ඔහු තරහින් කීවේ ඇත්තටම වරද සදසී අත නිසා.

🧚🧚🧚🧚"අනේ මේ තමුසෙ හරියට පාර බලන් ආවා නම් මෙහෙම වෙන්නෙ නෑනේ.දැන් බලනවා මගෙ අතේ ලේ ගලනවා.දැන් තමුසෙට සතුටුද අහ්."

කටකාර සදසී එසේ කියනකොට අර තරුණයාට තවත් තරහා ගියා.


😎😎😎😎"මේ ඊඩියට්..තමුසේ මගේ යකා අවුස්සන්න එපා.හරිද?මෙන්න මෙහෙ එනවා..මගුල මටම වද දෙන්න ආවනේ."

එසේ කියමින් ඔහු සදසීගේ අතකින් ඇදගෙන ගියේ තුවාලෙට බෙහෙත් දාන්න.කිසිවක් හිතාගත නොහැකිව මිහිනි සිදුවන දේ දෙස බලා සිටියා පමණී.

🧚🧚🧚🧚"ආවු....රිදෙනවා..ඇති ඇති මෙහෙ දෙනවා මන් දාගන්නම්."

සදසී අත පසෙකට ගත්තේ වේදනාව නිසා.

😎😎😎😎"ඔන්න ඔය අත මෙහෙට දෙනවා..😠😠මල වදේ..තමුසෙනම් මුස්කේතුවක් ඕයි.බලනවකො මූණේ හැටි."
ඔහු එසේ කීවේ සදසිගේ අතට බෙහෙත් දමා ප්ලාස්ට(ර්) එක අලවන ගමන්.

🧚🧚🧚🧚"යකෝ මේකා...මුස්කේන්තුවලු😕ඒ මදිවට මූණේ හැටිලු.එයා හරි ලස්සන මනුස්සයානේ.චිම්පන්සියෙක් වගෙ හරියට..රැවුලෙ කැත..දෙන්න හිතෙනවා පයින් දෙකක් උඩින් යන්න.😕"

සදසී තමාටම මුමුණ ගත්තා.

😎😎😎😎"මොනවද ඕයි තමුසෙ තනියම කියවන්නෙ.පිස්සුද?"

🧚🧚🧚🧚"අනේ මේ යනවා හලෝ යන්න.ඇයි අහන්නෙ තමුසෙ මට පිස්සුවට බෙහෙත් දෙන්නද අහ්..යනවා ඉතිම් මල වදේ..මගේ අතත් තුවාල කරලා..එනවා මෙතන."

කියා නිම කරන්නට පෙරම ඔහු එතනින් පිටව ගියේ සදසීට රවාගෙනමයි.

🧚🧚🧚🧚"බලපංකො මිහිනි...මහා නපුරු මනුස්සයෙක්."

මිහිනිත් එක්ක එහෙම කියද්දි
👧👧👧👧"අනේ සදසී..උඹ මොකටද ඒ මනුස්සයාට බැන්නෙ..උඹනෙ බන් අහක බලන් පාර මැද්දට පැන්නෙ..උඹගෙනෙ වරද🤦."

මිහිනි සදසිට කිවුවා.

🧚🧚🧚🧚"හරියට පාර බලන් ආවා නම් මොකුත් නෑනේ..🤷"

සදසී සැහැල්ලුවෙන් කියා දැම්මා.

👧👧👧👧"වෙලාවට ඒ මනුස්සයාගේ හිත හොද නිසා උඹ බේරුනා කියලා හිතාගනිම්.බලපන් බෙහෙතුත් දාලනෙ බන් ගියේ...හරි හරි..උඹට අවුලක් නෑනේ..එහෙනම් යමුද?"

දෙදෙනාම car එකට නැග්ගෙ නැවතත් ගමන් පටන් ගන්න.
Car එක drive කරන ගමන් සදසිගේ හිතේ අර තරුණයා හොල්මන් කරන්න පටන් ගත්තා.

"පණ්ඩිතකම තියන.මහා දුෂ්ඨයෙක්.එත් මාර හැන්(ඩ්)සම්.😍"මද සිනාවක් සමග හිතුවා.

