කදුලක කැළලක්
- Details
- Super User
- කෙටිකතා
- Hits: 1056
💔 ...කදුලක කැළලක්...💔
'' නිතූ ඉක්මනට ලෑස්ති වෙයන් අර මිනිහා දැන් මග එනවත් ඇති...''
'' අනේ මහත්තයෝ මන් ගැන පොඩ්ඩක් හිතන්නකෝ මට පොඩි දරුවෙක් ඉන්නවා..මේ ඔයාගෙත් දරුවා නේද දෙවියනේ..තාත්තෙක්ට පුලුවන්ද මේ විදිහේ පව්කාර වැඩ කරන්න..''
'' අනේ මේ මට උබේ බණ අහන්න වෙලාවක් නෑ ගෑණියේ ...ඉක්මනට ලෑස්ති වෙලා ඉදපන්..උබට තියන අමාරුවට ළමයෙක් හදා ගත්තට ඒකට මන් පලි නෑනේ..මන් උබට කිවුවා මේ ගෙදරට පය ගහපු දවසෙම මට ආදරේ කියන දේ වැඩක් නෑ මගේ ලෝකේ සල්ලි විතරයි කියලා..අනිත් එක මේකත් මතක තියා ගනින් මේ පොඩි එකා අපේ වැඩ වලට බාධාවක් වෙන්න බෑ හරිද මූ එදා වගේ තොගේ කිරි ඉල්ලලා අදත් ඇඩුවොත් බලා ගනින් මන් මූට කරන වැඩේ...'' මේනක එසේ පැවසූවේ අවුරුද්දක්වත් නැති කිරිසප්පයා දෙස බලාය.
'' අනේ මගේ රත්තරන් පුතේ අම්මගේ පව්කාරකම් වලට ඔයාටත් අද දුක් විදින්න වෙලා මගේ දෙයියෝ..මොනවා කරන්නද රත්තරන් මැණික අම්මා ඉන්නවනේ ඔයා ලගම මගේ පුතා දවසක ලොකු වෙලා අම්මව පරිස්සමට බලා ගන්නකෝ රත්තරන්..පුතාට පේනවා නේද අම්මා විදින දුක..තාත්තා කවද හරි ඔයාටයි මටයි ආදරේ කරයි රත්තරන්...'' නිතූ කීවේ තම පුතුව තුරුල් කරගෙන...
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
නිතූ සහස්මි..සල්ලිකාර පවුලක හැදුනු ලස්සන කෙල්ලෙක්..අම්මයි තාත්තයි සල්ලි නිසා ටිකක් ලොකු කමින් හිටියට මේ කෙල්ල එහෙම නෑ..ගෙදර වැඩකරන කෙනාට පවා ගොඩක් හොදට සැලකුවා..නිතූට කිසිම දේකින් අඩුපාඩුවක් තිබුන්නෑ..ඒත් එක දෙයක් එයාගේ ජීවිතේට ලැබුන්නෑ..ඒ තමයි අම්මගෙයි තාත්තගෙයි ආදරේ..දෙන්නම සල්ලි හොයන්න ගොඩක් මහන්සි වුණා විතරයි..කෙල්ල ගැන හොයලා බලන්නවත් වෙලාවක් තිබුන්නෑ..
පොඩි කාලේ ඉදන් නිතූ හැදුනේ තනියම...එයා ගොඩක් හීන දැක්කා සුරංගනා කතා වල වගෙ තමන්ව ලස්සන කුමාරයෙක් ඇවිත් අරන් යයි කියලා හිතුවා..ඒත් අන්තිමට නිතූට වුනේ යකෙක් වගේ මිනිහෙක් එක්ක ජීවත් වෙන්න...එයා හොයපු ආදරේ එතනින්වත් ලැබුන්නෑ..අම්මලගේ බලකිරීම නිසා නිතූට ජීවිතේ වැරදුනා..තමන්ගේ දුව ව අවුරුදු විසි දෙකක් වෙන මේ සුරංගනාවිව සල්ලි නිසා අවුරුදු තිස් පහක විතර මිනිහෙක්ට බන්දලා දුන්නා..එදා ඉදන් නිතූගේ ජීවිතේ අපායක් වුණා..මොනවා වුණත් තමන්ගේ මහත්තයානේ කියලා හිතලා නිතූ ඒ මනුස්සයට ආදරේ කරන්න පටන් ගත්තා..ඒත් ඒ ආදරේ නිසා නිතූ තවත් විදෙව්වා...ගොඩක් විදෙව්වා...කෙල්ලෙක් ජීවිතේ නොවිදපු දුක් මේ කෙල්ලට විදින්න වුණා..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
'' ගෑණියේ තොට ඒ වැඩේවත් හරියට කර ගන්න බැරිද..උබ කිවුවේ නැද්ද ඒ හොටෙල් එක උබේ නමට ලියලා දෙන්න කියලා...කියපන් යකෝ මන් තෝව ඒ මිනිහා ලගට යැවුවේ ඌත් එක්ක බුදිය ගන්න විතරක් නෙවෙයි තොට ගිය වැඩෙත් අමතක වුණාද..''
