ඒ ආදරේ
- Details
- Super User
- කෙටිකතා
- Hits: 1104
❤️❤️❤️❤️ ඒ ආදරේ ❤️❤️❤️❤️
'' මචං උඹ කොහෙද බං ඉන්නෙ ඉක්මනට වරෙන් හොඳේ...ඒ clz එකේ ගොඩක් ළමයි ඉන්නව කියල සජියා මට කිව්වා බං...''
'' හරි හරි ඉඳපන්කෝ බං මැරෙන්න හදන් නැතුව...මම තව විනාඩි පහෙන් ඔතන දන්නවනේ උඹ ඉතින් මම කිව්වොත් කිව්වා ''
'' අනේ මම නොදන්නවද ගොයියො උඹේ වැඩ...උඹට විනාඩි පහක් කියන්නේ ඉතින් පැය පහක් වගේ තමයි..'' දෙනෙත් තම මිතුරා වූ ගයාන්ට එසේ කියමින් 4n එක cut කළේ තවත් බොහෝ වේලා තමාට ඔහු එනතුරු බලා සිටීමට වන බව හොඳාකාරවම තහවුරු කරගෙනය.
දෙනෙත් විහංග යනු කුඩාකල සිටම මව් සෙනෙහස අහිමි වූ පියාගේ උණුසුම පමණක් විඳිමින් හැදී වැඩුණු අයෙකි . මව් සෙනෙහස අහිමි වුවද ඔහුගේ පියා කෙදිනකවත් ඔහුට ඔහුගේ මවගේ අඩුව දැනීමට ඉඩ නොතබා ඇත . කුඩා කල සිටම දෙනෙත්ගේ මවගේ බලාපොරොත්තුව වී ඇත්තේ තම පුතුට හොඳින් ඉගැන්වීමයි . දෙනෙත්ට තම මවගේ ආදරය කරුණාව සෙනෙහස ලැබීමට වාසනාව ලැබී ඇත්තේ අවුරුදු පහක් පමණ කෙටි කාලයකි . ඉන් පසුව ඔහුට මව පිළිබඳ කිසිදු මතකයක් සිහියට නොයෙයි . ඒ කිමද දෙනෙත්ගේ මව සහ පියා ගමන් කළ මෝටර් රථය හෙලකට පෙරළී එම අනතුරින් දෙනෙත්ගේ සහ ඔහුගේ පියාගේ ජීවිතයම අඳුරු කරවා ඇති බැවිනි . එම අනතුරෙන් කෙසේ හෝ පෙර පිනකට දෙනෙත්ගේ පියාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබී ඇති මුත් ඔහුගේ මවගේ සිරුරවත් සොයා ගැනීමට නොහැකිවී ඇත . කොපමණ සෙවුවද එය නිරර්ථක උත්සාහයක් වී ඇත.
එදා සිට දෙනෙත්ට මව් සෙනෙහස අහිමි වී තිබේ . නමුත් තම මව නැති වුවද ඔහු තම මවට දැඩි ලෙස ආදරේ කළේය . දෙනෙත් නිවසින් එළියට බහින්නේ තම මවගේ ඡායාරූපයට වැද ආශිර්වාද ලබාගැනීමෙන් පසුවය . තමා කුමන සුබ කටයුත්තක් කළද දෙනෙත්ට එම කටයුත්ත සාර්ථකව නිම කරලීමට හැකි වන්නේ තම මවගේ ආශිර්වාදය තමාට ලැබෙන නිසා යැයි ඔහු දැඩි ලෙස විශ්වාස කරන කරුණකි.
'' මල්ලි මොකෝ උඹ මේ මනෝ ගහලා.. සසර කලකිරිලද උඹ ගොඩක් වෙලා බලන් හිටියද රත්තරනේ මම එනකන් ...'' ගයියා නොහොත් දෙනෙක්ගේ හොඳම මිතුරා වූ ගයාන් දෙනෙත්ගේ පිටට තදින් පහරක් ගසමින් එසේ පැවසුවේ සිනාසෙමිනි .
'' අනේ මගේ කට මොකටද.. බලපන් දැන් වෙලාව කීයද කියලා.. මම කොච්චර වෙලා මෙතන බලන් හිටියද උලමෝ ... කෙල්ලොත් මගේ දිහා බල බල හිනා වෙවී ගියා..බලපං විනාඩි හතළිස් පහක් මම මේ පාරේ ...'' දෙනෙත් එසේ පැවසුවේ බොරු කෙන්තියක් මවාගෙන . කුඩා කල සිටම තමාගේ දුකේදි සැපේදි එකසේ තමා ළඟින් සිටිය ගයාන්ට දෙනෙත් සහෝදරයෙකු තරමට ආදරය කළේය .
'' වරෙන් වරෙන් දැන්වත් ඉක්මනට යමන් ..දැන්නම් clz එක පටන් ගෙන ඇති . මේ පාරවත් මේ course එක හොඳට කරගන්න ඕනේ බං '' . දෙනෙත් එසේ පැවසුවේ දැඩි ආත්ම විශ්වාසයකිනි .