👧👧👧👧"මොකද යකෝ තනියම හිනා වෙන්නෙ.පිස්සුද?🙄"

මිහිනි ඇහුවා.
සදසී එයට සිනාසුනා විතරයි.
කෙසේ හෝ දෙදෙනා කතාවෙන් කතාවෙන්ම සෙම්බුවත්තට ආවා..

🧚🧚🧚🧚"wowww මිහිනී..ලස්සන.🤩🤩🤩🤩🤩"

සදසී car එක එතන නවතා තිබූ car එක පිටුපසට වෙන්නට නතර කලා.
දෙන්නම ගමන් මල්ලත් අරගෙන් සෙම්බුවත්තට ඇතුල් වුනේ පරිසරයේ සුවයත් විදිනගමන්මයි....

සදසී මිහිනිත් එක්ක තේ වත්ත මැදින් වැව පැත්තට අවිදගෙන ගියේ පරිසරයේ ලස්සන තැන් ඇගේ කැමරා කාචයට අරගෙන.
දෙදෙනාම වැව ලගට මද වේවාලවක් වැව දිහා බලාගෙන හිටියේ ගෙනාපු අල chips 🍟 වගයක් කන ගමන්මයි.
වටපිට බලමින් සෙම්බුවත්තේ සිරිය විදිමින් සිටි සදසී අහම්බෙන් මෙන් දුටු රුවක් නිසා ගල් ගැහුනාක් මෙන් විය.

🧚🧚🧚🧚"මිහිනි..අර බලන්නකො.."

මිහිනිට තට්ටුවක් දමමින්ම සදසී ඒ රුව මිහිටද පෙන්නුවා.
🧚🧚🧚🧚"රතු car කාරයා.අර දුෂ්ඨයා ඔයාට මතකද..😕.."

සදසී මිහිනිට කිවුවා.

👧👧👧👧"ඔව්...එයා තමා.."
ම්හිනිද ඇයට එකග වුනා.

🧚🧚🧚🧚" දුෂ්ඨයා...එන්න අනේ අපි යමු අර පැත්තට.."
මිහිගේ අතකින් අල්ලාගත් සදලී ඇයවද ඇදගෙන වැව වටේ ඇවිදින්න ගියා.
සෙම්බුවත්තේ සුන්දරත්ව විද විද සිටි මිහිනිට හා සදසිටත් නොදැනීම වේලාව ගත වුනා.
📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞
සදසීගේ 4න් එකට call එකක් ආවේ දැන් හොදටම හවස් වෙලා කියලත් දැනුම් දෙනගමන්මයි.

🧚🧚🧚🧚"මිහිනි..අම්මා කතා කරනවා..මේ 📷 cameraව ගන්නකො ටිකකට"

Cameraව මිහිනි අතට දෙන ගමන් ඇය 4n එක answer කරා.

🧚🧚🧚🧚"හෙලෝ අම්මේ..ඔව් කියන්න..නෑ අම්මෙ මේ එන්න ලේස්ති..හරි අම්මේ..මිහිනි මමයි රෑට කාලම එන්නම් අම්මේ...හරි අම්මෙ හරි..බුදු සරණයි...අම්මලත් පරිස්සමෙන් ඉන්න."

4n එක බෑග් එකට දාගන්න ගමන්ම දෙදෙනා වැව දිගේ ඉස්සරහට ගියා.
අපොයී...සදසී වැව දෙස බලා සිටි කෙනෙකුගේ ඇගේ වැදුනා.
ඇයවම පාලනය කරගත නොහැකි වූ සදසී ඒ පුද්ගලයත් එක්කම බිම ඇද වැටුනා.

🧚🧚🧚🧚"අනේ sry..."

නැගිට ඇගේ වැලි පිසදමන් ගමන් සදසී ඔහුට කීවා.

😎😎😎😎"මොකක්ද ඕයි තමුසෙට වේලා තියෙන්නෙ.මෙතෙන්ටත් ආවද වද දෙන්න අහ්...🙄😕.තමුසෙ නම් මල වදයක් ඕයි.."

