සිහින පියාපත් 13
- Details
- සමීරා අනුරංගනී
- Sihinapiyapath
- Hits: 302
දහ තුන්වන කොටස
ජිවිතය පුදුමය..හඹා යන්නාට හඹා යන දෙය ලැබෙන්නේ කලාතුරකිනි..ඒ අතරෙහි සමහරෙක් හඹායන්නට අවස්ථාවක් හෝ නැතිව දුක් වෙති...මා මේ කුමණ ගණයට අයත් දැයි මම නොදනිමි...එහෙත් තව දුරටත් විඳින්නට තිබෙන ජීවිතය විඳවන්නේ ඇයි දැයි මම ප්රථම වතාවට මගෙන්ම ඇසුවෙමි.... සියලු බැමි බිඳ දමා රිසි සේ ජීවිතයට ඔහේ ගලා යන්නට මා ඉඩ නොදෙන්නේ ඇයි.....?? කුඩා දරුවකු සේ මගේ උරහිසත් ගෙලත් අතර හුරතල් වන මේ යෞවනයා වසර ගණනාවක් තනිවම මා රැකි මගේ පතිදම් බිඳීමට සැරසෙන්නේය.. එහෙත් ඒ පිළිබඳව මට කිසිඳු අයුරකින් ශෝකයක් නැති වීම පුදුමයකි... උරහිස් මතින් අහස්ගේ හිස අහකට ගත් මම ඔහු බොහෝ සීරුවට ඔහුව ඇදෙහි හාන්සි කරලීමි... දහදියටම ඇලුණු ඔහුගේ කමිසය ඔහුට වදයකි... කාමරයේ වායුසමීකරණය ක්රියාත්මක කළ මම අහස්ගේ කමිසයේ බොත්තම් දෙකක් පන්නා දැමීමි..ඒත් සමඟම සිත කිතිකවනා හැගීම් සමුදායකින් හද පිරී යද්දි.....වෙවුලන අතැඟිලි තුඩු වලින් මම ඔහුගේ නිරුවත් රෝම ගහන පපුව සෙමින් පිරි මැදීමි... "අ.අනූ...ම්.ම්..මගෙ අනූ...ඔයා..මගෙ.. රත්තරන් .." අහස්ගෙ වචන හදවත පසාරු කරන්නට සමත් විය...දෑස් පියාගෙන ප්රථම වතාවට මම ඒ සුවය වින්දෙමි...ඔව් ඔබ අනුත්තරාට බැන වඳිනු ඇත..ඈ මහා නොහොබිනා ගැහැණියක ලෙස හංවඩු ගසනු ඇත....මන්දයත් මා ඒ මිහිර විඳීමි..කේඩෑරි වී ගිය දිවියේ දිය බිඳකුදු නොමැතිව ලත වුනු මා සිහින් සිරි පොඳකින් ගතට ලැබෙන ආස්වාදය වින්දෙමි... "අහස්..." බොහෝ රහසින් මා ඔහුගේ කනට කෙඳිරීමි... "අහස්...ම.න් ඔ..යා..ගෙ අනූ..." දෙතොල් වෙව්ලද්දී ආයාසයෙන් වදන් පෙල ගස්සවා ගතිමි... එහෙත් ඔහුට සිහියක් නොතිබිණි...අවසිහියෙන් හිස එහාටත් මෙහාටත් වනමින් ඔහු අපැහැදිලි වචන කිහිපයක් මිමිණීය.. ඒත් සමඟම දොරට අසල කිසිවකුගේ ශබ්දයක් ඇසී මා වහා සෝෆාවට වී පුවත් පතෙහි පිටු කීපයක් එහා මෙහා කලෙමි...ඒ සමඟම දොරට කිසිවකු තට්ටු කළේය..මම වහා ගොඩ් උඩ අගුල පහතට දමා දොර අඩක් විවර කළෙමි... "අනේ ඔයාට වදයක්ද ..." එබිකම් කලේ ශනාලිගේ මවයි.. "අනේ නෑ මට ඉතිං කරන්න දෙයක් නෑනෙ මෙයා නං නැගිට්ටෙ නෑ..ඒත් මං දෙහි එකක් නං හදල දුන්න...හදිසියෙවත් එලියට යන්න දැගලුවොත් මටත් කන්ට්රෝල් නැතුව..ඒ නිසයි දොර ලොක් කළේ.. මා එසේ කීවේ ඇගේ දෑස් දෙහි වීදුරුව දෙසට දිව යන්නට ඔන්න මෙන්න කියා තිබියදීය..