ඔහු පිටව ගිය පසු මහත් වූ ලෝභ කමකින් තේ කෝප්පය දෙස බැලූ මම හෙමිහිට තේ කෝප්පය මගේ දෙතොලට ළං කලෙමි...එවිටම මුළුතැන්ගෙයට නැවතත් එබුණේ ඔහුය.. විලියෙන් කොපුල් රත් වී දැනෙද්දී මා කර බා ගත්තේ මහා වරදක් කර ඔහුගේ අතටම අසු වූවා වැනි හැඟීමකිනි..වහා තේ කෝපය සින්ක් එක උඩ තැබූ මම එක එල්ලේම ඔහු දෙස බැලීමි.. "ත.තව ටිකකින් බත් කෑවැකි.." කියන්නට වෙන සුදුසුයි කියා දෙයක් මාගේ ශබ්දකෝශයේ නොතිබුණි... "මේ සතියෙ තෙහංසව ගන්න යන්න වෙයි.." වරින් වර මා දෙසත් තේ කෝප්පය දෙසත් බලමින් ඔහු කීවේ නුරුස්සනා ස්වරූපයකිනි.. "හ්ම්..." අදහන්න ඔහුගේ ජීවිතයේ මට එතරම්ම අයිතියක් හෝ නොමැති බව දැනුනේ එවිටය...ඒ ඔහු සින්ක් එක මත තිබූ කෝප්පයේ ඉතිරි තේ ටික 'සරාස්' හඬින් සින්ක් එක තුලටම හැලීමත් සමඟය... කම්මුල හරහා දරුණු අතුල් පහරක් එල්ල කලා හා සමාන හැඟීමකින් හද වෙලා ගනිද්දී බොහො වැර වෑයමෙන් මා නිධන් කරගන්නට තෙරෙපූ කඳුලක් මගේ අනුදැනුමකින් තොරවම කොපුල් හරහා ගලා ගියේය... හුරු පුරුදු සුසුමකින් ලය සැහැල්ලු කර ගන්නට වැර වෑයම් කළද හදවත තවත් බර වූයේ ඔහුගේ දුරකතනය නාද වීමත් සමඟය..ඇමතුම කාගෙන් දැයි මා නොදන්නවා නොවේ.. එහෙත් හදවත ගැහෙන්නේ අලුතිනි... සියල්ල අමතක කර තෙහංසා පෙර පාසල සඳහා සූදානම් කර පැමිණෙන තුරුද ඔවුන්ගේ ප්රේම සල්ලාපය අවසන්ව නොතිබුණි... "තාත්තී...පාක්කු වෙනා..." තෙහංසාගේ කුරුළු හඬට මට සිනහ නොවී සිටිය නොහැකි විය..එහෙත් මා දෙස රෞද්ර බැල්මක් හෙලූ සම්පත් වහා ගෙය තුළට ගියේ මට කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබාය.. විනාඩියක් එසේ ඉන්නට ඇත... "අනුත්තරා...!!" අහස ගිගුම් දෙන්නට විය..අකුණු සමඟින් අසනි වැසි වැසීමට නියමිතය...එහෙත්...වරද කුමක්ද...මා නොදනිමි... "අනුත්තරා..කන් ඇහෙන් නැද්ද..." තෙහංසා ළඟට ගොස් ඇගේ දෙකම්මුල් මිරිකා ආයාසයෙන් සිනාවක් මුවට ගත් මා...ඇගේ දෙඇස් වල නිධන්ව තිබූ බිය පහකර හැරීමි... එහෙත් මගේ හදවත වේගයෙන් ගැහෙන්නට වූයේ රුධිර ගමනය වේගවත් වූ නිසාමය... කුමක් හෝ, හේතුවක් නොදන්නා මහා වරදක් මා කර ඇත්තෙමි...තවත් පමා නොවී ලහි ලහියේ අඩි තැබු මම ඉබ්බා සිය කටුව තුළට හිස දමා ගන්නා සේ බියෙන් ගෙට රිංගීමි.. "ම්.ම්.ම්..." පැවසීය.. නැත..මිමිනිය හැකි වූයේ එපමණකි.. ක්ශනයකින් මගේ කෙස් වැටිය ඔහුගේ වමතට සිරවෙන්නට විය... "අ.