තෙවන කොටස
=============

"ඔ.ඔ.ඔයා..ම්.මේ වෙලාවෙ ඇයි.."

ඇඳ මත හිඳ ගත් මා පස්සෙන් පස්සට යන්නට වූයේ ඒ දෑස් වල ආරාධනයට මා කිසිසේත්ම ඇලුම් නොකල නිසාය...
එහෙත් සම්පත් පසු බසින්නකු නොවේ...

"ස්.සම්පත්...මොකද..මේ..."

"කොච්චර කාලෙකින්ද...අද අපි දෙන්න විතරයි ...ම්ම්ම්..."

ඒ ඇමතුම කිසි සේත්ම ආදරනීය නොවන බව නම් කිව යුතුමය..රාගය...ඇවිලුණු සිතුවිලි නිවා ගැනීමට ඇති උන්මාදය හැරෙන්නට එහි කිසිවක් නොවීය...

"බෑ...."

මා තිර හඬින් එක එල්ලේ ඔහු දෙස බලා පැවසීමි...

"බෑ...??"

ඔහුගේ හඬ ප්‍රශ්නාර්ථ ස්වරූපයක් ගත්තේය..

"ඔව් ..ඔව්...මට බෑ...යනව යන්න...ආපු දිහාවටම යනව...."

මම තිර හඬින් එහෙත් මිමිනීය...කෑ ගසා පලක් නැත..කිසිවකුත් නොමැති නිවසේ සුවිසල් තාප්පයෙන් එපිටට මගේ හඬ දිව නොයන බව මා හොඳාකාරවම දනිමි..ඊටත් ඔහු මාගේ කසාද සැමියාය..මේ සියල්ලටම වඩා කෑ ගසා මගේ ශරීර ශක්තිය වැය කර ගැනීමට මා කිසිසේත්ම කැමති නොවුනි...සම්පත් වැනි හැඩි දැඩි පිරිමියකු සමඟ ඔට්ටු වීම ලෙහෙසි නැත...මදක් හෝ ඔහු මෙල්ල කර ගැනීමට මගේ ශක්තිය ඉතිරි විය යුතුමය..

"ඇයි උඹේ ඇම්ම සනීප කරන්න එකෙක් ඉන්නවද දැන්.."

ව්‍යඝ්‍ර්‍රයෙකු සේ ඇඳට පැන මගේ කෙස් වැටියෙන් අල්ලා ගත් සම්පත් ඔහුගේ වමතෙහි එය අඹරවන්නට වූයේ හිස් කබලෙන් මගේ කෙස් වැටිය ගැලවී ඔහු අතට යාවි යැයි මා බියටත් වේදනාවටත් පත් කරවමිනි...

එහෙත් ඒ වේදනාව පරයා සිතට නැගුනේ අපමණ වූ කෝපයකි..ඔහු ඇඟිල්ල දිගු කරන්නේ මගේ චරිතයටය..දියණියක් සිටින මවකට සිය චරිතය තරම් වටිනා අභරණක් තවත් නොමැත..

"තමුසෙ එක එක අගුපිල් ගානෙ රිංගුවට මට ඒව පුරුදු නෑ..ඒක දැනගන්නව.."

ඇඹරෙන හිසකෙස් සහිත ඔහුගේ වමත දැඩිව අල්ලා ගනිමින් මා පැවසුවේ කෝපයෙනි...
මා ඔහුට හදවතින්ම ප්‍රේම කරමි..ඔහු වෙනත් හදකට පෙම් කරන බව දැන දැනම...ඒ මගේ ප්‍රථම ප්‍රේමය ඔහු නිසාවෙනි.. මගේ අවසන් ප්‍රේමයද ඔහුම ය...එහෙත් මගේ චරිතයට හානි වන කිසිඳු වදනක් ඔහු මුවෙන් වත් ඇසීමට මා නොකැමැත්තෙමි... ඒ මාගේ පිරිසිඳු පති දම අදටත් ඔහු වෙනුවෙන් නිසාමය...

