දසවන කොටස🌹 මා හඬමින් සිටියෙමි....එහෙත් ..මෘදු ස්පර්ශයක් කෙහි රැළි අතරින් දිව ගියේ මා තැති ගන්වමිනි.. වහා සෝෆාවෙන් බිමට බට මා දුටුවේ ඔහුය....... "මොකද මේ...අනූ..." ඒ දයාබරත්වය දරාගැනීමට නොහැකි තරම් ය... "ඇයි ආවෙ..." ඊටම නොදෙවෙනි කුරිරු ආමන්ත්රණයක් මා සතු විය. "මට ඕන හින්ද..." ඔහු දඩබ්බරය... "ඔයාට ඕන හින්ද ඔයාට ඕන ඕන වෙලාවට එන්න මගෙ ගෙදර දොරවල් ඇරල නෑ..." වහා මා වෙතට පැනගත් ඔහු...මගේ කෙස් වැටියෙන් අල්ලා ගති...හැම පිරිමියාම එකය...හදවත අලුතින්ම හඬා වැටෙන්නට විය.. මා තල්ලු කරමින් සාලයේ වූ බිත්තියට තද කරගත් අහස් හුස්ම ගෑවෙන නොගෑවෙන තරමටම මට ළං විය.. ඒ හදවතේ රිද්මය උවමනාවටත් වඩා වේගවත් ය... "ඔච්චර අහංකාරකමක්...ඔච්චර ලොකු කමක්...මේ.අහස්ට..." සොරොව්ව වාන් දැමීමට වැසි අවැසි නොවීය... නොදැනුවත්වම කොපුල් පුරා ඇදහැලෙන්නට විය... "මේ ඇඟේ මම නොදැකපු අඟලක් තියනවද..මේ අහස් වනචරයෙක් නෙමේ...ඒක දැනගන්නව... හෙලුවෙන් ඉන්න ගෑනු දාහක් ළඟ උනත් හිත පාලනය කරගන්න පුලුවන් කෙනෙක් මේ අහස් කියන්නෙ...මට තමුසෙට අහවල් වැඩේ කරන්න ඕන උනානන් මන් ඒක කරන්නෙ එදා...තමුසෙ සිහිය නැතුව මගෙ මේ අත් දෙකට කඩන් වැටුන දවසෙ..." හිසේ සිට පාදාන්තය දක්වා සීිතල වෙමින් තිබුණි... "ශික්.." මා අතැරි ඔහු බිත්තියට වැරෙන් පහරක් මිට මොලවා ගැසීය.. මොහු උන්මන්තකයෙක්ද...මට සිතුනි... "දෝණි කෝ..." "නිදි..." "ඇයි ඇඬුවෙ?.ෆෝන් එක මොකද මේ?අරූද කතා කලේ?" මා කරබාගත්තේ ප්රශ්න කීපයක් බැවිනි..සියල්ලටම පිළිතුරු සැපයීමේදී මුළු කතාවම හෙලිවේ... "අනු......" දෙවියනේ ඔහු මෙසේ මා අමතන්නේ ඇයි...ඒ වචනය සවන් හරහා යන වාරයක් පාසා තද වූ හදගුලේ බැමි ලිහිල් වන්නා සේ මට යන්තමින් හැඟී යන්නේය... "ම්.ම්.ම්" "එයා ඉන්නෙ අර ගෑනි එක්ක.." "දන්නව මන්...ඒත් ඒ මගෙ මහත්තය මන් එයා ගැන හොයල බලන්න ඕන..." "දැන් තමුසෙ දැනගත්තද..හොයල බලල..." නැවතත්............. "හොයල බලනව හොයල බලල මෙහෙ විඳවනව..." "අහස්......." නැවතත් ඔහු මා දෙසට පියවර ඔසවන්නේය... එහෙත් ඒ ඇස්.... "අහස්..!!" මා දෙපසින් ඔහුගේ දෑත් යැවූ ඔහු බිත්තියේ මා සිරකර ගත්තේය... "අ.හ..ස්...." දෙතොල් වෙවුලවා මගේ සියොලගම ගැහෙන්නට විය...ඔහුගේ විලවුන් සුවඳ නාස් පුඩු හරහා මගේ මොළය ස්පර්ශ කරද්දී කුමක්දෝ නුහුරු හැඟුමකින් හදවත වෙලා ගත්තේය.. "ම්.ම්.ම්...අහස් තමා මන්...අනූගෙ අහස්...." ඔහුගේ දඹරැගිල්ල බොහෝ අකීකරුය....