මගෙ උවමනාවට....කවීශට එහෙම ඕන කමක් තිබුනෙ නෑ..... කවීශ ආදරේ කරේ නංගිට. මං...මං...දන්න තරමින්....අදට උනත් ...කවීශ ආදරේ නංගිට විතරයි..!" 
 
අපිට  ....අපිට ඒ දෙන්නම බේරගන්න බැරි උනා දෙයියනේ...අපෙ වැරැද්දක් නෙවේ....ඒක ඇක්සිඩන්ට් එකක් අම්මේ..! ඇක්සිඩන්ට් එකක්.. අපි ඒ දෙන්න මරාගත්තේ නෑ...කවීශට පවා අමාරු උනා සිහි තිබ්බෙ නෑ...මට විතරයි....යන්තම් කෑ ගහගන්නවත් පන තිබුනෙ දෙයියනේ.... " 
 
"කාවිංගල පස්සෙන් ආව නිසා ඉක්මනටම කට්ටිය එකතු කරගෙන අපිව ගොඩගත්තෙ.....හ්හ්.. කවීශටත් සිහිය නෑ  ....මං මං ගොඩාක් බය උනා...මං තනිවෙයි කියල.. " 
 
දිලිනි හඬමින් වුව සියල්ල එක දිගට කියා ගෙන ගියාය.
  
" කාර් එකත් ගොඩක් ඩැමේජ්.... ඒ දේවල් මෙහෙ කාටවත් දැනගන්න බැරි වෙන්න වැඩ කරන්න අපිට හැමදේටම උදව් කරේ කාවිංග...හැබැයි...හැබැයි එහෙම කරන්න කියල මම තමයි එයාට බල කලේ...කාවිංගගෙ තාත්ත නිසා ගොඩක් දේවල් කරගන්න පුලුවන් උනේ අපිට.. මීඩියා වලට වත් නිව්ස් එක යන්නෙ නැති වෙන්න කාවිංග තාත්තට කියල ගොඩක් දේවල් කරා.. 
 
අපිව හොස්පිට්ල් ගෙනියද්දිත් කවීශට සිහිය තිබ්බෙ නෑ... මට පොඩි සීරිම්  වෙලා තිබ්බෙ.. ඒවට බෙහෙත් කලා... මං ..මං... කවීශට සිහිය එන්නත් කලින් මගෙ ජීවිතේ බේර ගන්න පුළුවන් හැම දේම කරා.... මට තනි වෙන්න බෑ.... මං... මං දැනන් හිටිය මට කාත් කවුරුත් නෑ කියල... මං වෙන මොනව කරන්නද...මං නංගිව මරා ගත්තේ නෑ දෙය්යනේ.. මං මොකටද එහෙම කරන්නෙ මගෙ නංගිට. ..හ්හ්..." 
 
" කාවිංගට මම කිව්ව මේ දේවල් පිට යන්න නොදී වහල දාන්න කියල.. එයයි එයාගෙ ගර්ලුයි දෙන්නම මම කියන දේවල් හිතාගන්න බැරිව හිටියෙ... මං ...මං කිව්ව හොස්පිට්ල් එකට මැරිල තියෙන්නෙ මං කියල මගෙ විස්තර දෙන්න කියල... මං ... වෙන මොනව කරන්නද..... ඒත් ඒව ලේසි දේවල් නෙවේ... කාවිංගගෙ තාත්තගේ දේශපාලන බලෙන් හැම දේම කරගත්තෙ.....අනේ මට සමාවෙන්න අප්ප්ච්චී....." 
 
එවදන් වලින් අතිශය කෝපයට පත් වූ ජයවර්ධන මහතා සැනෙකින් දිලිනි වෙත පැමිණ පහර පිට පහර දෙන්නට පටන් ගත්තේය... 
 
"පර බැල්ලි.... තෝ කොහොමද තමංගෙ නංගිට එහෙම කරේ යකො... හිඟන්නියක් වගේ ....කාත් කවුරුත් නැතිව ඒකිගෙ මිනිය වලදැම්මෙ කොහොමද උබලා....කියපං හැතිරි..කියපං...." 
 
"අනේ....අප්පච්චී.....ගහන්නෙපා...."
දේවිකා මහ හඬින් වැලපෙමින් සිටියා මිස දිලිනි බේරා ගැනීමට කිසිවක් නොකලාය. එහෙත් සිරියා සහ කවීශ මැදිහත් වී ඔවුන් දෙදෙනා දෙපසට කලහ.
 
මතු සම්බන්ධයි.
පුෂ්පිකා විජේරත්න