අවසාන දිගහැරුම..
 
උදෙන්ම ධර්මෙ අංකල් ව එක්කගෙන ජෙනරල් හොස්පිටල් එකට ගිහින් අර ඩොක්ට ගෙ නම කියල ඇහුවම ඒ කාමරය පෙන්නුවා. ඊයෙ ගත්තු රිපෝට් ටිකත් එක්කම ආයෙ බලල නර්ස් කෙනෙකුට කතා කරල එයාගෙ වාට්ටුවෙ ඇඩ්මිට් කෙරෙව්වේ මාත් එක්කම ගිහින්. දවල්ට බලන්න එන්නම් කියල මම ආව කාමරේට.
හොස්පිටල් එකකට ගිහින් ආවම මට වොෂ් එකක් නොදා හරියන්නෑ හිතට. ඒ හින්ඳා ඒ ඇඳපු ඇඳුම් ටිකත් සෝදලම වොෂ් එකක් දාල ඇඳේ ඉඳගෙන කල්පනා කලා අද දවස ගෙවන විදිය. මතක් වෙන්නෙම අර භාණ්ඩෙ ගැනමයි. දවල්ට අංකල්ට කොට්ටෙකුයි ප්ලාස්ක් එකයි සරමකුයි ගෙනියන්න මට යතුර දීල එව්ව එකේ මට ඉවසන්න බැරි ආශාවක් ආව ඒ පිස්ටල් එක ආයෙ බලන්න.
දොර ඇරන් ඇතුලට ගිහින් දවල්ට අරන් යන්න අවශ්ය කලමනා ටික පැත්තකින් තියල මගෙ මෙහෙයුමට සූදානම් වුනා. ඊයෙ අංකල් ගිය කාමරේ මට මතකයි. ඒක පරී්ක්ෂා කරන්න පටන්ගත්තා. ඇඳයි අල්මාරියයි ඇඳුම් රැක් එකයි විතරයි කාමරේටම තිබුනෙ. අල්මාරිය වහල නිසා මගේ මහන්සියෙන් වැඩක් වුනේ නෑ කියල හිතන් යන්න හැරෙද්දි දැක්කා බිත්තියෙ ඇනේක එල්ලාපු ඊයෙ ඇඳන් හිටි ෂර්ට් එක. නිකමට සාක්කුව බලනකොට අල්මාරියෙ යතුර ඒකෙ තිබුනා. මුළු අල්මාරියම පෙරලුවත් මට ඒක හොයාගන්න බැරිවුනා. අංකල් තියන තැන වෙනස් කරන්න ඇති. ඒත් ඒම කරන්න හේතුවක් නෑනෙ. අද හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තියෙන නිසා හිතන්න ඇති මම හොයයි කියල.. බලාපොරොත්තු කඩ කරගෙන කාමරෙන් එලියට ආවෙ වෙන කොහේ තියයිද කියන අනුමානයෙන්. ඒ විදියට මුළු ගෙයම සෝදිසි කලත් මට පිස්ටල් එක හොයාගන්න බැරිවුනා. මම ආයෙත් මට සැක හිතෙන කාමරයෙ ඇඳ උඩ ඉඳගෙන සියුම්ව බැලුවා හැමතැනම
ඒ අතර තමයි දැක්කෙ ඇඳ විට්ටමට අඩි දෙකක් විතර උඩින් බිත්තියේ අලුත සටහන් වුන අඩි සටහනක්. අඩි සටහනක් කිව්වට වම් කකුලක ඇඟිලි ටික විතරයි බිත්තියෙ ලාවට හිටල තිබුනෙ. ඒ කෙලින් උඩ බලනකොට දැක්කා එතන තියෙන පරණ ලොකු බිත්ති ඔරලෝසුව ටිකක් සෙලවිලා වගෙ. එකම තැන තියෙද්දි හිටින පාර මතු වෙලා දශමයක වගෙ එහාට ගිය වගක්. අංකල් ඊයෙ රෑ ඔරලෝසුව බිත්තියෙන් ගලවල සවි කරල වගෙ. මමත් ඒක ගලවල අතට ගත්තෙ යම් සැකයක් හිතට නැගුණු නිසා. ඒත් බිත්තියෙ කවුලුවක් හෝ සිදුරක් තිබුනෙ නෑ. අවසාන නිගමනයත් වැරදුනු මම ඔරලෝසුව එතනම එල්ලන්න හදද්දි ඒකෙ අසමාන බර ගැන හිතුනා. පරණ ගෙවල්වල බට්ට වැනෙන පෙට්ටි ඔරලෝසුව ඇතුලෙ මම හොයපු පොඩි පෙට්ටිය බොහොම සූක්ෂමව හංගල තිබුනා. ඔරලෝසුව තිබුන විදියටම එල්ලල දවල්ට ගෙනියන්න ඕන ඇඳුම් කලමනා ටිකත් අරගෙන ඉක්මනට ඒ පැත්ත වහල කාමරේට ආවෙ මහා හොරකමක් කරල වගේ ගැහෙන හිතින්.
දොරයි ජනේලයයි ලොක් කරගෙන පෙට්ටියෙන් ඒ හුරුබුහුටි ගිනි අවිය අතට ගත්තෙ පොඩි එකෙකුට තමන් කැමති හොඳම සෙල්ලම් බඩුව අතට ලැබුනා වගේ සතුටකින්. හොඳට තෙල්ගාල පොලිතින් කොලයක ඔතල තිබුන නිසා අලුත්ම එකක් වගේ. මම පරන ටී ෂර්ට් එකකින් හොඳට පිහදැම්මා ඒක. අංකල් කියපු විදියට උඩ කොක්ක මහපටැගිල්ලෙන් පාත් කලාම බැරල් එක පැත්තකට පාත් වුනා. මං අර පිත්තල පාට පතුරම් හයක් දැම්මා ඒකට.. ගස්සල උඩට ගත්තම ටස් ගාල සද්දයක් එක්කම ලොක් වෙනවා. හතර පස් වතාවක් ඒක කරල බැලුවෙ අතට හුරු වෙන්න.. ඊලඟට අර බට කෑල්ල සවි කරලත් බැලුවා. ටිකක් හුරු වුනාම තේරුනා මේක ඒතරම් වැඩක් නෙවෙයි කියල. ඒත් දැන් මේකෙන් වැඩ ගන්න හුරු වෙන්න නම් ෂූට් කරන්නම ඕන. ඒක කරන්නෙ කොහොමද. මහ පාරෙ මේක අරන් වෙඩි තියන්න පුළුවන් පාලු තැනක් හොයාගෙන යන්නෙ කොහොමද. ඒ වැඩේ ටිකකට කල් දාල පෙට්ටිය පිටින් මගෙ ඇඳුම් බෑග් එකට දැම්මෙ දවල්ට ලෙඩ්ඩු බලන වෙලාවට අංකල්ව බලන්න යන්න සූදානම් වෙන්න ඕන නිසා..
මං යද්දි අංකල් නිදි. රෙදි ටික ඇඳෙන් තියද්දි නැගිටල ඉඳගත්තා. මාව බලන්න එන්න කෙනෙක් නෑනෙ පුතා. ඉතින් මං මෙහෙන් දෙන කෑම එක කාල නිදාගත්ත කිව්වම පපුවට අමුතු දුකක් ආව. මට මගෙ තාත්තට සළකන්න ලැබුනෙ නෑ.. දවස් තුනක් මට නිවාඩු නිසා මේ යුතුකම කරන්න හිතාගත්තා. අංකල් ඔපරේෂන් එකක් කරනවලු. ප්රෙෂර් ෂුගර් නෝමල් වෙනකම් දවසක් වගෙ කල් දාන්න වෙයි කියල වෝඩ් එකේ නර්ස්කෙනෙක්ගෙන් ඇහුවම කීවෙ. පේෂන්ට්ගෙ ලගම නෑය විදියට මාව දැනුවත් කලා එයාල..ආයෙ හවසට එන්න ඕන නෑ පුතා හෙට දවල්ට එන්න කියල අංකල්ම කීව නිසා එයාගෙ පරණ රෙදි ටිකත් බෑග් එකේ දාගෙන මම ආයෙම කාමරේට ආවෙ හවස කරන්න ඕන වැදගත් වැඩක් හිතින් ප්ලෑන් කරගෙන. දවසක් තිඹිරිගස් යායෙ පයිෆ් රෝඩ් එකේ පොඩියට කරන ගාමන්ට් ෆැක්ටරියක මැෂින් වගයක් බාරදෙන්න ගිය දවසක ඒ ලඟ නොතාරිස් කෙනෙක් අඳුනගන්න ලැබුනා. එයාගෙ මැෂින් දෙකක් මං හදවල දුන්නා කොල්ලෙක්ව අපේ වර්ක්ෂොප් එකෙන් යවල. ඒකට ඕන පාර්ට්ස් වගයක් නැතුව අපේ ලේත් මැෂින් එකෙන්මයි ලියවල දුන්නෙත්. සල්ලි දෙන්න හැදුවට මං ගත්තෙ නෑ. එයාව මුණගැහෙන්න යන්න ඕන කමක් තියෙනව අද.
වෙලාවට මං යනකොට කවුරුත් හිටියෙ නැති නිසා නොතාරිස් මහත්තය එක්ක නිදහසේ කතා කරන්න ලැබුනා. මටත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ආසාවක් තිබුන නොතාරිස් කෙනෙක් වෙන්න. ඒත් පහු වෙනකොට ඒ ආසාව අමතක වෙලාම ගියා. අපේ මහ ඉඩම් වල අවුල් නිසාම මට නොතාරිස් කෙනෙකුගෙන් දැනගන්න බොහොම කාරනා තිබුන නිසා විවේක වෙලාවට මෙතනට එන්න හුරු වුනා. ඒත් කවදාවත් මගෙ නම ගම විස්තර එයා ඇහුවෙත් නෑ මං කියලත් නෑ. මං ඔරුගොඩවත්තෙ මැෂින් කොම්පැණියක වැඩ කරනව කියල විතරයි කියල තිබුනෙ. අවශ්ය කාරණාව කියල ගණුදෙනුවත් කතා කරගෙන මං කෑම එකුත් අරන් කාමරේට ආවෙ මගෙ වදකාරයට කතා කරන්න හිතගෙන. දැන් මම අර පොතේ තියෙන නම්බර්වලින් බාගයකට වැඩිය කතා කරල සම්බන්ධ කරගෙන.
කොහොම වුනත් හිතට පොඩි බයක් තියෙනවා අර අලුතින් වැඩ පෙන්නන පාතාල කෙරුමා ගැන. උන්ගෙ ජාලය හරි සියුම්. හරියට තාරවත්තෙ සුද්දා මාව දැලක පැටලෙව්වා වගේ මූත් මාව කොහොම හරි හොයාගනීද කියල. රෑට කාල අංකල්ගේ පැත්තට ගිහින් නිදිමත එනකම්ම ටී වී එක බලල ඇවිත් ඇඳේ වැටිල විනාඩි ගානෙන් නින්ද ගියා.
අදත් උදේ අංකල්ගෙ පැත්තට ගිහින් එයාට ඕන ඇඳුම් ටිකකුත් අල්මාරියෙන් අරන් බෑග් එකේ දාගත්තෙ දවල්ට ගිහින් දෙන්න. කෑම මොනවත් ගේන්න එපා කියල වෝඩ් එකේ නර්ස් කියපු නිසා හදන්න මහන්සි වුනේ නෑ. හෙමීට සූදානං වෙලා යද්දි ලෙඩ්ඩු බලන වෙලාව හරි. අංකල් අදනං ඇඳේ ඉඳගෙන මග බලං හිටියා. ලඟට යද්දි ඒ ඇස් වල මහා අසරණ කමක් දැක්කෙ. ගෙදරින් ආවම ඩොක්ටව මීට් වෙන්න කිව්වලු. මම ගිහින් ඩොක්ටගෙන් ඇහුවම තමයි කීවෙ ලෙඩාව ඔපරේෂන් එකට හෙටම ගන්නව කියල. එයා අත්සන් කලේ නෑලු මං එනකං.ස්පෙෂලිස්ට් ව චැනල් කරලම ආපු නිසා විශේෂ සැළකිලි ඉතින්. මම ඩොකියුමන්ට් එක ඉල්ලගෙන ගිහින් මගෙ බෑග්එකේ තිබුන ෆයිල් එක ඇතුලෙ දාගෙන වෝඩ් එකට ආවෙ අංකල්ට ලෙඩේ සනීප වෙන්න නං මේක කරන්නම වෙන බව තේරුම් කරන්න හිතාගෙන. ඒත් අංකල් බය වෙලා ඔපරේෂන් එකට අත්සන් නොකලා නෙවෙයිලු. මම එනකම් හිටියලු වඩාත් හොඳනිසා. තමන්ගෙ කියල දැනෙන කෙනෙක් එක්ක කතා කරලම අත්සන් කරන එක හිතට සහනයක් කීවම මට මහා දුකක් දැනුනා.. ඒ කතාව අතර අංකල් අත්සන් කීපය දාල දැම්මා. මං ඒක ඩොක්ටට ගිහින් දුන්නා. ආයෙ හවසත් බලන්න ගියේ සුදු සරමක් ඕන කියපු නිසා ඒකත් අරගෙන.
පුතා මට සිහිය ඒවි නේද.. නාවොත් ඔයා අර අල්මාරියෙ ලොකු ලාච්චුවෙ තියෙන ඩයරියෙ රතු පාටින් ලියපු ඇඩ්රස් එකට ගිහින් මං ගැන කියන්න හැම විස්තරේම. ඒ මංතරුණ කාලෙ ආදරේ කරපු කෙනා. එයා විතරයි ඉඳහිටවත් මාව හෙව්වෙ. අල්ලපු වැටේ පන්සලේ හාමුදුරුවන්ටත් කියන්න පුතා. ඉස්සරහ කඩේ අයටත් කියන්න. මම ණයට බඩු ගන්නෙ එතනින්නෙ.. හරි අංකල් කියල මං ඒ අහිංසක හිත සනසල ආපහු කාමරේට ආවෙ බොහොම හිතේ වේදනාවෙන්..
කාලෙකින් ආවෙ නැති හිසේ කැක්කුම අවුරුදු ගාණකින් අද දැනෙනව මට. ඒත් පන්සලට ගිහින් කිව්වා ලොකු හාමුදුරුවෝ මුණ ගැහිල විස්තරේ. උන් වහන්සේ බොහොම දුක් වුනා ඒ ගැන. ඒ වගෙම මට ගොඩක් ස්තුති කලා කුලියක් ගෙවාගෙන හිටියත් දරුවෙක් ඤාතියෙක් වගේ කරන යුතුකම් වලට. බුදු ගෙට ගිහින් බුලත් කොලේක ඔතපු පිරිත් නූලක් දුන්නා හෙට ගියාම අතේ බඳින්න කියල. මම ඒක අරන් ඇවිත් අංකල්ගෙ පැත්තෙ බුදු පහණ ලඟින් තිබ්බේ බොහොම ගෞරවයෙන්.
