"අම්මී අප්පච්චී ආවෝ...අම්මී..අප්පච්චී චෝකෝ ගෙනල්ලා..අම්මී..." අතු පතර කෑ ගසමින් දඟලන කුඩා දෙමලිච්චියක් සේ ඈ කෑදෙන්නට වූයේ පාන්දර කියාවත් නොබලාය..සෑම දිනකම පහට ඇහැරෙන ඈ හය වනතුරු දහස් වාරයකට වඩා ඔරලෝසුව දෙස බලන්නීය..ළදරු පාසල් වියේ ඉන්නා ඈ ඔරලෝසුවේ අනිත් වේලාවල් කෙසේ වෙතත් හය නම් හොඳින් අඳුනන්නීය.. වහා දුම් දමන තේ කෝප්පය අතට ගත් මම ඔහුගේ පෙරමගට ගියේ අවුල් වූ කෙස් වැටියත් මදක් පොඩිවූ රාත්‍රි ඇඳුමත් අතින් සකසමිනි..ඒ වන විටත් ආහාර පිසෙමින් තිබූ නිසා නාස්පුඩු හරහා අමුතු සුවඳක්ද හමා ආවේ නිතැතින්මය... මා දෙසවත් නොබලා තේ කෝප්පය සියතට ගත් ඔහු නිදහසේ ඔහුගේ ජංගම දුරකතනය සමඟ දොඩමලු වන්නට ගත්තේ සැමදා සේම මා හදවත අවුලවා දමමිනි... නමින් අනුත්තරා වූ මම වසර තුනක සුන්දර වූ ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස අනුත්තරා සූරියබණඩාර වූයෙමි... ඒ ඔහු සම්පත් සූරියබණඩාර වූ නිසාය.. සුන්දරව ගෙවී ගිය අපගේ කැදැල්ලට තෙහංසා එකතු වූයේ ඔහුගේ දියණියකට තිබූ මහත් වූ ආසාව ද සපල කරවමිනි... එහෙත්.........සොදුරුව ගලා ගිය අපගේ කැදැල්ලට කණකොකා කවදා කෙසේ පියඹා ආවාදැයි මම අදටත් නොදනිමි...දියණිය සමඟ පෙර පාසල් හැරී ඔහුගේ උපන්දිනයට කුමක් හෝ ත්‍යාගයක් ගැනීම සඳහා සාප්පු සංකීර්ණයට ගිය එක්‍තරා මූසල දිනයක ඉතා සුන්දර යුවතියක් ඔහුගේ අතෙහි එල්ලී සිටිනු දැකීමට තරම් මගේ දෙනෙත් පව් කර තිබුණි... අපව දැක ඉතා අඩම්බරයෙන් අප අසලට පැමිණ ඒ ඔහුහේ පෙම්වතිය කියා කිමට තරම් ඔහු නිර්භීත වූවත් එය දරා ගැනිමට තරම් මගේ හදවත නිර්භිත නොවුනේ ඒ වන විටද මගේ හදවතේ සිහින කුමරා ඔහුම පමණක් වූ නිසාය.. එදා රාත්‍රිය බොහෝ දිගු වූවක් අතර බහින් බස් වීම්ද එමට විය..මා දරා ගැනීමේ සීමාව පසුකරමින් සිටියෙමි..ඔහුට දිවි හිමියෙන් පෙම් කළ මා, ඔහුට පයෙහි පෑගෙන දුහුවිල්ලක් තරම් වූ නමුදු ඔහු අතැර යාමට මා කිසිසේත්ම සුදානම් නොවීමි... මාගේ ඒ තීරණය තනිව ජීවත් වීමට මාහට ඇතිවූ බිය නිසා නොවන බව නම් ඉදුරාම කිව යුතුය... ඈ දියණියකි...කවදා හෝ ඈ පෝරු මස්තකාරූඩ වන දිනයේ ගෞරවාන්විතය ඒ මත සිටිය යුතුමය...එසේනම් මා ඔහු සමඟ සිටිය යුතුමය...සියල්ල කෙසේ හෝ දරාගෙන සිටිය යුතුමය...මේ සියල්ලකම ප්‍රතිඵලයක් ලෙස සම්පත් මා හා අත්‍යාවශ්‍ය කාරණාවකට හැරෙන්න කතා කිරීම සම්පූර්ණයෙන් නවතා දැමීය..එකම නිවසක අපි නන්නාඳුනන්නන් වූ අතර දෙදෙනා අතර වු එකම බැඳීම නම් තෙහංසා ම පමණක් විය... සෑම රාත්‍රියක්ම නිවසින් පිට ගත කරන ඔහු ඔහුගේ පෙම්වතිය සමඟ ප්‍රේමාලිංගනයේ යෙදී උදෑසන හය වන විට නිවසට එන්නේ බොහෝ වෙහෙස වී එන කම්කරුවකු සේය... මාගේ නිවස තමා තුළම මා අමුත්තියක කරමින් ඔහු රඟන මේ රංගනය මට කිසිදාක රහසක් වූයේ නැත... මම..