සිහින පියාපත් 9
- Details
- Super User
- Sihinapiyapath
- Hits: 306
❤️ නවවන කොටස ❤️
මා කට මුලටම සිර වීමි...
ඒ වන විටත් අහස් ශනාලිද රැගෙන අප වෙත එමින් සිටියේය..
"බලන්නකො යාලුවො දෙන්න කතා වෙලා ප්ලෑන් එහෙම ගහගෙන පස්සෙ තමා අපිට කියන්නෙ..."
කිසිඳු ගණනක් නැතිව අහස් ඔහේ කියවීය...
"අනී..මාමි උයා ඇයි බොලු කියන්නේ..."
තෙහංසා කෑ ගසද්දී මා අහස්ට එරවීමි...ඔහුගේ කපටි කම් වලට අහිංසක දරුවන් ඉත්තන් කරගමින් සිටින්නේය..
"හා හා නඟින්න නඟින්න කා එකට බඩගිනී හොදටම"
ඔහු ගානට ලිස්සා ගියේය...මගේ කේන්තිය බොහෝ අපහසුවෙන් පාලනය කරගත් මම නොරිස්සන හැඟීමක් ද සමඟින් වාහනයට නැගීමි...නිවසට යන තුරුම කෙල්ලන් දෙදෙනා සමඟ සින්දු කියු ඔහුද හැසිරුනේ පොඩි එකකු මෙනි...
ගෙට ගොඩවදිනවාත් සමඟම තෙහංසා ශනාලිගේ අතින් ඇදගෙන ඇගේ කාමරය පෙන්වීමට දිව ගියේ ගෙය දෙක වෙන්න කෑ ගසමිනි...
"මොකද්ද ඔයා මේ කරන වැඩේ තේරුම...ඇයි මෙහෙම කරන්නෙ..."
"මොකද්ද මං කලේ ආ...මොකද්ද මහ රෑ ද ආවෙ...හොරෙන්ද ආවෙ...වැදගත් විදියට ගෙදර ට ආවෙ තේරුණාද... තමුසෙගෙ මිනිහ වගේ රෑට රෑට ගෙවල් වල රිංගන එකෙක් නෙමේ මන්.."
"අහස්...!!"
ඔහුගේ දෑස් ගිනි පුළිඟු සේ ගිනිගන්නට විය...
"ශනාලී!!..."
ඒ හඬට මගේ දෙසවන් අගුල් වැටී ගියේය...වහලය බිමට පාත් වේදෝ මම බිය වීමි...
තෙහංසාත් ශනාලිත් බොහෝ බියවී ක්ශනයකින් අප ඉදිරියේ විය...
"එනව යන්න ගෙදර ඇති හිටිය..."
"මාමි..ඒත්....." දැරියගේ මුහුණේ ප්‍රශ්නාර්ථ බොහොමයක් විය
"කිවුව නේද දැන් එනව යන්න..."
මා කිසිත් නොකීමි...ඔවුන් නවත්වන්නට වෑයමක්ද නොකරීමි...සම්පත් නිවසේ නොසිටින මෙවන් අවස්ථාවක පිටස්තර පිරිමියකුගේ පැමිණීම මා කිසිසේත්ම ප්‍රිය නොකරන කරුණකි..කෙදිනක හෝ එය මගේ...මගේ දියණිියගේ චරිත වලට පාරාවලල්ලක්ව එනු නොඅනුමානය...
යලිඳු මා වෙත හැරී බැලීමක් හෝ නොකළ ඔහු වාහනයට නැගී වේගයෙන් ඉගිලී ගියේය....
හදවත නොසිතුව අන්දමින් තුවාල වී ගියේය...
"අම්මි ඇයි අම්මි ඒ..."
"අංකල්ට හදිසි වැඩක් වැටෙන්න ඇති දූ...යන් අපි වොශ් එකක් දාගම්මු..."
තෙහංසාට කවා පොවා අවසන්කර නින්දට දැමූ මම ශනාලිගේ කේක් ආකෘතිය අන්තර්ජාලයෙන් සොයමින් උන්නෙමි...එහෙත් වරින් වර හදවතේ ඔහුගේ රූපය මැවෙමින් මැකෙමින් මා පීඩාවට පත් කළේය...
වහා නැගිට ගත් මම සම්පත්ගේ දුරකතන අංකය එබීමි... මගේ සිතුවිලි විසිරී යනවාට මා කොහෙත්ම අකමැති ය...
"හෙල්ලොව්ව්..."
ලාලිත්‍යවත් හඬක් මගේ හදවත තවත් පෑරීය...ඒ කවුදැයි මා හොදාකාරවම දනිමි...සම්පත් ඈට දුරකතනය දුන්නාද..නැතහොත් සම්පත්......
"සම්පත් කෝ..."
