සිහින පියාපත් 15
- Details
- සමීරා අනුරංගනී
- Sihinapiyapath
- Hits: 261
පහළොස්වන කොටස
නිවසට යද්දී දහවල් හිරු රැස් ඔච්චමට මෙන් සිනා සෙන්නට පටන් ගෙන තිබිණි..තෙහංසා ඇත්තේ බඩගින්නේය..හදවත දුකෙන් මිරිකී ගියේත් මා මටම දොස් පවරා ගත්තේත් එක් විටය... අතෙහි වූ මුදල් වියදම් කිරීමට මැලි උවද තෙහංසා වෙනුවෙන් කඩෙන් බත් පතක් මිලදී ගත් මම එය ළයට බොහෝ ආදරයෙන් තුරුලු කරගත්තේ මෙය දකින ඇගේ මිණි කැට වන් දෙඇස් සතුටින් දිලෙනු සිතින් මවාගෙනය... ඉදින් නැවතත් තෙහංසා හා මා අතර මගේ ජීවිතය දෝලනය වනු ඇත...එසේ දෝලනය වන ජීවිතය ට කුණාටුවක්ව සම්පත් වෙනදා මෙන් එබෙනු ඇත..කොපුලට රහසේ දෙනෙතින් කඳුලු වැටෙනු ඇත....සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් මම සියල්ල අමතක කිරීමට සිතා ගත්තෙමි..එය සිහිනයකි ..කිසිදා සැබෑ නොවන සිහිනයකි..ඉදින් ඉහිරුණු කිරට හඬා පලක් වේද... "නෝනා අපි ආව.." ගාස්තුව ගෙවා නිවසට යන අතරේදීත් මට හීල්ලිනි...මා වටා මහා පාලුවක් දැවටෙන්නට වූයේ මා තවත් අසරණ කරමිනි.. "අම්මී...කෝද ගියේ අනේ...මන් ඩාන්සින් ක්ලාස්නි අද..අනේ ....." ගෙට ගොඩවන්නටත් මත්තෙන් ඇගේ නෝක්කාඩුවට මගේ හදවත වේදනාවෙන් මිරිකෙන්නට විය..මහා වරදක් කර හසු වූවකු මෙන් මට ප්රථම වතාවට තෙහංසාගේ දෑස් හා මගේ දෑස් එකට එක හා කරන්නට බැරි විය..ඈ බලා ගත් කාන්තාවට ස්තුති කළ මා තහංසා වඩා ගත්තේ මහත් වූ දයාබර කමකිනි.. "දෝණි දෙකටනෙ පංති පැටියො අපිට ටක් ගාල ලෑස්ති උනෑකි.අම්මිට අමතක නෑනි ඉතිං දෝණිගෙ ක්ලාස්.." මා එසේ කීවත් ඇගේ පංතියක් ගැන හාංකවිසියක් වත් මගේ මතකයේ නොතිබුනි.. "අම්මි බඩ්ඩක් ගෙනාවා..." බත් පැකට් එක ඇගේ දෑත මත තබද්දීම මා සිතූ ලෙසම ඇගේ නිල්වන් දෙනෙත් කාන්තිමත්ව බැබලිණි... "රයීඊඊඊස්ස්ස්...චෝයි අම්මි මගේ ..." බෙල්ල බදාගෙන මගේ මුලු මුහුණම සිප ගත් ඈ කෑම කාමරයට දිව ගියේ 'අම්මි එන්න්ඩෝ' ගාමිනි... මා මිදුලෙහි වූ ජල කරාමයෙන් මුණ සෝදා අවසන් කඳුළද මිරිකා හැරීමි..මා කෑම කාමරයට යන විටත් තෙහංසා බත් පත දිග හැර මා වෙනුවෙන් බලා සිටියාය..විගසින් ඇයත් සමඟම කටවල් කීපයක් කෑ මා පමාවකින් තොරව තෙහංසාව පන්තියට ඇරලීමි... නිවසට යන්නට කිසිදු පිරියක් නොමැති වුවද මට තනිවී හඬන්නට මහත් උවමනාවක් තිබුණි... අහස්ගේ වියෝව මට මෙතරම්ම තදින් දැනෙනු ඇතැයි හෝ අහස් මෙතරම්ම මගේ හදවතට සමීප වනු ඇතැයි මා කිසිවිටක නොසිතුවෙමි.. මා ගැහැණියකි...