🌹එකොළොස්වන කොටස🌹

සිතුවාටත් වඩා අපූරුවට පැංචිගේ උපන්දින කේකය නිමා කිරීමට හැකිවීම ගැන මා හදවතින්ම සතුටු වූයෙමි.. ඒ අතර තුරද් වරින් වර අහස් මනසේ හොල්මන් කරන්නට වූවායින් මා වෙනදාටත් වඩා කලියෙන් තෙහංසා ඇහැරවා ගතිමි... ඈ මායාකාරියකි..ඇගේ කිචි බිචිය හමුවේ අන් සියල්ලක්ම අමතක කරවිමේ අපූරු හැකියාවක් ඈ සතුය... පසුදා සෙනසුරාදාවක් හෙයින් කේකය ගෙන යාමට අනිවාර්යයෙන් අහස් ආ යුතුමය.. එහෙත් ඔහුට කෙසේ මුහුණ දෙන්නේදැයි මා උදෑසන සිටම කල්පනා කලෙමි... මා ඔහු ඉදිරියේ හැසිරුන ආකාරය ගැන හදවතින්ම ලැජ්ජා වීමී... ගැහැණියක් කිසිවිටකත් පිටස්තර පිරිමියකු ඉදිරියේ තම හැඟීම් නිරුවත් කළ යුතු නැත..විශේෂයෙන් ඈ විවාහක යුවතියක් නම් බොහෝ පරෙස්සම් විය යුතුමය... එහෙත්.........මටත් නොදැනීම මා අතරමං වූයේ ඇයි දැයි වටහා ගැනීමට මා අපොහොසත් වූයෙමි...අන් කවරදාකටත් වඩා උනන්දුවකින් මා පෙර මග බලන්නට විය...උදයේම පිබිදුණු මම නිවෙස් මිදුල් සියල්ල අතුගා නා ගතිමි...තෙත කොන්ඩය පිට මැදට බේරා හැර කැඩපතින් පෙනෙන මගේ රූපයටම සිනහ වීමි...තෙහංසාගේ ඕඩිකොලෙන් බෝතලයෙන් බිංදු කිහිපයක් හිසට වත් කරගෙන ඇගේ බේබි ක්රීම් තලියක් ඇග පුරා අතුල්වා ගතිමි... "අම්මී..." "ඇයි පැටියෝ..." "තාත්ති එනෝද අම්මි අද..." මහා වරදකාරී හැඟීමකින් හදවත වෙලෙද්දි මම තෙහංසාගෙන් මගේ මුහුණ සඟවා ගතිමි.. "අම්මි කියන්නකෝ..." "දන්නෙ නෑ පැටියෝ තාත්ති වීක් එකකික්නෙ එනව කිවුවෙ තාම වීක් එකෙක් ගියේ නෑනෙ ඉතිං ...ඇයි මයෙ දෝණි එහෙම ඇහුවෙ..ම්ම්" "නෑ ඉතිං අම්මි ඔච්චර ලස්සනට ඉන්නෙ ඇයි බැලුව..." දරාගත නොහැකි ලැජ්ජාවකින් හදවත වෙලී ගියේය...ඈ කුඩා උවත් ඇගේ වදන් හී සර සේ මා ලය පසාරු කරගෙන යන්නට ගත්තේය.... "එහෙම නෑ රත්තරන් අද ඉතිං ශනා ගෙ පාර්ටි එකනෙ..අපි ශනාට මොනව හරි ගන්නත් එපෑ නේද...ඉතිං.න්.න්.අපි දෙන්න අද ශොපින් යමු.." "හුලේ...මලු මලු..." කෙල්ලට ඊට වඩා දෙයක් නොමැත... හදවත මා කෙරෙහි මහා අනුකම්පාවකින් පිරී ගියේය... ඒත් සමඟම............මා ගස්සා ලමින් නිවසේ දුරකතනය නාද වන්නට ගත්තේය..'සම්පත්' හිතට නැඟුනේ ඔහුය....වහා දුරක්ත්නය අතට ගත් මම වෙවුලන දෙතොලින් හලෝයි පැවසිය.. "අනේ අනුත්තරා..." "කවුද..." "අනේ මම අනේ මම..