මා හඬ ශක්තිමත් කර ගැනීමට බොහෝ වැර වෑයමක් දැරූ නමුත් සිහින් ඉකියක් මටත් නොදැනීම පිට වුනි..ඒ මගේ කේන්තිය නිසාද නොඑසේනම් මගේ අසරණ කම නිසාදැයි මා නොදනිමි....
"මොකටද අහන්නෙ..."
ඈද නොදෙවෙනිය..
"ඒ මගෙ මහත්තය...මටයි අයිතිය තියෙන්නෙ කොහෙවත් ලගින උන්ට නෙමේ...."
මා කිසිඳු දිනක මෙසේ හැසිරී නැත්තෙමි...සම්පත් ඈ සමඟ බව මා හොදාකාරවම දනිමි...එසේනම් මෙතරම්ම කෝපයක්...ව්‍යාකූල හදවත මා තව තවත් පෙලන්නීය...
"මොකද්ද බැ## කිවුවෙ...උඹ ගෑණිනන් ඌ මා එක්ක මෙහෙ මොකද කරන්නෙ...උඹ ළඟ මොනවත් නෑ...උඹ නිකම්ම නිකම් පුස්සක් මිනිහෙක්ගෙ හැඟීමක් අවුස්සන්න තරම් මොනවත්ම උඹ ළඟ නෑ...ඒකනෙ උඹව දාල උඹේ මිනිහ බල්ලෙක් වගේ මගෙ කකුල් ලෙව කන්නෙ..."
එවදන් මගේ දුබල හදට බොහෝ බර වැඩි බව නම් කිව යුතුමය..මගේ සියොලගම වෙව්ලී ගියේ ඒ නිසාම විය යුතුය..
"හේ බේබි ෆෝන් එක රින්ග් උනාද ඩාලින්."
බොහෝ ඈතින් එහෙත් පැහැදිලිවම ඔහුගේ කටහඬ ඇසිනි...
දෙනෙත් අතරින් කොපුල් රූරා මහා ගංගාවක් ඇදහැලෙන්නට මහා වේලාවක් ගත් නොවින....
"නෝ ඩාලින් ඉට්ස් අ රෝන්ග් නම්බර්...ඉක්මනට වොශ් දාගෙන එන්න පැටියෝ..."
ඈ මට ඇසෙන්නම කියා දුරකතනය විසන්ධි කලාය....මට කුමක් වීදැයි මා නොදනිමි...අතෙහි වූ දුරකතනය පොලවේ ගැසූ මා අතින් මුව තද කරගෙන වැලපෙන්නට වීමි.මා හැඟීමක් නැති ගැහැනියෙක්ද...සම්පත් මා ගැන සිතන්නේ එලෙසද....එයද මේ සියල්ලටම හේතුව....දියණිය ලැබී මාස තුනක් පමණ යනතුරු අපට අඹුසැමියන් ලෙස සිටීමට නොහැකි විය එය සත්‍යකි...එසේ වූයේ යෝනියේ වූ තුවාලය පැසවීම හේතුවෙන් නැවතත් මැහුම් අලුත් කිරීමට සිදුවූ නිසාය...
ඉන්පසු අඹුසැමියන් ලෙස එක් වීම මට දුන්නේ වේදනාකාරී හැඟීමකි...වෛද්‍යවරයකු හමුවීමට ඔහුට කොතෙක් ආයාචනා කලද එය පලක් නොවීය....
එසේනම්......එයද.......එයද මේ සියල්ලටම හේතුව..
විවාහ ජීවිතය පවතින්නේ ලිංගිකත්වය මතද...යම් හෙයකින් දුබලතාවයකදී විහාහයේ කිසිඳු බැඳිමක් ඉතිරි නොවන්නේද...සම්පත් මෙවැනි තත්වයකට පත් වුවහොත් මා කිසි දිනක ඔහු අතැර නොයන්නෙමි..
වේදනාව නම් මේ සියල්ල පිටස්තර ගැහැණියක්ගෙන් අසන්නට වීමය... සම්පත් නොකියන්නට ඈ කෙසේ නම් දැනගන්නද...ඔහුට මා ගැන කිසිඳුම හැඟීමක් නොමැති අයුරකි.....සෝෆාවේ ගුලිවී වැතිරුනු මම ශබ්ද නොනැගෙන සේ හඬා වැටුනෙමි...තෙහංසා මේ කිසිවක් දැනගත යුතු නැත...හැඬීමට පවා මට තහංචිය.....ඔහු මට එසේ කරන්නේ කෙලෙසෙද.....
මා සිටියේ හඬමින් ය....එහෙත්....මෘදු ස්පර්ශයක් කෙහි රැලි අතරින් දිව ගියේ මා තැති ගන්වමිනි....
වහා සෝෆාවෙන් බිමට පැනගත් මා දුටුවේ ඔහුය...........
අහස්.!!!.........