පස්වන කොටස
==============

කණ්නාඩි මේසය අසලට ගිය මම එහි වූ මගේම ප්‍රතිබිම්බය දෙස බලා සිටියේ කඳුලු පිරුණු දෑසිනි...
එහෙත් එක් වරම...ඔහු...අහස්...සිටියේ මට පිටුපසිනි... විදුලි වේගයෙන් මම ආපසු හැරුණ නමුදු....එහි කිසිවකුත් නොවීය..
සිත කැළඹී ඇත්ද....නැත..කිසිසේත් එසේ වන්නට නොහැක..

"ඔච්චර විඳවන්න එපා..."

ඔහුගේ වචන මගේ දෙසවන් සිසාරා පැතිරෙන්නට විය...දොතින්ම සවන් වසාගත් මා ඇඳෙහි හිඳ ගත්තේ ඔහුගේ කටහඬ දෝංකාර දී මගේ මොළය සිසාරා පැතිරෙන්නට වූ හෙයිනි....එක් වරම මගේ උරහිසට සීතල දෑතක ස්පර්ශයක් දැනි මා ගැස්සී පස්සට විසි වුනි..

"මොකද ගෑණියෙ වෙලා තියෙන්නෙ..යකෝ අවුරුදු දහාටේ කෙල්ලක් වගේ ගැස්සෙන්නෙ පිස්සුද..."

සම්පත්ගේ සමච්චල් සිනාව මගේ කෝපය වැඩිකල නමුදු තෙහංසාගේ පැමිණීම ඒ සියල්ලක්ම යටපත් කළේය..

"අම්මී ශනාලි ගෙ හැපි බර්ත්ඩෙ අම්මි..අම්මි නේ කේක් එක හදන්නෙ...අම්මී ශනාලි කිවුවා...අම්මීඊඊ.."

"ඔව්..පැටියෝ...ශානාලිගෙ බටර්ෆ්ලයි හදන්නෙ අම්මි තමා.. කෝ දැන් එන්න වොශ් දාන්න යන්න.."

"ශනාලිගෙ මාමි ආවද..අම්මි හම්බෙන්න..."

හදවත් ඇතුලේ.අකුණු සැරයක එක් වරම වැදී ගියේය..

"අම්මීඊඊඊඊ..."

"මොකාද ආවෙ...ආ...ඇයි කිවුවෙ නැත්තෙ මට..."

සම්පත් කඩාගෙන පැන්නෙ මෘගයෙකු සේය..

"සම්පත්!!"

මා හිසෙන් තෙහංසාව පෙන්වූයේ අහිංසකී බියෙන් මිරිකී ඇති නිසාය...සම්පත් මීයාට පිම්බා සේ නිසොල්මන් විය...

"දෝණි යන්නකො වොශ් දාන්න..අම්මි වතුර දාල ඇති ටබ් එකට...දුවන්න දුවන්න..."

සම්පත් තෙහංසාගේ දෙකම්මුල් ආදරෙන් පිරිමැද්දද තෙහංසාගේ බිය පහ වූ බවක් නොපෙනින... සම්පත් කෙතරම් තෙහංසාට ළං වූවද තෙහංසා දිනෙන් දින සම්පත්ගෙන් ඈත් වන ලකුණු පෙනෙන තෙක් මානයේ විය...

"සුදු දෝණි යන්නකෝ..අම්මි එන්නම් සබන් බෝල සෙල්ලම් කරන්න හොදේ..ඔන්න අම්මි කවුන්ට් කරනවා..."

කෙල්ල විදුලි වේගයෙන් නාන කාමරය වෙත දිව ගියාය..

"කියපන් මොකාද ආවෙ..."

සුපුරුදු ලෙස මගේ කෙස් වැටිය ඔහුගේ අතෙහි විය...

"ඒ මනුස්සය ආවෙ ඇඩ්වාන්ස් දීල යන්න..කේක් එකට.. " වේදනාවෙන් මිරිකෙමින් මා කෙඳිරීය

"කියපන් ඌ දැක්කද..."

ඔහුට ප්‍රශ්නය වී ඇත්තේ එයයි..ඔහුගේ ආත්මාභිමානයට හානි වී ඇත්දැයි යන්නය ඔහුගේ ප්‍රශ්නය...

"උඹ ගොලු වෙලාද...කතා කරන්න බැරි..."

"න් ..නෑ..."

"නැ..නෑ.හරියට කියපන් ගෑණියේ.."

"ගෙට ආවෙ නෑ..."