මේ ශනාගෙ අම්ම..." "අනේ කියන්න..ඉතිං අහස් ආවද..." බළලා මල්ලෙන් එලියට පැන්නේ මටත් නොදැනීය.. "මේ.මන් කේක් එක රෙඩි කරල තියෙන්නෙ ඒකයි ඇහුවෙ..." වෙනසක් නොපෙන්වීමට මා බොහෝ සේ උත්සාහ කලෙමි... "අනේ කෙල්ලෙ පොඩි උදවුවක් ඕන මට.. කේක් එක.ගෙනත් දෙන්න බැයිද ඔයාට මෙහෙට..මන් කැබ් එකක් එවන්නම්.." "එපා එපා ඔහෙන් එවන්න..මන් මෙහෙන් අරං එන්නම්...ඔහෙන් ආවොත් තවත් ගාන වැඩිනෙ ....." "අනේ ලොකු උදවුවක් අනූ...පාර්ටි එකට ඉන්නම බලන් එන්න.." ඈ රිසීවරය තැබුවාය...එහෙත් ප්රශ්නයක් ඉතිරිය...අහස්........කෝ ඔහු... "යනව රත්තරන් මන්...ඔයාට වද දෙන්න නෙමේ මන් ආවෙ..ඔයා ජීවිතේ විඳවන තරම් ඇති...මට තවත් ඔයාට වද දෙන්න ඕන. නෑ...මට සමාවෙන්න මන් යන්නම්... වනචරයෙක් නෙමේ මන්...මට මේ දැන්...මේ මොහොතෙ ඔයාගෙන් උපරිම ප්රයෝජනේ ගන්න තිබුන...මන් එහෙම එකෙක් නෙමේ අනූ...අයිම් රියලි වෙරි සොරි..." ඔහුගේ අවසන් වදන් මා දෙසවන් තුළ රැව් දෙන්නට විය..ඔහු...සදහටම ගියේද...හදවතට අනියත බියක් එක් විය...එහෙත් ඇයි... උගුරට හොරා බෙහෙත් බොන්නට බැරිය.. මා.අහස් දෙසට ඇදි යන්නේ කාන්දමකට ඇදෙන යකඩ කැබැල්ලක් සේය.. සිත කොතරම් එක් තැන්ව තබා ගැනීමට වෑයම් කලද එය විසිරෙන්නේ මටත් හොරාය... ත්රී වීලරයක නැගුනු මමත් තෙහංසාත් ශනාලිගේ නිවසට ළඟා වූයෙමු... සුවිසල් නිවසක් වූ එය සිත්ගන්නා සුළු විය... බොහෝ දයාබරත්වයෙන් අපව පිළිගත් නිවැසියෝ නිවසේ සුන්දරත්වය තවත් වැඩිකරලීය... "ලොකු උදව්වක් අනේ ඔයා කලේ..නැත්තන් මේ වැඩ අස්සෙ ඕක ගේන්නෙ එනව කියන්නෙ ලේසි නෑ.." "ඇයි මේ අහස්.........." මට අන් කිසිවක් වැදගත් නැත... ඔහු.... කෝ.. කොහෙද... "අනේ කතා කරල වැඩක් නෑ අනේ...ඔච්චර පිට රට හිටිය..අම්ම තාත්ත කවුරුත් නැතුව..මේ කොල්ලගෙ මෙහෙමයි කියන්න වරදක් තිබුනෙ නෑ..ලංකාවට ඇවිල්ල මොකා එක්ක එකතු උනාද මන්ද..." මුලු සර්වාංගයම සීතල වි ගියේය.. "ඇ.ඇයි..අහස්.ට මොකද..." ව්යාජ සිනාවක් බොහෝ අමාරුවෙන් ආරූඩ කරගෙන .මා පත්ව සිටි අවධානමෙන් මදක් මිදුනි.. "ඩ්රින්ක්ස් අරන් අනේ හොඳටම..මිනිහටම පාලනයක් නෑ මිනිහව..මං ආං අර කාමරේට දාල වැහුව... මා හිඳ උන් තැනින් නැගිට්ටා නොව නැඟිටුනාය..