සියල්ල..සාධාරණීකරණය කළ යුතුමය. "අනේ.ඔයා ලොකු උදවුවක් කරන්නෙ අනූ මට..." "අයියෝ ඉට්ස් ඕකේ..තෙහංසා ඉන්නවනෙ නේද.." "ආ..ඔව් ඔව් එයා යාලුවො එක්ක...ඔයා බයවෙන්න එපා එයා ගැන..." එසේ කියූ ඇය කේක් කෑල්ලක් සහිත පිඟානක්ද බීම වීදුරුවක්ද ස්ටූලය මත තබා නික්ම ගියාය... සැනසුම් සුසුමක් හෙලූ මම නැවතත් කාමරයේ දොර වසා ඔහු වෙත ළං වීමි... සීරුවට ඔහුගේ හිස ගෙන මා උකුලෙන් තබා ගත් මම කැරලි ගැසී ගිය ඒ කෙහෙරැලි මහත් වූ ලෝබ කමකින් යුතුව පිරිමැදීමි... "ම්.මට..බෑ..ර්.රත්.ත.රං...ඔයා දාල ය.න්.න..." මගේ උකුල දෝතින්ම බදාගත් ඔහු හඬන්නට විය..ඉකි ගසා හඬන්නට විය..කුඩා දරුවකු සේ හඬන්නට විය... "එපා ..යන්න...දාල යන්න එපා මාව...මං ලඟ ඉන්න හැමදාම ...අ.හ.ස්...ඉන්නව නේද හැමදාම මං ලඟින්ම...මට ඕන ඔයාව..ඔයාට මං ඕන කරනවට වඩා...මට ඔයාව ඕන..." මාද පිස්සුවෙන් මෙන් දොඩවන්නට වීමි...ආදරය ප්රථම වතාවට විඳින බොලඳ තරුණියක සේ මම ඔහේ දොඩවන්නට වීමි..තව දුරටත් මට මගේ හැඟීම් සිර කරගෙන සිටීමට උවමනාවක් නොවීය.. එහෙත්....... "අනූ...උඹ අම්ම කෙනෙක්..උඹට කෙල්ලෙක් ඉන්නව නේද...ඒ කෙල්ලට කවද හරි මිනිස්සු මූණටම කියයි උඹේ අම්ම මෙහමයි කියල හිතපන් අනූ...හිතපන්..." යටි සිත වද දුන්නේය... "දෙයියනේ..මොකද්ද මං මේ කරන්නෙ.." මට මා ගැනම ලැජ්ජාවක් ඇති විය.. උවමනා වූයේ වහ වහා එතැනින් නික්මීමටය..එහෙත් මා නැගිටිනවාත් සමඟම මාගේ අතින් අල්ලාගත්තේ ඔහුය... "අනූ..ය.න්.නෙ.පා...මාව..ද්.දාල...අන්.නූ..." පපුව ඇවිලුනේ අමුතුවෙනි...අහස් ගේ වචන පපුවට කිඳා බැස්සේ ගිනි අඟුරු සේය...පපුව දවාගෙන ඒවා හදපතුලටම කිඳා බැස්සේය... මට ඔහුට ආදරය නොකර සිටීමට අයිතියක් ඇත ඒ මම තවෙකෙකුගේ බිරිඳක් බැවිනි.. දියණියකගේ මවක් බැවිනි.. එහෙත්....ඔහුට මට ආදරය නොකරන්න කීමට මට අයිතියක් නොමැත ඒ එය ඔහුගේ අයිතියක් බැවිනි... අහස් මේ කරන කිසිවක් සිහියකින් යුතුව කරන්නක් නොවන බව මා මගේ අසරණ හදවතට පසක් කරදීමට බොහෝ වෑයම් කලෙමි.. එහෙත් විනාශ වන බව දැන දැනම පළඟැටියා පහන් දැල්ල වෙත ඇදෙන්නා සේ මගේ හදවතද ඔහු වෙතටම නතු වන්නේ ඇයි දැයි මම නොදනිමි... වහා අහස්ගේ අත ගසා දැමු මම ඒ කාමරයෙන් එලියට ආවෙ හුස්ම හිරවී සිටි අයෙකුට මහා පරිමාන වාතාශ්රයක් ලැබුනා තරම් වූ සැහැල්ලුවකිනි... වහා තෙහංසා සොයා ගිය මා ඈද කැටුව ඒ විසල් නිවසින් සදහටම එලි බැසීමි...........................................