'' අනේ මහත්තයෝ මන් ඔයා කියන හැම දේම කරනවා ඇයි පොඩ්ඩක් මන් ගැන හිතන්නැත්තේ..මන් ඔයාට කොච්චර ආදරේයිද හිතක් පපුවක් නැද්ද මාව මෙහෙම විකුණන්න මහත්තයෝ...මට දැන්වත් නිදහසේ ඉන්න දෙන්නකෝ මගේ මහත්තයෝ ...මගේ දරු පැටිය එක්ක මට නිදහසේ ඉන්න දෙන්නකෝ මන් වැදලා කියන්නම් දෙයියෝ...''
'' අනේ මේ උබේ ඔය සුරංගනා කතා වලට රැවටෙන බබෙක් නෙවෙයි මන් හරිද..තොට නිදහසේ නේද ඉන්න දෙන්න කිවුවේ හිටපන් මම හොද වැඩක් කරන්න..''
එහෙම කියපු ප්රියංක හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ නිතූගේ තුරුලේ නිදියන් ඉදපු චූටි පැටියව ඇදලා අරන් සෙටියට විසි කරලා දාලා නිතූව කාමරයට ඇද ගෙන ගියේ පොඩි එකාගේ අඩන සද්දෙටවත් ඇහුම්කන් නොදී තමන්ගේ ආශාව සංසිදුවා ගන්න..නිතූට මේ ජීවිතේ හරි පුරුදුයි..මේ කෙල්ල අද වෙනකොට මේ විදිහට ගොඩක් මිනිස්සු එක්ක එකට ඉන්න ඇති..ඒ කිසිම දවසක කිසිම කෙල්ලෙක් හිතන්නෙවත් නැති ජීවිතයක්..තමන්ගෙ මහත්තයම කියනවා අද යන්න ඕනේ කාගේ ලගටද කියලා..නිතූගේ ලස්සන දකින ඕනම කෙනෙක් නිතූගේ දිහා එක පාරක් බලලා නතර වෙන්නෑ..ඒ තරම් කෙල්ල ලස්සනයි..ඉතින් ප්රියංකට නම් ඒකෙන් හොද බිස්නස් එකක් ලැබෙනවා..ප්රියංක නිතූව එහෙම දීලා ඒ මිනිස්සුන්ගෙන් ගොඩක් සල්ලි ගන්නවා..නිතූත් තමන්ට කියලා කරන්න දෙයක් නැති කමට තමන් බැදපු දවසේ ඉදන්ම මහෙම එක එක්කෙනාට විකිණෙනවා..ඉස්සර පුංචි සුරංගනාවියක් වගේ හිටපු කෙල්ල අද වෙනකොට නොදැනිම ගණිකාවක් වෙලා..ඒ කෙල්ලගේ අසරණකම නිසා..
ඔහු නමින් ප්රියංක නිතූගේ මහත්තයා ....සල්ලි වලට ජීවිතේ තියන වටිනාම දේ වුණත් දෙයි..කොච්චර සල්ලි තිබුණත් ඒව මදි වුණා..ඒ තරම් කෑදරයි සල්ලි වලට..නිතූගේ තාත්තගේ බිස්නස් වලට කෙල හල හල ඉදලා අන්තිමට තමන්ට ඕන දේ කොහොම හරි කර ගත්තා..ඇත්තටම නිතූව දැක්කම ප්රියංකගේ හිතේ ආශාවක් ඇති වුණා කිව්වොත් මන් හරී...නිතූගේ සල්ලි නිසාම නෙවෙයි ප්රියංක ඒ කෙල්ලට කැමති වුණේ..ඒ කෙල්ලගේ ලස්සන දැකලා..ප්රියංක කියන්නෙ දවසට එක කෙල්ල ගානේ තියා ගෙන ඉන්න මිනිහෙක්..ඉතින් නිතූ කියන්නේ ප්රියංකගේ එක ආශාවක් විතරයි..කොහොම හරි නිතූගේ අම්මටයි තාත්තටයි හොද මූණ පෙන්නලා නිතූව තමන්ගෙම කර ගත්තා..ඒ කෙල්ලගේ මුලු ජීවිතේම විනාස කරලා..ඒ අහිංසකිගේ ජීවිතේම අපායක් කරලා...