රෑට කාල වේලපහින්ම කාමරේට වෙලා ටිකක් නිදාගන්න උත්සහ කලේ හිසරදේ නිසයි. එක පාරටම දොරට ගහන සද්දෙට උඩ ගිහින් ඇහැරුනා. මට නොදැනිම නින්ද ගිහින්. කවුද මේවෙලාවෙ. ඉසේ සිට දෙපතුලටම දාඩිය වැක්කෙරෙන්න ගත්තේ මට තියෙන තර්ජනය සිහිවෙලා. දෙවියනේ මුං මාව හොයාගෙනනෙ මේ අමාරුවෙ මාව දැම්මෙ අර පාතාලය. ඉබේටම බෑග් එකේ සයිලන්සර් එකත් සවි කරලම තිබුන ත්රී එයිට් එක අතට ආව. ඒකත් අරගෙනම ජනේලෙ හෙමීට ඇරල බලද්දි මගෙම ඇස් විශ්වාස කරන්න බැරි වුනා.. ධර්මේ අංකල් ඇවිත්. මේ මනුස්සයා හොස්පිටල් එකේ නේද ඉන්න ඕන. මං පහටත් බලලනෙ ආවෙ.
... පුතා දොර අරින්න.. මම මම.. ධර්මෙ අංකල්.. කටහඬත් හඳුනගත්තට පස්සෙ මම දොර ඇරියෙ හිතාගන්නත් බැරිව. මේ මොකද අංකල්... අනේ පුතා මට බෑ ඔපරේෂන් එක කරන්න. උං මාව මරන්න හදන්නෙ. මං පැනල ආව.. කිව්වා. එතකොට අංකල් ආවෙ කොහොමද. වාහන කීපයකම ආව. බස් එකෙන් කනත්ත හංදියට ආව. එතනින් කැන්ටර් එකක එල්ලිල බොරැල්ල හංදියට ඇවිත් පයින්ම ආව..
හා හා කතා කරමු පස්සෙ.. කියල මං ගිහින් ඒ පැත්ත ඇරල අංකල්ව ඇතුලට ගත්තා.. මොකක්ද අංකල් මේ කරපු මෝඩ වැඩේ.. ඔයාට ඉක්මනින් ඔපරේෂන් එක කරන්න ඕන කීව නේද. අවදානම් නිසානෙ එහෙම ඉක්මනට ගන්නෙ...
නෑ පුතා මට බෑ ඒක කරන්න. මේ හිටපු විදියටම ඉඳල මැරිල යනව.. වෙලාව රෑ එකොළහයි.. දැන් මොනවත් කරන්න දෙයක් නෑ. හෙට උදේම කතා කරල කරන්න ඕන දේ ගැන තීරණය කරන්න හිතාගෙන අංකල්ව ඇඳට දාල නිදාගන්න ඇරල මම කාමරේට ආවෙ මොනවත් හිතාගන්න බැරුව.
මේ කරදර ඉවර වුනාම අම්මව බලන්න යන්න ඕන.. මේ මාස පහ ඇතුලෙ මොන තරම් දේ වුනාද ජීවිතයට.. මේ කාමරේට ආපු මම නෙවෙයි මේ දැන් ඉන්නෙ.. මගෙ නම, මගෙ අනන්යතාවය සියල්ල අහිමි වෙනස්ම පුද්ගලයෙක් බවට මාව පත් වෙලා..
***වසර තුනකට පසු........
මිස්ට සම්පත්..
යර්ස් මිස්ට අතුකෝරල..
මේ ලෑන්ඩ් එකේ තිබුන පරන බිල්ඩින් එකට මොකද කලේ..
ආ.. ඒක ඒ දවස් වලම කඩල ලෑන්ඩ් එකම ඩෝසර් කරල ෆ්ලැට් කලානෙ...
ඒක ඒ තරම් පරණ නෑනෙ..
නෑ මිස්ට අතුකෝරල ඒකෙ මහ අමුතු බූත වැඩ වෙන්න ගත්ත කියල අවට මිනිස්සු කම්ප්ලේන් කලා පොලිසියට. සමහර විට ඩ්රග්ස් ගන්න කොල්ලො රෑට ඕක අස්සෙ ඉන්න ඇති. මෙච්චර ජනාකීර්ණ ටවුන් එකක මොන හොල්මන්ද...
අඩු තරමින් මේකෙ මරණයක්වත් වෙලා නෑ. මේකෙ මුල් අයිති කාරය හොස්පිටල් එකේදි නැතිවෙලා. කාත් කවුරුත් නැති නිසා ගවමන්ට් එකෙන්මයි කටයුතු කරල තියෙන්නෙ.. මරණෙවත් ගෙදරට ගෙනත් නෑ. බාරගන්න කෙනෙක් නෑනෙ. අපි ගත්තූ මහත්තයට විකුණල මැරෙන්න කලින්. මිනිහ ණය වෙලාලු ඉඳල තියෙන්නෙ වටේටම. කැෂිනෝ වලට ඇබ්බැහි වුන කෙනෙක්ලු.
හා.. හා.. මට මතකයි ඉස්සර මම මේ පාරෙන් පෙට්රෝලියම් එකට යද්දි මේක දකිනව ඒකයි ඇහුවෙ. හරි එස්කැවේටර් එක මෙතනට ගන්න කියන්න. බේස් වලවල් කපන නැකතට තව පැය බාගයක් වගෙ තියෙන්නෙ...
ඔව් ඔව්.. ඒක රෙඩී. ආකිටෙක් මහත්තයා ලෑන්ඩ් එකේ මාර්ක් කරපු තැන් වල කූඤ්ඤ ගහල ලණු ඇදලත් ඉවරයි...එන්න මිස්ට අතුකෝරල
අපි පහන පත්තු කරල ඒ වැඩ ටික පටන් ගමු...
මිස්ට සම්පත්, ඔයාලගෙ කන්ට්රක්ෂන් කම්පැණි එක ගැන මං වෙරි හැපි. ඔයාල මට මාර සර්විස් එකක් දෙනව මේ වැඩේට. තෑන්ක්ස් මිස්ට සම්පත්..ඒක මොකක්ද මිස්ට අතුකෝරල. අපේ කස්ටම කෙනෙකුට හොඳටම සැටිස් වෙන්න සර්විස් එක දෙන එකම තමයි අපේ බිස්නස් තීම් එක. එහා පැත්තෙ පන්සලේ හාමුදුරුවො වැඩමවලා ඉන්නෙ නැකතට පිරිත් දේශනාවට.. තව විනාඩි පහයි ඔබතුමා උදැල්ලෙන් පලවෙනි පස් පිඩැල්ල කපන්න..
හරි එහෙනම්.. මිස්ට සම්පත් මම යන්න ඕන බෝඩ් මීටින් එකක් අපේ කෝපරේෂන් එකේ.. ඔයා වැඩේ සුපවයිස් කරනවනෙ මෙතන..
ඕ.. කේ.. මිස්ට අතුකෝරල ඔයා යන්න. අපි මෙතන වැඩ ටික බලාගන්නං..
සර්... මෙතන පරන ටොයිලට් වලක් වගේ.එස්කැවේටර් රියැදුරුගේ හඬ ඒ.. බකට් පාර වදිනකොට කොන්ක්රීට් ලෑල්ලක් වගෙ දැනෙනව..
එක්ස්කැවේටර් එක කඩං බහියි ඒක පස්සට අරන් ආම් එක දික්කරල කඩන්න බලන්න.. ඔතන බේස් වලක් එනව නේද..
ඔව් සර්.. හරි. ඒක පරණ වලක් මොකද කරන්නෙ..
කෝ අර ටිපර් එක මෙතනට රිවස් කරන්න..
හා සර්..
දැන් බකට් එකෙන් කඩ කඩ අරන් ඔහොමම ටිපර් එකට ලෝඩ් කරන්න. වලත් ගන්න ඔහොමම. දැන් ගොඩක් පරණ නිසා ජරාවක් නැතුව ඇති..
සර්... සර්... ඔලු කට්ටක් වගෙ එකක් ආව බකට් එකට..නළල හරියෙන් සිදුරකුත් තියෙනව.
හා.. හා.. කෑගහන්න එපා බං. කෝ බලන්න.. ඇත්තනෙ.. තව බලන්න..
සර් ඇට සැකිල්ලම තියෙනව වගෙ.. දිරපු පෝර බෑග් එකක වගේ තියෙන්නෙ.. ටිපර් එකේ එකා දැක්කෙ නෑ නේද.. නෑ සර්.. එහෙනං ඔහොමම ලෝඩ් කරල තව පස් ටිකක් දාපං උඩින්.. අපේ අර ගොඩ කරන ඉඩමටනෙ දාන්නෙ. ඩ්රයිවර්ට නෝන්ඩි නොවී පටවපං හාරල හොඳට. ඕව දැක්කොත් අතුකෝරල කාරයට ප්රජෙක්ට් එකම එපාවෙයි.. ආ මේක තියාගනිං
සල්ලිනං මොනවද සර්.. සර්ලගෙ හැම සයිට් එකකම වැඩ මට දෙන එකම මදෑ..
මේව කවද වුන දේවල්ද දන්නෑ බං. ඕවෑ කාබන් ටෙස්ට් කරල නඩු ගිහින් වැඩ වවා ගන්නවට වඩා ඕව පස්වලටම යටකරල දාමු බං..
ඔව් සර්... අවුරුදු ගනං පරන වෙච්ච කවුරු හොයන්නද...
මේ ඉඩම අපේ බොසා ගත්තෙ කෝටි තුනකට.. බොරැල්ලෙ ගෝතමි පුර පැත්තෙ මහත්තේකුගෙන්.. රන්දික අමරසිංහ කියල.. ඒ මහත්තයත් මේක විකුණල රට ගියාලු. ඒ කාලෙ මේ පැතිවල හරි අපරාධ වුනාලු. මං හිතන්නෙ ඒ මහත්තයත් මේව විකුණල යන්න ඇත්තෙ ඔය කරදර එපාම වෙලා.. ඊටපස්සෙ අවුරුදු තුනක් විතර පාලුවට ගිහින් තිබුනෙ මේ ලෑන්ඩ් එක. ඒ අතර මොනව වෙන්න බැරිද නේහ්.....
ජයන්ත... හරි බං ලෝඩ් එක හරි.. රෙද්ද දාං පලයං පාර දිගේ පස් හලන්න එපා. මේ ලෝඩ් එක මාලඹේ අරංවල ගල්වල ගොඩ කරන තැනට බාපං. ගොඩින් බාල එන්න එපා වලටම ටිපර් කරපං පරෙස්සමට....
රායිට් මචං. මං එනකොට ලෝඩ් එකක් හාරල තියහං. කාලෙ කන්න බෑ වැඩිය.
හා හා පලයං කයිය නොගහ..
-----------------------------------------------------------------------------
භ්රාන්තිය යනු මනෝ ව්යාධියකි. එහි මූලික ලක්ෂණ ලෙස මායාත්මකව විවිධ ශබ්ද ඇසීම ගඳ සුවඳ දැනීම ආදිය අත් විඳිය හැකි අතර ඒ අවස්ථාවේ නිසි ප්රතිකාර මගින් යථා තත්ත්වයට පත්වීමට අසීරු නොවන අතර වඩාත් උග්ර වීම තුල රෝගියා වෙත පුද්ගල අණ කිරීම් මෙහෙයවීම් ආදී මායාවන්ට මුහුණ දීමෙන් මහා අපරාධ කිරීමට පෙළඹීමටද හැකියි.කෙනෙක් කුඩා කල මුහුණ දුන් අතිශය සසල වන සිද්ධියක පසු ප්රතිඵලය ලෙස මේ භ්රාන්තිය තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. තමන් හෝ තමන්ගේ සමීපතමයින් හට මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබේනම් නොපමාව සුදුසුකම් ලත් මනෝ වෛද්ය ප්රතිකාර ලබා දීමට උත්සුක වන්න. එය අහිංසක ජීවිත අනතුරකින් ගලවාගැනීමකි..
ශාමින්ද හේරත් නම් තරුණයාගේ බාල වියේ තම පියාගේ මරණය නිසා ඇතිවූ මනෝමය පසුබෑම පසු කාලීනව භ්රාන්තිය තත්ත්වය දක්වා ක්රමිකව වර්ධනය විය. ඔහු තනිව කතා කිරීම, මවාගත් සතුරන් සමග යුධ වැදීම, තම පියා මැරූ ඝාතකයා සමග වෛරයෙන් පසු වීම, අවසානයේ මවාගත් චරිත සමග අදහස් හුවමාරුව දක්වා වර්ධනය වී ඒ චරිත වල අණ දීම් මත පුද්ගල ඝාතනයක් සිදුකරන තැනට පත් වී ඇත. ඔවුන් ඉතා සූක්ෂමව සැළසුම් කරමින් තම මනෝමය මායා ඉලක්ක අරමුණ කරා යන අයුරු කිසිවෙකුට සිතාගත නොහැකියි....
.. අවසානයි...
 
**අශෝක ලියනගේ **
 
බෙහෙත් ගෙනත් තුන්වන දවස වෙනකොට ධර්මේ අංකල්ගෙ සෙම ගතියනං බොහොම දුරට සුව වෙලා තිබුනා.ඒත් හිටියෙ අමාරුවෙන් වගේ. උදේට උණු වතුර එකක් ප්ලාස්ක් එකට දාල කෑම සහ බෙහෙත් ටික් දීලයි මම ඔෆිස් ගියේ. ආවමත් බතක් සහ හොදි මාලු දෙකක් හදල උණුවෙන්ම කන්න දුන්නා. හතර වෙනි දවසෙ ඩොක්ට ගාවට ගියාම ආයෙත් සෙමට බෙහෙත් අවශ්ය නැති බවත් හෙදකම හරියටම ලැබී ඇති නිසා එක වරින්ම සෙම සුව වූ බවත් කීවේ තාත්තව පුතා හොඳට බලාගෙන ඇති බව කියමින් මට ද ප්රශංසා කරමිනි.ඒත් බඩේ පැත්තක් රිදෙන බව අංකල් කිව්වම නමක් සඳහන් කාඩ් එකක් දීල ඒ ඩොක්ටව චැනල් කරල පෙන්නන්න කිව්වා.
ගෙදර ආ සැනින් අංකල් මට බොහොම ආදරෙන්, ඇත්තටම පුතා මට දරුවෙක් නැති අඩුව පුරවනවා... කියමින් ස්තුති කලත් මම කලේ මගෙ යුතුකමයි. තාත්ත කෙනෙකුට සළකන්න මට නොලැබුනු නිසා මම බොහොම කැමැත්තෙන් මේක කලේ.
අද මටත් වෙන දෙයක් කරන්නට හිතක් නොදුන් හින්දා අංකල් එක්ක චැට් එකක් දාගෙන හිටියා. ඉතින් අංකල් ඒ දවස් වලත් මේ පලාතෙ පාතාලෙ අය හිටියද.
