සිහින පියාපත් 7
- Details
- Super User
- Sihinapiyapath
- Hits: 308
🌷හත්වන කොටස🌷
"ම්.මගෙ කොන්ඩෙ..මේ..ඒක කපන්න ඕන...කොටටම..."
මා පවසද්දී නියත වශයෙන්ම මගේ දෑස් තෙත් වන්නට ඇත.. මා අභියස සියල්ල බොඳවී යන්නට ඇත්තේ ඒ නිසාය...
එවිටම කිසිවකු හෝ රූපලාවණ්‍යගාරය වෙත ආ බවක් දැනුනද බොඳවුනු දෙනෙත් සමඟින් ඒ දෙස බැලීමට මට උවමනාවක් නොතිබුනි...
"මේ කොන්ඩෙ කපන්න...අපරාදෙනෙ මිස්...අපි ලේයර් කට් එකක් දාමු ලස්සනයි එතකොට මිස්ට..."
"නෑ..මට කොටටම කපන්නයි ඕන..."
"ඒත්..මිස්ගෙ හස්බන්ඩ් නම් ඒකට කැමති නැ වගේ..."
මා වික්ශිප්ත වී ගියෙමි...
"ම්.මගෙ හස්.බන්ඩ්...."
මා එක එල්ලේම රූපලාවණ්‍ය ශිල්පිනිය දෙස බලද්දී ඈ ඇගේ දෑසින් මට පිටුපස පෙන්වූයේ මද සිනාවක්ද සමඟය...
දෙපා සට සට ගා වෙවුලද්දී හදවතේ සියුම් නාල වල පවා රුධිර ගමනාගමය වේගවත් වී ගියේය...
එහෙත් මා හැරෙද්දී එහි සිටියේ ඔහුය....හදවත පුරා මහා අකුණක් එක් වර පුපුරා යද්දී..
පපුවට සිය දෑත් තදකර බැද ගිනි පුළිඟු විසිවන දෑසින් ඔහු මා දෙස බලා සිටී...
"ඒත් ..මේ..ම්..."
මා රූපලාවන්‍ය ශිල්පිනියට ඇගිල්ල දිගු කර අහස්ව පෙන්වන්නටත් මගේ විශ්මය ප්‍රකාශ කරන්නටත් සූදානම් වුනෙමි...
එහෙත්..මා නොසිතුවම වේලාවක මගේ දකුණතින් අල්ලා ගත් අහස් වැරෙන් අතද ගස්සමින් මා රූපලාවණ්‍යගාරයෙන් එපිටය ඇදගෙන ගියේ රූපලාවන්‍ය ශිල්පිනිය සිය අතින් මුව වසා සිනා සෙද්දීය...ඈ සිතා සිටින්නේ අහස් මාගේ සැමියා ලෙසටය...
"අත අරිනව මාව...මොන විකාරයක්ද මේ... අහස්!! මිනිස්සු බලනව අතාරින්න...ප්ලීස්.."
"මිනිස්සු..මිනිස්සු බලපුදෙන් මට මොකද...."
"ඔහෙට ප්‍රශ්නයක් නෑ තමා...ඒත් මම..මම කසාඳ බැඳපු ගෑනියෙක් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්..අතාරිනව මාව...ලැජ්ජ කරන්නෙපා මට..."
"මමද ලැජ්ජ කරන්නෙ..ඔයාම තමා ඔයාට ලැජ්ජ කරගන්නෙ කෑ ගහල.."
ඔහුට කිසිවක ගණනක් නැත..හැඟීමක්ද නැත..තවත් ඔහුට අවනත වීම මෝඩ කමකි...හිටි වනම නැවතුන මම වැරෙන් ඔහුගේ අත ගසා දැමීමි...
එහෙත් ඔහු හිතුවක්කාරයෙකි..නැවතත් අඩියක් පිටුපසට ආ ඔහු මගේ අතින් වැරෙන් අල්ලා අසල තිබූ ඔහුගේ මෝටර් රථයට තල්ලු කර දැමූයේ පැහැරගෙන යන්නෙකු ලෙසය...
ඒ හා සැනින් වාහනයට ගොඩවූ ඔහු වාහනය වේගයෙන් ජන ගහන මංමාවත් දිහේ ඔහේ ගෙන ගියේය...
ඇත්තටම මා බිය වෙමින් සිටියෙමි. .මොහු කුමන ආකාරයේ පුද්ගලයෙක්ද කියාවත් මම නොදනිමි...කුමකට මා මෙසේ රැගෙන යන්නේදැයි නොදනිමි...ඊටත් වඩා තෙහංසා...දෑස් තෙත් වූයේ නිතැතිනි...
මාවතේ එක් පසක වූ විශාල වෘක්ෂයක් යට වාහනය මහ හඬින් තිරිංග ගසමින් නැවතී ගියේය...