අ.නේ ..ස්.සම්.පත්.ත්..එ.ප්.පා...සම්පත්...ප්.ලී.ස්." වැරෙන් ඔහුගේ වමතට සිරවූ කෙස් පොට කෙමෙන් කෙමෙන් ඇඹරෙද්දි මා බිය වූයේ හිස් කබලද ගැලවේදෝ කියාය.. "තමුසෙ...තමුසෙ හිතුවද මම ඔය සෙල්ලම් දන්නෙ නෑ කියල..ආ..." "ම්..මොන සෙල්ලම්ද..මොනවද දෙයියනේ කියන්නෙ ඔයා.. අනේ තේරෙන්න කියන්න සම්පත් ..ප්ලීස්...ඔය කොන්ඩෙ අතාරින්න අනේ.ඒ.ඒ.." "කෑ ගහන්නෙපා...කෑ ගහල කෙල්ල මෙතනට ආවොත් මම නරක මිනිහ කියන්න එපා...උඹ කෙල්ලව උසි ගන්නල මම කතා කරන තැනට එවුව නේ..මගෙ කතාවට බාද කරවන්න..ඒ කරල තව හිනාවෙන්නත් එනව..පරට්ටි..උඹ දැනගනින් උඹ මොන දහම්ගැට දැම්මත් මම ඒකිව අතාරින්නෙ නෑ...." මට මගේ නිදොස් බව පැවසීමට වත් ඉඩ නොතියා ඔහු වේගයෙන් මගේ හිස සොලවා මා ඇදට තල්ලු කර ඉගිලී ගියේය... මා සිනා සුනේ මගේ අහිංසකිගේ සුරතල් බවටය...ඔහු එය වටහා ගත්තේ වැරදියටය...කා හට නම් මගේ නිවැරදි බව පවසන්නද...මගේම නිවසේ මට කිසිවකටත් අයිතියක් නොමැත.. තටු සිඳලා දැමූ කිරිල්ලියකට පියාඹන්නට වරම් කොයිබකද..මා ද එසේමය...ඔහුත් මමත් ආදරයෙන් සිටි ඒ දයාබර වූ මතකයන් සියුම් ඉදිකටු වලින් අනින්නා සේ හදවතේ රිදුම් දෙද්දී මා කැඩපතෙන් පෙනෙන මගේම දුබල වූ වත දෙස බලමින් සුසුම් හෙලුවෙමි... නිවසේ වැඩ සියල්ල පසක ලූ මම ඇදෙහි ඇල වූයේ සිතත් ගතත් දෙකම විඩාබරව තිබූ නිසාය... දහවල් තෙහංසා එන තුරුම මා සිටින්නේ හුදකලාවේය..ඉදින් වැඩපල ඉවර කර ගැනීමට උවානාවටත් වඩා කාලය මට ඉතුරු වන්නේය..සම්පත් ඔහුගේ ව්යාපාර කටයුතු නිමවී නිවසට එන්නේ බොහෝ රෑ වීය..එයත් සතියකට දිනක් හෝ දෙකකි ඔහුගේ බොහෝ රැයවල් පහන් වූයේ ඔහුගේ ප්රේමවන්තිය සමඟය... දෙනෙත් පියවුනේ මටත් නොදැනීය..සුවිසල් තාප්පයකින් වටවූ අප නිවස විශාල ගේට්ටුවකින් අගුලු ලා තිබුනේ ය.. සැමවිටම සිර ගෙයක සිතුවිලි මනසේ ඇදි නිවසේ එකම සිරකාරිය මම වීමි... දුහුල් රාත්රි ඇදුම පරයා බඳ පෙදෙසින් සියුම් ස්පර්ශ යක් දැනී මම ක්ශනිකව දෑස් විවර කලෙමි... මාස ගණනකින් ස්පර්ශයක් නොලද මා වත ඉතා සියුම් ස්පර්ශයෙන් වුවද සලිත වන්නේ බියෙනි... ඔහු මා හැරයන්නට මගක් සොයන්නේය..ඉදින් මා කිසිඳු වරදක් නොකරන්නට වග බලා ගනිමි... "ඔ.ඔ.ඔයා..ම් මේ වෙලාවෙ ඇ.යි..." ඇද මත හිඳගත් මා පස්සෙන් පස්සට යන්නට වූයේ ඒ ඇස් වල ආරාධනයට මා කිසිසේත්ම ප්රිය නොකර නිසාවෙනි.....