ගයාන් සහ දෙනෙත් course එක තිබෙන ස්ථානයට යනවිට එය ආරම්භ වී තිබුණි . වයස් භේදයකින් තොරව සියලු දෙනා එයට සහභාගි වී තිබේ .
'' අම්මෝ බං මේකෙ ඉන්න ළමයි ගොඩ අපිට වෙන්නේ පැදුරක් දාගෙන බිම වාඩිවෙන්න තමයි . '' ගයාන් එසේ පවසන විට දෙනෙත් ඔහුගේ අත කෙනෙත්තූවේ අසල පේළියේ සිටි ගැහැණු ළමුන් පිරිසක් ඔහුට හිනා වූ බැවිනි .
'' ආ මොකද නංගිලා අයියලා දෙන්නෙක් දැක්කම ක්ලාස් එකට ආපු කාරණෙත් අමතක උනා නේද... හා... හා.. ඔහොම බෑ හොදේ ..පව් අසරණ දෙමව්පියෝ.. එයාලා ගැන හිතලවත් හොඳට ඉගෙන ගන්න..කොල්ලො දිහා බල බල ඉන්නම එපා..''
'' අනේ පින් සිද්ද වෙයි උඹේ ඔය කට පොඩ්ඩක් වහං ඉඳපන්කෝ වරෙන් වරෙන් උඹත් එක්ක නම් කොතනවත් ගිහින් වසන්න බෑ...යමන් අර පැත්තට එතැන ඉඩ තියෙනවා වගේ ...''දෙනෙත් ගයාන්ව ඇදගෙන හෝල් එකේ දකුණු පැත්තේ ඇති බංකුවක් වෙතට ගියේ ඈතින් sir එනු දුටු නිසාය ..
'' අම්මෝ අර බලපන් සුරංගනාවියක් ඉගෙන ගන්න ඇවිත් ''. ගයාන් එකවරම මහ හඬින් පැවසූ දෙයට දෙනෙත් හැරී බැලුවේ ඉබේටමය .
දෙනෙත් ඒ මොහොතේ දුටුවේ දුඹුරු පාට ඇස් දෙකක් තමා දෙසට එල්ල වී තිබෙන බවයි . දෙනෙත්ගේ හදවත මොහොතකට නතර ව ගියේ හුරුපුරුදු ඇස් දෙකක් දුටුවාක් වැනි හැඟීමකිනි. දෙනෙත්ට වඩා අවුරුදු පහක් පමණ වයසින් බාල වූ බෝනික්කියක් මෙන් දුඹුරු පැහැ ඇස් දෙකක් හිමිකාර වූ චූටි කෙල්ලෙක් දෙනෙත් දිහා ඇසිපිය නොහෙළා බලා සිටී .
'' අම්මෝ කව්ද බං මේ කෑල්ල.. දෙනෙතෝ උඹ නම් පට්ට පිනක් බං කරගත්තේ.. බලෙන් හරි මාව මේ clz එකට ඇදගෙන ආවානේ මගෙ රන්කඳ ...උම්මා එකක් දෙන්න හිතෙනවා ...මෙච්චර කල් තනිකඩව හිටපු මගේ මූණත් දෙයියො බලයි වගෙ බන්... අර බලපන් අර බෝනික්කි මගේ දිහා බලන් ඉන්න විදිහ.. ගයාන් එසේ පැවසුවේ දුඹුරු ඇස් ඇති යුවතිය ඔහු දෙස බලා සිටිනවා යැයි සිතාගෙනය .. නමුත් දෙනෙත් සැබෑවටම ඇය බලන්නේ තමන් දෙස බව දැන උන්නද එය ගයාන්ට පවසා ඔහුගේ සතුට නැති කිරීමට ගියේ නැත .
පන්තිය අවසන් වන තුරු දෙනෙත් සිටියේ ඉතා නොඉවසිල්ලෙනි. ඔහුට මෑතක් වනතුරු නොදැනුණු අමුතු හැඟීමක් අද වන විට සිතට දැනී ඇත . ඒ දුඹුරු ඇස් ලග දෙනෙත්ගේ හදවත නතරවී ඇත. පන්තිය අවසන් වන තුරුම ඒ දුඹුරු ඇසුත් සෑම විටම දෙනෙත්ව සෙව්වේය . ඇයගේ හිතේ දෙනෙත් පිළිබඳ හැඟීමක් ඇති වී ඇති බව නම් නොරහසකි .
'' මගේ ජීවිතේට හරි හුරුපුරුදුයි වගේ ඒ බෝනික්කව දකිනකොට මෙච්චර කාලෙකට මට කිසිම කෙල්ලෙක්ට හිත ගියේ නෑ ඇයි මේ ඇස් දෙක ළඟ මගේ හිත නතර උනේ..''
'' දෙනෙතෝ කොයි ලෝකෙද බං උඹ ඉන්නේ වරෙන් යන්න ගෙදර මොකද උඹ අද රෑටත් මේක ඇතුලෙ ඉන්නද කල්පනාව''
ඒ දුඹුරු ඇස් කොච්චර දෙනෙත්ගේ හදවත හොරකම් කරලා ද කිව්වොත් දෙනෙත් මේ ලෝකෙට ආවේ ගයාන්ගෙ ඒ හඬටය..