💔💔💔💔💔💔💔💔💔💔💔💔
'' අනේ මගේ අම්මේ ඇයි මට මෙහෙම දෙයක් කරේ ඔයාලා මට පොඩි කාලේ ඉදන් ආදරේ කරේ නෑ මන් හිතුවා marry කරාමවත් මට ඒ කෙනා ගොඩක් ආදරේ කරයි කියලා ඒත් මට මොන ජීවිතයක්ද මේ ලැබුණේ..මන් මගේ මහත්තයට කොච්චර ආදරෙයිද ඒත් එයාට ඕනේ සල්ලි විතරයි..මන් නැති වුණා කියලා එයාට දුකක් නෑ එයාට තව ගොඩක් කෙල්ලො ඉන්නවා..මට මෙච්චර කරදර කරලත් මන් ඒ හැම දෙයක්ම ඉවසන් ඉන්නෙ දවසක සතුට කියන දේ මන් ලගට එයි කියලා...අනේ බුදු හාමුදුරුවනේ මන් දවසක මැරිලා ගියොත් මගේ දරු පැටියට කිසිම කරදරයක් වෙන්න එපා..එයා දවසක දැන ගනී එයාගේ අම්මා මෙහෙම ජීවිතයක් ගත කරේ කියලා..එයත් මට වෛර කරයිද දන්නෑ..මන් හරි පව්කාර ගෑනියෙක් දෙවියනේ..මන් හරි පව්කාරයි...''නිතූ සාලේ මැද වාඩි වෙලා තමන්ගේ එකම වස්තුව වුණු පුතු පැටියව තුරුල් කරගෙන ඒ විදිහට ඇඩුවේ හැමදාම වගේ ප්රියංකගේ 4to එක දිහා බලාගෙන..කෙල්ලට මොන තරම් කරදර කරත් කෙල්ල ප්රියංකට ගොඩක් ආදරේ කරා..
'' එන්න මගේ ඩාලින් ඇතුලට...''
මෙහෙම කියාගෙන ප්රියංක ආවේ තවත් ගෑනියෙක් තුරුල් කර ගෙන...ඒ වෙලේ අර අහිංසකි කොච්චර දුක් වෙන්න ඇතිද..
තෝ මොනවද ගෑනියේ ඔතන බලන් ඉන්නේ පලන් යන්න මෙතනින..'' කියමින් ප්රියංක නිතූගේ කොන්ඩෙන් අල්ලන් බිම දිගේ කුස්සියටම ඇදන් ගියේ අර පොඩි දරුවත් තුරුල් කරන් ඉන්දැද්දිමයි..වෙන ගෑනියෙක් ඉස්සරහා තමන්ගේ wife ට මෙහෙම සලකන්න පුලුවන් මොන මිනිහටද...ඒත් ප්රියංකට නිතූ ගැන පොඩිවත් දුකක් ඇති වුණේ නෑ..
'' අනේ මහත්තයෝ මට රිදෙනවා..මේ දරුවා ගොඩක් අඩනවා මගේ මහත්තයෝ මාව අත අරින්නකෝ..'' නිතූ මෙහෙම දුක් විදින්න ඕනේ කෙල්ලෙක් නෙවෙයි..දෛවය හරි පුදුම දෙයක් මෙච්චර හිත හොද මිනිස්සුන්ටමයි හැම දේම වෙන්නේ..පුතාවත් තුරුල් කරගෙනම නිතූට කුස්සියෙදිම නින්ද ගියේ තමන්ගෙම කාමරේ ප්රියංක වෙන ගෑනියෙක් එක්ක තුරුල් වෙලා ඉන්න වෙලාවේ..
'' නැගිටපිය උබ මෙතන සැපට නිදි..ඉදපන් උබට හොද වැඩක් කරන්න..'' ලග තිබුනු වතුර කෝප්පේ අරගෙන නිතූගේ ඔලුවට හැලුවෙ අර දරුවත් තෙමිලා යන්න..නිතූ බය වෙලා ඇස් දෙක ඇරියා..චූටි පැටියා සීතලේ අඩනවා..මේ අපරාද මේ අහිංසකි කාට කියන්නද දෙයියනේ...
''අපි රෑට බඩගින්නෙද ඉන්න ඕනේ..ඔන්න ඔය වදකාරයව පැත්තකට විසික් කරලා දාලා සැන්ඩිටයි මටයි කන්න උයපන්...අපෝ මොන කරදරයක්ද යකෝ මේක.. ඔන්න ඕකගේ කට වහපියකෝ කනක් ඇහිලා ඉන්න නෑ..කට වහපන් නැත්තන් මම වහන්නද ඕකගේ කට..'' ප්රියංක එහෙම කිව්වේ තමන්ගෙම ලෙයින් උපන් දරුවට..
'' අනේ එපා එපා මහත්තයෝ දරුවට මුකුත් කරන්න මම එයාව නලව ගන්නම්..'' නිතූ චූටි පැටියව තවත් ගොඩක් තුරුල් කර ගත්තේ ප්රියංක දරුවට කරදරයක් කරයි කියලා බයට...''
'' ඉන්න මැණික මම මේ එනවා..'' නිතූට කවදාවත් වචනෙකින්වත් ආදරේන් කතා නොකරපු ප්රියංක එච්චර ආදරෙන් කතා කරේ අර ආපු ගෑනිට..ප්රියංක හිතන් ඉන්නේ නිතූ කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා..නිතූටත් හිතක් පපුවක් තියනවා කියලා දෙයක් තියනවා කියලා ප්රියංක කවදා තේරුම් ගනීද...