එක් අවාසනාවන්ත පතිනියක්මි...සිය සැමියාගේ උණුසුම රැකවරණය අයිතිය හිම්කම අහිමීවූ..ඔහු වෙනුවෙන් තබා ඇති එහෙත් සැමදා හිස්වන සයනයේ වම් පස දියණියගේ සෙනෙහසින් පුරවාගෙන අවට ලෝකයෙන් මෙන්ම මගේම කැඩපතින් පවා මගේ කඳුලු සඟවාගෙන..තවමත් ඔහු වෙනුවෙන්ම පතිදම් පුරන එක් සුන්දර ගැහැණිකි...මම.... ඔව්..මා සුන්දර ගැහැණියකි.. දුර්වල ගැහැණියක නොවෙමි...සිය පෙම්වතිය වෙන්වෙන් ඉතා නිර්ලෝභීව වියදම් කරන ඔහුට දියණියගේ පෙර පාසැල් ගාස්තු ගෙවීම මහා කන්දක් පයින් නගිනවා තරමටම අසීරු කාර්යයක් විය...ඔහුගෙන් නිවසේ වියදමට මුදල් ලබා ගැනීම මට මහා කරදර කාරී විය..ඒ සඳහා ගණන් හිලව් අකුරටම පියවිය යුතුය..මේ සියල්ල නිමා වූයේ මා මගේම කියා ඉතා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමඟය..ඔහු එයට කිසිඳු විරුද්ධත්වයක් නොදක්වූ අතර කිසිඳු සහයෝගයක්ද නොදීය.. මගේ උපන්දින කේක් ව්‍යාපාරය හිතුවාටත් වඩා හොඳින් දියුණු වූයේ තෙහංසා නිසාය.. පත්තරේ දැමුවාටත් වඩා හොඳින් ඈ සිය පෙර පාසලේ ඇගේ ප්‍රචාරණ කටයුතු කර තිබුණේ කිසිවක් කිසිවකුට නොකියන ලෙස කියමිනි... කිසිවකුටත් නොකියන ලෙස ඈ මුලු පන්තියේම යහලුවන්ට කියා තිබුණි...ඉඳින් එය මගේ ව්‍යාපාරය දියුණුවට මහත් රුකුලක් විය ... එහෙත් එය මාත් සම්පත් අතර තිබූ පරතරය තවත් වැඩි කළේය... වියදම් සදහා මුදල් ඉල්ලිමට හෝ කතා කළ ඔහුත් මමත් එයද නවතා දැමූවේ මා තෙහංසාගේත් මගේත් හැකි අයුරින් නිවසේ වියදමුත් දරා ගත් හෙයිනි... මා බොහෝ සරල යුවතියක් වීමි..එහෙයින් බියුටි පාලර් මේකප් කිසිවකට මා අතින් මුදල් වියදම් නොවීය.. මසකට හෝ දෙමසකට වතාවක් ඇහි බැම සැකසීමට පමණක් රුපියල් සියයක් හෝ එකසිය පනහක් වියදම් වේ... තෙහංසාද බොහෝ කීකරු දියණියක් වීම මට මහත් අස්වැසිල්ලක් විය.. "සතියක් විතර මන් නැතිවෙයි..." අඩක් බී අවසන් කළ තේ කෝප්පය රැගෙන මුළුතැන්ගෙයට පැමිණි සම්පත් මා දෙසවත් නොබලා පැවසුවේ හදවත අවුලුවා දමමිනි... යන්නේ කොහෙද...කුමකටද...ඒ කිසිවක් ඇසීමට මා හට අයිතියක් නොමැත.. "හ්ම්..." මාගේ පිළිතුර එයම පමණක් විය... ඔහු පිටව ගිය පසු මහත් වූ ලෝභ කමකින් තේ කෝප්පය දෙස බැලූ මම හිමිහිට තේ කෝප්පය මගේ දොතොලඟට ළං කළෙමි..එවිටම.... "මේ...".................

 ජනප්‍රිය

 

 

 

අලුත් කතා

  

 

සියලු කතා

 

 

අප හා එක් වී ඔබේ කතාවත් එකතු කරන්න රෙජිස්ටර් වෙන්න. 

Create account here

හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත කතා යොමු කරන්නත් පුලුවන්