'' මොකෝ උබ බෙරිහන් දෙන්නෙ මම මොන ලෝකෙට යන්න ද උඹ හිතුවද මම අනන්තෙන් ආ තරු කුමරා වගෙ කියලා.. වෙන වෙන ලෝක වලට යන්න.. යමං යමං ගෑ නොගහ ..'' දෙනෙත් එසේ පැවසුවේ තමාගේ වෙනසක් ගයාන්ට දැනේවි යැයි බියෙනි.
'' මං කියන්නෑ උඹට අනන්තෙන් ආ තරු කුමරා නෙවෙයි අයියට වෙනම තරු කුමරෙක් වැහිලා වගේ.. ඒක නම් මට පේනවා ..''
'' අනේ මේ පල ඩෝ යන්න ... ගයියෝ එහෙනම් උඹ පරිස්සමට ගෙදර පලයන් . තාත්තා කිවුව අද ඉක්මනට ගෙදර එනවා කියලා . අම්මගේ දානෙත් ළඟයිනේ බන්..බුදු සරණයි එහෙනම් මම කැපෙනවා..'' දෙනෙත් එසේ පවසමින් තම මිතුරාගෙන් සමු ගත්තේ තම සිතේ හටගත් සිතුවිල්ලත් සමග ඔහුට ඉක්මනින් නිවසට ගොස් තනි වීමට අවශ්‍ය නිසාය ..
'' මොකෝ අද උඹ ඉක්මනටම ගෙදර දුවන්න හදන්නේ හරි හරි පලයං කෝ එහෙනම් පරිස්සමට බුදු සරණයි උඹට . මම නම් දැම්ම ගෙදර යන්නෑ බන්.. '' ගයාන් එසේ පවසමින් දෙනෙත්ගෙන් වෙන් විය.
දෙනෙත් නිවසට ගිය පසු වෙනදාමෙන් ඔහුට සැහැල්ලුවෙන් සිටීමට නොහැකි විය . ඔහුගෙ හිතේ සක්මන් කලේ අර දුඹුරු ඇස් පමණි .
'' මොකද මගේ පුතාට අද කන්න බෑ වගේද ..ආයිත් ඔලුව රිදෙනවාද පුතේ ..'' දෙනෙත්ගේ පියා වූ රහල් විමසුවේ තම පුතු දෙස බලමිනි .
'' අනේ නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ තාත්තේ ...'' දෙනෙත් කීවේ සිනාසෙමිනි.
'' කොහොමද පුතේ ඒ කෝස් එක හොඳයි නේද ''සමරසේකරලගෙ ලොකු පුතත් ඔය course එක කරා කිව්වා. ඒකයි මං පුතාට ඔය ගැන කිව්වේ . ''
''ඒක හොඳයි තාත්තේ IT කියන්නේ දැන් නැතිවම බැරි සබ්ජෙක්ට් එකක්නේ.. ඒකේ ළමයි ගොඩක් ඉන්නවා . අපිට වැඩිය ගොඩක් වැඩිමල් අයත් ඉන්නවා . ගොඩක් බාල අයත් ඉන්නවා . වයස් භේදයක් නැති නිසා ගොඩක් අය ඇවිත් තිබුණා තාත්තේ..''
'' දැන් පුතා දිගටම ඕකට යනවා නේද..''
'' නැතුව නැතුව තාත්තේ හැමදාම යනවා..''
දෙනෙක් පැවසුවේ අර දුඹුරු ඇස් සිහියට නගමිනි..මගේ පුතා ගොඩක් දක්ෂයි. ඒ වගේම ගොඩක් හොඳ ළමයෙක්. මගේ පුතාගේ හොඳ කියනවා මගේ හැම යාලුවෙක්ම වගේ . අද අම්මත් හිටියනම් කොච්චර සතුටු වෙයි ද '' . රහල් කිවේ සැබෑවටම දෙනෙත් ගැන හිතේ උපන් ආදරයකිනි.
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
'' මචං ගයියෝ...උඹට කියන්න දෙයක් තියෙනවා බං ...''
'' කියපං කියපං එදා උඹ අර course එකට ගිය දවසෙ ඉඳන් මම උබේ පොඩි වෙනසක් දැක්කා'' මමත් උඹ දෙයක් කියනකං තමයි කොල්ලො බලන් ඉදියේ..'' ගයාන් එසේ පැවසුවේ තම මිතුරාට සිනහවෙමිනි.
'' අනේ බං ඉතිං ඔහොම කියන්න එපා මට ඒක කියන්න ලැජ්ජ හිතනවා එතකොට .''
'' ශික් විතරක් උඹ මොකෙක්ද යකෝ ගෑනියෙක් වගේ ඇඹරෙන්නේ.. කියන්න තියෙන දෙයක් ඉක්මනට කියහන්කො ඇඹරෙන්නේ නැතුව රෙද්ද ..''
