❤️අටවන කොටස❤️

මන් ඔයා ගැන දන්න තරම් ඔයාවත් ඔයා ගැන දන්නෙ නෑ.. වාහනේට නඟින්න අනු..ප්ලීස්...

අහස්............ඔහු මදින් මද මා ඔහුට නතු කරගනිමින් සිටින්නේය..අනේ!!.මගේ දුබල පරාජිත හදවත මදින් මද ඔහු වෙත ඇදෙන්නේද...නැත එය කෙසේවත් සිදුවන්නට ඉඩ නොදිය යුතුය...සම්පත් වෙනකෙකුගේ වන්නට පුලුවන...එහෙත්... එහෙත් මා ඔහුගේය...කිසිවකුටත් මේ අගුලු දමා ඇති මහා ද්වාරය කිසිසේත්ම විවර නොකරමි...විවර නොවන්නේය...

"අනූ ප්ලීස්..."

දෙවියනි, හදවත මටත් හොරා අවනත වන්නේය...
මා අඩියෙන් අඩියට පිටුපසට විත් වාහනයට නැගුනේ රොබෝවකු සේය...

"ඇයි....අහස්...ඇයි මන් ගැන හොයන්නෙ...මොනවද ඔයාට මගෙන් ඕන..."

"දැනට...මගෙ පුංචි කෙල්ලගෙ කේක් එක හදල දෙන්නකෝ...ම්ම්ම්...හා නේද..."

ඔහු මහා පුදුම චරිතයකි...කටුස්සකු සේ ඉරියව් මාරුකරන්නේ සැනකිනි...

"මොනවද කල්පනා කරන්නෙ..."

"ඔයා ගැන..."

"මන් ගැන ...ඕනද දැනගන්න..."

කරබාගත් මම සෙමින්..බොහෝ සෙමින් හිස වැනුවෙමි..

"ම්ම්ම්...ඉස්සෙල්ලම කියන්නම් වයස අවුරුදු විසි නවයයි...."

පපුව ඇවිලී ගියේ මන්දැයි මම නොදනිමි....

"ඔව් ඔව් නෝනේ..ඔයාට වඩා අවුරුදු පහකින් බාල කොල්ලෙක් මන්.."

සිතැගි කෙසේ ඔහු කියවනවාදැයි මම නොදනිමි...එහෙත් ඒවා නිවැරදිය...

"යූ කේ හිටියෙ...ස්ටඩීස් ඉවරයි දැන් දිගටම මෙහෙ..ජොබක් සෙට් වෙලා තියෙන්නෙ ඒක හරියනකන් ඉන්නෙ එහෙම නැතතන් යූ කේ වලම සෙට්ල් වෙනව...ඒක ඉතින් තීරණය වෙන්නේ...එකම එක දෙයක් මත විතරයි ...."

අහස් වීදුරුවෙන් එපිට ලෝකය දෙස බලමින් අවසන් වචන කීපය මිමිනීය...ඒ මුහුණේ හැඟීම් කියවීමට තරම් මගේ ශබ්දකොශය පොහොසත් නොවිය......

"ඇද්ද මැඩම් තව ඕනද දැනගන්න..."

නැත කියන්නට හිස ඔසවද්දී ඔහු මා දෙස එක එල්ලේම බලන් ඉදියේය...දෙනෙත් එකවර මුණගැහෙද්දී නුහුරු ආගන්තුක හැගීමකින් හදවත වෙලී ගියේය..

"ඔය ඇස් මාව පිස්සෙක් පිස්සෙක් කරනව කෙල්ලේ."

කිසිඳු වග විබාගයකින් තොරව ඔහු සිය සිත මා ඉදිරියේ දිග හරින්නේය...ඒ මදිවාට මගේ සිත පුරා බර අඩි තබමින් ඇවිද යන්නේය..

"මන් කෙල්ලෙක් නෙමේ අහස් මන් ගෑණියෙක් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්..."

"දන්නව..නොදැන ඉන්නව නෙමෙනෙ...ඒත් මට අදාල නෑ ඒව..මන් මගෙ පුංචි කෙල්ලට කොච්චර ආදරේ ද ඒ විදියටම තෙහංසටත් ආදරෙයි...ඔයා නොදන්නවට තෙහංසයි මමයි ගජ යාලුවො..."

ඔහු ඔහේ කියවන් යන්නේය..
මේ සිදුවන්නේ කුමක්දැයි කියා මටද සිහිනයක් මෙනි...

"ඔයාට මොනවද ඕන අහස්..."

හදවත දස දහස් වාරය්ක් ප්‍රශ්න කරද්දී එක් වතාවක් එය මුවින් පිටතට පැන්නේය.

"මන් ඉල්ලන දේ ඔයාට මට දෙන්න බෑ අනු..ඔයා මට දෙන්නෙත් නෑ...ඒත් දැනට ඔය ලස්සන ජීවිතේ විදවන්නෙ නැතුව විඳින්න...එච්චරයි මට ඕන...."