නැතුව.. ඒ කාලෙ තමයි වැඩ කාරයො හිටියෙ. උන් දැන් වගෙ තුවක්කු පිස්තෝල වලින් වගෙම අතින් පයින් සෙල්ලම් දාපු නියම කකුල්. අග්ගොන චන්දරේ.. මරදානෙ චොප්පෙ.. වැල්ලම්පිටියෙ සුදු මහත්තයා.. තුම්මුල්ලෙ පද්මෙ.. අන්න මිනිස්සු.. තමන්ගෙ ඒරියා වල හොර මැරකම් වෙන්න නොදී ආරස්සා කලා. ඒකට දැන් ඉන්න උන්. කොල්ලො කෙල්ලො විනාස කරන කුඩු ගංජ බෝ කරල මේක කුණු ගොඩක් කරල....
අංකල් එක්ක එකතුද ඒ අයත්..
නැතුව... අපේ තාත්තගෙ මරණෙට ඔය කට්ටියම ආව. ඔය වැල්ලම්පිටියෙ සුදු මහත්තය මගෙ පන්තියෙ හොඳම යාලුවා.. මල්ලිමාරච්චි මහත්තයගෙ දේසපාලනේ හොඳ බැකප් කාරය.
අංකල් ගිහින් නැද්ද ඔය රණ්ඩු වලට..
ගියා ගියා.. මිනිහ තමයි මට ෂූට් කරන්න ඉගැන්නුවෙ.
ආ.. ඒවත් පුළුවන් ද..
පුතාට කියන්න ඒදවස් වල කොළොන්නාවෙ එහා පැත්ත තනි කැලෑව. කැළණි ගඟේ ඉවුරු දෙපැත්තම කිරළ ගාල. ඕක අස්සෙ වාඩි ගහං අපි කුට්ටම් කැපුවා.. ෂූටින් පුරුදු වුනා. බෝර දොළහෙ ස්ටිවන් ඩබල් බැරල් එකක් තිබුනා අපිට. තව ත්රී එයිට් එකක් තිබුනා මටම.. ඒක ඒ දවස් වල මං ගත්තෙ විසිපන්දාහක් දීල.. ආසාවට.
ෂඃ නියමයිනෙ.. ඉතින් කෝ දැන් ඒක.. මම ආසාවට අල්ලලවත් නෑනෙ එයින් එකක්..
දැන් ඒව වැඩක් නෑ පුතා.. දැන් තියෙනව නියම බඩු.. බ්රවුනින් නයින් එම් දිලිසෙන බඩු අරන් බහින පොඩි කොල්ලො දැන් ඉන්නෙ. ඉතින් අරව ඔහේ දිරනව..
පුතා නියම පිරිමියෙක් වෙන්න එක පාරක් වත් ෂූට් කරල තියෙන්න ඕන.
අනේ අංකල් මට ඒ චාන්ස් එක කවදාවත් ලැබෙන එකක් නෑ..
හරි ඔය තරම්ම කියන නිසා බලමු එකක් හොයාගන්න..
නියමයිනෙ. පුළුවන් වෙයිද..
අංකල් කපටි හිනාවක් දාල ගේ ඇතුලට ගිහින් පරණ පෙට්ටියක් අරන් ආව.
ලොක් එක ඇරල ඒක ඇතුලෙ රෙදි කඩක ඔතල තිබුන පුංචි පිස්තෝලයක් එලියට ගත්තා. අත්ලෙන් වහගන්න පුළුවන් තරමෙ මේ ගිනි අවිය 3.8mm කියල කොටල තිබුන. ඒ පෙට්ටියෙම තව පොඩි චීස් පෙට්ටියක් වගෙ එකක පතුරම් පුරවල තිබුනා.. අඟලක් විතර දිග පිත්තල පාට බුලට් තිහක් වගෙ තිබුනා.
අංකල් මාර පොරක්නෙ.. මට මාර පුදුමයි ඒ වගෙම සතුටුයි..ඒත් ඉතින් මං කොහොමද වෙඩි තියන්නෙ දැන් කැලෑවල් නෑනෙ..
අන්න ඒකට තමයි පුතා මේ කෑල්ල තියෙන්නෙ කියල තව අඟල් හයක විතර පිත්තල බට කෑල්ලක් වගෙ යමක් පිස්තෝල කටට සවි කරලම පෙන්නුවා... සයිලන්සර් එක කියල කියන්නෙ මේකට. ඒ කාලෙ වුනත් මේව නියම බඩු පුතා..
ජීවිතේ පළමු වරට මම ගිනි අවියක් අතට ගත්තා.. බයත් සතුටත් විෂ්මයත් මුහු වෙච්ච අමුතුම හැඟීමක් මට දැනුනෙ. ඒ එක්කම ඇඟ ඇතුලෙන් මාර ගැම්මක් මතු වන බවකුත් දැනුනා..
පුතා ඔය පිටිපස්සෙ උඩ තියන කොක්ක පස්සට ඇද්දම බැරල් කෑල්ල පැත්තට වැටෙනවා. දැන් ඒ කානුවට බුලට් දාගෙන බැරල් කෑල්ල ගස්සල උඩට ගන්නෙ. එතකොට හරි.. මම කීප වතාවක් ඒ වැඩේ කරල බැලුවෙ ටික වෙලාවක් මේ හුරුබුහුටි භාණ්ඩෙ අතේ තියාගන්න තියන ආසාවට. ආයෙ දවසක බලන්න ආසාව ඉතුරු කරමින් අංකල් ඒ පෙට්ටිය නැවත ගේ ඇතුලෙන් තියල ආව.
එහෙනං අංකල් රෑ වුනානෙ මං යන්නං කාමරේට කියල ඇවිත් නිදාගන්න හැදුවට නින්ද යන්නෙ නෑ අර පුංචි පිස්ටල් එක ගැන හිතන්න ගොඩක් දේ තිබුනා. කවදාවත් සිදු වේවි කියල නොහිතුනු ගොඩක් දේ කොළඹ ඇවිත් මේ මාස හතරට මගෙ ජීවිතේ අත්දැකීම් වුනා. දැන් මම ජීවත් වෙන්නෙ බුලට් පෙට්ටියක් සහ සයිලන්සර් එකක් එක්ක කටපුංචෙක් ඉන්න ගෙදරක.
පුංචි කාලෙ තනියම බැනගනිමින් වත්ත පහල ගස් වලට සහ කෙසෙල් පඳුරු අතර මවාගත්ත හතුරෝ එක්ක බැන ගනිමින් ෆයිට් කරපු කේඬෑරි කොල්ලා දැන් කොළඹ පාතාලෙ නම ගිය කෙරුමෙකුගෙ සහෝදරයා වෙලා. ඒ වගෙම පරණ වැඩ කාරයෙකුගෙ ගෙදර නැවතිලා ඉඳන් තව විස්තර ඉගෙනගනිමින් ඉන්නවා.. අවුරුදු හතරක කැම්පස් ජීවිතය ඇතුලෙත් අන්තරේ හරි මැදිහත් කණ්ඩායම් වල වීදි සටන් වලින් හැකිතරම් ඈත් වෙලා පාඩුවෙ කාලෙ ගෙවපු බොහොම සැඟවුනු චරිතෙ පැත්තකින් තියල උස් ලියනගේ රන්දික අමරසිංහ නමින් නව උපතක් වෙලා මේ අඩිය තියන්නෙ අමුතුම ලෝකෙකට. අඩිය තියනවටත් වඩා උස්සල තියනව කිව්වොත් හරි.
පත්තර වල පලවුන පාතාල ක්රියාකාරකම් ගැන විස්තර බල බලා යටි හිතින් ඒ චරිත වලට පණ දෙමින් අහිමි පෞරුෂයක් වෙනුවෙන් හීන මවපු මම අද හැබෑවටම පිස්ටල් එකක්, ධර්මෙ අංකල් කිව්ව විදියට ත්රී එයිට් එකක් අතට ගත්තා..
නිදාගන්න හදල කාමරේ ලයිට් එකත් නිවල ඇඳට ඇවිත් පැයක් විතර ඔය ගැනම කල්පනා කර කර ඉන්න අතර අලුත් ෆෝන් එකට කෝල් එකක් ආවෙ. මම නම්බර් එක නොබලාම ආන්සර් කලේ සුද්දා කියල හිතාගෙන. ඒත් කතා කලේ වෙන කෙනෙක්.
මිස්ටර් රන්දික.. මං මේ කියන ටික හොඳට අහගන්න. මං මාදින්නාගොඩ නුවන්. තාරවත්තෙ සුද්දා තමන්ගෙ වැඩක් බලාගෙන තමන්ගෙ ඒරියා එකේ හිටියනං ඔය ගමන යන්නෑ. මෑන් රැඟුව වැඩියි. අපරාදෙ. කවුද බැස්සෙ කවුද ගැහුවෙ මොකද වුනේ කියලවත් දන්නෑනෙ. අන්නේමයි අපි ගේමක් ගැහුවොත් හරි. දැන් උඹ රාජගිරියෙ මෙගා ස්ටෝර්ස් එකේ වික්රම මුදලාලිට කතා කරල උගෙ මල්ලි කියල බොරු බයිලාවක් ගැහුව කියල මට මෑන් කෝල් කලා. මම උඹට ආයෙ කියන්නෑ. මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න හදන්නෙපා. කොහේ කොහොම හිටියත් හොයල අරන් එනව හොඳේ. මේ පලාතෙ ඉන්න බෑ හරි.. හෙටම පලයන්.. හෙටම පලයන්. ආයෙ කියන්න තියන්න එපා. මං හොයල බැලුව තාරවත්තට අලුත් කවුරුවත් බැහැල නෑ. හැබැයි මං දන්නව උඹ සුද්දගෙ ලඟම කවුරු හරි තමයි කියල. දැන් යකඩ හැම තැනම. කිලෝ ගානට දෙන තැනට චාටර්. ඒක හින්ඳා නිකාං මැරෙන්න හදන්නෙපා. අලුතෙන් සෙට් එකක් හදන්න බෑ උඹට මෙහෙ දැන්. අයියගෙ සමහරු මං ලග. සමහරු ඇතුලෙ. වනාතෙ එවුං ඕලා එක්ක.. සින්න දූවෙ සෙට් එකම බෝයි ගාව.. හෙටම පලයං හරී...
වෙලාව බැලුවෙ මේ මොහොතෙම සුද්දට කතා කරන්න ඒත් රෑ වෙලා වැඩී. එකොළහත් පහු වෙලා. නිදි ඇති. හෙට උදේ කතා කරනව හිතල ඔලුවෙ ඉඳන් පෙරවගත්තෙ නිදාගන්න ඕනවටමයි.
උදේ ඇහැරිලා බලද්දි මිස් කෝල් දෙකක්. රෑ සුද්දා අරන්. දැන් ඉතින් ගන්න ඕනනෙ. කතා කල ගමන්ම උස්සල ඊයෙ මොකද වුනේ කියල ඇහුවෙ. විස්තරේ මුල ඉඳලම කියනකම් අහගෙන ඉඳල දැන්නම් පොඩි දර්ශනයක් දාන්න වෙලාව හරි කිව්වෙ මට කියල ගස්සවන්න වගෙනෙ. ඉතින් අයියේ මොකද කරන්නෙ අපි දැන්..
මුලින්ම ඔය නුවන්ව එළියට ගන්න ඕන. ඌට රිදෙන්න ගේමක් ගහන්න ඕන
විස්තර ටිකක් හොයාගන්න. ඒකට කොස්වත්තෙ ඩික්සන්ගෙ උදව් ගමු. මෑන් ඔයාව විශ්වාස කරනවනෙ. මං හිතන්නෙ ඔව් අයියේ...
ඔයා හෙට රාජගිරියෙ ඉඳන් මාදින්නාගොඩ පැත්තට බස් එකේ ගිහින් එන්න පැත්ත බලාගන්න මුලින්ම. මේක කල් ඇදල බෑ....
අර පොතේ නම්බර් කීයකට විතර කතා කලාද දැන්..
හැට ගානකට ගත්තා..
ඒ හැමෝටම එකවුන්ට් නම්බර් එක දැම්මා..
හරි බලමු අද දවස
මං කතා කරන ගමන් ඇඳුම් දෙකත් මැදගෙන ඉවරකලා. ඔෆිස් එකට යද්දි මිස්ටර් ජෙරාඩ් සහ තව දෙන්නෙක් ඇවිත් හිටියා. ටික වෙලාවකින් පොලීසියත් ආව. මේ මොකක්ද වෙන්න යන්නෙ. මං ගැනවත් එළි වෙලාද.. නෑ නෑ එහෙම වෙන්න බෑනෙ. තවම මොනවත් වරදක් කලේ නෑනෙ. මැකැනිකල් එකේ කොල්ලෙක්වයි ෆෝමන්වයි ජීප් එකේ ඉඳල අරන් එනකොටයි දැක්කෙ. ජී. එම් සර් ගෙන් මං ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියලා. මෙයාල මේක ඇතුලෙ T56 ගන්ස් රෙපෙයාර් කරල...මට මතක් වුනා එදා සිද්ධිය. ලේත් මැෂින් එකෙන් අමතර කොටස් හදවගෙන තියෙන්නෙ අර කොල්ල ෆෝමන් වත් බය කරගෙන. දෙන්නවම අරන් ගිහින් ඒ ඒ මැෂින් පෙන්න පෙන්න ප්රශ්න කරනවා.. හේකිත්තෙ බැංකොක් වසන්ත කියල කෙනෙකුට තමයි අර කොල්ලවැඩ කරල තිය
ආයතනය පැත්තෙන් වරදක් කරල
නැති නිසා ෆෝමන්ව කම්පැණි එකෙන් කතා කරල නඩුවක් නැතුව බේරගත්තා. ඒත් තව දුරටත් ඔහු ආයතනයේ වැඩ කරන්න බය වුනා. ඒ සිද්ධිය නිසාම ඉල්ලා අස් වෙලා යද්දි මට මොබයිල් ෆෝන් නම්බර් එක දීල ගියා ගාමන්ට් ෆැක්ටරියක මැකනික් ඉන්චාර්ජ් තනතුරකට දැම්මම කතා කරලලු කොග්ගල සෝන් එකේ.උදේ වරුවම ඒ වැඩ වලට කාලෙ ගෙවුනා. මං දැක්ක බවක්වත් ඇඟෙව්වෙ නෑ.
ආයතනය පැත්තෙන් වරදක් කරල නැති නිසා ෆෝමන්ව කම්පැණි එකෙන් කතා කරල නඩුවක් නැතුව බේරගත්තා. ඒත් තව දුරටත් ඔහු ආයතනයේ වැඩ කරන්න බය වුනා. ඒ සිද්ධිය නිසාම ඉල්ලා අස් වෙලා යද්දි මට මොබයිල් ෆෝන් නම්බර් එක දීල ගියා ගාමන්ට් ෆැක්ටරියක මැකනික් ඉන්චාර්ජ් තනතුරකට දැම්මම කතා කරලලු කොග්ගල සෝන් එකේ.