'' මගේ රත්තරන් අඩන්නැතුව ඉන්නකෝ තාත්තා ඔයාට බැන්නට ගොඩක් ආදරේයි රත්තරන්...මගේ මැණික නාඩා ඉන්නකෝ..'' නිතූ පැටියවත් වඩාගෙනම උයන්න පටන් ගත්තා...
💘💘💘💘💘💘💘💘💔💔💔💔💔❤️❤️❤️❤️
'' අනේ ඩාලින් අර ගෑනිට කියන්කෝ මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා..'' ප්රියංක එක්ක ආපු සැන්ඩි කියන ගෑනි අහෙම කිව්වේ ප්රියංකගේ ඇගේ එල්ලෙමින්..
'' ඉන්න මගේ බබී මන් ඉක්මනට කියන්නම්කෝ.......''
'' නිතූ නිතූ....යකෝ මේ ගෑනිගේ කන් ඇහෙන්නැද්ද මන්දා...කාලකන්නි ගෑනි මාව ලගටම ගෙන්න ගන්න හදනවනේ...'' එහෙම කියපු ප්රියංක කෝපයෙන් කුස්සිට ගියේ නිතූව හොයා ගෙන..ඒ වෙලාවේ නිතූ හිටියේ උයන ගමන්..පැටියවත් කොහොම හරි නිදි කරවලා බිම රෙදි කෑල්ලක් උඩ තියා ගෙන...
'' නිතූ තොගේ කන් ඇහෙන්නැද්ද මම කීපාරක් කතා කරද උබට..'' ප්රියංක එක පාරටම කෑගහගෙන ආපු සද්දෙට බය වෙලා නිතූ එලවලු කප කප හිටිය පිහිය ගැස්සිලා ගිහින් අතේ වැදුනේ නිතූගේ අත තුවාල කරමින්..ඒ සද්දෙට බය වෙලා බිම නිදන් හිටපු චූටි පැටියවත් ඇහැරුණා..
'' මහත්තයා මට කතා කරාද මට ඇහුන්නෑනේ..අනේ සමාවෙන්න මහත්තයෝ ...'' නිතූ බය වෙලා එහෙම කිව්වේ ප්රියංකගෙන් ගුටි කන්න වෙයි කියලා බයට..
'' නිතූ නිතූ නිතූ මොකද ඔච්චර බය වෙන්නේ ආ....'' ප්රියංක එහෙම කියන ගමන් නිතූ ලගට ආවේ නිතූව තවත් බය කරමින්..එහෙම ලගට ආපු ප්රියංක නිතූගේ නිකටෙන් අල්ලන් ලගට ඇදලා ගත්තේ හිනා වෙමින්..
'' කන ඇහෙන්නේ නේද දැන් මේ නෝනාගේ දැන්...ඉන්නකෝ මන් ඒකට හොද බෙහෙතක් කරන්නම්...'' ප්රියංක ලග තිබුණු පිහිය අරන් නිතූගේ කනට ලන් කරේ නිතුගේ කෑගැහිල්ලත් එක්ක..මොකක් වුණත් ලොකු නරක දෙයක් වෙයි කියලා නිතූට තේරුනා..ඒක නිසා ඒ කෙල්ල ප්රියංගෙන් ගැලවිලා යන්න ගොඩක් උත්සාහ කරා..තමන්ගේ අම්මට ලොකු කරදරයක් කියලා දැනිලද මන්දා නිතූගේ පණ ටික හයියෙන් අඩන්න ගත්තේ නිතූව තවත් අඩවමින්...මේ කිසිම දෙයක් ප්රියංකට ගානක්වත් නෑ... එයා හිමින් සැරේ අර පිහිය නිතූගේ කන ලගටම ලන් කරන්නේ නිතූට එයා කතා කරාම ඇහුනේ නැති එකට පාඩමක් උගන්වන්න හිතාගෙන...ප්රියංකගේ හැදි දැඩි අත් වලින් බේරෙන්න නිතූට පුලුවන් කමක් ඇත්තෙම නෑ..අනේ මේ කෙල්ල දිහා දෙවියොවත් බලනවනම්...
'' අනේ අත අරින්න මාව..මට කරදර කරන්න එපා මහත්තයෝ ....මගේ පැටියට මන් නැති වුණොත් කවුරුත් නැතුව යනවා..'' නිතූගේ බොද වෙච්ච ඇස් දෙකෙන් අර අසරණ කිරිසප්පයා දිහා බලමින් නිතූ ප්රියංකට බැගෑපත් වුණේ ඒ අසරණීට කරන්න වෙන දෙයක් ඇත්තෙම නැති නිසා..
'' අනේ ඩාලින්...ඔයා කෝ බබා..ඉක්මනට එන්නකෝ...'' සැන්ඩි අනෙක් පස ඉදන් ප්රියංක ට කතා කරේ නිතූගේ වාසනාවකට වගේ..නැත්තන් ඒ කෙල්ලට අර නරුමයා මොනවා කරලා නවතීද දන්නෑ...
'' ඉන්න බබී මන් එනවා...''