මා කිරි බොන කිරි සප්පයකු නොවෙමි..ගොනා එන්නේ පොල් පැලේටම බව මට තේරී ගොස් අවසන් ය...එහෙත් මාගෙන් කිසිම දිනක එවන් වැරැද්දක් සිදු නොවන බව ඔහු දැනගත යුතුමය...
එහෙත් ඉවසීම නුවණට හුරුය.මා තනි ගැහැණියෙකි... ඔහු කුමණ චරිතයක්දැයි මා නොදනිමි...

"අපි යමුද...න'සරි අරින වෙලාව..."

මා හිස වැනුවා පමණි..

"අනු.."

ඒ හඬ උවමනාවටත් වඩා දයාබරය...

"මගෙන් කවදාවත් වැරැද්දක් වෙන්නෙ නෑ..ඔයාටවත් ඔයාගෙ පවුල් ජීවිතේටවත්...ඒත් හිතන්න..ඔයාට රකින්න තරම් පවුල් ජීවිතයක් ඔයා ළඟ තියනවද...."

"මගෙ පෞද්ගලික දේවල් මන් බෙදාගන් නෑ අහස් ...කා එක්කවත්..."

උවමනා වූයෙ පිට නන්නාදුනන්නන් සමඟ බෙදා නොගන්නා බව පැවසීමටය...එහෙත් කුමක් හෝ හේතුවකට මට එය කිව නොහැකි විය..
නිහඬව ගෙවී ගිය මිනිත්තු කීපයකුත් සමඟ අප ළඳරු පාසල අසලටම විත් තිබුණි...එහෙත් ළඳරු පාසල මදක් පසුකර ගොස් වාහනය නැවතු අහස්..

"මෙතනින් බහින්න...න'සරි එක ගාව බැස්සොත් ඔයාට හොඳ නෑ...."

මා කිසිවක්ම නොකීමි....
දොර හැර වාහනයෙන් බැසීමට සූදානම් වද්දීම ඔහු මගේ අත දැඩිව අල්ලා ගති..

"අ.හ.ස්.ස්"

"ඔය කොන්ඩෙට..එක කතුරු පාරක් හරි ආයෙ වැදුනොත්... මන් තරම් නරක එකෙක් කොහෙවත් නැති වෙයි....තේරුනාද.."

මා පුදුමයෙන් ඔහු දෙස බලා සිටිද්දී...ස්ටියරින් වීලයේ හිස ගසාගත් ඔහු........

"බහිනවා!!!"

තේරුම් ගැනීමට කිසිසේත්ම නොහැකි දඩබ්බරයෙකි...ඔහු...කුමක්දෝ බිය මුසු හැඟීමක් හදවත සිසාරා පැතිරෙන්නට විය..
මා හෙමි හෙමින් ළඳරු පාසල වෙත පිය නැගුයේ මෙ සියල්ල යළි යළිත් ආවර්ජනය කරමිනි...
මා යන විටත් අහස් තෙහංසාවත් ශනාලිවත් මැදි කර කුමක් හෝ කියමින් සිටියේය...ඇත්තටම ඔහු කඩවසම් ය..දඟකාරය ගැහැණු සිතක් නැවත නැවත ඇදී යන තරමටම ඒ දේහය පිරිපුන් ය...

"අම්මීඊඊඊඊඊ...."

මා දුටු විගස අහස්ගේ තුරුලෙන් මිදී තෙහංසා මවෙත දිව ආවේය..

"අම්මි අම්මි..ප්ලීස් ප්ලීස්....ශනාව අපෙ දිහා අලම් යමුකු...අනි අම්මි..."

"ශනා කොහොමද පැටියෝ අපෙ දිහා යන්නෙ..ශනාගෙ අම්මි බයවෙයි නේ..අනික අර ශනාගෙ මාමි ඇවිත්නෙ ශනාව එක්ක යන්න...

"නෑ අම්මි ශනාගෙ මාමි විතරයි ලු එයා උයන්න දන්නෙත් නෑලු ශනාගෙ අම්මි ඔපිස් ගීම් හවසලු එන්නෙ රැ වෙනෝලු අම්මි...අනෙ අනෙ අපි එක්ක යමුකු...."

අහස්...ඔහු බිම බලමින් සිනා සෙන්නේය...එසේනම්.මෙය ඔහුගේ සැලසුමකි...

"ඕකේ ඕකේ ශනාව එක්ක ගිහින් ශනාගෙ මාමිට හවස් වෙලා එන්න කියමු එක්ක යන්න"

"නෝ අම්මී....ශනාගෙ මාමිත් එක්කම අනේ...එයා නැතු ශනා එන් නෑනි..."

දෙවියනි...මා කට මුලටම හිරවිය.............