දවස් තුනකට ඔරුගොඩවත්ත යාඩ් එක වහල පරීක්ෂණ කරන්න පොලීසිය නියෝග කල නිසා මමත් හෙට ඉඳන් මට බලෙන් පවරපු වැඩ කොටස ඉවර කරන්න සැලසුම හදන්න ගත්තා. බලෙන් පැවරුවා කීවට දැන්නම් ඒක මට අමුතු විනෝදයක් ගෙනදෙන වැඩක් වේගෙන එන්නෙ.
වරුවෙන් කාමරේට ඇවිත් කඩෙන් ගත්ත බත් එකත් කාල අංකල් ඉන්න පැත්තට ගියේ එයාගෙ අසනීපෙ කොහොමද බලන්න. සෙම නං දැන්නං හොඳටම හොඳයි පුතා.. ඒත් මේ පැත්ත ටිකක් රිදෙනවනෙ..
කියමින් බඩ අතගාන්න ගත්තා.. හෙට මං නිවාඩු අංකල්. හෙට බලමු. කියමින් කාමරේට ආවෙ එයාට ටිකක් නිදාගන්න ඕන ..
නමයට විතර ගිහින් බොරැල්ලෙ චැනලින් සෙන්ටර් එකෙන් වී. පී. කෙනෙක්ව චැනල් කලා මගෙ අතේ තිබුන සල්ලි වලින්ම. හය හමාරට විතර ලෙඩාව එක්කගෙන එන්න කිව්ව නිසා මගෙ වැඩක් කරගන්න පුළුවන් තරමෙ කාලයක් ඉතුරු වුනා. පසුගිය දවස් වල සිද්ධ වුනු දේවල් එක්ක මට මගෙ රැකියාව එපා වෙලා තිබුනෙ. ඒ හින්ද පත්තරේ බලල හොයාගත්ත වේකන්සි දෙක තුනක් ගැන හොයා බලන්න ඒ ආයතන වලට ගියා. ඒ අතර සංඛ කෝල් කලා අද හවස කාමරේ පැත්තෙ එනව කියල. මම විස්තරේ කිව්ව ටිකක් රෑ වෙලා වරෙන් අංකල්ව ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න යන්න ඕන කියලා. හතරයි ඒ ගමන් ටික ඉවර කරගෙන කාමරේට එනකොට..
වොෂ් එකක් දාගෙන අංකල්වත් සූදානං කරගෙන එයා අඳුරන ත්රීවිලර් එකක ගියා හයයි කාල වෙද්දි.හතට වගේ ඩොක්ටර් කාමරේට ගත්තා. එතන තිබුන ඇඳ වගේ එකේ හාන්සි කරල බඩ ඔබන ගමන් බොනවද ගොඩක් කියල ඇහුවෙ මගෙන්. මම ධර්මෙ අංකල් දිහා බලාගෙනම ඉස්සර නං හොඳට බීල තියෙනව හැබැයි දැන් නං සතියකට වරක් වගෙ චුට්ටක් ගන්නවා කිව්වා. ස්කෑන් එකක් කරමුද ඇහුවෙ ටිකක් මූණත් වෙනස් කරගෙනමගෙ අතේ තියෙන්නෙ තව හයදාහක් වගේ. ගෙදරට යැව්වෙත් නෑ මේ මාසෙ සල්ලි. කීයක් වගෙ යනවද ඩොක්ට.. කියල ඇහුවෙ මේ ගාන මදි වෙයිද කියන සැකේට. දෙදහක් අර කවුන්ටරේට බැඳල එන්න කිව්වාම හිත හැදුනා. රිසිට් එක දුන්නම ඩොක්ට වැඩේ පටන් ගත්තා. ටික වෙලාවක් බලල නළල අතගගා ටිකක් සීරියස් වගේ.. මෙයාගෙ ලිවර් එකේ ප්රොබ්ලම් එකක් වගේ.. හෙටම මගෙ වෝඩ් එකේ ඇඩ්මිට් කරමු කීවෙ බොහොම බෑරෑරුම්ව. ගෙදර එනකම් දෙන්නම වැඩි කතාබහක් නැතුවම ආවෙ කොහොමද මේකට සූදානම් වෙන්නෙ කියල හිත හිත. ත්රීවිලර් එක හංදියෙන් නවත්තගෙන කෑම දෙකක් ගත්තෙ දැන් උයන්නවෙලාවක් නැති නිසා.
මොකද අංකල් කරන්නෙදැන්..
ඒක තමයි පුතා.. කොහොම වුනත් අංකල් ඇඩ්මිට් වෙන එක හොඳයි නේද. ලෙඩ වැඩි කරගන්නවට වඩා.. ඔව් පුතා වෙන කරන්න දෙයක් නෑ.. ඔයාටත් කරදරේ මං නිසා. මේ මාසෙ මට කාමර කුලිය එපා. ඔයා මට නෑයෙක් වගේ බලාගෙන මේ කරන දේවල් වලට මම ණයයි පුතා..
ඕවනං මොනවද අංකල්.. කියල එයාගෙ කෑම එකත් ප්ලේට් එකකට තියල දීල මමත් කන්න ගත්ත. අටත් පහුවෙලා දැන්. අදනං මගෙ සැඟවුනු අමුත්තාගෙන් වදයක් වුනේ නෑ..
සංඛ ආව ටික වෙලාවකින්.. මචං දවස් තුනක නිවාඩුවක් දාලම ආව බං කියාගෙන ඇවිත් කාමරේ දොර වහගෙනම දෙන්න ආ ගිය දේවල් කතා කර කර ඉඳල හෙට එන්නං සෙට් වෙන්න බලාගෙනම කියල ගියෙ ඌට ගෙදර බොන්න බැරි නිසා.. අද ඇවිදපු නිසාද කොහෙද ඉක්මනින් නිදිමතත් ආව.
**************************************************අශෝක ලියනගේ **08 වන කොටස තෙක්....
... නමක් සහ ගමක්...07වන දිග හැරුම..

*******අශෝක ලියනගේ **08 වන කොටස තෙක්....
ගේට්ටුවෙන් ඇතුලුවුන ගමන්ම ටී-ෂර්ට් එක ගලවල වැලට දැම්මා.ආපු පිම්මම වොෂ් රූම් එකට රිංගල කෑලි පහ ගහගත්තෙ දහදිය එක්කම වොෂ් එකක් දැම්මම ඇඟට ෆිට් හින්ඳා. ඇඳේ වාඩි වෙලා අලුත් ෆෝන් එක ගත්තෙ ගෙනාපු සිම් දෙක දාල ඔන් කරල බලන්න. ගෙදරට යවන්න තිබුන මුදලෙන් දෙදහසක් පන්සීයක් අඩුයි. දැන් ඒ ගැන හිතල වැඩක් නෑ. සිම් දෙක දාල ෆෝන් එක ඔන් කලා. ටික වෙලාවකින් සිග්නල් පෙන්නුව නිසා සීයෙ කාඩ් දෙක හූරල රීචාර්ජ් කලා. හරි දැන් ඒ වැඩෙත් OK.. එහෙමම ඇලට් එකක් දැම්මා තෙහෙට්ටුව නිසා.
ඇස් පියවුන ගමන් දෙන්නෙක් මාව හෙලවෙන්න නොදී අල්ලගෙන තව එකෙක් ඔලුවට පිස්තෝලයක් තියන මහ බය හිතෙන ඒව මැවෙන්න ගන්නව.මේ කරුමයක් හින්ඳා හරියට නින්දක්වත් නැති හැටි.
කොහොම හරි නින්ද ගිහින් පහමාරට වගෙ ඇහැරුනා. කරන්න වැඩකුත් නැති එකේ එහෙමම ඇඳේ ඉන්නකොට ආයෙම නාඳුනන කෝල් එක ආව.
මල්ලී.. වැඩේ හරිද..
ඔව් අයියේ..
හරි එහෙනං ඔන්න අපේ වැඩ වලට දැන් ඔයා රෙඩී...
අර පොත් බැලුවද..
බැලුවා අයියෙ.......
ඒකෙන් අයිඩියා එකක් ගත්තද... .
ලොකු අයිඩියා එකක් නෑ. ඒත් මේ අවට පලාතෙ තැන් වල නම්බර් ටිකක් බවනං තේරුනා. ඒව හඳුනගන්න කෝඩ් වගේ අර ලකුණු කල තැන්.
නියමයි.. ඒක තමයි වැඩේ. හරි මල්ලි දැන් ඔයා මුලින්ම ඔයා ඉන්න තැන ඉඳන් ඈතින්ම තියෙන තැනට කෝල් එකක් ගන්න. අරන් කියන්න තාර වත්තෙ සුද්දයියාගෙ මල්ලි මේ කතා කරන්නෙ. මං ඉතාලි ඉඳන් ආවෙ. අයියගෙ කන්ටෑක් ඔක්කොම මට දීල තියෙන්නෙ. අපි කලා වගේ වැඩ ටික කන්ටිනිව් කරමු කියල.. ඔය පරණ පොතේ ඇති ඔය තැන් වල ඕනර්ලගෙ මොබයිල් නම්බරෙයි නමයි. කෙලින්ම නම කියලම කතාවට එන්ටර් වෙන්ඩ හරි.. නිකං අයියෙ මල්ලි ගගා පදිරි වෙලා නැවෙන්ඩෙපා හරිද. ගන්ඩ කලින් පොඩි ට්රෑල් එකක් දාල බලනව නිකං..
අයියෙ තව විස්තර ඇහුවොත් මොනවද කියන්නෙ..
නෑ නෑ.. උන් මොනවද කියන්නෙ කියල අහං ඉඳල.. ඒමද මං අයියට කියන්නං කියල තියන්ඩ. ආයෙ ඌ ගත්තට උස්සන්ඩ එපා. හත් අට වතාවක් ගත්තම ඔය කෝඩ් නම්බරේ කීයන්ඩ.. ඒ ඇති.
මං හෙට ගන්නං එතකං හත් අට පොලකට කතා කරල ඒවයෙ උන් කියපු දේ තැන් පටල ගන්නැතුව ලියාගන්ඩ හරී..
මං කොතනින්ද පටන් ගන්නෙ. සිතියමේ මුල් පිටුවෙ එක කෙළවරක අංකයක් බලල ඒක මොකක්ද කියල හෙව්වා එතන තොග කඩයක්. ඒකෙ හිමිකරුවාගෙ නම සහ මොබයිල් නම්බර් එක ලියාගත්ත වෙනම පොතක
ඒ වගෙ තැන් හයක විස්තර ලියාගෙන හිතුවෙ ඒවට කතා කරන විදිය. හයියෙන් කතා කලොත් ධර්මෙ අංකල්ට ඇහෙනවා. හෙමින් කතා කලොත් ඒ මිනිස්සු බලයි මම බයෙන් කතා කරනව කියල. කෝකටත් මගෙ ෆෝන් එකයි අලුත් එකයි සාක්කුවේ දාගෙන විස්තර ලියපු කොලෙත් කඩාගෙන පෑනත් අරන් පාරට බැස්සෙ අරමුණකින් තොරවයි. ඇවිදගෙන ගිහින් බලද්දි මම සෑහෙන දුරක් ඇවිත්නෙ
හිර ගේ ඉස්සරහ කැම්බල් පිට්ටනිය අයිනෙන් පාර්ක් පාරෙ හැරිල ගියාම පරණ වලව්වක් තියෙනව ගරා වැටුනු. එතන ඉඳගෙන වටපිට බැලුවෙ කවුද ඉන්නෙ කියල. හවස හයට විතර ඇති. කවුරුත් නෑ මෙතන. තව රෑ වෙද්දිනම් එයි කුඩ්ඩො එහෙම. ඒත් දැනට කවුරුත් නෑ. මම කොලේ අරන් හිත හදාගෙන මුල්ම කෝල් එක ගන්න නම්බර් එක ගැහුවා... තුන් පාරක් විතර රින්ග් වෙලා එහා පැත්තෙන් කතා කලා...
හෙලෝ.. කවුද මේහ්..
මිස්ට වික්රම...
ඔව් කතාකරනවා..
හරි මං ඩිරෙක් කතාවට බහින්නං. මම තාරවත්තෙ සුද්දගෙ මල්ලි..
ක.. ක.. කවුරු කිව්වා.. එහා පැත්තෙන් කලබල වුනු බවක් දැනුනා.
හරි මිස්ට වික්රම කලබල වෙන්න දෙයක් නෑ. මම ආවෙ ඉතාලි ඉඳල. අයිය මට හැම විස්තරයක්ම කියල මේ කන්ටෑක් ඩීටේල්ස් දුන්නා. අයිය එක්ක කලා වගේම වැඩ ටික කරං යන්න මට ඔයාගෙ සපෝට් එක ඕන.
ඉතින් මං කෝමද ඔහේව විශ්වාස කරන්නෙ.
මම එතනට දීල තියෙන කෝඩ් නම්බර් එක කිව්ව ගමන් මිනිහා ලොකු හුස්මක් ඇදල රෑ වෙලා ගන්නද ඇහුවා.. මමත් හරි කියල කට් කලේ දෙන්නෙක් මං දිහා ඈත ඉඳන් බලං ඉන්න බව දැකපු හින්ඳයි.
නැගිටල එද්දි උන් දෙන්න ඉස්සරහට ආව. මමත් ගානක් නැතිවම ඔහේ ඇවිත් උන්ව පහු කරගෙන ගියත් අවදානෙන් ආවෙ පස්සෙන් මොනව හරි කරාවි කියන සැකෙන්. ඒත් දෙන්න එහෙමම දිගට යනව මම හොරෙන් හැරිල බැලුවා. මට මේ පරිසරයට හුරු වෙන්න වෙනව දැන්. ආයෙ ප්රෙසින් එක ඉස්සරහ හෝල්ට් එක පහු කරද්දි මාව පහු කරන් ගිය දෙන්න මම දැක්ක පාර එහා පැත්තෙන් යනව මං දිහා බල බල. සමහර විට උන්ට සැක ඇති මම නාකොටික් යුනිට් එකේ එකෙක් කියල.
මොකද මේ ප්රදේශයම කුඩු ගහන උන්ගෙන් සහ විකුණන උන්ගෙන් පිරිල. පාර අතුගාන නගරසබා කම්කරුවාගේ පටන් කෝටිපති පවුල් වල දරුවා දක්වා කුඩු පැකට් එකක් හොයං එන්නෙ වැලිකඩ බොරැල්ල වනාත පැත්තට තමයි. ඒක ධර්මෙ අංකල්ගෙන් දැනගත්ත කාරණාවක්. මට දරුවෙකුට වගෙ මේ කොළඹ ගැන ගොඩක් දේ කියා දෙන්නෙ ඒ මනුස්සයා.