'' උබ අද බේරුනා කියලා හිතා ගනින්..'' ප්රියංක එක පාරටම නිතූව තල්ලු කරලා දැම්මේ කිසිම හිතක් පපුවක් නැති ගානට..නිතූව විසි වෙලා ගිහින් දොරේ ඔලුව වැදුනා..
'' ආයිත් මෙහෙම දේවල් උනොත් උබයි උබේ මේ උනහපුලු පැටියයි දෙන්නම ඉවරයි කියලා මතක තියා ගනින්...'' ප්රියංක එහෙම කියමින් බිම රෙදි කෑල්ලක් උඩ තියලා තිබුන දරුවට පයින් ගහගෙන ගියේ කිසිම හිතක් පපුවක් නැති ගානට...
අනේ අම්මා කෙනෙක් මේ දේවල් කොහොම දරා ගන්නද...නිතූට කවද නම් සතුටක් ලැබෙයිද..මේ දේවල් තමන්ගේ අම්මටයි තාත්තටයි කිව්වත් එයාලා ඒවා පිලිගන්නෑ..එයාලට තමන්ගේ දරුවට වඩා විශ්වාස ප්රියංකව..ප්රියංකගේ කපටිකම් වලට නිතූගේ දෙමව්පියෝ අහු වෙලා ඉවරයි..නිතූට මොන පැත්තකින්වත් සහනයක් තිබුන්නෑ...නිතූට ඔලුව හැරිච්ච අතේ යන්න හිතුන වාර අනන්තයි..ඒත් ඒ කෙල්ලගේ හිත හොද කමට මේ හැම දෙයක්ම ඉවසන් ඉන්නේ ප්රියංක කවද හරි ඇත්ත තේරුම් අරන් තමන්ව පිලිගනී කියන බලාපොරොත්තුවෙන්..මොකද මේ චූටි පැටියට තාත්තෙක් නැති වෙනවට ඒ කෙල්ල කැමති නෑ...ඒත් කෙල්ලෙක්ට පුලුවන්ද මෙච්චර ගින්දරක් උහුලන්න..තමන්ගේ මහත්තයා තමන්ගේ ඇස් ඉස්සරහම වෙන අය එක්ක ඉන්නකොට බලන් ඉන්න පුලුවන් කාටද...තමන්ගෙ මහත්තයම තමන්ව වෙන මිනිස්සුට විකුණනකොට බලන් ඉන්න පුලුවන් ඉවසන් ඉන්න පුලුවන් මොන ගෑනිටද...මේ හැම දුකක්ම නිතූ දරා ගත්තේ පුදුම ඉවසීමකින්...
💔💔💔💔💔💔💔💔💔💔💔
'' නිතූ මෙහෙ වරෙන් මගේ කෙල්ලේ...'' ප්රියංක නිතූට කතා කරේ හරි ආදරෙන්...
'' නිතූ ඉක්මනට දුවගෙන ආවේ පැටියට කිරි දි දී ඉන්න එකත් මග නතර කරලා දාලා...'' මේ එනවා මහත්තයා...
'' ඇවිත් මෙතනින් වාඩි වෙයන්...'' කුමකින් කුමක් සිදු වීමට යනවා දැයි නිතූට සිතා ගන්නට බැරිය..ප්රියංක මේ තරම් ආදරෙන් නිතූට කතා කරන්නේ ඒ කෙල්ලට කියලා ලොකු වැඩක් කර ගන්න ඕන වුණාම විතරයි...
'' මේ 4to එකේ ඉන්න මහත්තයව හොදට බලා ගනින් හොඳද..''ප්රියංක එහෙම කිව්වේ අවුරුදු හැට පහක විතර වයසක මිනිහෙක්ව නිතූට පෙන්නන ගමන්...නිතූ ඒ 4to එකේ ඉන්න මිනිහා දිහා බැලුවේ හරි අප්පිරියාවෙන්..ඒ තරම් ඒ මිනිහා කැතයි ..එක පාරක් බැලුවොත් ආයිත් කවුරුත් ඒ මිනිහා දිහානම් බලන්නෑ..
'' ඇයි මහත්තයා මට මේ මිනිහව පෙන්නන්නේ...''
'' යකෝ මිනිහා මිනිහා කියලා කියන්න තෝ නොනා හාමුද..මේ හොද වැදගත් මහත්තත්තයෙක් සර් කියලා කතා කරපන්..'' ප්රියංක නිතූට කිව්වේ සමච්චලේට හිනා වෙන ගමන්...