'' අර......අර ..... දුඹුරු ඇස් තියෙන කෙල්ල ...''
'' අම්ම ගහයි ....යකෝ මම හිතුවා මම හිතුවා මෙහෙම දෙයක් වෙයි කියලා... කෙල හල හල ඒ කෙල්ල දිහා බලන් ඉඳපු විදියට ...කෝ කෝ දීපන් අත... අනේ දෙවියනේ කෙල්ලෙක් දිහාවත් නොබල ඉදපු අපේ කොල්ලට කෙල්ලෙක් ගැන හිතක් පහල වෙලා.. රහල් මාමටත් මේක ඉක්මන්ට කියන්න ඕනේ..'' ගයාන් දෙනෙත්ව බදාගනිමින් එසේ පැවසුවේය .
'' පිස්සුද මනුස්සයෝ ...තාත්තට කියන්න උඹේ මොළේ හොඳ නැති වේගෙන එනවද ..තාම මම ඒ කෙල්ලගේ නම වත් දන්නෑ ...'' දෙනෙත් පැවසීය.
'' තෝ ඉතින් මේ ලෝකෙ ඉදියට කෙල්ලෙක් දිහා බලන එකෙක් ඇයි.. අපි වගේ ආතල් එකේ කෙල්ලෙක් දෙන්නෙක් ටෝක් කරගෙන ඉදපංකෝ.. උබ ඉතින් ඒ සබ්ජෙක්ට් එකට නෑනේ මිත්‍රයා...නැත්තන් මන් වගේ ඒ කෙල්ල ගැන විස්තර ඔක්කොම දැනගන්න තිබුණා..''
'' මොකක් උඹ වගේ...''දෙනෙත් එසේ පැවසුවේ ගයාන් දෙස හැරී බලමිනි.
'' ඔව් සහෝදරයා මම වගේ මොකෝ කියන්නෙ දෙන්න ද details ටික..''
'' සිරාවටමද උඹ ඔය කියන්නේ ගයියො..උබනම් පින් කදක්.. කියපන් කියපන් ඉක්මනට ''
'' නම දේදුනු ශනායා.. තාම ඉස්කෝලේ යනවා . අම්මා විතරයි ඉන්නේ . ඉස්සර ඉඳලා තියෙන්නේ මාතලේ පැත්තේ ඔය කොහෙද මන්දා ගමක . දැන් නම් ඉන්නේ මෙහේ . ගිය මාසේ තමයි මෙහේ පදිංචියට ඇවිත් තියෙන්නෙ. සහෝදර සහෝදරියෝ කිසිවෙකු නැත. හරිද මල්ලි ඔන්න මම දන්න ටික කිව්වා උඹට ''
'' තෑන්ක්ස් මචන් උඹ මට කළේ ලොකු උදව්වක් ඇත්තටම ඒ කෙල්ල දැක්ක ගමන් මට පට්ට ආදරයක් හිතුනා බං . හරියට මගේ අම්මව දැක්ක වගේ .'' දෙනෙත් එසේ පැවසුවේ කඳුළු පිරි දෑසකිනි.
'' මොකෝ කියන්නේ ඔහොම ඉඳලා නම් බෑ මල්ලි කෙල්ලව සෙට් කරගන්න. ඒකිත් එක්ක ඉන්න යාළුවා මම හොඳට අඳුරනවා . අපි fb එකෙන් මේ ලඟදි අඳුරගත්තේ . මම උඹේ num එක දෙන්න ද දේදුනු නංගිට දෙන්න කියලා ''.
'' අවුලක් වෙන එකක් නෑ නේද බං . ඒකිට Bf කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ.'' දෙනෙත් පැවසීය.
'' අනේ මගුල් කියවන් නැතුව හිටපං... වැඩේ වෙන්නත් කලින් උබ නාහෙන් අඩල ඉවරනේ ...හරි හරි දැන් වරෙන් යන්න ක්ලාස් එකට ...ඔබේ දුඹුරු ඇස් බෝනික්කි බලන් ඇති උබ එනකන් ...එදා උබ මාව ඇදන් ගියා clz එකට. අද මට උඹව ඇදන් යන්න වෙලා මෙහෙමත් ලෝකයක් සාන්ත...''ගයාන් එසේ පවසමින් දෙනෙත්ව ක්ලාස් එකට ඇදන් ගියේ තම මිතුරාගේ සිතුවිලි හොඳාකාරවම දන්නා නිසාවෙනි .
දෙනෙත් එදින ගෙදර ආවේ අපමණ සතුටකින් ගයාන් විසින් දෙනෙත්ගේ num එක දේදුනු ගේ මිතුරියට දී ඇත . කොයි මොහොතේ හෝ දේදුනු ගෙන් ඇමතුමක් ලැබෙනු ඇතැයි යන්න දෙනෙත් මග බලා සිටී .
