🌹දොළොස්වන කොටස🌹

ව්යාජ සිනාවක් ආරූඩ කරගත් මා...මා පත්ව සිටි අවධානමෙන් මදක් මිදුනි.. "ඩ්රින්ක්ස් අරන් අනේ හොඳටම..මිනිහටම පාලනයක් නෑ මිනිහව..මං ආං අර කාමරේට දාල වැහුව... මා හිඳ උන් තැනින් නැගිට්ටා නොව නැඟිටුනාය... "මොකක්..!!." "ඔව් අනේ මටත් හිතාගන්න බෑ කවදාවත් මෙහෙම වෙලා නෑ..මට මේ වැඩ අස්සෙ මේ මනුස්සයව බලන්නත් බෑ.." "ඔයා අකමැත්තක් නැත්තං මන් අහස්ව බලන්නම්.." "අනේ අනූ ලොකු උදවුවක් කොහොමද අනු පිට කෙනෙක්ට කියන්නෙ මේ බේබද්දව බලන්න කියල අනික පාර්ටි එක වෙලේ මේකා එලියට ආවොත් එහෙම..මන් ගොඩක් අප්සට් එකේ හිටියෙ අනූ..." "අනේ ඕක මොකද්ද ..තෙහංසව පොඩ්ඩක් බැලුවොත් ඇති..මන් අහස් ගැන බලන්නම්කො.. මට රූම් එක පෙන්නන්නකො.." මට උවමනා වූයේ ඔහුව බැලීමටය.. ජීවිතයේ පළමු වතාවට මා තෙහංසා අමතක කලෙමි.. එය සිදුවුනි..කෙසේදැයි නොදනිමි එහෙත් සිදූවුනි..ඔබ මට දොස් නගනු ඇත..මා ඉතා නරක ගැහැණියක ලෙස හංවඩු ගසනු ඇත.. කියන්නට තිබෙන නින්දිතම වචනයෙන් මට පහර දෙනු ඇත...එහෙත් මමද ගැහැණියකි දරුවෙකු ලද පමණින් සියලු ආශාවන් මිලින වන්නේ නැත..මා තවම තරුණය... හැඟීම් මටද පොදුය..මෙතෙක් කල් සඟවා සිටි බව ඇත්තය..එහෙත් දිය යට ගිල්වූ රබර් බෝලයක් සේ ඒවා උඩ එන්නේ මටත් නොදැනීය..එවන් බොහෝ අවස්ථා වල එකම පිහිට තෙහංසාය.. ඈ තුරුලු කරගත් විට සියල්ල අමතකය..එහෙත් තව දුරටත් ඒව සඟවා ගැනීමට හදවත ඉඩ නොදේ...අහස්ගේ දයාබරත්වය අසල මා උණු වූයේ වෙඬෙරු පිඬක් සේය.. "මේක කාමරේ..ඔය ඉන්නෙ බේබද්ද...අනේ අනු ඔයා මේ සොෆ එකෙන් ඉදන් ඉන්න එච්චරයි ඕන නැගිට්ල එන්න හැදුවොත් මට කතා කරන්න මට තියන බය එච්චරයි ..." "හරි ඔයා බයවෙන්න එපා මන් ඉන්නම් මෙතන.." "අනේ අනූ ඔයා මේ කරන උදව්ව මං ජීවිතේටම අමතක කරන්නෙ නෑ.." "අනේ අපි අපිනෙ ඔයා යන්න දැන් අමුත්තො ඇවිත් ඇති..අනේ තෙහංස ගැන ඇහැ ගහන් ඉන්න හොදේ.." මා අවසන කියූ වදන් ඇයට ඇසුනාද නැද්ද මම නොදනිමි ඈ වහා ඉගිල ගියේ දොරද වසා දමමිනි... සුවපහසු විශාල කාමරයක් වූ එය අලංකාර ඇදකින් සෝෆාවකින් බිත්තියෙහි සවි කල රූපවාහිනියකින් පොත් රාක්කයකින් සමන්විත වූ අතර බිම විශාල ප්රමාණයේ මනරම් කාපට් එකකින් ආවරණය වී තිබුණි... ඇදෙහි මුනින් අතට ඇද බදාගෙන නිදා හුන් අහස් පිළිබඳ මසිත මහා අනුකම්පාවකින් පිරී ගියේය... මේ සියල්ල මා නිසාය එහි විවාදයක් නොමැත.. ඔහු සැබෑවටම මට ආලය කරනවා වන්නට ඇත්ද...එහෙත් එය වන්නට හැකිද.........බොහෝ පිරිමින් විවාහක ගැහැණුන්ට ලං වන්නේ යටි පරමාර්ථ සහිතවය.. එසේ ලං වීමට ඔවුන් තනා ගන්නා පාලම ආදරයයි.. සුන්දර වදන් කිහිපයක් වාක්යකට අමුනා එක පෙලට කියවන ඔවුන් ඒ වදන් වලට සිය නිකැළැල් සේ පෙන්වන හැඟීම් අමුනන්නේ සීරුවෙනි.. බොහෝ තනිවූ කාන්තාවන් මුලා වන්නේ මේ වදන් වලටය..