කසාද ගැහැණියකි.. මවකි මෙරට සංස්කෘතියට අනුව කසාද ගැහැනියකට ආදරය කළ හැක්කේ තම සැමියාට දරුවන්ට පමණි..පෙරලා ඔවුන්ගෙන් ආදරය ලැබූවද නොලැබූවද ඇය එය ඉවසිය යුතුය..ඇය වෙනෙකු හට ආදරය කලහොත් එය අසම්මතයකි..නොමනා ක්රියාවකි...එසේත් නැතිනම් සිංහල භාෂාවේ නරකම වචනයට හිමිකම් කියන්නියකි...මමද අද එවන් තැනක ඉන්නවා නොවේදැයි මගේ යටි සිත මට වද දෙන්නට පටන් ගෙන තිබුණි... එහෙත්..........මෙය වැරදිද........මා මාව සාධාරණීකරනය නොකරමි..වසර ගණනාවක් සම්පත් හා බොහෝ අසීරු දිවියක් ගත කරමි එහෙත් කිසිම දිනක සිහිනෙන් හෝ ඔහුට වරදක් කිරීමට මා සිතුවේ නැත..ඔහු ඈත් සමඟ පෙම් සුව විඳින බොහෝ රාත්රීන් වල මම තනි යහනේ ගුලි වීමී... කසාද ගැහැණියකට පිරිමි පහසක අවශ්යතාවය තුරුණු වියෙහි ඉන්නා තරුණියකට වඩා දැනෙන්නේය.. එය ඈගේ අයිතියකි කසාද ගැහැණියක් සිය හැඟීම් ගුලිකර සිටීම තරම් වේදනාවක් තවත් ඇද්දැයි මා නොදනිමි... සම්පත් හිතූ හිතූ වේලාවට ඔහුගේ අවශ්යතාවයන් සපුරා ගන්නේ මා කෙලි බඩුවක් ගණනට දමාය... ඉදින් මා වැරදීද....තීරණය ඔබ සතුය... මේ සියලු සිතුවිලි අතර දෝලනය වෙමින් මම නිවසට පැමිණ සෝෆාවෙහි වැතුරුනේ සිතත් ගතත් බොහෝ විඩාබර වූ නිසාය... කොපුල් හරහා ගලායන කඳුලැලි වලට රිසි සේ ගලා හැලෙන්නට ඉඩ හැරි මා ඒවා පිසලෑමට වත් වෙහෙසක් නොගත්තෙමි...මට හැමදා සමීප වූයේ කඳුලම පමණි.................................... සිනිදු ස්පර්ශයක්.........සිතට අමුතුම සුවයක්..... ආදරනීය පිරිමැදීමක්............ "අනූ................." සිහිනයෙන් මෙන් ඒ පහස දැනෙද්දී මා ගැස්සී ඇහැරුනේ ඒ ඔහුමද කියා ය......... එහෙත්.........සියල්ල මායාවකි...අහස් මා හද ගඹුරේ සිට සියලු හැඟුම් කලතිමින් සිටී.. එහෙත් සියල්ලටම පමා වැඩිය..මේ වන විටත් ඔහු මගෙන් බොහෝ ඈතකට ගොස්ය..ඒ මගේම වරදිනි... මාද අසරණය ...මා ගත් තීරණය වැරදි ලෙස මා දකින්නේ නැත..එහෙත් විඳවන්නේ මාය.... නැවතත් දෑස පියා ගත්තේ මට මාගේ මනස නිදහස් කර ගැනීමට උවමනා නිසාය.... විනාඩි කීපයක් ගත වන්නට ඇත..නැවතත් ඒ ස්පර්ශයම............ "දෙයියනේ ගිහිල්ලත් මට ඉන්න දෙන්නෙ නැද්ද..." මා සෝෆාවේ හිද ගත්තේ එලෙසිනි....... එහෙත්..................................