එසේ පැවසු මම තවත් නොරැදි ඔහු අතින් කෙස් වැටිය මුදාගෙන නාන කාමරයට දිව ගියෙමි...
දිවිය මෙතරම්ම නිරස වන්නේ ඇයි දැයි මම නොදනිමි...විඳවීමේ සීමාව ඉකමවා මා විඳවමින් සිටිමි..එකම සහනය ඇයයි...විටක ඔහුට යන්නට හරින්නටද සිත් වේ...එහෙත් ඈ දියණියකි...ඇගේ අනාගතය...එය කෙසේනම් අඳුරු වන්නට දෙන්නද මා...ඉදින් ඉවසිය යුතුය...

දිරුණු නූලක් වූ සම්පත් ගේත් මගේත් බැදීම ඔහු දිගින් දිගටම ඔහු වෙතට අදිමින් සිටින්නේය...මාද මා දෙසට එය ඇද්දහොත් අප බැඳීම නැමති නූල දෙකඩ වනවා නොඅනුමානය...එහෙයින් මා ද ඔහු දෙසට ඇදෙනවා හැරෙන්නට මට කළ හැකි අන් යමක් නොවීය... තවත් ඉවසා දරා ගැනීමට මට හැක...එහෙත් එයට කලියෙන් කළ යුතු වැදගත් යමක් ඇත..හෙට අනිවාර්යයෙන් එය කළ යුතුමය...

තෙහංසා සමඟ පැය බාගයක් පමණ සෙල්ලමේ යෙදුන මගේ සියලු දුක් දොම්නස් පහව ගියේය..

"අම්මී..මොතු උනේ.."

"ඇයි පැටියෝ..."

"ඌව උනේ කෝමද අම්මී.."

"ආආආ..අම්මිට කෙලින් යන්න බැරුව වැටිලනෙ.."

මැද්දට පැන්නේ සම්පත් ය..ඔහු සෑම විටම අප කතා බහට සවන් දෙන බව නම් සහතිකය..

"ආ අර තාත්ති එන්නෙ සමාර දාට..ඒමද..."

සම්පත් ට ද සිනා නොවී සිටිය නොහැකි විය...

"පැහිච්ච ආච්චි...කෝ එන්නකො තාත්ති ළඟට..."

ජීවිතය කෙතරම් නම් සුන්දර වන්නට ඉඩ තිබුනිදැයි මට සිතුනි...එහෙත් දෙවියන් වුවද අප පතනා දෙයම නොදෙන්නේ සෑම දිවියක්ම පතනා ලෙස සුන්දර වුවහොත් මිනිසුන්ට දෙවියන් අමතක වන නිසා වන්නට ඇත...

"තාත්ති ටික දවසකට පොඩි ගමනක් යනව...මගෙ පැංචි පරිස්සමට අම්මි එක්ක ඉන්න ඕන හොඳේ..."

"තාත්ති හැමදාම තනීම ගමන් යන්නි මොකු..අම්මි පව්ව්ව් හැමදාම ගෙදලනෙ..මම නන් මොන්තිසෝලි හලි යනෝ..."

පුංචි මුවෙන් විශාල කතාවක් පිට වුනි..මතක ඇති කාලයක ගෙදරින් පිට ගිය දවසක් නැත...
නිවසේ...කේක් වලට අවශ්‍ය බඩු...මේ කොයිකත් හන්දියේ කඩයට දුරකතන ඇමතුමකින් කියු විට් එය ත්‍රී රෝද රථයකින් නිවසට එයි...සියල්ලම මා විසින් එසේ සූදානම් කර ඇත්තේ පිරිමියෙකු නැති නිවසේ ගැහැණියකගේ ආරක්ශාව බොහෝ වැදගත් නිසාවෙනි...

"තාත්ති යන්නෙ බිස්නස් වැඩ වලටනෙ දෝනි..අම්මි ට යන්න බෑනෙ..අනික අම්මි ගියොත් කෝමද ශනාලිගෙ බටර්ෆ්ලයි හදන්නෙ...ම්ම්ම්"

"ආ....ඔව්ව්...බෑ බෑ තාත්ති යන්නෝ අපිත නන් බෑ එන්න"

කෙල්ල සම්පත් ගේ උකුලෙන් බැස දිව ආවේ හරියට සම්පත් ඈව රැගෙන යයිදෝ කියා බියෙන් මෙනි...ඔහු යන්නෙ කොහේදැයි මා නොදැන සිටියද..යන්නේ කා සමඟදැයි මා හොඳාකාරයෙන්ම දැන සිටියෙමි...
ඔහුගේ ගමන් මල්ල ඇදට දැමූ මම...එකින් එක ඔහුගේ ඇදුම් බෑගයේ අසුරන්නට වූයේ දැවෙන හදවතිනි...
මා කෙතරම් අවාසනාවන්ත බිරිඳක් දැයි මගේ හදවත හඩාවැටෙමින් තිබුණි...
එහෙත් එක් වරම....................