'' අපිට මේ මහත්තයගෙන් ලොකු උදව්වක් කර ගන්න ඕන වෙලා තියනවා ..උබට පුලුවන් නේද කෙල්ලේ මට උදව් කරන්න..හැබැයි මේ වැඩේ මට ගානටම කරලා දෙන්න ඕනේ..උබට තියෙන්නේ මේ මිනිහව කොහොම හරි අල්ලගෙන ඌව රවට්ටගෙන උගෙන් ළමයෙක් හදා ගන්න..මේ මිනිහා එතකොට උබ කියන ඕනම දෙයක් කරයි..ඊට පස්සෙ ඒ බිස්නස් ඔක්කොම උබ උබේ නමට ලියා ගන්න ඕනේ..ඊට පස්සෙ බැරියැයි ඒ ළමයව නැති කරලා දාන්න..හැබැයි එතකොට උබේ මේ ළමයව තියන් හුරතල් කරන්න වෙන්නෑ හොදද...මොකද ඒ මනුස්සයා දැන ගන්න හොද නෑ උබට තව ළමයෙක් ඉන්නවා කියලා..තේරුණා නේද තොට මම කියපු දේ..ඒ විදිහට වැඩේ වෙන්න ඕනේ...''
'' ම...ම...මම කොහොමද මහත්තයෝ එහෙම දෙයක් කරන්නේ... අනේ එච්චර පවක් කරන්න බෑ මට..දරුවෙක් නැති කරනවා කියන්නේ කොච්චර පවක්ද දෙයියනේ...අනේ මට මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ...තවත් නම් මට මිනිස්සු ඉස්සරහා මගේ ඇග විකුණන්න බෑ දෙයියනේ..මම ජීවිතේ හැමදාම කරේ හොද වැඩ විතරයි..මම පොඩි කාලේ ඉදන් කාගෙවත් හිතක් රිද්දලා නෑ..ඇයි මටම මෙහෙම දේවල් වෙන්නේ...මම පොඩි කාලේ ඉදන් කොච්චර හීන දැක්කද ඒ කිසි දෙයක් මට ලැබුන්නෑ..අඩුම ගානේ අම්මගේ තාත්තගේ ආදරේවත් මට හරියට ලැබුන්නෑ...මම දෙවියන්ගෙන් ඉල්ලුවේ එක දෙයයි මට ගොඩක් ආදරේ කරන මහත්තයෙක් මට ලබලා දෙන්න කියලා..ඒත් දෙවියෝ මන් දිහා බැලුවේ නෑ..මන් කොච්චර පව්කාර ගෑනියෙක්ද..අනේ මම කකුල් දෙක අල්ලලා වැදලා කියන්නම් මහත්තයෝ මන් ගැන පොඩ්ඩක් හරි හිතන්නකෝ..මට බෑ මේ පව්කාර වැඩේ කරන්න...''නිතූ කිව්වේ ප්රියංකගේ කකුල් දෙක ලග වැද වැටෙන ගමන්...
'' තෝව මන් මෙහෙ ගෙනාවේ නලව නලව තියන් ඉන්න නෙවෙයි යකෝ..මන් කියන විදිහට වැඩ කරපන්..උබට ටිකක් හොදින් කතා කරාම එනවා මෙතන කරේ නගින්න..'' ප්රියංක එහෙම කිව්වේ නිතූගේ කොණ්ඩෙන් ඇදලා අල්ල ගන්න ගමන්..
'' කියපිය කියපිය මන් කියන ඉදිහට වැඩ කරනවා නේද උබ...නැත්තන් උබවයි උබේ අර පොඩි එකාවයි මන් නැති කරලා දානවා තේරුණාද උබට..''
නිතූට මැවුනේ අර අසරණ චූටි පැටියාගේ මූණ... ඒත් ඒ කෙල්ල කොහොමද ප්රියංක කියනවා වගේ දේකට කැමති වෙන්නේ..තව කෙනෙක්ව රවට්ටනවා විතරක් නෙවෙයි දරුවෙකුත් නැති කරන්න වෙලා නිතූට...මේ කෙල්ලට ඇයි දෙවියනේ මෙහෙම ප්රශ්න එන්නේ..හොද මිනිස්සුන්ට මේ ලොකේ කිසිම සතුටක් ලැබෙන්නැද්ද..නිතූ හැමදාම බලාපොරොත්තු වුනේ ප්රියංකගේ ආදරේ ඒත් ඒ මිනිහා හැමදාම කරන්නේ නිතූගේ අහිංසක කමින් නිතූගේ අසරකමින් ප්රයෝජන ගන්න එක..
'' මට බෑ මහත්තයෝ මන් ඒ වැඩේට කීයටවත් කැමති වෙන්නෑ...මට බෑ ඒ වගේ පව්කාර වැඩක් කරන්න..'' නිතූ කිව්වේ මොනවා වුණත් ඒ වගේ දෙයක් නොකරනවා කියන තීරණේ හිතේ තියාගෙන...
'' මොනවා උබට කොහෙන්ද එච්චර හයියක්..මට එහෙම කතා කරන්න...''