"මොකද්ද තමුසෙ ඒ කරන්න ගියේ..."
මා දෙසට හැරුණ අහස්ගේ දෑස් ගිණි පුළිඟු සේ දැල්වෙන්නට විය..මෙතරම් කෝපයක්..........
"බිහේව් යුවර් ලැන්ජ්වේජ් ඕකේ..."
"මේ හලෝ..මට බොරුවට පොශ් වෙන්න ඕන නෑ මේ.මගෙ හැටි...."
මා තිගැස්සී ගියේ මේ දඩබ්බරාගේ වචන වලටය..කිසිඳු තෙතමනයක් නොමැති වචන මා මහත් අපහසුතාවයට ලක්කරමින් සිටියේය...
"කතා කරනව..මොකද්ද ඒ කරන්න ගියේ.."
"මොකද්ද.."
"සැලුන් එකේ මම අහන්නෙ..."
"ඒක මගෙ පෞද්ගලික දෙයක්..මගෙ පෞද්ගලික දේවල් මම පිට අය එක්ක බෙදා ගන්නෙ නෑ..."
මා දෙසට හැරුණ අහස්..මගේ කම්මුල් ඔහුගේ අතින් තර කොට මිරිකා ගත්තේය...
මම දෑතින්ම ඔහුගේ අතේ එල්ලුනද ඒ දෑස් වල වෛරයක් හැරෙන්නට කිසිවක් නොවීය...
"ඔය කොන්ඩ ගහකට හරි කතුරු තුඩක් වැදුනොත් මම නරක මිනිහ කියන්න එපා තේරුනාද..."
හදවත සහමුලින්ම ඇවිලී ගියේය...
මගේ දෑස් කඳුලින් තෙත් වන්නට ඇත....ඔහුගේ දෑස් වල ගිනි පුළිඟු මගේ කඳුලින් මදින් මද නිවෙන්නට විය...
"ඇයි...ඇයි තමන්ටම වද දී ගන්නෙ...කොච්චර ලස්සන ජීවිතයක් තියනවද...ඇයි විඳින්නෙ නැතුව විඳවන්නෙ..."
මගේ ලවන් ගොලුව තමා තිබුණි..මේ පිටස්තර නන්නාදුනන්නා මගේ හදවතට එබෙමින් සිටියේය...එහෙත් මා තදකර හදගුලු වසමින් සිටින්නෙමි...මගේ හදවතේ තවත් සම්පත් හැරෙන්නට කිසිවකුටත් ඉඩක් නොමැත්තේය..
"කතා කරන්න ප්ලීස්..ඔහොම ඉන්න එපා..."
ඔහු වෙනස්ම ස්වරූපයක් ගනිමින් සිටින්නේය..
"අහ..ස්...ඔ.ඔයා මන් ගැන මොනවත්ම දන්නෙ නෑ..ඒ හින්ද ප්.ප්.ලීස්...මට යන්න දෙන්න..."
"යන්නද ඕන...ම්ම්..මගෙන් යන්නද ඕන..."
ඔහු මොනවදෝ දොඩමින් සිටින්නේය...
"හරි"
වාහනයෙන් බැස.ඔහු වටෙන් මා සිටි පැත්තේ දොර අසලට විත් මා පෙදෙසේ වූ දොර මට හැර දුන්නේය...
එකෙනෙහිම වාහනයෙන් බැස ගත් මම අහස් දෙස එකදු බැල්මක් හෝ නොබලා එතැනින් නික්මීමට සැරසුනෙමි...
"අනුත්තරා...අනුත්තරා සූරියබණඩාර ...ආදරේ කරල අවුරුදු තුනක්...කසාද බැන්දෙ සම්පත් සූරියබණඩාර ...බිස්නස් කරන්නෙ...ලොකු ඇදුම් කඩයක්...ඒත් යටින් වාහන බිස්නස්..
දෙන්න ගොඩක් ආදරෙන් හිටිය...දුව හම්බවෙනකම්...ඒත් හැමදේම වෙනස් උනේ සම්පත් වසුන්දරා ගුණතිලක එක්ක යාලු උනාට පස්සෙ...වසුන්දරා කියන්නෙ....."
"අහස්!!!!!"
මට තවත් දරා සිටිය නොහැකි විය...ඔහු මේවා කොහෙන් කෙසේ දැනගත්තාදැයි මම නොදනිමි...එහෙත් මම මේ වනතුරුම ඇගේ නමවත් දැන නොසිටියෙමි...
"තව මොනවද දැනගන්න ඕන...අනූ....."
ඒ හඬ බොහෝ දයාබරය...උහුලාගන්නට බැරි තරමටමය...
"මන් ඔයා ගැන දන්න තරම් ඔයාවත් දන්නෙ නෑ...වාහනේට නගින්න අනු ප්ලීස්..."
මට කිසිවක් සිතා ගත නොහැකි විය...