මගේ අම්මගෙන් පස්සෙ මගේ හිත ගිය එකම කෙනා ඔයා දේදුනු. එදා දැක්කා දවසෙ ඉඳන් මගේ හිත ඔයාට පුදුම විදියට ආදරේ කරන්නේ . ඇත්තටම මට හිතෙනවා අම්මගෙන් නොලැබිච්ච ආදරෙ මට ඔයාගෙන් ලැබෙයි කියලා . ඔයා ගොඩක් අහිංසකයි කියලා මට දැක්ක ගමන්ම තේරුණා . මට විශ්වාසයි ඔයා මට කැමැති වුණොත් අපි දෙන්නට හැමදාම ගොඩක් ආදරෙන් ඉන්න පුළුවන් වෙයි .
'' චූටි මහත්තයා ඔයාට කෝල් එකක්'' නිවසේ වැඩට සිටින සුමනදාසගේ හඬින් දෙනෙත් පියවි ලෝකෙට ආවේ අපමණ සතුටකිනි. තමාගේ දුඹුරු ඇස් බෝනික්කිගෙන් ඇමතුමක් දැයි සැකහැර ගලා ගැනීමට ඔහු වහ වහා දුරකථනය අසලට දිව ගියේය .
'' හලෝ මල්ලි ඉතින් කොහොමද ජීවිතේ ...'' එහා පසින් ඇසුනේ ගයාන්ගේ හඩය.
'' අපෝ තෝ ද මට කෝල් එකක් ගත්තේ'' දෙනෙත්ගේ සියලු බලාපොරොත්තු නැතිවී ගියේ එක ක්ෂණයෙනි..
'' මොකෝ උඹ හිතුවෙ දේදුනු නංගි කියලද දැන් ඉතින් උඹ නොකා නොබී ෆෝන් එක දිහා බලං ඇති උබේ සිහින කුමරිය cl කරයි කියලා ..'' ගයාන් දෙනෙත්ට විහිලු කළේය ..
'' අනේ නිකං පලයන් බං යන්න මම එහෙම නෑ ''
'' හරි හරි මම නොදන්නවා ඇයි උඹේ හැටි..පණිවිඩයක් කියන්න මිත්‍රයා මේ දුරකථන ඇමතුම ගත්තෙ.. නුඹගේ ප්‍රිය කුමාරිකාව තොගේ නම්බර් එක අරගෙන හෝතඹුවෝ...එකිත් උඹට කැමති වගේ නේද බං නැත්තං ඉතිං num එක ගනීද උබගේ.. බලන් ඉඳපන් අනිව කෝල් කරයි.. ඇඹරි ඇඹරි ඉන්නැතුව කතා කරපන් හොඳේ ...''
'' සිරාවටම ඒකි මගේ num එක අරන් ද බන්..පට්ටනෙ''
'' හරි හරි මම තියෙනවා මටත් කියලා වැඩ තියෙනවා තොගේ වැඩම කර කර ඉඳලා හරියන්නේ නැහැනේ..'' ගයාන් එසේ පවසමින් දුරකතනය විසන්ධි කළේය .
මොහොතකට පසු දෙනෙක්ගේ දුරකථනය නාද විය. අඳුරන්න නැති num එකක් ..
'' හලෝ අයියේ ....''ඉතා අහිංසක කටහඬක් අනෙක් පසින් ඇසිනි .
'' හලෝ කවුද මේ ...''
'' අයියේ මේ... මේ... ම...ම ''
'' කවුද මම කියන්නේ ..'' දෙනෙත් එසේ විමසුවේ සිතේ අපමණ සතුටක් සඟවාගෙනය . මේ කතා කරන්නේ දේදුනු බව ඔහු හොඳාකාරවම දනී .
'' මම......මම.......දේදුනු අර ඔයා මට දෙන්න කියල නම්බර් එක දීලා තිබුනේ අයියේ ...'' දේදුනු එසේ පැවසුයේ ගොත ගසමින්. තවත් ඇයව බියගැන්වීමට දෙනෙක්ට නොසිතුණි .
'' අනේ දේදුනු නංගිද...මම බැලුවා ඒත් මේ කවුද කියලා...''
'' ඇයි අයියෙ ඔයා මට කතා කරන්න ඕන කියලා කියලා තිබුනේ ...''
'' ඒකට නම් ලොකු හේතුවක් තියෙනවා නංගි.. මම ඒක ඔයාට පස්සෙ කියන්නම්කො..''
'' හරි අයියේ මට අපේ අම්මා කතා කරනවා වගේ..එහෙනම් මම ඔයාට පස්සෙ cl එකක් ගන්නම් පරිස්සමට ඉන්න බුදු සරණයි අයියේ..''
'' හරි නංගා ඔයාටත් බුදු සරණයි. පරිස්සමට ඉන්න. මට ආයිත් කතා කරනවා නේද..''
'' ඔව් ඔව් අයියේ මම ගන්නම්කො.''
දෙනෙක් දෑස් පියා ගත්තේ කියාගත නොහැකි සතුටකිනි. ඔහුට මුළු ලොවම දිනුවාක් වැනි හැඟීමක් දැනේ. මින් පෙර දේදුනු සමග එක වචනයක්වත් කතා නොකළ ද ඇය කතා කළ පළමු වචනය දී පවා ඔහුට හුරුපුරුදු බවක් දැනුණි. තමන්ගේ ජීවිතේම දුඹුරු ඇස් බෝනික්කි තව තවත් ලස්සන කරනු ඇතැයි දෙනෙත්ට බොහෝ සේ විශ්වාසය .