තරහින් ඔහු පවසද්දි

🧚🧚🧚🧚ඉතිං අනේ මන් කිවුවනේ sry කියලා.sry ඉතිම් sry."

සදසී කීවා.

😎😎😎😎"sry කීවද හැමදේම හරිද ආ..😠 නොන්සන්.ළමා මානසිකත්වයෙන් මිදිලා ටිකක් වැදගත් විදිහට හැසිරෙනවා.හරකෙක් වගේ වැඩ කරන්නෙ නැතුව."

ඔහු එසේ කියා ඇයව පසෙකට තල්ලු කර පිටව ගියා.

🧚🧚🧚🧚"දුෂ්ඨයෙක් මහා.කතා කරන කැත.කිසිම හිතක් පපුවක් නෑ..මගේ නෙවේ හලෝ ළමා මානසිකත්වය තමුසෙගේ.මෝඩයා."

සදසී ඔහුට ඇහෙන්නටම කීවා.
එය ඇසුනු ඔහු නැවති ඇය දෙස බලා

😎😎😎😎"මොකක්ද තමුසෙ කීවේ..😠"
ඇහුවා.

🧚🧚🧚🧚"මන් ඔහෙට මොකුත් කීවේ නෑ..ඔයා පාඩුවෙ යන්න..🤭"

තවත් තරහා ගිය ඔහු ඇය දෙස රවා බලා යන්නට ගියා.

🧚🧚🧚🧚"අපෝ මේකගේ දුෂ්ඨකම තියෙන.මූලග්ගින්නද කොහෙද මුට.අහිංසක මූණකුත් තියාන ඉන්නෙ නම් මහ ලොකුවට.."

සදසී කියවගෙන කියවගෙන ගියා.

👧👧👧👧"අනේ මන්දා බං උඹනම් පැටලෙන්නෙම කටු ගොඩවල් වලනේ..දවසක උඹ නිසා මාත් ගුටි කනවා sure🤦"

මිහිනි කීවේ සදසිගේ හිසට මදක් තට්ටුකරමින්.
දෙදෙනාම car එක ලගට ගියේ නිවසට යාමට හිතාගෙන.යනවිට ඔවුගේ car එක ලග අර තරුණය ඉන්නවා දුටු සදසී

🧚🧚🧚🧚"අර දුෂ්ඨයා ඇයි අර අපේ car එක ලග හිටන් ඉන්නෙ."

මිහිනිට කීවා.

👧👧👧👧"අනේ මේ සදසී වලියට එහෙම යනවා නෙවේ හරිද😕?"

සදසී ඒ තරුණයට කිසිත් කියන්නට කලිම්ම මිහිනි ඇයව නැවැත්තුවා.

🧚🧚🧚🧚"නෑ නෑ...එන්න අපි අපේ පාඩුවෙ යමු."

දෙදෙනා car එක ලගට ගියා.
තවමත් ඔහු car එක ලගටම වෙලා.

🧚🧚🧚🧚" excuse me mister ඔතනින් අයින් වෙනවද අපිට දැන් යන්නෝන."

සදසී කිවා.

😎😎😎😎"මටත් යන්න තමයි ඕන.ආහ් තමුසෙගෙද මේ car එක.තමුසෙට ඇත්තටම මොලයක් නැද්ද ආ..බලනවකො මන් දැන් කීයෙ ඉදලද මෙතන.මගේ කාලෙත් කෑවා හොදටම.අයින් කරගන්නවා ඉක්මණට මේ මල කරත්තෙ.😠"

ඔහු තරහෙන් කිවා.

🧚🧚🧚🧚"මොකක් මල කරත්තෙ🙄.ඔහේගේ එක තමයි මල කරත්තෙ😕..කාලේ කෑවා කියන්නෙ..ඇයි ඒක පාන් ගෙඩියක්ද..මල විකාර🙄..හරි ඉන්න මන් අයින් කරගන්නම්.එන්න මිහිනි අපි යමු.."

සදසී මිහිනිත් සමග car එකට නැග එතනින් පිටව ගියා.

👧👧👧👧"අනේ මන්දා සදසී උඹත් නිකම් වලි කෙක්කක් නේද?🤦"

මිහිනි කීවා.