මම ගියා වගෙම පයින්ම අවට බල බල නැවතත් නවාතැනට ආවෙ මේ පැත්තට මම වැඩිය නොයන නිසා ඒ අරුමයද විඳිමින්. එක එක හැඟීම් වලින් මූණු පුරවාගත් විවිධ මිනිස්සු ගැහැණු කඩි වගේ එහෙට මෙහෙට යන්නෙ වගේ වගක් නැතිව. හිර ගෙදර ඉන්න තමන්ගෙ නෑයා බලන්න ආපු අය, බලල යන අය, ලමා වාට්ටුවට තමන්ගෙ දරුව ගේන දෙමව්පියෝ, දේවි බාලිකාවෙ...ඩී එස් එකේ ලමයින්ව ගන්න ආපු දෙම්පියෝ මේ අතර ඉන්නවා. ටිකක් ඕන කමින් මේ මුහුණු දිහා බැලුවම තේරෙනව කුඩු සික් එකෙන් නහය කසන හොටු හූරන අකලට දිරාපත් වෙන රටේ ඉදිරි පරම්පරාවේ ඛේදවාචකයේ ජීවමාන සාක්ෂි තැන් තැන් වල වේලෙනව.
කෝල් ගන්න විස්තර ලියාගත්ත කොලේ සාක්කුවෙද බලන්න ආයෙ අතදැම්මෙ සැකේට. ඒ ඉරියව්වෙන්ම ඉතුරු ටිකත් ඇවිත් කාමරේට ආවෙ ටිකක් මහන්සියෙන්. මම කිලෝමීටර් හතරක් විතර ඇවිදලා එක කෝල් එකකට. මේක හරියන්නෑ. රෑට ධර්මෙ අංකල්ට හොරෙන් ස්ලැබ් එකට නගින්න වෙනවා නිදහසේ කතා කරන්න. ඒක උඩ වතුර ටැංකිය වැහෙන්න ගහපු පොඩි වහළ කෑල්ල යට ඉඳ ගත්තම අවට බල බලම කතා කලහැකියි. එතන මේ වැඩේට මරු. රෑ අටට විතර ටැංකියට පිටින් නගින යකඩ ඉනිමග දිගේ උඩට නැග්ගෙ කාඩ්බෝඩ් කෑල්ලකුත් එක්ක. කාමරේ දොර වහල උඩට ආවෙ කාටවත් සැක නොහිතෙන්න. ටැංකියට පිට දීල වාඩි වුනාම මාව කාටවත් පේන්නෙ නෑ. අනිත් බිල්ඩින් වලත් මේ පැත්තට ජනෙල් නැති නිසා මට හොඳ ආරක්ෂාවක් දැනුනා. හුලං පාර නිසා මදුරුවොත් නෑ වෙලාවට. මම දෙවෙනි කෝල් එකට සූදානම් වුනා. ඒක ස්පා එකක්. ඩයල් කරල කනේ තිබ්බ විතරයි ගැහැණු කටහඬකින් උත්තර දුන්නා. හෙලෝ ඩික්සන් ඉන්නවද..
මේ.. සර් නං වැඩක. කවුද කතා කරන්නෙ.
මං එයාගෙ යාලුවෙක් ෆෝන් එක දෙන්න එයාට...
කෙල්ල ටිකක් අදිමදි කරල බයෙන් වගෙ කියනව ඇහුනා සර්ගෙ යාලුවෙක් කියල.
හෙලෝ කවුද ඔය..
මම තාරවත්තෙ සුද්දගෙ මල්ලි..
ඈහ් මොකා.. මං දන්නෑ ඒම එකෙක්....
හරී.. මං ලගදි ආවෙ ඉතාලි ඉඳල අයියව දන්නවනෙ...
ඔව් වටේ යන්නැතුව කියමු ඒනං සීන්නෙක..
මේකයි.. අයිය මට විස්තර ඔක්කොම කියල තියෙන්නෙ. ඒ විදියටම වැඩේ කරමු කියන්න කිව්වා..
අඩෝ.. අඩෝ.. සුද්දා කෝමද ඩෝ කියන්නෙ. මේහ් උඹ හිතුවද මං ටිංකිරි කියල.. මාත් මේකෙ හොඳ කැ##යෙක් හොඳේ.. තාරවත්තෙ සුද්ද මිසින් වෙලා දැන් මාස තුනක් විතර. බොඩියවත් නෑ. උඹ කවුද ඩෝ ඒ නම විකුණල ගතමන්ට් එක හොයන්න හදන එකා.
ඩික්සන් කතා කරන හඬ ඒ කාමරේ පුරාම දෝංකාර දිදී ඇහුනා.ඒත් මම බය වෙන්නෙ මොකටද මාව දන්නෙ නෑනෙ මොකාවත්. මං හෙමීට කිව්වා පොතේ එතනට දීල තියෙන කෝඩ් එක. අන්න එතකොට අර මහා සද්දෙන් ගොරවපු එකා එක පාරටම සද්දෙ වහල කතා කරන්න ගත්තා. හෙලෝ.. ඇත්තටම ඔය කවුද..
ඒක තමයි මුලින්ම හඳුන්වල දුන්නෙ.. විශ්වාසද දැන්.
මේකයි මල්ලි අපි කෝමද එක පාරටම විශ්වාස කරන්නෙ. මගෙ බිස්නස් වලට සෑහෙන්න උදව් කලා සුද්දා. අපේ පොට් වලට කවුරුවත් අත දැම්මෙ නෑ සුද්දා ඉන්නකම්. ඒත් දැන් අලුත් පොරක් බැහැල රඟනව මේ ලයින් එකේම. ඌට ඕන වෙලාවට කොච්චර වැඩ තිබුනත් කෑලි දෙකක් යවන්න ඕන. වීල් එක එවනව. කෝල් එක දීල. ආයෙ උන් දෙන්නට දවසටම තව වැඩකට දාන්න බෑ. දැම්මත් කරන්න පණ නෑ.බාගෙන මරල එවන්නෙ. පවු මල්ලි උනුත් පණ තියෙන ජීවිතනෙ. අඬනව ඇවිත්. ඌ තිරිසනෙක්. සුද්දා ඒ අතින් ජෙනුවින්. ඒ සබ්ජෙට්ටෙකේ නෑ. අපි උදව් කලේ බෝම කැමැත්තෙන්. හරි අපි මීට් වෙලා කතා කරමු. එතනින් ඒ කෝල් එක ඉවර වුනේ මට සෑහෙන්න කල්පනා කරන්න දේවල් ඉතිරි කරල
එතකොට ඇත්තටම මට කතා කරන්නෙ කවුද. ඩික්සන් කියන විදියට තාරවත්තෙ සුද්දා මරලා. මිනියවත් හම්බවෙලා නෑ. ඒක නිසා අතුරුදහන් වෙලා කීවට කවුරුත් දන්නෑ හරියටම වුන දේ. එතකොට මං ලව්ව මේ වැඩ කරවගන්නෙ කවුද. ඒ රහසිගත සටහන් වල අයිතිකාරය සුද්දාමනං තමයි මොකද ඒ කෝඩ් එක කීව ගමන් අහන කෙනා බය වෙන බව දැනෙනවා. තව කාට ලැබුනත් මට දෙන්නෙ නෑ මේව. මේව මටම ලැබෙන්න සැලැස්සුවේ ලොකු ප්ලෑන් එකක් ඇතුවමයි. මේ ටිකට මාව මෙහෙයවපු හැටි හරි සූක්ෂමයි.
මම ජොබ් එකට ඇවිත් දෙවෙනි සතියෙ ඉරිද පත්තරේක මේ සිද්ධිය ගැන කියෙව්වා කියල දැන් ටික ටික මතකයට එනවා.. ඒ විශේෂාංගය මම රෑ කම්මැලි කමට කියෙව්වා එදා රෑ. දැන් මේ සිද්ධියත් එක්ක ඒක ආයෙ ගලපලා බලාගන්න මට ඕන වුනා. ආයෙ තව තැනකට කෝල් කරන්න කලින් මේ විස්තරය සහසුද්දෙන් හොයාගන්න දැන් මටත් අමුතු කුතුහලයක් ඇතිවෙලා. ෆෝන් දෙකයි කොලෙයි සාක්කුවෙ දාගෙන බහින්න හදනකොට ආයෙ සුද්දගෙන් කෝල් එක ආව.
මල්ලි කාටද කෝල් කලේ..
අඹගහවත්ත හංදියෙ තොග කඩේ වික්රමටයි.. නාවල කොස්වත්ත විද්යාල මාවතේ ඩික්සන්ගෙ තැනටයි..
එච්චරද..
ඔව් අයියෙ. වික්රම වැඩි කතාවක් නැතුවම ආයෙ කෝල් කරන්නම් කිව්වා. ඒත් ඩික්සන් මහ සද්දෙන් මට බැනගෙන ගියා.. ඉතින්.. මම කෝඩ් එක කිව්වම හොඳින් කතා කරල අයියගෙ හොඳ කියල අලුත් කෙනෙක් ගෙන් කරදරයිත් කිව්ව..
ඒක නෙවෙයි මට තියෙන ගැටලුව. මිනිහ කියන්නෙ ඔයා මරල දාල කියලනෙ. ඇත්තටම ඔයා කවුද අයියේ. මම මේ වැඩ කරන්නෙ කාටද එතකොට.
හරි හරි මල්ලි. කූල් වෙන්නකො. මේක බොරු නාට්ටියක්. මගෙම එවුන් ටිකක් දාල ගැස්සුව ගේමක්. මේ ගේම් ෆීල්ඩෙකේ එකේ ඉන්න එකෙක්ගෙ පොට් එකට බැහැල ගහනව කියන්නෙ ඌට පට්ට නෝන්ඩියි. ගහන්න බහින්නෙත් බ්රේව් වැඩ්ඩෙක්ම තමයි. නැත්තං යුනිට් එකෙන්. . මේ ඒරීයා එකේ එකෙකුටවත් තාරවත්තෙ මගෙ පොට් එකට බැහැල ගහන්න මොරාල් නෑ.. යුනිට් එකෙන් බහින්නෙත් නෑ. මොකද මං ඇමතිතුමාගෙ ගේම් කීයක් ගහල දුන්නද.. මට ඕන වුනා නිලේටම දෙන්න. ඒකයි මං මේම මිසින් වුනේ. මං ඇතුලෙ නෑ මල්ලි මං ඉන්නෙ ටිකක් ඈත. හැබැයි ලංකාවෙ. මගෙ කොල්ලොවත් දන්නෑ මං ඉන්න තැන. උන්ව අරන් අහන්න පුළුවන් නෙ. මැරුවත් උන් නොදන්න දෙයක් කියන්න බෑනෙ. දැන් මට ඕන අලුත් ඩෑල්ලෙකක්. පුරේ සාටර් නැති කීයටවත් හිතන්ඩ බැරි අලුත් පොරක්. ඒකයි මං ඔයාව මේ වැඩේට බැස්සුවෙ. බය වෙන්ඩෙපා මං ඉන්නව ඔයාගෙ රෙකී එකට.... ඒනං අදට තියන්නං ඈ.. එතනින් ඒ කතාව කට් කරල මං ආයෙ නෝමල් වුනා.
හෙට සඳුදා. වැඩ ගොඩක් කරන්න තියෙනවා. අවිස්සාවේල්ල සෝන් එකේ ෆැක්ටරියකින් එවපු මැෂින් ටික හෙට යවන්න ඕන. හදල ඉවරයි කියල ලිස්ට් එක දුන්නෙ සෙනසුරාදා උදේ. ඒකට දාපු ස්පෙයාපාර්ට්ස් සහ සර්විස් චාර්ජ් ටික බිල් සෙට්ල් කරල පෙටිකෑෂ් එක හදන්න ඕන. තව රෑ නොවී ඒ කෝල් එක ඉවර වුන සැනින් බැහැල කාමරේට ආව. ලයිට් එක දැම්ම ගමන් ධර්මෙ අංකල් ඇවිත් ඇහුවෙ එනව දැක්ක පුතා යනව දැක්කෙ නෑ. මම කීප සැරයක් ඇවිත් බැලුවෙ කාමරේ තාම කලුවරේ ඇයි කියල. මම ආයෙ පාරට ගියා අංකල් කියල කතාව කෙටියෙන් ඉවර කලේ ඔලුව අවුල් ගොඩක හිරවෙලා වගෙ අමාරුවෙන්..
***************************************************
අශෝක ලියනගේ 
උදෙන්ම නැගිටල නාල පාරට බැස්සෙ ටිකක් කලින් ඔෆිස් එකට යන්න. අද වැඩ ගොඩක් කරන්න තියෙනවා. අවිස්සාවේල්ල සෝන් එකට යවන මැෂින් ටික රී චෙක් කරල ගේට් පාස් දාන්න ඕන. හෙඩ් ඔෆිස් එකට වවුචර් යවල පෙටිකෑෂ් සෙට්ල් කරගත්තම ඔලුව නිදහස්. ලංකෙම් එක පහුකරන් යද්දි අපේ වැඩ ෆෝමන් මාත් එක්ක එකතු වුනා ගමනට.Good morning මිස්ට හේරත්...ආ.. ෆෝමන් මහත්තය.. Good morning..
උදෙම්ම එනවද අද..
ඔව්.. එදා ඕගොල්ලො වැඩ ඉවරකරපු මැෂින් ටික අද යවන්න ඕන.
ඔය වැඩේ ගන්න මට මාර කට්ටක් කන්න වුනේ හේරත් මහත්තයා. අර ඇලකන්දෙ ඉඳන් එන මදාවියෙක් ඉන්නව ඌට දාපු මැෂින් එක අතගගා හිටිය දවස් තුනක්. නැත්තං බදාදම වැඩ ඉවරයි. ඕකුන්ට කෑ ගහලත් බෑ. නලවලා වැඩ ගන්නත් බෑ..
ඒකනං ඇත්ත. ෂේප් එකේ වැඩේ ගන්න තමයි තියෙන්නෙ..
හේරත් මහත්තයට කියන්න එක දවසක් ඌ මට ගේම ඉල්ලුව කවුද පාතාල පොරක් අරන් ඇවිත්. පස්සෙ මම කෝල් කලා අපේ ජී. එම්. මිස්ට ජෙරාඩ්ට.. එවෙලෙම ආව. කෝම හරි ජෙරාඩ් මහත්තය වාහනේට නග්ගගෙන කතා කරල වැඩේ ෂේප් කලා. එදා ඉඳන් තවම කරදරයක් නෑ..
කෝම හරි අපිට පාඩුවෙ රස්සාව කරං ඉන්න ලැබුනොත් ඇති.