"මොකද්ද බැ#-$ කිවුවෙ උඹ..උඹේ කටට පණ ඇවිල්ල නේහ්හ්..මොකාද ඔය කටට පණ දුන්න එකා...ඈ...කතා කරපන් ඉතින් ...."

මදින් මද ඇඹරෙන කෙස් වැටිය මගේ හිස පුපුරු ගසන්නට තරම් වේදනාවක් දුන්නේය...

"ස්.සම්පත්...රිදෙන.ව...අනේ..."

දෑස් වලින් සොරොව්ව වාන් දැම්මා සේ කඳුලු පණින්නට විය..

"උඹ මගෙ ගෑණි..මට ඕන වෙලාවට උඹ මට ඕන උඹට තේරුණාද..."

ඉඳින් අවනත වනවා හැරෙන්නට අසරණ මා කුමක් කරන්නද..දර කොටයක් සේ ඇදෙහි වැතිරී සිටි මම ඔහුට රිසි සේ මා සිරුරත දිව යන්නට ඉඩ හැරීමි...
තෘප්තියක සේයාවක් හෝ නොදුටු වේදනාබර හෝරාවක් කඳුලු මතින් ගෙවී ගියේ මගේ ගැහැණු ඉන්ද්‍රියන් සියල්ල වේදනාවෙන් වේදනාවට හරවමිනි...
කේන්තිය පහ වන තුරුම මට වද දුන් සම්පත්ගේ දත් වලට හසුවූ තන පුඩුවත් මගේ ගෙලත් ලේ පැහැයට හැරී පුපුරු ගසන්නට වීය..ඔහුගේ දෑත් වලට හිරවූ මගේ මැණික් කටුවේ ඔහුගේ වෛරී සිතුවිලි මනාව සිතුවම් වී තිබුණි...ඒ සියල්ලටම වඩා වේදනාකාරී වූයේ ඉදිමී ගිය තොල් පටයි.. ඉදිමී මුහුණ පවා විරූපි කරීමට එය සමත් වී තිබුණි....

"තෙහංසව මන් ගෙනත් දාන්නම් අදට විතරක්.."

එසේ කියූ සම්පත් හිත් පිත් නැත්තකු සේ පිටව යද්දී මෙතෙක් හදවතේ සිර කර තිබූ සියලු වේදනාවන් පිට වන්නට මා කෑ ගසා හැඬීමි...

"මරල පලයං මාව තිරිසනෝ...."

කෑ ගැසුවේ හදවත පමණි...ලවන් සැමදා මෙන් ගොලුවී තිබුණි...නැඟිට ගැනීමට තරම් ශක්තියක් නොතිබූ මම සිටි අයුරින්ම ඇදෙහි තව දෙපැයක් ගෙවා දැමුවෙමි...
කිසිඳු හැඟීමකින් තොරව සිදු වූ මේ එක් වීම මා සහමුලින්ම තලා පෙලා තිබුණි...
කුමණ අපහසුතා තිබුණද තෙහංසා එන විට මෙසේ සිටිය නොහැක...
තලා පෙලා දැමූ ශරීරය දෙපා වලට බොහෝ බර වැඩිය...එහෙත් දුර්වල කය මිසක සිත නොවේ..
ඉතා අපහසුවෙන් නැගිට නාන කාමරය ට අඩියක් දෙකක් ඉදිරියට ගියේ බිත්තිය අල්ලාගෙන එහි ආධාරයෙනි...
දෙකකුල් මැදින් එන වේදනාව යටි බඩ හරහා දිව යද්දී මට ඉකි ගැසුනේ වේදනාවටත් වඩා මගේ අසරණ කම නිසාවෙනි..
සියල්ල මා වටා කැරකුනේ මටත් නොදැනීය...
සැනෙකින් සියල්ල අඳුරු වී දෙනෙත් නිලංකාර වන්නට විය...
මා මියෙනවාදැයි මා නොදනිමි...එහෙත් හදවතට ආවේ එකම සිතුවිල්ලක් පමණි......
තෙහංසා................