ඔවුන් ඉස්තාලය වසන්නට තැත් කරද්දී අස්සයා පැන ගොස් හමාරය.. තනිවූ කාන්තාවක් සැබවින්ම නන්නාඳුනන ස්පර්ශයකදී හැකිලෙන නිදිකුම්බා පඳුරක් සේ විය යුතුය..මා සිතන්නේ එලෙසය.. එහෙත් අහස් පිළිබඳව මට එසේ නොහැඟෙන්නේ ඇයි දැයි මම නොදනිමි..ඔහුට මා නතු කර ගැනීමට ඕනාවටත් වඩා අවස්ථා ලැබිණ.. එහෙත් ... සොෆාවෙන් නැගිට ගත් මම හෙමි හෙමින් දොර වෙතට ගොස් එය අගුල් ලෑවෙමි..හදිසියේ වත් කිසිවකුත් පැමිණ වැරදි අවබෝධයක් ලබා ගන්නවාට මා කොහෙත්ම අකමැතිය... ගැහෙන පපුවේ කේශනාලිකා හරහා වේගයෙන් රුධිරය පොම්ප වන්නට විය...අඩියෙන් අඩිය ඇඳ අසලට ගිය මා ඇදේ කෙලවරකින් වාඩි වූයෙමි... කැරලි ගැසුනු ඔහුගේ කෙස් වෙත මගේ අතැගිලි දිව ගියේ කාන්දමක් ලෙසිනි... බොහෝ සීරුවට කෙහි රැළි තුලින් අතැඟිලි යවමින් මා ඔහුගේ හිස මෘදුව අත ගෑවෙමි... "ම්.ම්.ම්හ්.හ්.හ්....අන්..නූ..." මා ගැස්සී ඇදෙන් නැගිට්ටෙමි... "අ..න්.නූ..ම්.ම්.මගෙ...අ..නූ...." පපුව අලුතෙන් ගැහෙන්නට විය...එය සාමාන්ය ප්රමාණයට වඩා බොහෝ වේගවත් බව මට දැනිණ.. මේ සියල්ලක්ම හදවතට බොහෝ බර වැඩිය... මා කිසිවක් නොකීමි... "ම.ට ය.න්.න කි.වුව...ම්.මගෙ අනු මට ය.න්.න කිවුව ...මන් ය.නව...සද.හට.ම යනව.." පපුව පිච්චී ගියේය...ඔහුත් සමඟ මේ මොහොතේ කතා කර පලක් නැත... නිවසේ කුස්සිය සොයා ගැනීමට අපහසු නොවීය..කලබල අස්සේ කිසිවකුට මා කවුද කියා නිච්චියක් නැත..එසේ වුවත් මෙහි මා අදුනන කිසිවකුද නැත..ශීතකරණ හැර දෙහි ගෙඩියක් මිරිකා දෙහි පානයක් සාදා ගත් මම එයද ගෙන වහා කාමටරය දිවීමි... "අහස්...මේක බොන්න..." "අ.අනූ..මගෙ අ..නූ..." බොහෝ අමාරුවෙන් ඇද විට්ටමට ඔහු හේත්තු කළ මා ඔහු අසලින් වාඩි වී කුඩා දරුවකු සේ ඔහුව වත්තම් කර ගති..හිසට දකුණත තබා සීරුවට වීදුරුව මුවගෙහි තබා දෙහි යුශ විදුරුව බොහෝ අමාරුවෙන් පොවාගතිමි.. අනූ අනු ගාමින් කුඩා දරුවකු සිය මව් උණුසුම සොයන්නා සේ ඔහු මගේ උරහිසත් ගෙලත් අතරට සිය මුහුම හොවා ගත්තේය.. ඇල් මැරි ගිය සිරුරේ රොම කූප උද්දාමයට පත් වද්දි මා හදවතේ සියලු බැමි කඩා සුනු විසුනු කර දැමීමි...තවත් ඒවා රැකීමට උවමනාවක් මට නොවින..ප්රේමය..සෑම ගැහැණියක් ම ඒ වචනයට ලෝබය..හදවතින් වැළද ගන්නේ බොහෝ භක්තියෙනි... සම්පත් හමුවේ මා මගේ ආදරය අසීමිතව දිග හැරීමි..එහෙත් ජීවිතය මා හැරවූයේ වෙනත්ම මාවතකටය...හඹා යන්නාට හඹා යන දෙය ලැබෙන්නේ කලාතුරකිනි..ඒ අතරෙහි සමහරෙක් හඹායන්නට අවස්තාවක් හෝ නැතිව දුක් වෙති...මා මේ කුමණ ගණයට අයත් දැයි මම නොදනිමි...එහෙත් තව දුරටත් විඳින්නට තිබෙන ජීවිතය විදවන්නෙ ඇයි දැයි මම ප්රථම වතාවට මගෙන්ම ඇසුවෙමි.... ඉදින්.............................................