සිහින පියාපත් 4
- Details
- Super User
- Sihinapiyapath
- Hits: 242
සිවුවන කොටස
නෙතු පියන් පවා දෙනෙත් වලට බොහෝ බරවෙද්දී මා හෙමි හෙමින් දෑස් විවර කලේ සිදු වූයේ කුමක්දැයි නැවත නැවත අවර්ජනය කරමිනි..
දෑස් නිලංකාර වන අවසන් මොහොතේ මා ඇදවැටෙද්දී කවුරුන්ගේ හෝ දෑතකට මා මැදිවූවා කියා සියුම් මතකයක් විය...ඒ සම්පත් වන්නට ඇත...ඔහුගේ වැරැද්දට ඔහු පසුතැවෙනවා වත්ද??
නැත කිසිසේත්ම එසේ වන්නට නොහැක.. මන්දයත් සම්පත් එවැනි පුද්ගලයකු නොවන බව මා හොදාකාරවම දනිමි...
එක්වරම කාමරය දෙසට එන අඩි ශබ්දයක් ඇසී මා වහා දෙනෙත් තද කර පියාගත්තෙමි...ඒ වෙන කිසිවක් නිසා නොව නැවතත් සම්පත්ගේ දරදඬු දෑත් වලට මැදිවීමට ඇති බිය නිසාමය..
එහෙත් තද කරගත් දෑස් පියන් අතරින් ඇසිපිය වේගයෙන් සැලෙන්නට විය...
"ආ..යූ...ඕකේ..නව්..."
පළමු වතාවට විදුලි පේනුවකට අත දමා විදුලි සැර වැදුනකු සේ මා ගැස්සී නැගිට්ටේ මේ නන්නාදුනන කටහඬ කොහෙන් මගේ නිවස තුළට ආවාදැයි නොදන්නා නිසාය..
සියල්ලටම වඩා මා තවමත් සිටින්නේ පෙරදා හැදි රාත්‍රි ඇඳුම පිටින් ය...
"හූ ආර් යු...ඔ.ඔයා...මගෙ ගෙදර...කවුද...ඔයා ..."
මා වට පිට බැලුයේ සක් සුදත් සේ මා සිටින්නේ මගේ නිවසේමදැයි නිගමය කර ගැනීමටය...
උන්ඩි කළ ලේන්සුවක් ..උණුවතුර බඳුනක්...තුවායක්...
මේ සියල්ල ඔහු සොයාගත්තේ කළෙසඳ...?
"හායි..ලෙට් මී ඉන්ට්‍රඩියුස් යු...මම අහස්...අහස් ඉලුගල්බණ්ඩාර...ඔයාගෙ දූ තෙහංස එක්ක මගෙ අක්කගෙ දුව ඉගන ගන්නව...ශනාලි...දුව දන්නව ඇති..."
ශනාලි තෙහංසාගේ හොඳම මිතුරියයි..ඇගේ මව සමඟද කීප විටක් මා කතා කර ඇති නමුඳු හමු වී නොමැත...ඒ තෙහංසාගේ පාසල් වැඩකටයුතු සඳහා බොහෝ විට යන්නේ සම්පත් නිසාය...ඔහු වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම හොඳ පියෙකි...
"අ.ආ..ඔ.ව්.ව් දන්නව මන්..."
"ශනාලිගෙ බර්ත්ඩේ එක ලබන සතියෙ..එයාට තෙහංසගෙ අම්මගෙන්ම කේක් එක හදාගන්න ඕනලු බටර්ෆ්ලයි කෙනෙක්.. ඉතින් අක්ක කිවුව මට ඇවිත් ඕර්ඩර් එක කන්ෆර්ම් කරන්න කියල ඇඩ්වාන්ස් එකක් දීල...මන් එනකොට ගේට් එකයි දොරයි දෙකම ඇරල...සෝ අයිම් රියලි සොරි මම් ඇතුලටම ආව...එතකොට තමයි..................."
"තෑන්ක්ස්...තෑන්ක්ස් අ ලොට්..."
මගේ දෙකම්මුල් ලැජ්ජාවෙන් රත් පැහැ වන්නට ඇත...
ඔහු තරුණයෙකි...සිදුව ඇති දෙය ඔහුට රහසක් නොවන බව මම හොදාකාරයෙන්ම දනිමි...
"ම්.මම හදල දෙනම් කේක් එක..මම ශනාලිගෙ අම්මට කෝල් එකක් දෙන්නම්..."
"රායිට්..එහෙනම් මේන් ඇඩ්වාන්ස් එක..."