මේ අන්දමට දින සති ගණන් ගත විය . දෙනෙත් දේදුනු ට තම සිතේ තිබෙන ආදරය පවසා ඇය ගේ පිළිතුර ලබා ගත්තේය . ඔවුන්ගේ ආදරය ඉතා සුන්දර ලෙස ඉදිරියටම ගලා ගියේය. එක් දිනක්වත් නොදැක සිටීමට නොහැකි තරමට දෙදෙනා ආදරේ කළේය. දෙනෙත් සහ දේදුනු සිතුවේ මේ ලෝකයේ තිබෙන ලස්සනම ආදර කතාව හිමිව ඇත්තේ ඔවුන්ට කියාය .
'' දෙනෙත් අයියෙ මේ අහන්නකො ...ඇයි ඔයා මට ඇත්තටම මේ තරම් ආදරේ කරන්නේ කියන්න.'' දේදුනු දෙනෙත්ගේ මුහුණට එබෙමින් එසේ විමසුවේ ඔහුගේ දෑතින් අල්ලා ගෙනය.
'' මගේ මේ චූටි බෝනික්කිට ඇත්තටම මම ආදරේ කරන්නෙ ඇයි දන්නවද... මෙන්න මේ ලස්සන ඇස් දෙකෙන් මට ගොඩාක් ආදරේ පේන නිසා.. ම්ම්ම්ම්ම්... තව මගේ චූටි කෙල්ල තමයි මේ ලෝකේ ඉන්න ගොඩක්ම අහිංසක කෙල්ල නිසා...තව මේ බෝනික්කි දැක්කම මට මගේ අම්මා ළඟ ඉන්නවා වගේ කියල හිතෙනවා මැණික... තේරුණාද ඔයාට දෙනෙත් කීවේ දේදුනුව තමාට තුරුලු කරගනිමිනි .
'' මගේ සුදු මහත්තයට ඇත්තට මම තමයි මේ ලෝකෙ ගොඩක්ම ආදරේ... මම අපේ අම්මටත් ඔයා ගැන කියනවා මැණික ඊට පස්සේ ඔයාට මගේ අම්ම ලඟටම වෙලා ඉන්න පුළුවන්නේ..''
'' ම්ම්ම්ම්... එක නම් හොඳයි තමයි එතකොට මම දවසෙම අම්මා ළඟට වෙලා ඉන්නවා ඔයාට අම්මගෙ ළඟටවත් එන්න දෙන්නෑ හොඳද පිස්සියේ..''
'' ආ....ඒවා කොහෙද මගේ අම්මා මගේ විතරයි මේ කොහෙවත් යන පිස්සන්ට දෙන්නෑ.. දේදුනු එසේ පවසමින් ඈතට දිව ගියේ දෙනෙක්ගේ දෑත විකමිනි.
'' ඌයි....මොන යකින්ණියක්ද ඇත්තටම මම මේ බැඳගන්න යන්නේ... ඉන්නවා මම අල්ලගන්න මගේ පිස්සු කෝලම '' දෙනෙත් දේදුනු පසුපස දිව ගියේ අපමණ ආදරයකිනි.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
'' හලෝ මගෙ මැණික... ඇයි ඔයා මට කෝල් එකක්වත් ගත්තෙ නැත්තේ රත්තරන්
මම කොච්චර කෝල් ගත්තද..ෆෝන් එක ආන්සර් කරේ නැහැ.. මොකක් හරි ප්‍රශ්නයක්ද මගේ දෙයියෝ ...''
'' අනේ සොරි මගේ අයියේ..මගේ ඔලුව ටිකක් රිදෙන්න ගත්තා..ඇගටත් පණ නෑ උණ හැදිලා මට හරි අමාරු උනා අයියේ... ඉතින් අම්මත් එක්ක බෙහෙත් ටිකක් ගන්න ගියා...ආපු වෙලාවෙ ඉදන් හොඳටම මට නින්ද ගියා බෙහෙත් බිව්වා නිසාද කොහෙද..'' දේදුනු එසේ පැවැසුවේ දැඩි වේදනාවකිනි. ඇගේ කටහඬහි වේදනාව දෙනෙත්ට හොඳාකාරවම දැනුණි.
'' මගෙ රත්තරං ගොඩක් බය උනාද..අනේ ගොඩක් සොරි හොඳද කෝල් එකක්වත් මැසේජ් එකක් වත් දාන්න බැරි උනාට..''
'' අනේ ඒකට කමක් නෑ මැණික... ඔයා ගොඩක් අමාරුවෙන්නෙ ඉන්නේ...අනේ මට ඔයාගේ ළඟ ඉන්න තිබුන නම්..ඇත්තටම බෙහෙත් ගෙනාව නේද රත්තරන්...ගොඩක් පරිස්සමට ඉන්න මගෙ මැණික... ඔයා දුකින් කියන්නේ මට එක ගොඩක් දැනෙනවා මගෙ මැණික..ඔයාට ඉක්මනට හොඳ වෙයි බුදු සරණයි ...''