ඒ තරම් කරදරද ඒ ලමයගෙන්.. නිකම් ඉන්න වෙලාවක එන්නකො ඒ පැත්තටත් කියාගෙනම මම ගේට්ටුවෙන් ඇතුළු වෙලා මගේ ඔෆිස් එක පැත්තට හැරුනා. අත්සන් කරල ගාඩ් රූම් එකෙන් යතුර ඉල්ලගෙන ඉක්මනින් වැඩ පටන් ගත්තෙ නමේ වෙනකොටවත් මැෂින් ටික යවන්න බලාගෙන.එහෙන් එවපු ලිස්ට් එකට අනුව මැෂින් ටික ආයෙම බලල ට්රාන්ස්පෝර්ට් එකට බාරදුන්නා පොතෙන්... අදාල බිල් ටික සෙට්ල් කරල ඒ වැඩේ ඉවර කරද්දි නොදැනීම එකොළහත් වෙලා. කොග්ගලින් එවපු මැෂින් දොළහක් රෙපෙයාර් වලට බාරගත්තා ස්ටෝර්ස් වලට. ඒව මෙතනින් මැකැනිකල් එකට බාර දෙන්න ඕන ෆෝමන්ගෙන් අත්සන් අරන්. එයාට එන්න කියල පණිවිඩේ දීල බලං හිටියෙ පොඩි විවේකයක් ලැබුන නිසා..
ඔය අතරෙ සෙකියුරිටි අංකල් ත්රීවිල් එකකින් ආපු කවුදෝ කෙනෙක් එක්ක කතා කරල මිකැනිකල් එක පැත්තට ගිහින් වැඩ කරන කොල්ලෙක්ව එක්කගෙන ආව. කොල්ල අතේ පාර්සලයක් තිබුන නිසා මම ටිකක් විමසිල්ලෙන් බලං හිටියෙ. මගෙ ඔෆිස් එකේ ජනෙල් ටින්ටඩ් හින්ඳ උන්ට මාව පේන්නෙ නෑ. පාර්සලය අතට ගත්ත ත්රීවිල් මෑන් ගාඩ් අංකල්ටත් තට්ටුවක් දාල කීයක් හරි අතේ තියල ගියේ මගෙ හිතේ සැකේකුත් පැලකරලයි
.දවල්ට කාල හවස තිබුනු පොත් වල වැඩ ටිකත් ඉවර කරල කාමරේට එද්දි හය හමාරට විතර වුනා. ධර්මෙ අංකල් ටිකක් අසනීපෙන් වගෙ දැනුන නිසා ඒ පැත්තට ගිහින් බැලුවෙ මගෙන් මොනවහරි වෙන්න ඕනෙනම් කරන්න බලාගෙන. මේ කොළඹට ආපු දවසෙ ඉඳල මට ගොඩක් දේ කියා දෙන දැනට මගෙ ලඟම හිතවතා අංකල්. මේ කාමරය හොයා දුන්නු සංඛත් මේ මාස හතරටම ආවෙ දවස් දෙකයි.මිනිහත් ප්රයිවෙට් බෑන්ක් එකක මාතර බ්රාන්ච් එකේ වැඩ. ගෙදර එන්නෙත් සති අන්තෙ නිසා වෙලාවක් නෑ. හැමෝටම තම තමන්ගෙ වැඩ කරගහගෙන රේස් එකක දුවනව ඇරෙන්න මග හැරුණු තැන් ගැන හැරිල බලන්නවත් වෙලාවක් නැති තරම්. තව ටිකක් කලුවර වුනාම අදත් පටන්ගන්න ඕන තව නම්බර් කීපයකට කතා කරන්න. ආයෙ කියනකම් ඉඳල බැනුම් අහන්න බෑනෙ. දැන් තව දවස් ගානකට ඉවර නොවන පවරපු වැඩක් තියෙනවනෙ. එන ගමන් කඩෙන් තනිරූල් පොතක් ගත්තෙ මේව සටහන් කරගන්න හිතාගෙන..
ඒව හිත හිත අංකල් ඉන්න පැත්තෙන් ඇතුලට ගියේ පිට ඉඳන් කතාකරගෙනමයි.
... මොකෝ අංකල් කහිනව ඇහුන තුන් හතර වතාවක්...
... ඔව් පුතා දැන් දවස් හතර පහක ඉඳල පොඩි සෙම ගතියක් තියෙනව අද ටිකක් වැඩියි වගේ..
ඉතිං බෙහෙත් ටිකක් ගමු. යමුද..
බලමු පුතා තව දවසක්. මං මේ පස් පංගුව පැකට් එකක් ගෙනාව තම්බන්න. සිංහල බෙහෙත් වලට ඇඟ පත්තියං වෙලා පෙති කරල් අරහං මට..
හරි එහෙනං.. අංකල් ඕනකමක් වුනොත් කෝල් එකක් ගන්න. මං යනව ටෙරන්ස් එක ලඟ යාලුවෙක් ඉන්නව මීට් වෙන්න. අංකල්ට කෑම කොහොමද..
උයන්න කම්මැලියි පුතා. එනගමන් මටත් එක්ක ගේන්න එහෙනං.
ඉන්න මං කෑම ගෙනත් දීලම යන්නං. එනකොට රෑ වුනොත් අංකල් බඩගින්නෙ නෙ.
එහෙමම හංදියෙ රයිස් කඩෙන් චිකන් රයිස් දෙකක් දාගෙන එකක් දීල මං කාමරේට ආවෙ තව රෑ නොවී උඩට යන්න. එවපු පොත් දෙකෙන් පරණ පොත සහ මං ගෙනාපු තනිරූල් පොතයි පෑනයි ෆෝන් දෙකයි රයිස් එකයි වතුර බෝතලේකුයි බෑග් එකකට දාගෙන උඩට නැග්ගා
මේ බිල්ඩින් එකේ පිහිටීමත් මගෙ වැඩේට උවමනා විදියටම තිබීම මගෙ ආරක්ෂාවට ගොඩක් වැදගත් වුනා. ප්රධාන පාරෙ ඉඳන් අඩි දොළහක් විතර පළල පාරකින් මේ ඉඩමට එන්න තියෙන්නෙ. මීටර් විස්සක් විතර දුරක් ආවම පරණ තනි මහල් නිවෙසක් වන නමුත් පිටුපස කොටසේ නිවසටම යාව උස අඩි විසි පහක විතර කොන්ක්රීට් කණු මත අඩි දහය දොළහ වගේ ස්ලැබ් එකක් දාල ඒකෙ උඩ වතුර ටැංකිය තියන්න හදල එතනට ගොඩවීමට යකඩින් බිත්තියම සවි කරපු ඉනිමගක් තිබීම මගේ කාර්යයට ගොඩක් පහසු වුනා..
උඩට නැගල සුව පහසු විදියට කාඩ්බෝඩ් එකත් එලාගෙන ඉඳගත්තෙ අද්භුත ලෙස පවරන ලද මෙහෙයුම පටන් ගන්න හිතාගෙන. තවම බඩගින්නක් නැති නිසා තව පැයකටවත් කෑම ගැන වදවිය යුතු නැහැ. ෆෝන් දෙක වයිබ්රේට් ඇලර්ට් දාගත්තෙ එන කෝල්ස් ඇවිත් මං ඉන්න තැන ගැන අවට අයට අවධානය යොමු වෙන බව මතක් වුන නිසයි.
තවත් හතර දෙනෙකුට කතා කල අතර ඒ සියළු දෙනාම ඒ ගැන වැඩි දුර කතා කිරීමේ එකඟතාව මත සබඳතා අලුත් කරගත්තා. දැන් මටත් දැන ගන්න ඕන මේ මොකක් වෙනුවෙන්ද මම මේ කෝල් කරන්නෙ කියල. කුමක් හෝ නීති විරෝධී කටයුත්තක ඉත්තෙකු වී ඇති බව නම් පැහැදිලියි.
අද ඔහුගෙන් ඒමට පෙර මම කෝල් එක ගත්තා.හත් අට වතාවක් රින්ග් වීමෙන් පසුව ෆෝන් එක ගත්තා ඔහු.
හෙලෝ අයියෙ...
කියන්න බ්රදර්..
දැනට මම හත් දෙනෙකුට කතා කලා කවුරුත් කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ. මට මේ ගැන උන් එක්ක කෙලින් කතා කරන්න වෙන්නෙ මොනවද කියල මම දන්නෙත් නෑ.. විස්තරයක් නොදැන තව දුරටත් මේක කතා කරල වැඩක් නෑ අයියේ.. එක්කො මාව මේ වැඩෙන් අයින් කරන්න. නැත්තං මට හරියටම කතන්දරේ කියන්න...
පුළුවන් තරම් හිතට දහිරිය අරන් කියල දැම්මෙ මටත් මේ වැඩේ ඇති වෙලා නිසයි.. වෙන ඕනම දේකට මූණ දෙනව කියල හිතං කියල දැම්මට ජීවිත අවදානම මතක් නොවුනා නෙවෙයි
මල්ලී... දැන් සතියක් තිස්සෙ මම මේක ගානට කරං ආවනෙ. පොඩ්ඩක් කලබල නැතුව ඉන්නවා. මං අවශ්ය වෙලාවට තමුසෙව දැනුවත් කරන්ඩ තමයි ඉන්නෙ. හරි දැං තමුන් මැදින් පැන්නනෙ. මං පොඩියට කියන්නං ඒකෙන් නිකං අයිඩියා එකක් ගන්ඩ... හරි.. මේකයි වෙන්නෙ. ලංකාවෙ හැම ටවුන් එකකම එක එක ඉල්ලීගල් බිස්නස් කරන සෙට් දෙක තුනක් ඉන්නව.ඒවගෙම ඒ ඒ ඒරියා රන් කරන අන්ඩවර්ල්ඩ් පොරවලුත් ඉන්නව. උන්ට ඒවට බැක් කරන ඇමති වරු මන්ත්රී වරු ඒමත් ඉන්නව. ඒ වගෙම ඒ තගර්ලට ඔය ටවුන් වල හැම බිස්නස් කාරයම මාසෙට ගානක් දෙන්න ඕන. ඒකට ලෑලි තට්ටුවෙ පේමන්ට් එකේ පොඩි එකාගෙ ඉඳන් ෆුඩ් සිටි කාරය වෙනකං යටත්. නොදී නං බිස්නස් එක කරන්න වෙන්නෑ.. ඒම මග හැරපු දෙතුන් දෙනෙකුට මහපාරෙ මැරෙන්න උනාම අනිත් උන් බයටම දෙනවා.. මං ඔය මුළු ඒරියා එකේම ඒම කෂිලි වැඩ කරපු එවුන්ට ගේම ඉල්ලුවා. මේමයි මල්ලී.. ඕන සක්කිලි වැඩක පොඩි ජෙන්ටල්මන් ගතියක් තියෙන්න ඕන.ඒක නිකං හිඟන විදියට කලාම මේ ෆීල්ඩෙකම නෝන්ඩිනේ. ඉතිං මං ඒම මස්ත වැඩ කරපු හත් අට දෙනෙක් අයින් කලා සදහටම. ඊට පස්සේ ඔය බිස්නස් කාරයො මට කැමැත්තෙන් දෙන්න ගත්තා උන්ගෙ ආරස්සාව වෙනුවෙන්.. අන්තිමට මගෙන් ගේම ඉල්ලුවා ඒරියා තුන හතරෙම එවුන් එකතු වෙලා. උන් ඔක්කොටම මාව තමයි අයින් කරන්න ඕන වුනේ. මොකද උන්ගෙ කුජීත වැඩ වලට මං මාර ඇණේ වුනානෙ. අර මසාජ් පොට් එකේ ඩික්සන් කිව්ව කතන්දරේ ඇත්ත.. අලුතින් කෙල්ලො බස්සපු ගමන් උන්ට දීල ඉන්න ඕන. අන්තිමට පොට් එකට බිස්නස් එක කරගන්න නෑ උන් උස්සං යනව සැරින් සැරේට.. කොහුවල ඇග්නස් අක්කගෙ පොට් එක එතකොට බොරලැස්ගමුවෙ දහය කණුවෙ මාලක්කගෙ පොට් එකේ හැමදාම මේ පැමිණිලි. ඒව කවර් කරල දුන්නෙ මං.. මං මිසින් වුන ගමන් අලුත් පොරවල් ටිකක් බැහැල රඟනව දැන්. උන්ට ගේම ගහන්න තමයි මේ ප්ලැන් එක.. දැන් තේරුනාද
කෙනෙක් රවල බැලුවත් මුත්රා බර හැදෙන මගෙන්ද මේ ගේම ගස්සන්න හදන්නෙ කියල හිතද්දි මටම හිනා.. එහෙම පුළුවන් කමක් තිබුනනං මුලින්ම කරන්නෙ මගෙ ලෝකෙ වීරය මට අහිමි කරපු බාප්පව පරලොව යවන එක මං. මොකද අවුරුදු හතරක් යද්දි ඌ එලියට ඇවිත් තාත්තට අත්තා ලියාදීපු ඉඩමෙ කඩයක් බැන්ඳා. අපි මහ ඉඩමෙ පහළ කෙලවරේමයි තාම..
ඉතින් අයියෙ මම කොහොමද තනියම ඒව නවත්තල ඒ තැන් වලට ආරක්ෂාව දෙන්නෙ.. මම බොහොම අහිංසක මනුස්සයෙක්නෙ.
මලලී.. මේමනෙ. මම මේ ගේම් එකට ආයෙ එන්ටර් වෙලා කියල දැනගත්තම බිස්නස් කාරයො ෆෝම් වෙනවා. උන්ට ඒක තහවුරු වෙන්න තමයි මම උන්ගෙ හැම පොට් එකකටම කෝඩ් එකක් දුන්නෙ.. මොකද ඉස්සරත් මගෙ නම කියල ගාන කපන්න දෙතුන් දෙනෙක් සෙට් වුනා. උන් නෝන්ඩි වුනා කෝඩ් එක නිසා. ඔයා හෙට යන්න කිරුළපන පොලීසිය ලඟ බැංකුවට. ඒකෙ ඉන්නව සමරසිංහ කියල මහත්තයෙක්. ඔය අයිඩින්ටියට ඔයාට එකවුන්ට් එකක් හදාදෙයි. ඒකට කාඩ් එකක් ගන්න. අරන් ඔය කතා කරන උන්ට දෙන්න එකවුන්ට් නම්බර් එක. අපි බලමු මොකද වෙන්නෙ කියල.. සල්ලි දාන උන්ගෙ විස්තර ලියන්න අර පොත් දෙකෙන් අලුත් එකේ.. දිනේ දාල ගාන එක්ක වැඩේ පිළිවෙලට කරන්න... දැනට ඇති ඈ..
හෙට හරියටම දෙකට බැංකුව ලඟට ගිහින් ඉන්න.මං මෑන්ට කෝල් කරන්නං මල්ලි එනව කියල. තිබ්බ එහෙනං..
හරි අයියේ බුදු සරණයි..
එහා පැත්තෙන් පල් එකට දාන හිනාවක් ඇහුනා. බුදු සරණයි. හහ් හහ්..