නිතූගේ ඒ වචන වලට ප්රියංකට හොදටම කේන්ති ගියා..එයා නිතූගේ කොණ්ඩෙන් ඇදලා අරන් ලග තිබුණු බිත්තේ ඔලුව හැප්පුවා..නිතූගේ නලලුන් ලේ ගලනවා..මේ මනුස්සයට කිසිම ගානක් නෑ..ප්රියංක නිතූව එහෙම්ම ඇදගෙන ඇවිත් කාමරේට දාලා දොර ලොක් කරා..අවසිහියෙන් වගේ හිටපු නිතූ දුවගෙන ඇවිත් ඇදේ ඉදපු දරුවව තුරුල් කර ගත්තේ කියා ගන්න බැරි ආදරේකින්...නිතූගේ නලලෙන් ගලන ලේ පැටියගේ ඇගෙත් ගෑ වුණා...
'' මගේ පුතේ අපි දෙන්නට මේ ලෝකේ කවුරුත් නෑ...අපිට කවුරුත් ආදරේ නෑ මගේ පුතේ..මගේ රත්තරන් විතරයි මට මේ ලොකේ ඉන්නේ...ඔයාට මොන දෙයක් වුණත් අම්මා ඔයා ළගින්ම ඉන්නවා මගේ දෙයියෝ ...අම්මා අර වගේ පව්කාර වැඩකට කවදාවත් කැමති වෙන්නෑ මගේ මැණික..මම දන්නවා මගේ පුතත් මට බනී ලොකු වුණාම අම්මා එහෙම දෙයක් කරොත්...'' නිතූ රෑ වෙනකන්ම දරුවව තුරුල් කරන් ඇඩුවේ හිතේ තිබුණු දුකට...
නිතූ නැගිටලා දොර ලගට ගියේ එයාට ගොඩක් බඩගිනි දැණුනු නිසා..පැටියටත් කිරි දෙන නිසා නිතූට ගොඩක් බඩගිනි එයා උදේටවත් කාලා තිබුන්නෑ..ඒත් දොර තාමත් ලොක් කරලා..ප්රියංක මොනවා කරන්න යනවද කියලා නිතූට හිතා ගන්න බෑ...
'' අනේ මහත්තයෝ මේ දොර ටිකක් අරින්නකෝ....මහත්තයෝ ඔයාට ඇහෙනවද...මේ දොර ටිකක් අරින්නකෝ...''නිතූ හයියෙන් දොරට ගහලා එහෙම කෑ ගැහුවත් වැඩක් වුණේ නෑ...කෙල්ල එහෙම්ම ඇවිත් බිම වාඩි වුණා...ප්රියංකගේ සද්දයක්වත් නෑ..කොහේ හරි ගිහින් වගේ ....කෙල්ලට තිබුණ බඩගින්නට පොඩි එකාවත් තුරුල් කරගෙන එහෙම්ම නින්ද ගියා..තුවාල වෙච්ච නලලේ වේදනාවට වැඩිය නිතූගේ හිතේ වේදනාව වැඩි නිසා තුවාලේ වේදනාව කෙල්ලට වැඩිය දැණුන්නෑ...
ඔහොම දවසක් දෙකක්ම කෙල්ල කාමරේ ඇතුලේ...කොච්චර කෑ ගැහුවත් ප්රියංක දොර ඇරියේ නෑ...
'' අනේ මහත්තයෝ මට හොදටම බඩගිනි මට වතුර ටිකක්වත් දෙන්නකෝ..මේ දරුවත් හොදටම අඩනවා මහත්තයෝ ...උහුල ගන්න බැරි වේදනාවක් නිතූට දැණුනේ තමන් කොච්චර අසරණ වෙලාද මේ ලෝකේ කියලා කෙල්ලට හරියටම තේරුනේ එදා...ප්රියංක තවත් කෙල්ලෙක් ගෙදරට ගෙනත් හුරතල් වෙනවා..මේ අසරණී දරුවත් එක්ක කාමරේ ඇතුලේ විදවනවා...ප්රියංකට කොච්චර කෑගැහුවත් එක වතුර පොදක් ඒ අසරණීට දුන්නෑ..
තුන් වෙනි දවසත් ආවා..නිතූට දැන් නැගිටගන්නවත් පණ නෑ...කෙල්ලට මොනවා වුණත් අමාරුවෙන් හරි දරුවගේ බඩගින්න නිවන්න නිතූ අමතක කරේ නෑ..නිතූ කැමති නෑ තමන්ගේ පණ ටිකට පොඩිවත් දුකක් දෙන්න...
'' ඔව් ඔව් බන් හරියටම අවුරුද්දයි...හරි හරි අපි එහෙම වැඩේ කරමු...මටත් කාට හරි දීලා දාන්න බැරුව තමයි හිටියේ..මේ ගැණිත් මන් කියන වැඩේට කැමති නැත්තේ ඌ ඉන්න නිසා තමයි..එහෙනම් තව දවස් දෙකකින් වැඩේ close කරලා දාමු..මන් කියන ගාන ලෑස්තිනේ...නම දහම්ස අබිනෙත්...'' ප්රියංක කරන්න හදන්නේ මේ ලෝකේ තියන ලොකුම අපරාදේ..තමන්ගෙම ලෙයින් උපන් දරුවව මෙහෙම හිතක් පපුවක් නැතුව විකුණන්න හදන්නේ අර අසරණී ගැන පොඩ්ඩක්වත් නොහිත..මේක දැන ගත්තොත් ඒ කෙල්ලට මොනවා හිතෙයිද....