'' අනේ බය වෙන්න එපා මගෙ සුදු මහත්තයෝ...මට ඉක්මනටම හොඳ වෙයි. මගේ රත්තරන් මන් ලග ඉන්න නිසා මට ඉක්මනටම හොඳ වෙනවමයි. අනේ මගේ රත්තරනේ මේ වගේ ආදරයක් ලබන්න ඇත්තටම මම ගොඩක් පින් කරලා තියෙනවා මගේ සුදු මහත්තයෝ . මං ගැන හිතන්නේ නැතුව පරිස්සමට සතුටින් ඉන්න ඕනේ හොඳද මේ පිස්සු ඉක්මනටම හොඳ වෙයි වස්තුවේ...''
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
මාසයකට පසු .....
'' මගේ සුදු මහත්තයෝ ඔන්න මම ඔයා ගැන අපේ අම්මට කිව්වා. එයා කිව්වා එයාගේ පුතාව ඉක්මනටම බලන්න ඕනේ කියලා .''
'' අනේ මගෙ මැණික ඔයා මේ ඇත්තමද කියන්නේ මට කියා ගන්න බැරි තරම් සතුටුයි මගේ රත්තරනේ . මටත් දැන් මගේම අම්ම කෙනෙක් ඉන්නවා.'' දෙනෙත් පැවසුවේ අපමණ සතුටකින් .
අපේ අම්මා තාත්තාත් නැතුව මාව පොඩි කාලේ ඉඳන් හැදුවේ ගොඩක් අමාරුවෙන් මැණික. එයා මට ඉස්සර දේවල් මුකුත් කියන්නෑ.. අම්මා මට එයාගේ කිසි නෑදෑයෙක් ගැනවත් විස්තර කියන්නෑ.. එයා කියන්නේ මේක එයාට දෙවියෝ දුන්න දඬුවමක්ලු. අම්මා කොහොම හරි එයාගේ උත්සාහයෙන් තමයි අද වෙනකොට මේ තරම් හොඳ විදියට මාව හදාගත්තේ .මට විශ්වාසයි එයා ඔයාටත් ගොඩක් ආදරේ කරයි කියල. දේදුනු මෙසේ පැවසුවේ මව පිළිබඳ සිතේ ඇති වූ අපමණ මව් සෙනෙහසකිනි .
'' අපේ තාත්තා නම් එයාගේ චූටි ලේලිට කොහොමත් ආදරෙයිනෙ. එයත් මට හැමදාම කියන ඔයාව බලන්න ඕනේ කියලා..''
'' මම අම්මට කියලා ඔයාලව බලන්න ඉක්මනටම එන්නම්කො මගේ රත්තරනේ.'' දේදුනු එසේ පැවසූයේ සිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙනය .
'' අපේ තාත්ත මට කතා කරනවා වගේ . අම්මගේ දානෙට බඩු ගේන්න යනවා කිව්ව. මම ඉක්මනට ගිහින් එන්නම්. මගෙ මැණික පරිස්සමට ඉන්න හොදද..'' දෙනෙත් එසේ පවසමින් තම දුරකතනය විසන්ධි කළේය.
ඔවුන්ගේ ආදරේට දැන් කොතනකින් වත් බාධාවක් නොමැත . සියලු දේ මේ අන්දමට විසඳීම ගැන දෙනෙත්ට ඇත්තේ අපමණ සතුටකි .
තම පියාට දේදුනු ගැන පැවසූ දිනයේ දී රහල් තම පුතු තුරුළු කොටගෙන හැඩුවේ සුජාතා නොහොත් දෙනෙතගේ මව මතක් වීය . ඇය නැති වූ දා පටන් රහල් තම ඇස් දෙක මෙන් ඔහුව උස් මහත් කලේය. පුතුගෙ දිවිය සාර්ථක වනු දැකීම රහලගේ එකම බලාපොරොත්තුවයි . දෙනෙත් වැරදි තීරණයක් නොගන්නා බව ඔහු දනී..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
'' එහෙනම් මගේ සුදු නෝනෝ අම්මත් එක්ක හෙට එන්නකෝ අපේ ගෙදර තාත්තා මග බලන් ඉන්නේ මේ ලස්සන බෝනික්කිව බලාගන්න '' . දෙනෙත්ගේ මවගේ දානය දෙන දිනයේදීම දේදුනු සහ ඇයගේ මවට තම නිවසට පැමිණෙන ලෙසට රහල් සහ දිනෙත් ඔවුන්ට ආරාධනා කොට ඇත. එම මොහොත ඔවුන්ගේ දිවියේ සතුටුදායකම දවස වනු දැකීම සියලූ දෙනාගේම බලාපොරොත්තු වන්නට ඇත .
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
සුදු පාට දිග ගවුමක් ඇඳ කොණ්ඩය තනි කරලට ගොතා තමා ඉදිරියට පැමිණෙන සුරංගනාවිය දෙස දෙනෙත් බලා සිටියේ ඇසිපිය නොහෙළා ය.