හෙට දිනයේ විශේෂ රාජකාරියක් දැනට නෑ. අද කොග්ගල සෝන් එකෙන් ආපු මැෂින් ටික මැකැනිකල් එකට දාල ආපු නිසා ඒ වැඩේ තව දවස් තුන හතරක් ඇදෙනවා. හෙට අලුතින් ආපු මැෂින් ටිකක් පානදුරේ මාස් ලංකා එකට යවන්න තියෙනවා. ඒක උදෙන්ම යවල දැම්මම හදිසි වැඩ ඉවරයි. බත් එකත් කාල එතනම ඉඳන් කල්පනා කලේ මගෙ ජීවිතයේ වෙන්න යන මේ පෙරළිය ගැන. අම්මා මාව කැම්පස් යවන්න සෑහෙන්න දුක් වින්ඳා.. තාත්තට උරුම වුනු ඉඩම් වල ආදායම පවා බාප්පා බුක්ති වින්ඳා. අත්තා වවල තිබුනු කරාඹු ගස් වල ආදායම තාත්තා දෙකට බෙදල දුන්නට බාප්ප ඒව තනියම විකුණගත්තා.. පහළ බෑවුමේ තේ දලු ටික අම්මා කඩාගත්ත නිසා යන්තම් අපේ වියදම් පිරිමැහුනා... ඒ අතර මම විටින් විට අසනීප වුනා. අම්ම කියනව මම තනියම කතා කරනවලු ඉස්සර තාත්ත එක්ක. මුලින් ඒකට ගුරුකම් වැඩ කරන්න පිළිමතලාවෙ ගුරුණ්නාන්සේ කෙනෙක් ලඟට ගියා මතකයි මටත්. හෑපානෙ දවුලගල පැත්තෙ තවම ඒ ගුරුකම් පරම්පරාවල් තියෙනවා. පස්සෙ පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා මේ මෑතක් වෙනකම්ම.
මේව කල්පනා කර කර ඉන්නැද්දි නිදිමතයි. පොත්පත් ඔක්කොම බෑග් එකට දාල ටැංකිය අස්සෙ ගහල ෆෝන් දෙක විතරක් අරන් ආයෙ ආව කාමරේට. ධර්මෙ අංකල් නිදි වගේ.. හීනියට ගොරවනව ඇහෙනව ඇතුලෙන්.. අද දවසත් ගෙවුනා මේ විදියට
උදේම ඇහැරිලා නාල එහෙම අංකල්ට කතා කලේ මෑන්ගෙ අසනීපෙ ගැන අහන්න. දෙතුන් පාරක් දොරට ගැහුවම නැගිටල ඇවිත් දොර ඇරියා.
මොකද අංකල් මූණත් එක්ක තඩිස්සි වෙලානෙ.
නෑ පුතා මේ සෙමට..
සෙම කිය කිය බලං ඉන්න බෑනෙ. මං දවල්ට එන්නං හාෆ් ඩේ දාල. බෙහෙත් ටිකක් ගමු. කියල මම ගෑස් එක ගහල වතුර එකක් තිබ්බෙ පස් පංගුව ටිකක් තම්බල බොන්න දීලම යන්න.
ඔෆිස් එකේ අද එහෙමට හදිසි වැඩක් නැති නිසා හෙඩ් ඔෆිස් එකට කතා කරල වරුවක නිවාඩුවක් දැම්මෙ දෙක වෙද්දි කිරුළපනට යන්න ඕන නිසා. එකට කාලක් තියා බෝඩිමට ඇවිත් බලද්දිත් ධර්මෙ අංකල් නිදි. ඇත්තටම මේ මනුස්සයා ඉන්න තත්ත්වෙ ඒ තරම් හොඳ නැති බවනං පේනවා. හවසට බලෙන් හරි එක්කගෙන යන්න ඕන බෙහෙත් ටිකක් අරන්දෙන්න
කොහුවල කැළණිය බස් එකක නැගල කිරුළපන හංදියෙන් බහිද්දිම දෙකට පහයි. බස් වල ගමන එපා වෙනව ඉතින්.. YMBA එක ලඟයි RMV එක ලඟයි නාරහේන්පිට ආසිරි එක ලඟයි විනාඩි හතලිස් පහක් නවත්තගෙන හිටියා.. තිඹිරිගස්යායෙන් එකසිය විස්සට දැම්මමයි ටිකක් ස්පීඩ් කලේ.. දැන් ටිකක් කොළඹ පාරවල් හුරුයි ස්ටෝර්ස් එකේ ඩිලිවරිය ගිහිල්ලම. ඈත යන එවට කට්ටිය යැව්වම ලඟ ලඟ බඩු බාර දෙන්න මමත් යනව.
අදාල බැංකුවට ගිහින් සෙකියුරිටි කෙනෙක්ගෙන් සමරසිංහ මහත්තයාව අහගෙන එයාගෙ ඉස්සරහින් වාඩි වුනා
මිස්ට සමරසිංහ.. මම අර තාරවත්තෙ හේමන්ත...
ආ හරි හරි.. මට කෝල් එක ආව. මට මෙන්න මේ ෆෝම් දෙක ෆිල් කරල දෙන්න. මේ කාඩ් එක පුරවනකොට ඒකෙ එක වරකට ගන්න මුදල ලක්ෂ දෙකක් කියල දාන්න..
මං එතනම තියල ඒක පුරවල දුන්නා. එයාම ගිහින් ඒ වැඩ ටික කරල මට ATM කාඩ් එකත් අතටම ගෙනත් දීල මගෙන් අත්සන අරන් වැඩේ ඉවර කලා. දැන් මට උස් ලියනගේ රන්දික අමරසිංහ නමින් බෑන්ක් එකවුන්ට් එකක් සහ බෑන්ක් කාඩ් එකක් තියෙනවා. අයි ඩී එකක් තියෙනවා.. එන්න එන්නම මගෙ අනන්යතාව නැති වෙලා රන්දික උඩට එනවා. සුද්දා කියන විදියට මම මේ ගේම් එකේදි කොළඹ සියළු දෙනා සමග සබඳතාව පවත්වන්න ඕන මේ නමින්.
කාමරේට ගියත් වැඩක් නැති එකේ ඔලුවට ආව නාවල පැත්තට යන්න ඕන කියල. කොස් වත්ත හංදිය කිට්ටුවනෙ ඩික්සන් ගෙ තෙරපි සෙන්ටර් එක තියනව කීවෙ.
කවදාවත් ඒකක් ඇතුලට ගිහින් නැති මං ඒ ලග තියෙන තේ කඩේකට ගොඩ වැදිල බීම එකකුයි රෝල්ස් දෙකකුයි ගත්තෙ එතන ටිකක් රැඳෙන්න ඕන නිසා. ඔෆිස් බෑග් එකක් එක්ක පිලිවෙලට ඇඳපු මං ගැන සැක හිතන්න කාරනාවක් නැති නිසා මට බයක් දැනුනෙත් නෑ.. මම හිටපු විනාඩි පහලොවක් විස්සක් වගෙ කාලයට එතනින් ඇතුලට හෝ පිටට කවුරුත් ආවෙ ගියෙ නැති නිසා මං ආපහු යන්න නැගිට්ටේ මටම හිනා වෙමින්. කිසිම තේරුමක් සහ අරමුණක් නැති ගමනක් මේ ආවෙ කියල. හෙමීට ඇවිදගෙන ප්රධාන පාර පැත්තට ආවෙ එතනින් බොරැල්ල බස් එකක් ගන්න හිතාගෙන. ඒ එද්දිම වේගෙන් ආපු ත්රීවිලර් එකක් මං බලාගෙන හිටි ස්පා එකෙන් කලබලෙන් එලියට ආපු කෙල්ලක් නංවාගෙන ඉගිලුනා. මට සැනින් මතක් වුනා ඩික්සන් කියූ සිද්ධිය. මම හෝල්ට් එකට ටිකක් එහාට ගිහින් කෝල් එකක් ගත්තා ඔහුට. හෙලෝ. ඩික්සන්..
ඔව් කතා කරනවා..
මං රන්දික.. තාර වත්තෙ
ආ හරි බොස්... මේ වෙලාවෙ
මොකද වෙන්නෙ ඔතන.. දැන් මොනා හරි සීන් එකක් වුනාද
ඔව් බොස් මේ දැනුත් වැඩකට දාල හිටපු එකක් ඉස්සුවනෙ. ආයෙ මේ වෙලාවෙ හිටපු එක කස්ටම කෙනෙක්වත් එන්නෑ ඕම වුනාම.....
මම මේ ගේම් එකේ ඉන්නෙ දැන්.. අපේ පරණ නෙට්වර්ක් සිස්ටම් එක ආයෙ හදන ගමන් මේ.. මට දැන් ආව විස්තරේ.. කතන්දරේ ඇත්තද බලන්න ගත්තෙ..
ලොකු දෙයක් බොස්.. ඕම ඇලට් එකේ ඉන්නව කියන්නෙ අපි සේෆ් කියල දැනෙනව දැන්..
හරි මම රෑට ගන්නං..
එහෙම කියල කට් කලේ බස් එකක් ආපු නිසා. මම පොඩි රඟපෑමක් දාල බැලුවෙ ඩික්සන්ගෙ විශ්වාසය මං ගැන තහවුරු කරගන්න.
වටේ දාල කාමරේට එද්දි පහත් පහු වෙලා. බලෙන් වගෙ සූදානම් කරවගෙන ධර්මෙ අංකල්ව හංදියෙ ඩොක්ට ගාවට අරන් ගිහින් බෙහෙත් අරන් දුන්නෙ ඒක මගෙන් මේ වෙලාවෙ වෙන්න ඕන යුතුකමක් කියන හැඟීමෙන්. ඩොක්ට කියපු විදියට සෙම නරක් වුනොත් ටිකක් සීරියස්. මොකද මෑන් දවසට සිගරට් දහයකට වඩා බොනව.බෙහෙත් දෙන්න තියෙන්නෙ උදේටයි රෑටයි විතරක් හින්ඳ මං ගාවම තියාගත්ත. නැත්නම් ශුවර් නෑ බොයිද කියලත්. අදත් රෑට කඩෙන්ම තමයි. ස්ටේෂන් එක ලඟ මුස්ලිම් හෝටලෙන් රයිස් ඇන් කරි පාර්සල් දෙකක් ගෙනාව අංකල්ට කටට සැරට කන්න ඕන කිව්ව නිසා. එතන මිරිස් කරල් තුන හතරකුත් බැදල දෙන හින්ද අල්ලල ගියා කෑම එක. කනකං ලඟම ඉඳල බෙහෙත් ටිකත් බොනකම් ඉඳලම කාමරේට ආවෙ ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන....
***************************************************
අශෝක ලියනගේ 
 
අද ඉරිදා නිසා වැඩි කලබලයක් නැතුවම උදේ වැඩ ටික ඉවරකරගත්තා. එකතු වෙලා තිබුන කිලිටි රෙදි හදල වේලෙන්න දාල ධර්මෙ අංකල් එක්ක පොඩි චැට් එකක් දැම්මා. අංකල් තරුණ කාලෙ කරපු කියපු දේවල් කියවන්න මාර කැමතියි. ටිකක් කයිවාරු වුනත් ඒව හරි රසවත්. මමත් ඇත්තටම ආසයි ඒ කතා වලට. ධර්මෙ අංකල්ගෙ තාත්ත ඒ පැත්තෙ ප්රසිද්ධ වෙද මහත්තයෙක්ලු. බ්රැන්ඩිගම්පල වෙද මහත්තය කීවම කොලොන්නාව දෙමටගොඩ වැල්ලම්පිටිය විතරක් නෙවෙයි මුළු පලාතම දන්න හොඳ මනුස්සයෙක් බවත් ඒ කතාවලින් එලියට ආව. පුත්තු දෙන්නෙක් හිටපු පවුලෙ බාලය මේ. වැඩිමහල් පුතා ඩොක්ට කෙනෙක් වෙලා එංගලන්තෙ පදිංචියට ගිහින් එහෙදි නැතිවෙලා. ඒ පරම්පරාව ආයෙ ලංකාවට ආවෙ නෑලු..
අංකල් බැන්ඳෙ නැද්ද..
නෑ පුතා... ඒ කාලෙ මං හෙන මදාවියා.. යාලුවො එක්ක බිව්ව කෑව විනෝද වුනා මිසක් කසාදයක් ගැන හිතුවෙ නෑ... අනික පොඩි පොඩි කතන්දර දෙක තුනකුත් තිබුන නිසා ඒකෙ අඩුපාඩුවක් ඒ තරම් දැනුනෙ නෑ...
අංකල් එතකොට මේ මහ ගෙදරද..
නෑ නෑ.. අපි හිටියෙ කොටිකාවත්තෙ.. මහ පන්සල කිට්ටුව. තාත්ත නැතිවුනා එක පාරටම ඔලුවෙ නහරයක් පුපුරලා.. ඒකටත් රොම්පිය වැටුනෙ මට.. මගෙ කල්කිරියාවෙ දෝසෙට තාත්තට පෙෂර් ආව කියල අම්මා මැරෙනකම්ම මට බැන්නා තාත්ත මරාගත්ත නරුමය කියල. හැබැයි මං ඒ ෆියුනරල් එක කලා සනා මුළු කොටිකාවත්තම සරසලා. ඒකට බැස්සා වටේම බජාර් එකේ කකුල් ටික. ඒ වුනාට මගෙ අයිය තාත්තගෙ හොඳ පුතා අම්මගෙ දොස්තර පුතා තාත්තගෙ මිනිය බලන්න ආවෙවත් නෑ. ශෝකප්රකාශ ටෙලිග්රෑම් එකක් එවල තිබුනා. තාත්ත නැතිවුන දුකට අම්මත් මහ කාලයක් ඇල්ලුවෙ නෑ.. අන්තිමේ මං ඒ පරණ වෙද ගෙදර තනිවුනා සනා.. අක්කර දෙකක් විතර ඉඩමෙන් මං ටික ටික විකුණුවා. අන්තිමට ගෙදරයි ඉතුරු ඉඩමයි රුපියල් ලක්ෂ විස්සකට දීල මෙතන මේ පර්චස් විස්ස ගත්තා ලක්ෂ දොළහමාරක් දීල. දැන්නං කෝටි දෙකක් විතර වටිනවා.. . දැන් මේ පන්සලේ උදේ හවා ඇහෙන බණ පිරිත් ටික අහගෙන ජීවිතේ ගෙවනව පුතා..
එතකොට අංකල්ගෙ නෑයො කවුරුත් නැද්ද.
උන්ට මාව මතකත් නෑ මට උන්ව මතකත් නෑ දැන්.. මම කොහේ ඉන්නවද කියල දැන් ඒ අලුත් පරම්පරාව දන්නෙත් නෑ.. ඕන නෑ පුතා.. ඔය ඉස්සරහ කඩේ කුලියයි මේ කාමර කුලියයි ඇති මට ජීවත් වෙන්න.. ඉඳහිට අඩියක් ගහල ජොලියක් දානව පරණ යාලුවෙක් හම්බුනාම.. ඒ මදෑ නේහ්..
මට අංකල් ගැන ඇතිවුනේ අනුකම්පාවක්...