ප්රියංකගේ මේ කතාව නිතූට ඇහුණේ හීනෙන් වගේ...
'' අනේ දෙවියනේ මගේ දරුවා..ප්රියංක ඔයා කොහොමද මහත්තයෝ මෙච්චර දරුණු තීරණයක් ගත්තේ..මට ඉන්නේ මෙච්චරයි නේදා...නෑ නෑ මන් මගේ පුතාව කාටවත් දෙන්නෑ ...මගේ පණව කාටවත් දෙන්නෑ..අපි යන් පුතේ අපි මෙහෙන් ගිහින් හිගාකාලා හරි ජීවත් වෙමු..අම්මා මෙච්චර කල් බලන් ඉදියේ තාත්තා කවදා හරි දවසක හැදෙයි කියලා ඒත් තාත්තා කවදාවත් වෙනස් වෙන්නෑ මගේ රත්තරනේ...ඔයාට දුකක් දෙන්න මට බෑ..මගේ පුතාව මට මේ හැමදේකටම වැඩිය වටිනවා..මට ජීවිතේ හැම දෙයක්ම නැති වුණා..මම ඔයාවත් නැති කර ගන්නෑ මගේ මැණික...''පුතාව තුරුල් කරගෙන නිතූ හොදටම ඇඩුවා..
'' මහත්තයෝ මහත්තයෝ මන් කියන දේ අහන්න මම ඔයා කියන දේට කැමති අනේ අපිව එලියට ගන්න...'' නිතූ එහෙම කෑ ගැහුවේ කොහොම හරි මේ කාමරෙන් එලියට යන්න ඕනෙ නිසා..
'' ඇති යන්තන් උබේ මොලේ පෑදුනා කෙල්ලේ. ඔන්න ඔහොම ඉදපන්කෝ..හැබැයි උබ මට වැඩේ හරියට කරලා නොදුන්නොත් මම බලා ගන්නම්...'' එහෙම කියන ගමන් ප්රියංක නිතූවයි දරුවවයි කාමරෙන් එලියට ගත්තා...ප්රියංක දන්නෑ එයා cl එකෙන් කතා කරපු දේවල් ඔක්කොම නිතූ අහන් හිටියා කියලා..
රෑ වෙනකොට ප්රියංක සුපුරුදු පරිදි එයාගේ ලෝකෙට පියඹලා ගියේ නිතූගේ බලාපොරොත්තුව ඉෂ්ට කරමින්...ප්රියංක කාර් එකෙන් දුර යනකන්ම බලන් හිටපු නෙතූ දරුවවත් අරගෙන පාරට දිව්වේ ඔලුව හැරුනු අතේ යනවා කියලා හිතා ගෙන..අම්මලා ලගට ගියත් තේරුමක් නෑ කියලා නිතූ දන්නවා...
ඔහොම දුව දුව යනකොට නිතූට මුලු පරිසරයම අදුරු වෙලා යනවා වගේ දැණුනා..
....ද...ඩා...ස්...
ඒත් එක්කම ඈතින් ආපු වාහනයක් නෙතූවයි දරුවවයි යට කරන් ගියේ නොහිතපු විදිහට...
😭😭😭😭😭😭😭😭😭😭
ඔයාලා හිතුවේ ඒ ඇක්සිඩන්ට් එකෙන් නිතූයි දරුවයි මැරුණා කියලද...නෑ එහෙම වුණේ නෑ....නිතූගේයි දරුවගෙයි අපල කාලේ ගෙවුනේ ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ තමයි...එයාලා දැන් ගොඩක් සතුටින් ඉන්නවා...පොඩි කාලේ ඉදන් නිතූ හිතුවා වගේ එයාට ගොඩක් ආදරේ කරන කුමාරයෙක් නිතූට ලැබුනේ ඒ ඇක්සිඩන්ට් එකට පින් සිද්ද වෙන්න තමයි...
එදා ඒ car එකෙන් ආපු ලස්සන අහිංසක කොල්ලා නිතූගේ මුලු ජීවිතේම වෙනස් කරා..ඒ අසරණී ඉස්සර ජීවිතේ වින්ද හැම දුකකටම හරි යන්න දැන් ගොඩක් සතුටින් ඉන්නවා..
'' නිතූ මගේ මැණික ගොඩක් පරිස්සමට ඉන්න ඕනේ හොදද මම එනකන්..කෝ මගේ චූටි පැටියා අම්මව මම එනකන් පරිස්සමට බලා ගන්න...උම්ම්ම්මා....''
ඔන්න ඔහොම දැන් නිතූගේ පුංචි පවුල ගොඩක් ගොඩක් ගොඩක් සතුටින් ජීවත් වෙනවා...නිතූටත් අන්තිමට ජීවිතේ හොද කාලයක් ලැබුවා...
😘😘😘😘 නිමි 😘😘😘😘