🧚🧚🧚🧚"බලන්නකො අනේ..එයාට ගිය රට🙄මල විකාර.මමත් වැරදි තමා ඉතිම්..ඒත් ඒ දුෂ්ඨයා කතා කරපු විදිහ.😕ඒ නිසයි මන් එහෙම කීවේ.පණ්ඩිතයෙක් මහා.😣,,,හරි හරි අපි එහෙනම් රෑටත් කාලම ගෙදර යමු නේද??"

මිහිනි ඔළුව වැනුවෙ හා කියන ගමන්මයි.
සදසි මිහිනිව නිවසින් බස්සවාගෙනම ගෙදර යන්නට ගියේ දෙදෙනත් එක්කම රෑ කෑමත් අරගෙනමයි.
මෙසේ දින කීපයක් ගත විය.

🧔🧔🧔🧔"සදසී...පුතා අද ඔයා office එකට එන්නොන හරිද?ඔයාට පුලුවන් නේ එතන වැඩ ටික කරන්න.එතන ළමයි එක්ක තියන වැඩ ටික කරන්න.ම්ම්ම්..මම එනකම් office එකේ වැඩ ටික control කරගෙන ඉන්න පුලුවන් නේ.."

ඒ සදසිගේ තාත්තා.දින කීපයකය වීදේශ ගත වෙන්න හදිසියේම සිදු වුන නිසා company එකේ වැඩ ටික සදසිට බරදෙන්න තමා ඔහු හිතාගෙන ඉන්නෙ.

🧚🧚🧚🧚"අනේ තාත්තේ...මං..😲"

🧔🧔🧔🧔"ඔව් පුතේ..සතියකට විතරයිනෙ.ඔයා මන් එනකන් office එකේ වැඩ ටික බලාගන්න.මගේ CEO සදේශ් වික්‍රමසිංහ ඉන්නවා.දෙන්නත් එක්ක එකතු වෙලා හරියට වැඩ ටික කරන්න."

සදසීගේ තාත්තා කීවා.

🧚🧚🧚🧚"ම්ම්ම් හරි තාත්තේ...තාත්තා එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරන් එන්නකෝ.මන් company එක බලාගන්නම්🙂"

සදසී කියනකොට ඔහු ඇගේ ඔළුව අතගා පිටව ගියා.
පසු දින උදෑසම company එකට යාමට සූදානම් වුනා.
දනිස ලගට කොට ක්‍රීම් පාට ටියිට් සායට කලුපාට නැවු කර තියෙන අත් දිග blouse එක සායට යට කරලා ඇදලා ඉන තෙක් දිග කොණ්ඩ කඩා හැලෙන්ට දමා office එකට ගැලපෙන්න පොඩි mekup එකක් දාපු සදසී ඇදුමටම ගැලපෙන කළු පාට හීල්ස් දෙකක් දැම්මම හරිම ලස්සනට හිටියා.
එක පාරක් නොව දෙපාරක් හැරී බලන්නට හිතෙන තරම් චාම් පෙනුමක් ඇයට තිබුණා.
සූදානම් වි අවසන් වූ සදසි කණාඩිය ඉස්සරහා ඉදලා ව් පමණ දෙපසට හැරි හැරී බැලුවේ මොකක් හරි අඩුපාඩුවක් තියෙද කියලා.
පෙනෙන්නට තරම් අඩුපාඩුවක් නොදුටු නිසා ඇය කණ්ණාඩි මේසය මත තිබුණු perfume එකෙන් ටිකක් ගහගෙන 4න් එකත් අතට අරගෙන අම්මටත් වැද office එකට ගියා.
Car එකෙන් බැහැලා ඇය ඇයට හිමි කාමරයට ඇවිද ගියේ මදක් තම සේවකයින් ගැනද විමසිල්ලෙන්.
ඇය ඇයට හිම කාමරයට ඇතුල් වෙන්නට සිතා විදුරු දොර ඇරගෙන ඇතුලට යනකොටම ඇය දුටු දෙයින් ඇය එතනම ගල් ගැසුනා.😲🙄....