නළලේ වූ මගේ කෙස් රොදෙන් පටන් ගෙන මගේ ගෙල හරහා බොහෝ සීරුවට දිව යන්නට විය.. දෙවියනි ඒ ස්පර්ශය මගේ රුධිර කේශනාලිකා වල සියුම් ස්ථර හරහා පවා දිව යන්නට විය... වසර ගනනාවකින් තෘප්තියක් නොදුටු සැගවී ...සඟවා තබා ගත් සියුම් ආශාවන් සිරුරත ගැහෙමින් මා පෙලන්නට විය... අවට ලෝකය අමතක විය...මට මා කවුද කියා අමතක විය.. මා කාගේ කවුද කියා අමතක විය... සිරුර ඒ ආශාවන් ස්පර්ශ කරන්නට මොර ගෑවේය...දෑස් අඩවන් වූයේ මටත් නොදැනීය...අහස්...ඔහු....සෙමින් ඔහුගේ මුව මා වෙත ළං කරන්නට විය....ඔහුගේ සුසුම් වල පහස මා කුල්මත් කරවීය...සිහින් කෙඳිරියක් මුවින් නික්මුයේ මටත් නොදැනීය.... "මන් වනචරයෙක් නෙමේ...." මා ගැස්සුනේ ඔහුගේ වදනටය...මට දැනුනේ අසීමාන්තික ලැජ්ජාවකි...අහස්ගේ පපුවට දෑත් තැබූ මම වෙර යොදා ඔහු තල්ලු කිරීමට සැරසුනි...එහෙත් මට ඔහු සෙලවීමට පවා නොහැකි විය... "අනූ...අහන්න...අනූ...ප්ලීස් ..." "එපා...ඔයා යන්න අනේ වදින්නම් අහස් මන්.. ඔයා යන්න..." "යනව රත්තරන් මන්...ඔයාට වද දෙන්න නෙමේ මන් ආවෙ..ඔයා ජීවිතේ විඳවන තරම් ඇති...මට තවත් ඔයාට වද දෙන්න ඕන. නෑ...මට සමාවෙන්න මන් යන්නම්... වනචරයෙක් නෙමේ මන්...මට මේ දැන්...මේ මොහොතෙ ඔයාගෙන් උපරිම ප්රයෝජනේ ගන්න තිබුන...මන් එහෙම එකෙක් නෙමේ අනූ...අයිම් රියලි වෙරි සොරි..." මගේ හිස ඉතා ආදරෙන් අතගෑ අහස් මගෙන් මදින් මද ඈත් වන්නට විය...මට සිතුනි...ඔව් ඇත්තටම සිතුනි...දුව ගොස් ඒ විසල් පපුතුරේ සැගවෙන්නට සිතුනි.. පපුතුරේ මුව හොවාගෙන හදවතේ දුක මිදෙන තුරු හඬන්නට සිතුනි...එවන් දයාබරත්වයට කුමණ හෝ ගැහැණියක් අකමැති වේයැයි මම නොසිතමි.. එහෙත් මා බිරිඳකි..මවකි..විසල් පවුරක් ඔහුත් මමත් අතරය.. කෙසේද එලෙස...ආදරය...එය උවමනා වේලාවේදී අපෙන් පලායන අතර නුවුවමනා වේලාවේදි අප කරා එන්නේ මන්ද ? සම්පත් ඉතා නිර්දය ලෙස මා ප්රතික්ෂේප කරද්දීත් මා ඔහු වෙතම නතු වීමේ තේරුමක් ඇත්ද... නැත ...නැත...සිත සම්පත්ගෙන් ඈත් වීමට හේතු සොයන්නේය...ඒ ,අහස්...ඔහු වෙත ළං වීමටය... එය කවදා කෙසේවත් සිදු වන්නේ නැත... බිත්තිය පහළට රූටා ආ මම දෙකකුල් මැද්දේ මුහුණ හොවාගෙන හඬන්නට වීමි... "ඇයි..ඇයි දෙයියනේ මම මෙච්චර කාලකණ්ණි උනේ...ඇයි සම්පත්...ඇයි...." හදවත අන් කවරදාකටත් වඩා පාලු ස්වභාවයක් ඉසිලීය... සියල්ල අමතක කළ මා කේක් ආකෘතිය වෙත මගේ සියලුම අවධානය යොමු කිරීමි...ජීවිතය එය කොහේ කොහාට මා ගෙන යනවාද ගෙන යාවිද මම නොඳනිමි...එහෙත් මා ජීවත් විය යුතුමය...ඒ හුදෙක්ම ඈ වෙනුවෙන් පමණි... තෙහංසා.... ඈ වෙනුවෙන්ම පමණි .......