🌹🌹දහසය වන කොටස🌹🌹

මා ගත් තීරණය වැරදි ලෙස මා දකින්නේ නැත..එහෙත් විඳවන්නේ මාය....
නැවතත් දෑස පියා ගත්තේ මට මාගේ මනස නිදහස් කර ගැනීමට උවමනා නිසාය....
විනාඩි කීපයක් ගත වන්නට ඇත..නැවතත් ඒ ස්පර්ශයම............

"දෙයියනේ ගිහිල්ලත් මට ඉන්න දෙන්නෙ නැද්ද..."

මා සෝෆාවේ හිද ගත්තේ එලෙසිනි.......
එහෙත්..උගුර කට වියලී මගේ සර්වාංගයම ගැහෙන්නට වූයේ දියෙන් ගොඩගත් මත්‍ස්‍යකු සේය..

"ස්.ස්..ස.ම්.ප.ත්.."

"මොකද ගෑණියේ...මොකද්ද උඹ කිවුවෙ..මොකාද උඹ ඇතුලෙ දාගෙන ඉන්නෙ කියපං..."

මා පසකට තල්ලු කළ සම්පත් ගෙය පීරන්නට විය..මෙය ඔබට කෙසේ වෙතත් මට නම් අමුතු දසුනක් නොවේ..ඔහු සති ගණනින් නිවසෙන් පිටවී නැවත ගෙදරට එන්නේ කුමක් හෝ මාගේ වැරැද්දක් අල්ලාගෙනය..එවිට මගේ නිහඬ බව ඔහුගේ වරද වසා දමනා බව ඔහු ඉවෙන් මෙන් දන්නේය..ඔහුට කැමති ලෙසක හැසිරෙන්නට ඉඩ හැර මා කුස්සියට ගියේ තේ සෑදීමටය..ශනාලිගේ උපන්දින කේකකයේ කොටසකුත් සමඟ තේ කෝප්පය කාමරයට රැගෙන යද්දී සම්පත් හැඟීමකින් තොරව ඇදෙහි හාන්සි වී කැරකෙන විදුලි පංකාව දෙස බලමින් සිටියේය..

"මොකක් හරි ප්‍රශ්නයක් ද.."

ඔහු කිසිවක් නොකියු හෙයින් මා කෝපය ඇද අසලවූ ස්ටූලය මත තබා ආපසු හැරෙන්නට හදත්ම සම්පත් මගේ වමත තර කර අල්ලා ගත්තේය...

"ස්.සම්ප.ත්..."

"උඹ මට ඔච්චර බය ඇයි බං..මං උඹේ මිනිහ.."

මා ගැහෙද්දීම ඔහු වැරෙන් මා ඔහු වෙතට ඇද ගත්තේය...සමබරතාව ගිලිහුනි මම පතිත වූයේ ඔහුගේ දාහයෙන් පිරුණු නිරුවත් පපුව මතය...

"මං හරි ආසයි ඔයාගෙ දාඩිය පපුවට...දාඩිය පිරිල තියනකොට මූන අතුල්ලන්න මුළු පපුවෙම..."

පෙර දවසක මා ඔහුට මගේ ආදරය පැවසුවේ එලෙසිනි...එහෙත් මට දැන් එය අපුලකි.. ගැරඬියකුට භූමිතෙල් ගැසුවා සේ මා ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කළෙමි..

"සුවදයි ළඟ..."

ඔහුගේ දැඩි අත් වලින් මා තද කර අල්ලගෙන ඔහු මුමුණන්නේ උමතුවෙන් මෙනි..

"සම්පත් අතාරින්න..වදින්නම් මට පාඩුවෙ ඉන්න දෙන්න..."

එහෙත් ඔහුට එය නෑසුන ගානය...ඔහු මා සිපගන්නත් මගේ ගෙල සපාකන්නත් පටන් ගත්තේ උමතුවෙන් මෙනි...

මිනිසෙකුට මෙතරම්ම තිරිසන් වෙසක් ගත හැකියැයි මා දැන සිටියේ නැත..දින ගණනාවක් එක් කාන්තාවක් සමඟ ඔහුගේ සියලු ආශාවන් ඉටු කරගෙන පැමිණ තවත් ගැහැනියකට අතවර කිරීමට තරම් පහත් තත්වයකට ඔහු ඇද වැටී ඇත...

"උඹ මගෙ ගෑණි යකෝ..මට ඕන වෙලාවට උඹ මා එක්ක ඉන්න ඕන...දැනගනින් ඒක..."

තවත් නම් නොහැක...හිතට දහිරිය කොහෙන් ආවාදැයි මම නොදනිමි...සම්පත්ගේ පපුවට මගේ දෑතම තැබූ මම වැර යොදා පසුපසට තල්ලු වීමි...නොසිතුව මොහොතක ලැබු ඒ ප්‍රතිචාරය සම්පත් කිසි සේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවූ බය මට පසක් වූයේ මා බදා සිටි ඔහුගේ දෑත් ගිලිහෙද්දීය...

මා සම්පත්ගේ ඇග උඩින් රෝල් වී ගොස් බිමට පතිත වූයෙමි...වැලමිට බිම ඇනුන නමුදු , කකුලද නොපිටට ගිය නමුදු , එයද නොතැකූ මම නිදන කාමරයත් සාලයත් අතර වූ කොරිඩෝවට විත් හති ඇරීමි...

"අනුත්තරා..!! උඹ මගෙ යකාවුස්සගන්න එපා.."

වහලේ උළු සියල්ල බිම පතිත වනවා තරමටම ඒ හඬ විසල් විය...
පපුව වේගයෙන් ගැහෙද්දී දෙනෙත් කඳුලෙන් තෙත් වූයේ මින් අනතුරුව සිදු වන දෙය මා හොඳාකාරවම දැන සිටි නිසාය.......

වැලමිට ඇදුම් දෙද්දී..මම කකුළ අද්ද අද්දා කොරිඩෝව දිගේ සාලයට ගියේ එලියට බැසීමටය..තෙහංසා ඒමට තව පැයක් වත් ගත වේ..තෙහංසා නිවසේ සිටියා නම් මට බියක් නොමැත..සම්පත් කෙතරම් වියරු වූවත් තෙහංසා ඉදිරියේ කිසිවක් නොකියයි...

"අනුත්තරා!!!..."

සම්පත්ගේ හඬ ඇසුනේ දෙකන් අසලමය...වහ වහා එළියට යාමට ගිය මගේ කකුළ පා පිස්නාවේ පැටලී මා ඇද වැටුනේ මට කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබාය...

නැත...මා බිම වැටුනේ නැත...එසේනම්....... මා සිටියේ නුහුරු දෑතකය එහෙත් ඒ සුවඳ....... එය නුහුරු නැත...
දෙවියනේ........මේ ඔහුද....
යන්තම් හිස ඔසවා බැලු මට මගේම දෑස් අවනත නොවීය...ඒ ඔහුය..ඒ දෑස් නැවත කිසිදා මා අබිමුවෙහි නොතිබේවියයි මා.සිතීය..එහෙත් දැං ඒවා...විශ්මිතව මා දෙස බලා.සිටී

"ඔ.ඔයා..."

"අනුත්තරා..උඹ!!%&"

සම්පත් කියාගෙන ආ සියල්ලක්ම ගිල ගත්තේය...මට කෙලින් සම්පත් දෙසවත් අහස් දෙසවත් බලන්නට තරම් ශක්තියක් නොවීය..