'' මගේ බෝනික්කි ආවද මැණික '' දෙනෙත් දේදුනු අසලට දිව ගියේ ඒ දුඹුරු ඇස් දෙක ඔහුගේ හදවත වශී කරගෙන සිටි නිසාය .
එන්න මැණික මම අපේ තාත්තට ඔයාව අඳුන්වලා දෙන්න '' දෙනෙත් දේදුනු ඇදගෙන ගියේ රහල් අසලටය .
'' ඉන්න දෙනෙත් අයියේ මම අපේ අම්මව අඩ ගහගෙන එන්නම්..'' දේදුනු දිව ගියේ තමාගේ එකම ඥාතියා වූ මේ ලෝකයේ සිටින එකම වස්තුව වූ තම අම්මව තමාගේ අනාගත සහකරුට සහ ඔහුගේ පියාට හඳුන්වා දීමටය. කුඩා කල සිටම පියාගේ ආදරය නොලැබුණු ඇයට දෙනෙත්ගේ පියාගෙන් නොලැබුණු පිය සෙනෙහස නැවත ලැබෙන බව නම් ඇයට නොරහසකි .
දේදුනු සහ ඇගේ මව රහල් සහ දෙනෙත් සිටි ස්ථානයට ගියේ දෙනෙත්ගේ මවගේ දානයට සියලු කටයුතු සුදානම් කොට ඇති මොහොතේය .
'' මොනව සුජාතා ඔයා...'' දෙනෙත්ගේ පියා එලෙස කෑගැසූ මුළු නිවසම දෙදරුම් කවමිනි.
'' අනේ මගේ පුතේ....ඔයාගේ අම්මා අපිව දාල ගිහින් නෑ මගේ පුතේ...එයා ඉන්නවා...'' රහල් ගේ එම වචන දෙනෙත්ට ඇසුනේ සිහිනයක් මෙනි.
රිය අනතුරේදී සුජාතා මියගියේ යැයි සියලු දෙනා සිතුවද ඇයට ජීවත්වීමට වාසනාව ලැබී ඇත . නමුත් එදින සිට ඇයට තමාගේ පෙර මතකයන් සියල්ල අහිමි වී ගොස් තිබේ. නමුත් දෛවය හරි පුදුම දෙයකි මෙම රිය අනතුරෙන් සුජාතා බේරී ඇත්තේ තවත් කලලයක ගේ පණ ද ආරක්ෂා කර ගනිමිනි. ඒ වන විට රහල් ගෙන් කුඩා දරුවෙකු සුජාතාගේ කුස තුළ වැඩෙමින් සිට ඇත. ඒ වෙන කිසිවෙකුත් නොව දෙනෙත්ගේ මුළු ජීවිතේම වූ දෙනෙත්ගේ ආදරේ වූ දේදුනු ය. නමුත් එය රහල් සහ සුජාතා දැන සිටියේ නැත . කෙසේ හෝ තම දියණිය උස් මහත් කරමින් සුජාතා තම ජීවිතය සාර්ථක කරගත්තේ දියණියගේ අනාගතය ගැන සිහින දකිමිනි . නමුත් ඇය කෙදිනකවත් මෙවැනි සිදුවීමක් නම් බලාපොරොත්තු නොවන්නට ඇත .
ඒ මොහොතේ මේ සිදුවීම දරාගත නොහැකිව සුජාතා සිහසුන්ව බිම ඇද වැටුණේ රිය අනතුරේදී තමාට අහිමිව ගිය මතකය නැවතත් ලැබීමත් සමගය .
'' සුජාතා...සුජාතා ඇස් අරින්නකෝ...''
'' අනේ මගේ රහල්... මගේ පුතේ ...'' සුජාතා එසේ කෑ ගැසුවේය .
සියල්ල සිදුවී හමාරය . දෙනෙත් පණ මෙන් ආදරේ කර ඇත්තේ ඇස් දෙක තරම් පරිස්සම් කර ඇත්තේ තමාගේම සහෝදරියටයි.. මේ සිදුවීම දෙනෙත් කෙසේ නම් දරා ගන්නද ...
'' දේදුනු එතකොට ඔයා....ඔයා.... මගේ... මගේ... එ....ක...ම... නංගි.. අනේ දෙවියනේ... මම කොච්චර පව් කාරයෙක් ද ..මගේ එකම නංගිට නේ දෙයියනේ මං මෙහෙම ආදරේ කරලා තියෙන්නේ'' .මුළු ලෝකයම තමා ඉදිරියේ කඩා වැටුණාක් වැනි හැගීමක් ඔහුට දැනුණි .
කඳුළු පිරි දෑසින් මේ සියල්ල බලා සිටි දුඹුරු ඇස් ඇති බෝනික්කි දිවවිත් දෙනෙත්ව බදාගත්තේ ආදරය ඉක්මවා ගිය සහෝදර ප්‍රේමයකිනි......
❤️💜️🧡❤️💜️ නිමි 💜️❤️🧡💜️❤️
Source: https://xkatha.com/index.php/19-ketikatha/59-alove-1