එහෙම තමයි. මුල් පරම්පරාව වෙහෙස වෙලා උපයන දේපල ඊ ලඟ පරම්පරාව අගයක් නොදැන කාබාසිනියා කරන හැටි අපේ ගම් වල පරණ වලව් වලිනුත් මං දැකල තියෙනවා. අද ධර්මෙ අංකල් තනිව උයාගෙන කාල බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන නිහඬ මනුස්සයෙක් වෙලා. හොයන්න බලන්න කෙනෙක් නැති දේපලක් තිබුනට අසරණයෙක් වුන නිසාම මම ධර්මේ අංකල් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න හිතුවා.. මටත් පුතෙකුට වගෙ සළකන මනුස්සයනෙ.
අංකල් එක්ක දවල්ට උයන වැඩේට හෙල්ප් එකක් දෙන්න බැස්සත් ඒක එයා තනියම කරන්න තමයි වැඩියම කැමති. මම නිකං ලූණු ගෙඩි තුන හතරක් මිරිස් කරල් ටිකක් තක්කලි ගෙඩියක් සෝදල තියල ෂේප් එකේ කාමරේට ආවෙ එයාගෙ කැමැත්තට ඉඩ දීල. උදේට දවල්ට කම්පැණි එකෙන් කන්න දෙන නිසා රෑ වේල විතරයි අංකල්ගෙන් කන්නෙ. ඒකටත් එක්ක මාසෙට අට දාහක් ගන්නව. ඒත් මට පාඩු නෑ මේ පැත්තෙ කාමර වල ගාන එක්ක බැලුවම. ඉරිදා පත්තරේ ගන්න එක මෙහෙ පුරුද්දක් ලංකාදීපෙ, දිවයින, සිළුමිණ.. කියන පත්තර තුනම ගන්නවා
දිවයින පත්තරේ මුල් පිටුව බලද්දිම කෝල් එකක්. නිවාඩු දවසෙ නිසා රාජකාරි වැඩක් නොවන වග හිතට ආවම ඊ ලඟට හිතට එන්නෙ සැඟවුන අමුත්තාවමයි. ඔව්.. මේ එයා. හෙලෝ අයියෙ..
මල්ලිට දැන් කටහඬ හුරුයි නේහ්... හරි.. අර වැඩේ හරිද මල්ලි..?
මොන..?
ඇයි ඩෝ මං කිව්වෙ සිම් තුන හතරක් ගන්ඩ කියල..
මගෙ කකුල් දෙකත් පණ නැති වුනා. ඒ ස්වරය එක පාරටම වෙනස් වෙලා ගියාම.. හරි හරි අයියෙ.. මේ දවස් දෙකම හරී බිසී ඔෆිස් එකේ. අද කොහෙටවත් ගියෙ නෑ. හෙටම ගන්නම්...
මල්ලී.. අපිට නාස්ති කරන්න කාලයක් නෑ.. අනික මං දෙයක් කිව්වම ඒක ඒ වෙලාවෙම ඒ මොහොතෙම වෙන්න ඕන. ඒක මගෙ සෙට් එකම දන්නව අරී... හරි මේම කරමු. දවල්ට කාලද..
නෑ අයියේ..
හ්ම්... කාල රෙස්ට් කරල තුනට විතර බොරැල්ලට යනවා. එතනින් එකසිය හැත්තෑ එක විදේශ සේවා බස් එකේ ගිහින් බත්තරමුල්ල සෙත්සිරිපාය ලඟින් බහිනවා.. ඒ හරියෙ පාරෙ ඉන්නව ඔය සිම් විකුණන එවුන්.. ජාති දෙක තුනකින් ගන්නව හරී..
දැන්නම් සුහද වචන වලින් තොරව මේ කරන්නෙ අණ දීමක් වගේ..
හරි අයියේ..
මල්ලි.. මං තමුංව මේ වැඩේට සිලෙක් කලේ හොඳට හොයල බලල. ඒ නිසා වංගු ගහන්ඩ හිතන්ඩවත් එපා. මේ පීල්ඩෙකේ සෙකන්චාන්ස් නෑ... මීට පස්සෙ දෙයක් කිව්වම ඒකෙම ඉන්ඩෝන.. හරි.. සිම් ටික අරන් ඉන්නවකො. මං කතන්දරේ කියන්නම්. තිබ්බ ඒනං..
ආ... මල්ලි.. අතේ කීයක් විතර තියෙනවද..
ලොකු ගානක් නෑ අයියේ.. අම්මට යවන්න තියෙන දහදාහ තියෙනවා..
හරි.. එහෙනං බත්තරමුල්ලෙන්ම ගන්නව පොඩි චයිනීස් පෝන්නෙකක්. ඔය රුපියල් එද්දාස් පන්සීයට දෙදාට තියෙන්නෙ.
එතකොට අයියෙ ගෙදරට යවන්න සල්ලි මදි වෙනවනෙ..
මේ ඕයි.. තමුෂෙ බබා වෙනවනෙ හැම තිස්සෙම. මං තමුංට සල්ලි එවන්නං අර පොත් එව්ව වගෙ. මේ ටිකේ උනුත් එලියට එන්නෑ වැඩිය. තුන් හතර දෙනෙක් බ්රදර් වෙලා ඉන්නෙ ඇතුලෙ.. එලියට බැහැල උන්ටත් කරත්තෙ නගින්න බෑ මේ වෙලාවෙ.. ප්රශ්න ආන්ඩෙපා.. කියපු දේ කරන්ඩ මල්ලී.. සොරි සද්දෙට. නෑ ඉතිං මල පයිනවනෙ මල්ලි..
එන්න එන්නම මං උන්ගෙ ග්රහණයට හිර වෙන බවක් දැනුනා. දැන් කොහොමත් මේකෙන් ගැලවීමක් නෑ මට. අම්බලන්ගොඩ රූකඩයක් වගේමයි. සියළු චලන පාලනය කරන නූල් ටික උන් අතේ බව පැහැදිලියි. උන් එවපු අයි ඩී එක බැලුව ආයෙම. උස් ලියනගේ රන්දික සමන්ත..අංක... ගෝතමී පුර රාජගිරිය.. වයස මට වඩා වසර කීපයක් වැඩී. ඒත් මුහුණුවරේ ලොකු වෙනසක් නෑ. මම රැවුල ටිකක් වවල. ඒ මූනෙ පොයින්ට් එක විතරයි.
උයල ඉවරයි පුතා...
හරි අංකල් කන්න මං එන්නං කියල මූණත් එක්කම අතත් සෝදගෙන බත් එක බෙදාගත්තෙ උදේ කාපු තනි බනිස් ගෙඩියෙන් නේද මෙච්චර වෙලා හිටියෙ කියල මතක් කරගෙනමයි. උණු උණුවෙන් කද්දි එක වෑංජනයක් වුනත් සෑහෙනව. අංකල් පෙෂර් වලට බෙහෙත් බොන නිසා ලුනු අඩුවෙන් කනවා. මං වෙනම ලුනු කුඩු ටිකක් තියාගෙන ඉන්නව බත් එකට ඉහගන්න
කාල ඉවර වෙලා ඔරලෝසුව දිහා බැලුවෙ පරක්කු වෙලාද බලන්න. තාම දෙකයි.. ඇඳේ හාන්සි වෙලා හිත නිදහස් කරගන්න පොඩි උත්සාහයක් ගත්තෙ මට බයක් තියෙනව මේ සිම් පත් ගන්න වැඩේට. හදිසියේවත් මං ගැන උන්ට සැක හිතෙයිද.. උන් ඊට පස්සෙ මොනව කියයිද.. මාව පොලීසියට අල්ලල දෙයිද.. මේවගෙ දේවල් ඔලුවට ආවත් කොහොම හරි කරන්නම වෙනවා. හිත හදං ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන පාරට ආවෙ බොරැල්ල පැත්තට යන බස් හෝල්ට් එකට එන්න. වෙනදට වඩා හිතේ චකිතයක් තියෙනව අද. වටපිට අය මං දිහාම බලනව වගෙයි මට දැනෙන්නෙ.ඉඳ හිට අවශ්යතාවකට කොළඹ ඇවිත් ගියාට නවතින්න ආපු මේ ගමන මේ තරම් ගැටලුවකට මූණ දෙන්න වෙයි කියල හිතුවෙ නෑ. හද්ද පිටිසරින් කොළඹ ආපු මට මේ පරිසරය මේ මිනිස්සු මේ හැසිරීම් රටා කොටින්ම මේ කොළඹම හරිම අමුතුයි. ඉස්සරහින් යන එකාගෙ රුපියලක් වැටුනත් දැක දැක අහුලං දුවන මනුස්සකම බොහොම සිල්ලරේට විකිනෙන තැනක් මේ කොළඹ.
බොරැල්ල පැත්තට ආපු බස් එකක නැගල ෆුඩ්බෝඩ් එක පැත්තෙම ඉඩ තිබුන සීට් එකක වාඩිවුනේ ඉබේටම. දෙමටගොඩ රේල් පාර ස්ටේෂම පහුවෙලා ටිකක් එද්දි සී. ජී. ආර්. පිටටනිය තියෙනව. එතන සෙල්ලම් කරන අය දිහා බලාගෙන යද්දි ඊලඟට මැගසින් එක පේනව. තාප්පෙ ලොකුවට ගහල "සිරකරුවෝද මනුශ්යයෝය" කියල.. මටනං ඒක ඇත්තක් කියල හිතුනෙ නෑ. ඕකෙ ඉන්න උන්ගෙ මනුස්සකමක් තිබුන නං ඔතන ඉඳීවියැ. බාප්ප හිටියෙත් වැලිකඩ කියල අම්ම කිව්වා ඉස්සර දවසක්.
අපරාධ කාරයො එක්ක මං පොඩි කාලෙ හරියට සටන් කරනව. පහල වත්තෙ කෙසෙල් ගස් ඒ දවස් වල මගෙ ලෝකෙ මිනී මරුවො හොරු මංකොල්ල කාරයො.. තාත්ත ඉන්නකොට තණකොළ කපන විසිකැත්ත පස්සෙ කාලෙක මගෙ කඩුව වුනා.. එක පාරින් කැපිල නොවැටුනාට මං හත් අට වතාවක් ගහල ගහල පැත්ත පෙරලුවා තඩි කෙසෙල් ගස්. අම්මා බනිනවා මූ එක්ක කෙසෙල් කැනක් කන්න වෙන්නෑ කියල..මූනට මුණගැහුනම මට බාල වුනත් බාප්පගෙ පුතාටත් මං බය වුනාට ඒ කෙසෙල් පඳුරු අතර බාප්පත් හිටියා..
මේ කල්පනාව අස්සෙ බස් එක බොරැල්ලට ඇවිත්. එතනින් බැහැල උමං පාරෙන් කොටා රෝඩ් පැත්තට මාරු වුනේ බෝ ගහ යටින් එකසිය හැත්තෑ එක බස් එක ගන්න. ටික වෙලාවකින් ආපු බස් එකෙන් බාගයක්ම එතනින් බැහැපු නිසා සෙනග නැති බස් එකේ වාඩි වුනා. ඉස්සර ඉඳන්ම මගෙ පුරුද්දක් තියෙනව රෝදෙ උඩින් ස්ටේජ් එක වගෙ ගහපු තැන සීට් එකේ යන්න. එතනින් ඉඳගෙන කකුලක් ඊට ටිකක් උඩින් තියෙන දාරෙන් තියාගත්තම ඒ මගෙ පහසුම ඉරියව්ව. පැය කාලක් විතර කොන්ඳා කෑ ගහ ගහ ඉඳල පිටි පස්සෙන් තව බස් එකක් ඇවිත් ඒකෙ කොන්ඳා ඇවිත් මෙතන තොපි අම්මට හැම£#@ද, අපි පාං කෑල්ලක් කන්නැද්ද හු#@..කියල ඇහුවටත් පස්සෙයි බස්සෙක ඇද්දෙ. ඉස්සරහට යන ගමන් මම අහම්බෙන් දැක්කා ගෝතමි පුර පාර කියන බෝඩ් එක. මේකද එතකොට මට දීපු අයි ඩී එකේ අයිතිකාරය ඉන්න පැත්ත.. ඉබේටම දාඩිය දාන්න ගත්ත මොකක්දෝ බයකින්. මේ අයිතිකාරය කොහේ ඇතිද සිම් එක ගන්න තැන කොල්ලො මෙයාව දන්න උන් වෙයිද බැරි වෙලාවත් මෙයාම වුනොත්.. දැන්නම් එන්න එන්නම අවදානම එක්ක බයත් වැඩි වෙනවා. ආපහු යන්නත් බෑ. ආපු වැඩේ කරන්න හිතේ හයියකුත් නෑ.. ඒ අතර දියත පාර්ක් එක පහු කරන බව පෙනුනා. උස බිල්ඩින් තුන හතරක් ලඟ සෙත්සිරිපාය බහින්නෝ.. කියල සද්දෙට ඉබේටම නැගිටුනා. එතනින් නොබැහැ ඊ ලඟ හෝල්ට් එකෙන් බැහැල ආපහු හෙමීට වටපිට බල බල ආවෙ සිම් විකුණන අය ඉන්නවද හොය හොය. ඒ අතර මතක් වුනා දවසක් සිම් එකක් ගන්න ගියාම අයි ඩී එකේ ෆොටෝ කොපි ඉල්ලපු බව. කෝකටත් මම මේකෙ කොපි දෙකක් ගත්තා ලගම තිබුනු කමිනිකේෂන් එකකින්. ඒකත් නවල සාක්කුවෙ දාගෙන තව ඉස්සරහට එද්දී ඩයලොග් විකුණන පොඩි කොලුගැටයෙක් හිටියා. අරකෙ පෙනුමට සහ විස්තර වලට කොහොමටවත් නොගැලපෙන පොඩි එකෙක්. මම ටිකක් ගණන් නොගෙන යද්දි ඌම ඇවිත් හෑල්ලක් කියවන්න ගත්තා. ටික වෙලාවක් අහන් ඉඳල උගේ පෙරැත්තෙටම වගේ සිම් දෙකක් ගත්තා. ඌ විස්තර අහද්දි අයි ඩී එක නැති වෙලා මල්ලි මේ හදන්න ආපු ගමන්. කොපියක් නං තියෙනව කීව. හා.. හා.. ඇති සර් කියල මෑන් ඒකෙ ෆොටෝ එකක් ෆෝන් එකටම අරන් මට සිම් දෙක දුන්නා.. රුපියල් සීයක් රී ලෝඩ් දැම්මම ඇක්ටිව් වෙනව කියලත් කිව්ව. මම කාඩ් දෙකකුත් අරන් ආපහු ඉක්මනින්ම බොරැල්ල බස් එකක නැග්ගා.බොරැල්ලෙන් ගත්තා පොඩි ෆෝන් එකක්. රුපියල් එක්දහස් නමසීයයි,
එතනින් බස් එකක නැගල මානෙල් එක ලඟින් බැහැල වට පිට නොබලම කාමරේට ආවෙ හොරකමක් අහු නොවෙන්න කරල බේරිලා ආව වගෙ දැනුනු පොඩි ගැම්මකින්...
**************************************************
අශෝක ලියනගේ