ඔහු රුපියල් පන්සියයක් මා වෙත් දිගු කලේය..දකුණත දිගු කර ඔහුගෙන් මුදල් ගන්නවාත් සමඟම ඔහු මාගේ අත තර කර අල්වා ගත්තේය...
දෙනෙත් එකිනෙක මුන ගැසිනි...මගේ දෙනෙත් තුළ කඳුලක් අනිවාර්යයෙන් තිබෙන්නට ඇත...සැකයක් නොමැත...
ඔහු මගේ අත හරවා මැණික් කටුවේ රත් පැහැයෙන් සටහන්ව තිබූ සම්පත්ගේ ඇගිලි සටහන් දෙස බලා සිටියේ භාවනාවක් කරනා පරිද්දෙනි...
එක එල්ලේම මා දෙස බැලූ අහස්...ඔහුගේ අතැඟිලි වලින් ඉතා සියුම්ව ඉදිමුන මගේ තොල් පට පිරිමදින්නට සූදානම් වූයේය..එහෙත්...මා හිස හරවා ගත්තේ තවමත් මගේ අත ඔහු අල්වා සිටින නිසාය...
එහෙත්...හිතුවක්කාරයෙකි...ඔහු....මගේ දෙකපුල් ඔහුගේ අනිත් අතින් මිරිකා අල්ලා ගත් ඔහු මගේ මුහුණ ඔහු දෙසට හරවා ගත්තේය...
"ඔය ඔක්කොම මම දැකල තියෙන්නෙ...ඕන ඒවත් එපා ඒවත්..."
ඔහුගේ දෑස් මගේ පපුවේය....
"ඔච්චර විඳවන්න එපා...ලංකාවෙ ගෑනු හරි දක්ශයි ඉවසන්න..විඳ දරාගන්න...ඒක...ඒක මේ වගේ නරුමයො ආයුධයක් කරගන්නව..."
"මේ මිස්‍ටර්..."
මම වහා ඔහුගේ දෑතින් මිදුනෙමි..
"මේක මගෙ පෞද්ගලික ප්‍රශ්නයක්..මගෙ මහත්තයට ඔහොම කතා කරන්න ඔහෙට කිසිම අයිතියක් නෑ..ආවෙ ඔඩර් එක දීල යන්නනෙ ඒක දුන්න ඔයා දැන් යන්න..."
බලාපොරොත්තු නොවූ මගේ වාග් ප්‍රහාරය අහස්ගේ පුදුමයට හේතු වූ බව ඔහුගේ දෑසින් මා දුටුවෙමි...
කිසිවක්ම නොකියු ඔහු ආපසු යන්නට හැරුනේය...මා බලා සිටිද්දීම හැරී වත් නොබැලු ඔහු යන්නටම ගියේය...
ඇදෙහි හිඳ ගත් මම දෝතින්ම මගේ හිස බදාගෙන වැලපුනෙමි... පිටස්තර පිරිමියකු ඉදිරියේ මේ.තරම් අසරණ බවක් කිසිමදාක මට දැනී නොමැත...මේ ආකාරයෙන් ඉද ද නොමැත....තන පටයක් පවා නොමැති උල්වූ පියයුරු තුඩු දුහුල් රාත්‍රි ඇඳුමෙන් එලියට ඒමට පොරකති...දණ තක් පමණක් දික් වූ රාත්‍රි ඇඳුම මට ගෙනාවේ මහත් ලැජ්ජාවකි...
දෙවියනේ....මේ ලෙස සිටිනා විට සමපත් නිකමට හෝ පැමිණියා නම්.....සිදුවන දේ පිළිබඳව මා සිතීමටවත් නොකැමැත්තෙමි....
හිස එසවූ මම ඇද අසල වූ කුඩා මේසය දෙස බැලීමි...ඔහු මගේ තොල්පට තවන්නට ඇත...ගෙලෙහි වූ නිය පාරවල්ද තවන්නට ඇත...
පළමු වතාවට සම්පත් හැරෙන්නට පිටස්තර පිරිමියකු මගේ සිරුරත ස්පර්ශ කර ඇත්තේය...මට දැනුනේ මහා අපුලකි..
වහා නාන කාමරයට වැදුනු මම පැයක් පමණ රිසි සේ සීතල වතුරින් නාගත්තෙමි...
තෙහංසා එන විට මා අනිවාර්යයෙන් සාමාන්‍යය තත්වයට පත් විය යුතුම වේ...
කණ්නාඩි මේසය අසලට ගිය මම එහිවූ මගේම ප්‍රතිබිම්බය දෙස බලා සිටියේ කඳුලු පිරුණු දෑසිනි......
එක්වරම.......................